බුකියේ මං

17 සාම්පල් එක

ආදරේ විඳින විදිය එකිනෙකාට වෙනස් කියලා මම කලින් කිව්වා නේ.නිකමට හිතුනා ඇත්තටම ආදරේ  ඔප්පු  කරන්න පුලුවන්ද කියලා.සමහරු කෙල්ලගේ නම නැත්තන් නමේ මුල් අකුර පච්චයක් විදියට තමන්ගේ ඇගේ ගහ ගන්නවා.තවත් සමහරු පුච්චගන්නවා.සමහරු තමන්ගේ රහස් දේවල් තමන්ගේ සහකාරයට කියනවා.හිතමු නිකන් ෆේස්බුක් එකේ පාස් වර්ඩ් එක දෙනවා කියලා.ඒත් ඇත්තටම තමන්ගේ හිතේ තමන්ගේ සහකාරයට තියන ආදරේ ඔප්පු කරන්න පිළිගත්ත ක්‍රමයක් තියනවද?.හිතමු අපි පැලීගෙන ආදරේ කරාට අනිත් කෙනා ආදරේ කරලා නැත්තන්.හිතන්නකෝ ලොකුවට ගහනවා කෙල්ලගේ නමේ මුල් අකුර පච්චයක්.කවදාහරි ඒකි අපිව දාල ගියොත් මොකද කරන්නේ.ඒ නමම තියන වෙන කෙල්ලෙක් හොයනවද නැත්තන් පච්චේ අයින් කරනවද?.හිතන්නකෝ කොහොමද තමන්ගේ ආදරේ ඔප්පු කරන්නේ නැත්තන් සහකාරය අපිට කොච්චර ආදරේද කියලා දැනගන්නේ.තේරෙන භාෂාවෙන් කිව්වොත් ආදරේ සාම්පල් එකක් ගන්නේ නැත්තන් දෙන්නේ කොහොමද?  

        
දෙනවද මට
      |
      |
      |
ඔයා
කියන විදියට
ඔයාගේ
ඇඟ පුරාම
දුවන
මම ගැන
ආදරෙන්
පොඩි
සාම්පල් එකක්
      |
      |
      |
      |
නැත්තන්
අපරාදේ
නාස්ති කරන 
සුදුරෙදි
යාර දෙක....
Comments
17 Comments

17 comments:

  1. හ්ම්ම්ම්ම්ම්... මානවක අයියා ඉඳලා ඉඳලා අමාරුවෙ දාන ප්‍රශ්නමනෙ අහන්නෙ.. :/

    මම නම් කියන්නෙ ආදරේට අර්ථකතන නෑ වගෙ, ඒක එකිනෙකාට වෙනස් වගෙම, ආදරේ මනින්නත් පොදු සාධකයක් නෑ කියලා. මංදා..., ආදරේට හරියට නිර්වචනයක් නැතුව කොහොමද කොච්චර ආදරේද කියලා මනින්න මිම්මක් හොයන්නෙ?

    මංදා.., විකාරයි මට ^_^

    ReplyDelete
  2. අඩේ මේ අපේ පරණ කකුලක්නේ ....ඉතින් කොහොමද බං,උබ ඉරිදට එනවද ?පුළුවන් උනොත් මාත් එනවා ,සැට් වෙමුකෝ ,මේකේ කොමෙන්ට් එක මං එදාට දෙන්නං

    ReplyDelete
  3. හි හි.. මගේ යාලුවෙක් හිටියා.. 11දි විතර යාලු වෙච්ච කොල්ලගේ නම ( කසුන්) අතේ මැණික් කටුව හරියේ කට්ටකින් කොටා ගෙන... ඒ ලවු එක තිබ්බේ මාසයයි.. ඉට පස්සේ මූ වෙන කොල්ලෙක් එක්ක යාලු උනා.. ඒකගේ නමත් කේ අකුරින් පටන් ගත්තේ.. මට මතකයි ඌ කාලයක් යනකම් පිරිත් කඹයක් විතර අතේ බැඳාගෙන හිටියා... හි හි

    ඒක පොඩි හිනායන කතාවක් විතරයි...

    ආදරේ කියන්නේ අමුතු දෙයක් කොල්ලෝ.. ඒක මැනෙන්නෙත් එක එක්කෙනාට ආවේණික විදියට... ඇත්තටම වෙලාවකට හිතෙනවා සුදු රෙදි යාර දෙකෙන් මනින්නේ මොනාද කියලත්.. අනිත් කෙනා තමන්ට තියෙන ආදරයද, විශ්වාසයද නැත්තම් තමන්ගේ හිතේ තියෙන කුණු කන්දරාවද කියලත්...

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ එකෙකුත් හිටියා. ඌ ගෑහුවෙ අකුර P. ඌම දාල ගිය කෙල්ලව. දැං වෙන කෙල්ලෙක්.P මකාගන්ඩ දැගලුව තාමත් අතේ තියනව :P

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මං නං ලවු ඔප්පු කරන්න යන්නෑ..
    අනුෂ්කා උනත් ඒක ගැන පැහැදීමෙන් ඉන්නේ...

    ReplyDelete
  6. මානවක මම හැමදාම කියන්නේ ආදරය කියා දෙයක් නොපවතී ඇත්තේ ගනු දෙනු පමණයි කියන දෙයනේ..

    ReplyDelete
  7. හේ හේ මෙයා මේක දලා. නියමයි.

    ආදරේ ගැන කවුරැත් හරියට නිර්වචනය කරලා නෑ. කරන්නත් බැ. මොකද එක තවත් එක හැඟිමක් නිසා. ආදරේ කියන්නෙ මොකක්ද කියලා ආදරේ කොහොමද කියලා හොයන්න උත්සහ කරනවට වඩා වටින්නෙ තමන්ට ගැලපෙන කෙනා හොයාගන්න උත්සහ කරන එකයි.

    ReplyDelete
  8. ඇත්තටම ආදරේද නැත්නම් ආදරේ තරම ද බලන්න ඕනේ??

    ReplyDelete
  9. ඕක ඔප්පු කරන්න විදියක් හොයා ගත්තොත් මටත් කියපංකෝ....

    ReplyDelete
  10. ආදරේ යනු ගණුදෙනුවකි....සහතික ඇත්ත....

    ReplyDelete
  11. ආදරේ ගණුදෙනුවකි....හොදම හෙට්ටුවට විකිණී යයි.......

    ReplyDelete
  12. හම්.. ආදරේට සාම්පල් පෙන්නන බෑ.. සුදු රෙදි යාර දෙකෙත් ආදරේ මනින්නත් බෑ. ආදරේ කියන්නෙ තමන් කරන දෙයක් විතරයි. ඕක අනෙත් කෙනාට තේරෙනවද කියල තැවෙන එක තේරුමක් නැතිවැඩක්. Naleen Dilruksha කියන කතාවෙ තෙරුමක් තියනව. ආදරේ කියන එක විග්‍රහ කරන්න හැමෝම මැලි වෙනව. මොකද හැමෝම බයයි ඒක විග්‍රහ කරන්න ගියාම ඒකට දීල තියෙන උත්තරීතර බාවය දියාරුවෙයි කියල... ජය වේවා!

    ReplyDelete
  13. උඹත් අහන්නේ මාර ප්‍රශ්ණනේ අයියේ.. ඕකට කෝම සාම්පල් එකක් දෙන්නද ?

    ReplyDelete
  14. මොකද්ද ඒ අහපු හරුපෙ -_-

    ReplyDelete
  15. රෙදි එලන එක නම් මහා නොදියුනු ගෝත්‍රික චාරිත්‍ර‍යක්... මම හිතන්නෙ නෑ ලංකාවෙ බහුතරය තවමත් එතැන ඇති කියලා.

    ReplyDelete
    Replies
    1. සුදු රෙදි නම් එලන්නේ නැ.. ඒත් තාම බහුතරය එතනම තමා..

      Delete

හිතුනේ මොනවද?