බුකියේ මං

14 නුඹ ලඟම මට………..

ජීවිතේට මිනිස්සු එනවා.යනවා.සමහරු යන්නේ අපිව රිද්දවලා.සමහරු අපේ ජීවිතේට ඇවිත් තියෙන්නේ වාසි බලාගෙන.ඒ අය යන්නෙත් කියන්නෙම නැතුව.හ්ම්ම්ම්....ඒත් සමහරු එනවා ජීවිතේට හරිම පුදුමාකාර විදියට.ඒ අය අපේ ජීවිතේ පුරාම ඒක ඒක විදියේ සලකුණු තියනවා .ඒ අය කැමැත්තෙන් යන්නේ නෑ.යන්න වෙන විදියට ජීවිතෙන් අසරණ වෙනවා.හැබැයි ගියත් යන්නේ ගොඩක් දේවල් ඉතුරු කරලා .ආදරේ  අවංක කම ,මනුස්ස කම වගේ හැමදාම විඳින්න පුළුවන් සුවඳ දොරේ ගලන මතක ඉතුරු කරලා .



නුඹේ නීල නෙතු වලට
වැරෙන් පණ පොවන ලද
තවත් එක හීනයක්
ඇහැරිලා එලිවෙලා
ඉවසාන ඉනු කොහොම
දැනෙනවා කිරි සුවඳ
හීනෙකින් වගේ මට…..
හිත පුරා දෝරෙ ගිය
එක් සතුටු හැඟුමකින්
පතන්නම් මම ඔබට…
නිම් හිම් නොවූ සතුට…..
ඒත්……..
ඔහු වෙනුවට ඉන්න තිබුන නම්……
නුඹ කියන විදියට……..
නුඹ ලඟම මට………..

ප.ලි -  මේක සත්‍ය කතාවක් මත ලියවිච්ච කවියක්.ඒත් මේක ලියුව කෙනාට කවදාවත් මේක පෙන්නන්න බැරි උනා.සදහටම බැරි වේවි. 
Comments
14 Comments

14 comments:

  1. ජීවිතේ සලකුණු තියෙන අය කොහොමත් ඉක්මණට යනවද මන්දා වැඩිකල් රැඳෙන්නේ නැහැ

    ReplyDelete
  2. මානවක සහෝ මේක බොහොම ලස්සනයි. හොඳ නිර්මාණයක්.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  3. හරිම අපුරු නිර්මනයක්

    ReplyDelete
  4. මම ආසයි අන්තිමටයි මුලිනුයි ලියලා තියෙන දේවල් වලට සිතුවිල්ලට වඩා.

    ReplyDelete
  5. ඔහු(ඇය)වෙනුවට ඉන්න තිබුනානම්
    නුඹ කියන විදියට නුඹ ලඟම මට *මේ ටිකට මං ආසම ආසයි...
    ලස්සන නිර්මාණයක් මානවක...
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  6. මාත් ආසම පනුච්චි අක්කි කැමතිම ටිකට :)
    නියමා................යි :) ජය!

    ReplyDelete
  7. මදාරා ++++ ( අන්තිම ටිකෙන් නිර්මානයට අමුතු එළියක් වැටිලා තියෙනව . විරහව කියන්නෙක් අමුතුම වින්දනයක්

    ReplyDelete
  8. මේ සංකල්පයට මම නම් කැමතියි...

    ReplyDelete
  9. ලස්සන නිර්මාණයක්..


    ජය..

    ReplyDelete
  10. ඉතාමත් කෙටියෙන්...
    ජීවිතයේ හමුවීම් අතර මතකයේ ඉතිරි වන්නේ සදාකාලික සමුගැනීම් පමණයි. ඒ සදාකාලික සමුගැනීම් වල සැඟවුණ නොකියූ දේ කොයිතරම්ද කියල මටත් හිතෙනවා.

    ReplyDelete
  11. මානවකයෝ.. මට පොඩි අවුලක් දැනුනා බං ඇයි මේ කිරි සුවඳක් ඇතුල් කලේ.. එහෙම උනහම අම්ම ගැන කිව්ව වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කෙනා හිතනවා කිරි සුවඳේ අයිති කාරයා මම උනා නම් කියල....

      Delete
  12. හ්ම්ම්.... නුඹ ලඟින් හැමදාම...
    "some people comes as a blessing some comes as a lesson.. "

    ReplyDelete
  13. ජිවිතේ දුටු සිහින ‍
    හෙමි හෙමින් ඇහැරිලා
    කිරි සුවද දැනෙන මුත්
    නුඹ ගියා වැහැරිලා
    මිරිගුවක මායාව
    දැනෙන විට හද පෙලා
    ඉගිලෙන්න හිතෙනවා
    නුඹ ලගට තටුගසා

    ReplyDelete

හිතුනේ මොනවද?