බුකියේ මං

37 මා නෙලූ මල…

සැබෑ ආදරේ අර්ථ දක්වන්න පුලුවන්ද?.එහෙමත් නැත්තන් අපි කෙනෙක්ට කොච්චර ආදරේද කියල අවංකව  කියන්න පුලුවන්ද?.සමහරුන්ට කියන්න පුළුවන් අහස තරම් මුහුද තරම් නැත්තන් විශ්වය තරම් කියල.ඒත් අපි ප්‍රමාණයක් හරියටම නොදන්නා දෙයක් අපේ ආදරේට සමාන කරන එක කොච්චර දුරට සාර්ථකද ?.මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".ජීවිතේ වෙනස් වෙලා සමහර තැන් විනාස වෙලා සමහර දේවල් අලුතෙන් ලැබිලා.ඒ උනාට සමහර මතක නම් එහෙමමයි.ඒවා මතක් කරනකොට අඩන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ.මේක කෙනෙක්ගේ  සත්‍ය අත්දැකීමක් මත පදනම වෙච්ච කවියක්.ලිව්වේ නම් බොහෝම කාලයකට කලින් අන්තිම පේලිය වෙනුවෙන්.     



නොදැනෙනා බව නුඹෙ සුවඳ මට…
කෙලෙසකින් නුඹ හට කියමි මම…
නුඹේ සුසුමන් නැගූ මද නල…
කටුක බව තනියෙන් විදිමි මම…

පෙරදාක රොන් බිව්ව බිඟුකැල…
තනිවෙලා මල් වරන හිත ලඟ…
එදා සුවදුන් පෙම් වදන් අද…
දැඩිවෙලා හිත රිදෙන තරමට…

සිව් වසක් කල් රැඳුනු සෙනෙහස…
මියැදිලා දෙනු බැරිව පන නළ…
සිතම කිව්වත් දමා යන්නට…
කෙලෙස හැර යමි මා නෙලූ මල…

Comments
37 Comments

37 comments:

  1. වටපිටාව නියමයි. මානවකයාගේ පින්තුර කැල්ලකුත් තිබුනනම් තව හොදයි ;)

    කවිය ගැන - හැමදාම වගේ ලස්සනයි. :) කොහොමත් මම කැමතිම බ්ලොග් එක නේ. :))))))

    ReplyDelete
    Replies
    1. දැම්මා දැම්මා .. මාරුවෙන් හදල පින්තුර කෑල්ලක් දැම්ම.... :D

      Delete
  2. උඹ අල්ලගන්නේ මොනා කියන්නද කියලා හිතාගන්නවත් බැරි පොයින්ට් මචං. මේක කියනකොට මතක් වුණේ වික්ටර්ගෙ සිංදුව. මට හිතාගන්න බැරි හැම එකාම මොකද සිව්වසරකින් පෙමට තිත තියන්නේ කියලා. මේ කවිය උඹෙ හැගීම් නම් මම ඒ ගැන තවත් කතාකරන්න යන්නෙ නෑ. එක දෙයක් ලියලා යන්නම්. කියවලා තියෙනවද සරත්චන්ද්‍ර මහත්තයාගෙ 'විලාසිනියකගේ ප්‍රේමය' පොත. ඒකෙ තියෙනවා මෙහෙම කවියක්.

    ප්‍රේමය නම් අසේනිය කුසුමක් වේ
    රිසිවු කෙනෙකුට පූජා කරනට
    ලෝබ සිතින් තොර පිදුව මනා වේ
    පෙරළා ලබනට නොසිතා බිඳකුත්

    පට්ටයි සුපිරියි කියන්න බැරි වුණත්. උඹේ කවිය වරදක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේක මට හැමදාම මතක තියන කොමෙන්ට් එකක්....අවංක අදහසම කියල තියනවා...

      Delete
  3. ඉතින් වැඩේ නැඟලා ගියාද !!!

    ReplyDelete
    Replies
    1. නැගලා ගියාදත් අහනවා..... :)

      Delete
  4. මේ මාන්දාස් කවියක් නේද බං......නිකන් මට හුරුයි හුරුයි වගේ.....

    ඒ ඔක්කොම පැත්තකින් තියල බැලුවහම මේ සිරාම විරහ කවියක්.... හෙට අනිද්ද දිහාට මගේ කවියකත් මා නෙලූ මල තියෙයි

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹේ වැඩේ පරක්කු උනා නේ බන්....අද හෙටම එකත ලියලා දානවා

      Delete
  5. සත්‍ය අත්දැකීමක් නිසා වෙන්නැති හදවතින්ම ලියවිලා තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම.....මේක ලිව්වේ ලොකු රන්ඩුවකට පස්සේ

      Delete
  6. //කෙලෙස හැර යමි මා නෙලූ මල// සත්‍ය සිද්දිනි.හදවතින්මද ලිවුවේ??

    ReplyDelete
    Replies
    1. සත්‍ය සිද්දියක්...ලොකු රන්ඩුවක්...

      Delete
  7. ලස්සන කවි ටික මචෝ.. බැක්ග්‍රවුන්ඩ් එකත් එල..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ලස්සන කරලා ගත්තා පෙනුම.

      Delete
  8. කවි ටික ඉතින් හැමදාම වගේ සුපිරියි..ලස්සනයි..වගේම ටිකක් දුකයි!! :) තේරුම ගැන අදහස කිව්වානෙ ඉතින්.. ;) :p

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නොකිව්වා නම් මෙතන ම්මිනියක් මැරෙන සීන් එකක් නේ තිබ්බේ ... :P

      Delete
  9. මේ කවි වලට සිව් වසක් එන්නේ මොකද කියලා හිතුවා මං කලින්. ඒ කැම්පස් එක නිසා කියලා තේරුණේ ඒකට ගියාම තමයි...:D

    ReplyDelete
  10. //අපි ප්‍රමාණයක් හරියටම නොදන්නා දෙයක් අපේ ආදරේට සමාන කරන එක කොච්චර දුරට සාර්ථකද ? //

    ඉතිං අපි කොහොමත් අපේ ආදරේ ප්‍රමාණය දන්නෙ නෑනේ... මනින්න මිනුමක් නැති නිසා වෙනත් දේකට සාපේක්ෂ්‍ය කරනවා..

    ReplyDelete
    Replies
    1. .මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".

      මම දන්නවනේ මම මට කොච්චර ආදරේද කියලා

      Delete
  11. මානවක ඔබේ කවිවලට මං කොහොමත් කැමතියි....මේ විරහ කවට වඩාත්ම කැමතියි.
    මෙන්න මගේ විරහව

    ReplyDelete
    Replies
    1. මගේ කවිය මොකක්ද අප්පා එකත් එක්ක බැලුවම.....

      Delete
  12. ආදරය මට අහිමි වු විට මා හිත මා මේසේ සනසවා ගතිමි.ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ.එහෙත් කවියකින් ආදරය ප්‍රකාශ කිරිම ඊට වඩා සංවේදීයි කියලා මේ කවි කියවන විට හැ‍ඟෙනවා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...පොඩ්ඩක් සරල වෙන්න....

      Delete
  13. හැමදාම මානවකගේ කවි කියවද්දී මට මතක් වෙන්නේ අපේ සිංහල පංතියේ පුරුද්දක් විදියට අපි හැමදාම ඉඳගත්ත පේලිය.. ඒ පේලියේ ඉඳන් සර් කියන විචාරේ ෂෝට් නෝට් ගහපු හැටි... කවි වල තේරුම් ගලපපු හැටි.. මෙතනට ආවහම හැමදාම මං කවි වල තේරුම් ගලපනවා එදා වගේම..
    අනේ මංදා.. ආදරේ ගැන අත්දැකීම් නෑ කියල මං කියන්නේ නෑ. මොන විදියක හරි ආදරයක අත්දැකීමක් හැම කෙනෙක්ටම තියෙනවා. ආදරේ ගැන නම් රෑ එලි වෙනකං කියවන්න පුළුවන් මට...
    බ්ලොග් එකේ ටෙම්පුව මාර ගති මානවකයෝ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු.....හය්යෝ මට ලැජ්ජයි.......

      Delete
  14. කවියනම් අගෙයි. ඒත් ඔය ආදරේ මනින මිනුම්දඬු තමයි අගේ නැත්තේ මොකද ඒවා මවාගත් දේවල් නිසා.

    ReplyDelete
    Replies
    1. තැන්කු අයියේ.....මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".මොකද මම දන්නවා මම මට ආදරේ තරම..

      Delete
  15. ආදරේ හරිම ශෝකයි මෙයා... මොක්කද් මේ ලොරි චැසියක් අල්ලගෙන කරන්නෙ...එයා එනකං බලන් ඉන්නවද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා මතං..පපුව පැලෙනවා..මේක ලොරි චැසියක් නෙවෙයි පරණ කොච්චි පෙට්ටියක්

      Delete
  16. Replies
    1. අහ්හ් එහෙමද?...එහෙනම් උඹ ඔය අනුෂ්කා එක්ක තියන සම්බන්ධෙ වහාම නවත්තාපන්...

      Delete
  17. "මම නෙලූ මල"

    විකාරද ...

    ඔබට ඔබවත්
    අයිති නැති කල
    ඔබට
    නෙලූ මලක
    අයිතිය කොහෙන්ද ...

    ReplyDelete
    Replies
    1. මා
      මා සතු
      නොවුනා නම්
      ඇය
      කිසි දිනක
      ඇයට
      කිසිදින
      මා
      අන්සතු
      නොවන
      බව
      වැටහෙනු
      ඇත...

      Delete
  18. හ්ම්

    ජිවිතේට පාර කියාදෙන
    අත්දැකිමක් කරගෙන මතකය
    දමා යනු මැන ඔබ නෙලු මල
    අහිමිනම් එය සිතින් විදගෙන

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  19. හ්ම්ම්ම්මම්ම්.......................වෙන මොකුත කියන්න එන්නේ නෑ....

    ReplyDelete

හිතුනේ මොනවද?