බුකියේ මං

37 ආදරේ කියා දෙන්න පුලුවන්ද? | Love Guru

ඇත්තටම ආදරේ අර්ථ දක්වන්න පුළුවන්ද ? එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?.මම නම් හැමදාම විශ්වාස කරේ ආදරේ කියන එක සාපේක්ෂයි කියලා.කෙනෙක් ආදරේ විඳින විදිය තව කෙනෙක්ට  හාත් පසින්ම වෙනස්.මම දැකල තියනවා සමහර ආදරේ කරන අය ඉන්නේ යාළුවො වගේ.ඒ වගේම සමහර ආදරේ  කරන අය අතරේ තියෙන්නේ ගෞරවයක්.සමහර පෙම්වතියො ඉන්නවා තමන්ගේ පෙම්වතාට තියෙන්නේ බියමුසු ආදරයක්.හ්ම්ම් සමහර අයට තියෙන්නේ කාලෙත් එක්ක ඇතිවෙච්ච ආදරයක්.ඒත් ටික දෙනෙක් දැක්ක ගමන්ම ආදරෙන් බැඳෙනවා.



මදක් මනස නිරවුල් කරන් හිතන්න.තමන්ගේ පෙම්වතා එක්ක විවාහ වන තරුණියක් සහ යෝජිත විවාහයකට මුහුණ දෙන තරුණියකගේ හිතේ තමන්ගේ සැමියා ගැන ඇති වෙන්නේ කොහොම හැගීමක්ද කියලා.අපිට එක පොදුවේ ආදරේ කියලා කියන්න පුළුවන් උනාට ඒ ආදරේ මොන විදියද  අර්ථ දක්වන්න පුලුවන්ද?.මම නම හිතන්නේ ආදරේ කියන දේ අර්ථ දක්වන්න පොදු සුභාවිතයක් නෑ කියලා.එහෙම නැත්තන් ආදරේ කියන්නේ මේකයි කියලා තව කෙනෙකුට උගන්නන්න පුළුවන් තනි පුද්ගලයෙක් මේ ලෝකේ නෑ කියලා.


ආදරේ උගන්නන එක උනත් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.මෙහෙම හිතමු , පෙම්වතා කියලා දෙන ආදරේ පෙම්වතියට තේරෙනවා නම් දැනෙනවා නම් ඒ දෙන්නගේ ආදරේ තවත් වැඩිවෙලා සදාකාලික ආදරයක් වෙනවා.ඒත් ඒක තේරුනේ නැත්තන් වෙන්නේ දෙන්න රන්ඩු  සරුවල් වෙලා දුකින් අසතුටින් ඉන්න එක.හැබැයි සතුටින් ඉන්න අය ළඟ ගොඩක් ආදරේ තියනවා.අසතුටින් ඉන්න අය අතරෙත් ටිකක් ආදරේ තියනවා.                


කෙනෙක් ආදරේ විග්‍රහ කරන්නේ තමන්ගේ අත්දැකීම් එක්ක.තමන් ආදරේ කරපු විදියට , ඒ ආදරේ තමන්ට දැනුන විදියට.හිතන්න කෙනෙකුට කියන්න පුළුවන් එකිනෙකට වෙනස් ප්‍රේම සබඳතා ගොඩක් තියන කෙනෙක්ට ආදරේ ගැන අත්දැකීම් වැඩියි කියලා.කොහොමද මම කිව්වොත් කෙනෙක් සබඳතා ගොඩකින් ආදරේ ඉගෙන ගන්නවා කියන්නේ ඒ කෙනා සාර්ථක ආදරවන්තයෙක් නෙවෙයි කියලා.ආයෙත් කියන්නම් ආදරේ කියන දේ අර්ථ දක්වන්න පොදු සුභාවිතයක් නෑ.කෙනෙක් එහෙම හිතන් ඉන්නවා නම් ඒ තමන්ගෙම ෆැන්ටසියක තමන්ම අතරමං වෙලා කියන එක විතරයි.     

මට පුළුවන්
කියාදෙන්න
චුම්බනයක්
දෙන
හැටි

එහෙමත්
නැත්තන්
ආදරේ
නාමයෙන්
රවට්ටන
හැටි

අපි
හිතමු
විරහවට
විඳවන හැටි
කියලා

ඒත් ඒත්
මට තේරෙන්නේ
නෑ
කොහොමද 
කියලා දෙන්නේ
කියලා

ඇත්තටම
ආදරේ
කරන
හැටි

ප.ලි -සමහර අයට මේක මඩක් කියලා හිතෙන්න පුළුවන්.මේක මඩක් නෙවෙයි එදිනෙදා සිද්දියකින් ලියන්න මාතෘකාවක් හොයා ගත්තා විතරයි.     
Comments
37 Comments

37 comments:

  1. අනේ මන්දා... විකාරයි...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. විකාරයි කිව්වේ මොකක්ද?..තේරුනේ නැද්ද? නැත්තන් තේරිලා කැමති නැද්ද ?

      Delete
  2. //ආදරේ කියන දේ අර්ථ දක්වන්න පොදු සුභාවිතයක් නෑ// ඇත්ත!!

    //කෙනෙක් ආදරේ විග්‍රහ කරන්නේ තමන්ගේ අත්දැකීම් එක්ක.තමන් ආදරේ කරපු විදියට , ඒ ආදරේ තමන්ට දැනුන විදියට// එකඟයි!!! :)

    අනේද කියන්නෙ,
    හිටියානම් කෙනෙක්
    උගන්වන්න දන්න ආදරේ ගැන
    අකුරක් නෑර හරියටම...,
    මමත් යනවා ඉගනගන්න
    දෙයියන්ගේ නාමෙන්
    අඩුවක් වුනේ කොහොමද කියලා
    මගෙන් ,දැනගන්න හරියටම....

    Good post!!! :)

    ReplyDelete
    Replies
    1. මේ රිප්ලයි කවියට මම පට්ට ලයික්.....

      Delete
  3. “පෙම්වතා කියලා දෙන ආදරේ පෙම්වතියට තේරෙනවා නම් දැනෙනවා නම් ඒ දෙන්නගේ ආදරේ තවත් වැඩිවෙලා සදාකාලික ආදරයක් වෙනවා.“ අත්දැකීමෙන් කියන්නේ සහෝ... මෙන්න මේක හැමෝටම වෙන්නේ නෑ.. සමහරුන්ට ආදරේ කියන එක එලියට දෙන්න තේරෙන්නෙම නෑ.. මන් කියන්නේ යොවුන් ආදරේ විතරක් නෙමේ. සමහර දෙමාපියන්ගේ ආදරෙත් එහෙමයි.

    - කිරිසප්පයා @ අන්තිමපේලිය -

    ReplyDelete
    Replies
    1. ඒත් ඒක තේරුනේ නැත්තන් වෙන්නේ දෙන්න රන්ඩු සරුවල් වෙලා දුකින් අසතුටින් ඉන්න එක.

      Delete
  4. වැහි වලාහක දෙයියෝJanuary 18, 2013 at 9:01 PM

    ආදරේ හරියට හරියට වැස්ස වගේය. එක එකාට ඕන එක එක ගානට එක එක විදිහටය. වැස්ස ඇලජික්ම උන්ද ඇත නේ මානවක අයියේ

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකට තැන්ක්ස්...සිරාම කොමෙන්ට් එකක් මල්ලි...හැමදාම මතක තිය ගන්නවා මම මේ වචන ටික.

      Delete
  5. මේ දවස්වල මගේ නම් තියෙන්නේ ආදරේ ගැන ඒ ලෙවල් කාලේ තිබ්බ මානසිකත්වය.. ඒක නිසා ඕක විග්‍රහ කරනවට වඩා හීන ලෝකේ ජීවත් වෙන එක හොඳයි කියලා හිතෙනවා.. හි හි

    ReplyDelete
    Replies
    1. මමත් මේ ඉන්නේ ඔය ඒ ලෙවල් මානසිකත්වේ ඉවර වෙනකන් තමයි.මුළු කතාවම කියවලා කොමෙන්ට් කරන්න..

      Delete
  6. ආදරේ ගැන විග්‍රහ කරන දෙයක් පිළිගන්නවට වඩා හොඳයි ආදරේ කියලා තමන්ට දැනෙන දේ ආදරේ හැටියට පිළිගන්න එක...
    ඒ වගේම ආදරේ කියලා තමන්ගෙන් ඉල්ලන දේ ආදරේ හැටියට දෙන එක....
    තමන්ගේ මට්ටම් තන්මැට්ටම් කිව්වලු....

    ReplyDelete
    Replies
    1. එකම තමයි මාත් කියන්නේ..තමන් ආදරේ ඉගෙන ගත්ත පලියට හැමෝටම ඒක අදාලයි කියලා හිතන එක. ඒක තමයි අව්ල.

      Delete
  7. ආදරේ විස්තර කරන්නවත්, කරන්නෙ කොහොමද කියලවත්, අඩු ගානේ ඇයි මම එයාට ආදරේ කියන්නවත් මම දන්නෙ නෑ.
    දන්න එකම දේ මම එයාට ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ කොන්දේසි විරහිත ආදරේ කියලා.සමහර විට පෙර ආත්මෙක බැඳීමක් වෙන්න ඇති..

      Delete
  8. මානවක අයියේ එනපොට හොද නෑ. මම මේක කියවලා හිතුවා ආදරේ ගැන ටියුෂන් දෙන්න. සිරාවට ජොක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් මේ ඇවිත් ඉන්නේ දෙන්නගෙන් කවුද ? :/

      Delete
  9. මේක මඩක් කියලා තමා මටත් හිතෙන්නේ..
    ඒත් අදාල පුද්ගලයටනං මේ මඩ ගහලා තියෙන්නේ මානවකයියේ පොඩ්ඩක් ඒකට ඇහුංකං දීලා බලන්න මං කියනවට...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ මේක මඩක් කියලා.මොකද කියනවනම් මීට සමාන සිද්ධියකට අදාළ චරිතය මම ගොඩක් කැමති නිර්මාණශීලී කවියෙක්(වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්මාණශීලී කවියෙක්) ඒ හින්දා මට මඩක් ගහන්න කිසිම උවමනාවක් නෑ.හැබැයි බොරු කියන්නේ නෑ මාතෘකාව අල්ල ගත්තේ නම් ඒකෙන්.මම මඩ ගහන්නේ නෑ විවේචනය කරන එක විතරයි.එහෙම කරා නම් එක කරන්නේ නම ගම සියල්ල සහිතව නැතුව හැඟී හිරා නෙවෙයි.මට එක තිබ්බත් එකයි නැතත් එකයි.හැබැයි ඔයා මෙතන එ ගැන අහල තියන නිසා කියන්නම් එ ගැන මගේ මතය.මම ඒ වැඩ සටහන නම් ඇහුවා මල්ලි.හැබැයි මට එක ගැන නම් කිසිම පැහැදීමක් නෑ.හැමෝටම නිලාර් එම් කාසිම් කෙනෙක් වත් ප්‍රේමකීර්ති ද අල්විස් කෙනෙක් වෙන්නවත් බැරි බව හැබෑව.හැබැයි එහෙම කියලා කෙනෙකුට දෙයකට උත්සාහ කරන්න බෑ කියලා කොහෙවත් නෑ.හැබැයි ඔය අදාළ පුද්ගලයා එකේදී අසාර්ථකයි කියලා කියන්න තමයි තියෙන්නේ.දක්ෂ කවියෙක් උන පලියට හොඳ නිවේදකයෙක් වෙන්නේ නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.ඒක මටත් අදාලයි.මට තියන එකම දුක ඒ මනුස්සයා බොරු ලෝකෙක නතර කරලා ඒ මනුස්සයාගේ නිර්මාණශීලිත්වය මොට කරලා දාපු එක ගැන.

      මගේ පොස්ට් එක ගැන කියනවා නම් මම උඩින් කියපු දේවල් බොරුද කියලා කියන්න.

      Delete
  10. සිරාවටම කියෙව්වේ නෑ. පස්සේ කියවන්නං

    ReplyDelete
    Replies
    1. සබ්ජෙක්ට් එක අරහන්ද?

      Delete
  11. //ආදරේ කියන දේ අර්ථ දක්වන්න පොදු සුභාවිතයක් නෑ...//මමත් කියනවා ඒක හරි කියලා ..ආදරය කියන දේ කෙනෙකුට ඇති වුනාට පස්සේ ඒ ආදරය කෙන කෙනා විඳින්නේ එක එක විදිහට ..කොටින්ම ඒක සාපේක්ෂයි තමයි .ඒ නිසාමයි කෙනෙක් තමන්ගේ අදහස්වලට ගැලපෙන ආදරයකට යා යුතු .මම කියන්නේ ආකර්ෂණය ඔස්සේ තමයි ආදරයක් හට ගන්නේ , යෝජිත විවාහයකදී වුනත් ආකර්ෂණය බලපානවා ..ආකර්ෂණයක් නැතිනම් ඒ කෙනාට කැමැත්තක් දක්වන්නේ නැහැ .කාලයක් එකට ජීවත් වෙද්දී ආදරය ඉබේම ඇතිවෙනවා
    :)

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම පුදුමාකාරයි..මට තාමත් විශ්වාස කරන්න බෑ හිත ගිය තැන මාලිගාව කියන සංකල්පය..

      Delete
  12. ආහ් ................... ලව් නේද ? ..... නෝ අයිඩියා බං .....

    ReplyDelete
    Replies
    1. හෑ..මොකක්..වෙන්න බෑ...ඒත් කමකුත් නෑ ... විශ්වීය පොදු ප්‍රශ්නෙකින් ස්වායක්ත කොල්ලෙක් වගේ.

      Delete
  13. ආදරය ගැන කිසිම ‍දෙයක් දන්නේ නැත. සහෝදර ප්‍රේමයගැනනම් දනිමි...

    ReplyDelete
    Replies
    1. අහ්හ් කාලේ ආවම ඒවා ගැනත් දැන ගනීවි.

      Delete
  14. ආදරේ කියන්නෙ වෙලාවකට හරි ආත්මාර්ථකාමී දෙයක්.. පෙම්වතෙක් පෙම්වතියගෙන් බලාපොරොත්තුවෙන ආදරෙත් පෙම්වතිය පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන ආදරෙත් දෙන්නටම අඩු නැතුව ලැබෙනව නම් ඒක සාර්ථක ආදරයක් වෙන්න පුළුවන්.. ඒත් ආදරේ කියන්නෙ මොකක්ද කියල හරියටම කාටවත් විග්‍රහ කරන්න බැරි මානවක කිව්ව හේතු නිසා..
    ආදරෙත් ලස්සන වගේ තමයි, සාපේක්‍ෂයි. කෙනෙක්ට ලස්සන දෙයක් තව කෙනෙක්ට අවලස්සන වෙනවා වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරෙ නෙවෙයි තව කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ..
    .
    මල් පාවඩ මතින් ඇවිද​
    මා හා පියමනින ඔබ​
    අත රැගෙන ඔහුත් මෙලෙසම​
    පිය නැඟුව නමුදු
    ඔහුගේ නොවූ ආදරය​
    මගේ වී ඇත ඔබ නමින්
    සදහටම........

    ReplyDelete
    Replies
    1. පට්ට කවිය සැගියෝ..උඹත් ඉඳල ඉඳල සුපිරි ඒවා අතාරිනවනේ....

      Delete
  15. ම්ම්ම්...ආදරේ කාටවත් කියලා දෙන්න බැ.. ආදරේ කරන හැටි කියලා දෙන්නත් බැ.. ආදරේ කරන්න කියලා දෙන්නෙත් බැ.. අපි අම්මට ඉපදුනු දවසේ ඉඳන් ආදරේ කරන්නේ කියලා දීලා නෙවේ.. හිතට දැනිලා.. මේකට තියෙන්නේ එකම උත්තරයයි..
    piglet-; pooh how do you spell "love" ?
    pooh - : piglet, you don't spell love.. you "Feel" love.. ;)

    love is something only can be feel.. something cannot be teach...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් මෙයා....

      love is something only can be feel.. something cannot be teach...

      ඒක ඇත්ත...

      Delete
  16. සිලබස් එකක් නැති
    සබ්ජෙක්ට් එකක්
    කොහොම උගන්නන්නද
    දිසාපාමොක් ආවත් ... !!

    ReplyDelete
    Replies
    1. මොනවා අහවිද විභාගෙට
      කව්ද දන්නේ ඉතිං
      අනිවා ෆේල් වෙනවමයි
      කොහෙන් ටියුශන් ගත්තත් ... :)

      Delete
    2. මම නම්
      හිතන්නේ
      ඕක
      කට කතාවක්....,
      කවුරුවත්
      හරියටම ද
      න්නේ නැති
      කාටවත්
      හරි විස්තරයක්
      කියන්න
      බැරි.......

      Delete
  17. මගේ නම් ආදරය ශෝකාලාපයක්...

    ReplyDelete
    Replies
    1. උඹට සුදුසු කම තියනවා විරහව ගැන පන්ති පවත්තන්න එහෙනම්....

      Delete
  18. ආදරේ කරන්න හැකි. එහෙත් විග්‍රහ කල නොහැකි..

    ReplyDelete
    Replies
    1. විග්‍රහ කරන්න පුළුවන්..ඒක තමන්ටම විතරයි හැබැයි.....

      Delete

හිතුනේ මොනවද?