බුකියේ මං

44 වීරයා මැරිලා

සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.මේක මගේ පරණ අත්දැකීමක් උනත් ඒ වැරැද්ද ගෑනු ළමයි අතින් විතරක් නෙවෙයි පිරිමි අතිනුත් සිද්ධ වෙනවා.මොනම හරි අවාසනාවකට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න උනාම තියන එකම අතුරුපලය තමයි මැරෙන තුරාවටම අපි පාවිච්චි උනා නේද කියන සිතිවිල්ලෙන් විඳවන්න වෙන එක.මට මෙහෙම කවියක් ලියන්න හිතුනේ බාඳුරා අසපුවේ තිබුන අනියම් කවිය කියන කවි පන්තිය සහ චැට් එකක ගිය පුංචි කතා බහක්.ඒ කතාවෙන් තමයි මම මේ වීරයා මකරා වගේම රාස්ස කුමාරි වචන අල්ල ගත්තේ .    
 
 

හදවතින්ම 
එලබී 
සටනට 
වනසා 
නපුරු මකරා 
සදහටම 

දුන්නු  කල 
උණුසුම 
ඒ සිරකුටියට 
නිරුවත් දෑතින් 
කුමට 
දුනු කඩු 
ප්‍රේමෙට 

ස්නේහයෙන් 
මත්වී 
නිරායුදව 
සිටි සඳ 
නොදැන 
රජ කුමරකු 
රිසි බව 

කුමරි වෙස්ගත් 
රකුසිය 
විසින් 
අවසන් කල 
සුරංගනා කතාවේ 
වීරයා 
වෙමි මම ...............
   

Comments
44 Comments

44 comments:

  1. හෆ්ෆ මොකක්ද කියන්නෙ මේකට.ලස්සනයි ඈ.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු.....අර රජා කියන්න වගේ "ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි..... "

      Delete
  2. රකුසු වෙස් ගත්
    කුමරියන්ට,
    රැවටෙන අහිංසක
    වීරයෝ එමට......
    පෙර එක් යුගයක්දි
    මා පෙම් කරනා කලද,
    වීරයා පැන ගියා
    රකුසිය හා එක්ව......
    රකුසිය මරා යළි
    වීරයා එනතුරුම
    තාමත් හිඳින්නෙමි
    මම මඟ බල බලම........

    අපොයි, ඔය ආත්මානුකම්පාව තරම් විඳවිල්ලක් තවත් නෑ මං හිතන්නෙ... ඇත්ත කතාව!! කවිය ලස්සනයි හැමදාම වගෙම. :)


    ReplyDelete
    Replies
    1. තැන්කුයි කොමෙන්ටුවට..

      රකුසිය
      පවසනවා
      ඇති
      විටක
      "අනේ සොඳුර"
      මම නොවැ
      ගලවා
      ගත්තේ
      පෙර කලෙක
      රකුසියකගෙන්
      නුඹව...

      Delete
    2. අනේ එහෙනම්
      වීරයා බබෙක් නොවැ
      රැවටෙන්න,
      රකුසිගෙ චාටු බසට.......
      ඇසුත් අන්ධ ඇති
      නොපෙනෙන්න
      රකුසිගේ,
      බොරුකාර වෙස් මූණ........ :/

      Delete
    3. මා පෙම් කරනා කලද,
      වීරයා පැන ගියා
      රකුසිය හා එක්ව......
      රකුසිය මරා යළි
      වීරයා එනතුරුම
      තාමත් හිඳින්නෙමි
      මම මඟ බල බලම........
      O_o

      Delete
    4. මොකෝ බොල මඩයෝ බයවෙලා? :p රකුසියි, කුමාරායයි ඔක්කොම දන්න එකේ, චරිත ටික දාලා ගලපගන්න විතරනෙ තියෙන්නෙ :p

      Delete
  3. ආදරේ කරන්න ගියාම USE වෙන එකයි USE කරන එකයි තමා සිද්ධ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. use වෙන ඒකට වැඩිය use කරබ්න එක වෙනස් නේද ?

      Delete
  4. පීලිස් පිරින්ස්
    යුටර්න්ද ස්ටොරි...

    දුෂ්ඨයන් නිතර දකින
    ඒ දෑසැට
    හදුනගන්න බැරි උනිද
    දන්නෙ කවුද
    කිසිම දින නොදැකපු
    එහි ආ කුමරැන්ව,
    නැතිනම්....


    කුමරැන්ට හිමි
    කුමරිය නොවිය හැකිය....

    ReplyDelete
    Replies
    1. ප්‍රවේසම් උනෙමි
      දෙවෙනි වර
      රැකගන්නට
      පෙර
      කුමරියක්

      අහෝ
      මියදුනෙමි
      එකහෙනිම
      කොහිද
      මගේ
      ආත්මය
      යැයි
      විමසු
      කල
      ඇය
      ......
      ආත්මය මියදුන
      මම

      Delete
  5. අගෙයි පංකාදුයි...දුෂ්ඨයෙක් නැතුවාමත් වින්දනේ අඩුවෙනවනේ බං....ජය වේවා.

    ReplyDelete
    Replies
    1. නැතුව දුෂ්ටයෙක් නැති උනාම වීරයම දුෂ්ට වෙනවා නැත්තන් වෙන්න සිද්ධ වෙනවා

      Delete
  6. කුමරියන්
    ගෙන රකුසු වෙස්
    මරා දැමුවේය
    කුමරුවන්
    අනේ ඒත්
    ගැහෙනවා හදවත
    තාමත්

    ReplyDelete
    Replies
    1. කුමරියන්
      ගෙන රකුසු වෙස්
      මරා දැමුවේය
      කුමරුවන්
      අනේ ඒත්
      ගැහෙනවා
      තාමත්
      ආදරය
      නොමල
      හදවත

      Delete
  7. පොච්චියේ..උඹේ පද වලට හිරි වැටෙන්න පද ලියලනෙ අනෙක් කට්ටිය...

    තුන් පාරක් විතර කියවන්න උනා තේරුම් ගන්න..

    ReplyDelete
    Replies
    1. අඩෝ ලිහිණියා මෙහෙම ලේසියෙන් කොමෙන්ටුවක් දාල බේරෙන්න බෑ හරිද ?....කවි ලියන්න පුළුවන් උන් කවියෙන්ම කොමෙන්ට් කරන්න ඕනෑ..

      Delete
  8. නිරුවත් දෑතින්
    කුමට
    දුනු කඩු
    ප්‍රේමෙට

    අගෙයි උපහාසය ප්‍රේමෙට :)

    ReplyDelete
  9. හැමදාම වගේ හොඳ අරුතක් හොඳ කවිපෙලක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ.මේක ඉතින් බහුතරයකගේ ජීවිත කතාව නේ..

      Delete
  10. මනේමේ කුමාරයගේ මල්ලිගෙ කථාවද මන්දා

    උපරිමයි මානවකයෝ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සුවහසක් සපුමල් කුමාරවරුන්ගේ කඳුළු කතාව....

      Delete
  11. //සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.//

    කට අරින්න අයියේ කීයක් හරි දාන්න....අත්දැකීමෙන්ම ඇත්ත ඕක...

    ReplyDelete
    Replies
    1. දානවනම් අඩුම තරමේ 10 කාසියක් වත් දාපන්

      Delete
  12. මනමේ නූතන යුගයට ගලපා ඒ තුලින් වර්තමානය දකිනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති අයියේ...මම හිතුවට වැඩිය මේ කවියේ අර්ථයක් තියනවා කියල දැන් හිතෙනවා..

      Delete
  13. රකුසු වෙස් වසාගෙන
    දෙව් ලොවක් මැවෙන්නේ
    අසන හැම වදනින්ම
    මී පැණිම පෙරෙන්නේ
    ලඟ ඉන්න හැම විටම
    මල් සුවඳ හමන්නේ
    ආදරේ අන්ධයිලු
    ඒනිසයි නේ අනේ ...

    ටෲ ලවට කෙල උනේ
    අද ඊයෙ නෙමේ
    මනමේගෙ කල් ඉඳන්
    හැමදාම සොරි උනේ
    කරන්නට දෙයක් නැත
    ලෝකෙ හැටි ඔය වගේ
    මැරුනත් දුක් නොවෙන්
    ඔබ වීරයා නේ අනේ :)

    ReplyDelete
    Replies
    1. මරු හැමදාමත් වගේ නියම කවියක්...

      හීනයක්‌ මුවින්
      ගත්
      බුරුවෙකු
      ලෙස
      පෙම්කලෙමි

      කෙදිරුමක් මුවින්
      ගත්
      වීරයකු
      ලෙස
      මියැදුනෙමි

      Delete
    2. පෙම් කරන කල
      සියලු දෙනා
      බූරුවන් මෙනි ..
      නමුදු ...
      ඒ අතරින්
      වීරයන් ලෙස මිය යන්නේ
      එහෙමත් එකෙකි ...
      :)

      Delete
    3. :D...ඒකට මට කට උත්තර නැත........ :D

      Delete
  14. බ්ලොගේ ඇදුම එහෙමත් වෙනස් වෙලා නේද ? මේ මානවක වෙන්ට ඕනෙ එබිලා ඉන්නෙ... උඹ කියනවා වගේ මමත් කාලයක් කෝච්චියේ වැඩට යන කාලෙ කෙල්ලෙක්ට ලව් කලා බොක්කෙන්ම... පස්සෙ තමා මම දන්නෙ ඒකි ඇන්ගේජ් වෙලා ඒකිගෙ දුම්රිය ආරක්ෂකයා විදියට මාව පාවිච්චි කරලා තියෙන්නෙ කියලා... සිරා ඉතිං සන්සුන් නිසා හොදයි....වෙන එකෙක් නම් අඩි 6 යටට යවලා ඒකිව මේ වෙද්දි ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අප්පා ජීවිතේ...සිරාවටම ඉවසන හින්දා හොඳයි..නැත්තන් කීයක්‌ කියල මරන්නද ?

      Delete
  15. ඔන්න අද තමයි මේක කියෙව්වෙ.. අදහස කවියෙන් ලියල තියෙන විදිහ සුපිරියි!

    ReplyDelete
  16. ඒ වගේ වෙලාවට පාවිච්චි උනා කියලා හිතුනට වෙන කුමරියෙක් අනිවා හොයා ගන්න වෙනවා සහ එයා හරිම කෙනා නම් පහුගිය දේවල් අමතක කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් බොහෝම වෙලාවට ඇත්ත.හැබැයි සමහරුන්ට නෑ...

      Delete

හිතුනේ මොනවද?