බුකියේ මං

21 සුළඟට කියන කවිය

කට්ටිය කියන්නෙම මම ලියන්නේ දුක හිතෙන කවි විතරලු.එහෙමත් නැත්තන් මම ලියන කවි වලට දුක හිතෙනවලු.ඔහොම ඉතින් කවියක් ලියන්න අවස්තාවක් හොයා හොයා හූල්ල හූල්ල ඉන්නකොට දැක්කා , දැක්කා නියම පින්තුරයක්.එකට කවියක් නම නොලියම බෑ.එක එච්චරටම ප්‍රේමනීයයි.අර රොමැන්ටික් කියල සිංහලෙන් කියන්නේ.කෙල්ල කොල්ලගේ දිහා බලාගෙන කොල්ලත් කෙල්ලගේ දිහා බලාගෙන.ඇස් වලින් ආදරේ දොරේ ගලනවා.කොල්ලගේ ඇත කෙල්ලගේ ඉන වටා දන්නා ඔන්න මෙන්න වගේ.කැතට හිතන්න එපා පින්තුරේ කිසිම නරක පෙනුමක් නෑ.අවන්කෙන්ම ලස්සනයි.ඇත්තම කියනවනම් අපි ජංජාලෙන් අරන් අපේ මුනුපොතේ පින්තුරේට දාන්න ගන්න එකක් වගේමයි.මම එහෙම කිව්වේ මම දැකපු පින්තුරේ ඉන්න දෙන්නාම ලංකාවේ තරුණ යුවලක් නිසා.ඔන්න කොහොම හරි කවියත් ලිව්වා කියමුකෝ.(මෙතන ඒ පින්තුරේ දාන්න බෑ . මොකද පෞද්ගලික එකක් නිසා . ඒත් ඒ වගේ වෙන පින්තුරයක් ජංජාලෙන් හොයාගන්නත් නෑ.මම මේ දාපු එකත් එකට කොහෙත්ම සමාන නෑ)              


හිත්වලින් 
උතුරන්න 
ගලනා 
සහසකුත් 
ස්නේහයේ  
කැල්මන්....... 

නෙත්වලින් 
නෙත් තුලට 
යොමනා 
සුන්දරම 
ආදරේ 
බැල්මන්.....  

හ්ම්ම්ම්ම්...... 

නොයන් 
බොඳකර 
දෑස් 
අතරට 
අඩුම 
තරමේ 
සුළඟ 
නුඹවත්......  

ප.ලි - දැනගන්න ලැබුන හැටියට ඒ පින්තුරය අහම්බෙන් ගත්ත එකක් සහ එකේ පෙනෙන දේ නෙවෙයි ඇත්තම දේ . හොඳ යාළුවො දෙන්නෙක්.අනේ මගේ කෝලං කැත හිත.  
Comments
21 Comments

21 comments:

  1. Replies
    1. අමාරුවෙන් දුක හිතෙන්නේ නැති එකක් ලියා ගත්තේ.

      Delete
  2. ලස්සනයි.හැබැයි මට නම් ඔයා ලිව්ව කවි වලින් ලස්සනම එක ලාස්ට් රෝ එකේ ගිය එකක්.ඒක හොයන්න වෙලාව නෑ අප්පා.මන් වෙලාවක හොයලා කියන්නම්කො.ලස්සන කවි ටිකක් ලියලා ගහන්නකො අනේ පොතක්.

    ReplyDelete
    Replies
    1. පොතක් ගහන්න අදහසක් තියනවා...වත නෑ නේ...

      Delete
  3. මෙයාට පොස්ට් එකක් දාන්න ගිය කල් @හිතින් බැනමින්.
    කවිය ලස්සනයි. මානවකයාගේ හිත ඔච්චරටම ඇදිලා ගිය පින්තුරැ මොකක්ද අෆ්ෆෙ....

    ReplyDelete
    Replies
    1. ඒක මෙතන දාන්න බෑ අප්පා...දැම්මා නම් අවුල් කෝටියයි....

      Delete
  4. පොඩි උන දෙන්නෙක්නෙ බන ඉන්නේ .... උබට ආදර මන්ද මෝල් සිතුවිලිනේ පහල වෙන්නේ

    කවිය සිරා ඈ

    ReplyDelete
    Replies
    1. හරියට කියපන් මීයෝ.කපල් එකක් ඉන්නේ.උන දෙන්නගේ පුද්ගලික මෙව්වා ඒක නිසා දාන්න බෑ.

      Delete
  5. අපරාදෙ කවියෙ තරමට පින්තුරෙත් බලන්න තිබුන නම් මාරු.

    නියමයි යාලු. ජය වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු..පින්තුරේ දාන්න විදියක් නෑ....

      Delete
  6. ලස්සනයි පද ටික..ඔය පද එක්කම ඒ පින්තූරයත් දකින්න තිබ්බනම්...සංසන්දනය කරලා බලන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. එක දාන්න විදියක් නෑ..මැරුණ කන්න වෙනවා දැම්මොත්

      Delete
  7. ඇති යන්තම් ලියලා.. ..
    කෝලං කැත හිත.. ;)
    ලස්සනයි කවිය..

    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් කියන්නේ...අම්මෝ ලියා ගත්ත අමාරුව...

      Delete
  8. නියම කවිය :) ජය වේවා!!!

    ReplyDelete
  9. කවි කියවන්න ආසා නැති අපි වගේ උන් වෙනුවෙන් ඉදලා හිටලා කථාවක් එහෙමත් ලිව්වොතින් හොදා...උත්සාහය අගය කරමි...

    ReplyDelete
  10. කවිය හොඳයි ! ඒත් ...පින්තුරෙත් එක්කම තිබ්බනම් තමයි මරු !
    :)

    ReplyDelete

හිතුනේ මොනවද?