බුකියේ මං

18 ද රජ කවිය | The King Poem

කට්ටිය කලබල වෙන්න එපා රජ කවිය කිව්වම සත්ගුණවත් වැල රජා ගැන කියල .ඔය කපල තියන වචනේ වෙනුවට මහ කෑල්ල දා ගන්න.
මේ ජාතියේ කවියක් ලියන්න කවදාවත් හිතුවේ නෑ.මේක මේ ජාතියේ පලවෙනි සහ අන්තිම කවිය. 








අහස් වියන සරසන්නට
තැනුව කුරුළු ස්තාලය
දිහා හොඳට බලන ඉඳිමි
උන් මේ දුර පියාඹයිද

වාත වේග අසුන් ගෙනත්
දිවෙව්වා හිරකර ගම්දොර
ශක්‍රයාට දඬු මොණරය
මාථලීට මොකවත් නැත

ඈත තියෙන ඔරු පාරුද
අල්ලලා ගැට ගහගන්නට
හිටෙව්වා හනිකට ඉන්නක්
නොසැලෙන්නට ගල් වැටියක

අහස අපිට පොලව අපිට
දුන්න පිනට මොකුත් නැතුව
පොලව පල්ලේ ඇති දේවල්
අමතක කර පුදමි ඔබට

මතු දවසක හඳත් අපිට
කියාලා සනහන විට අප
අපේ පවට නොපෙනේවිය
මෝරන හැටි රජ අංකුර

ආඩම්බර නොවී හැකිද
මුල් රූස්ස ගස් වෙනකොට
ඔලිඳ කෙලියේ විස්තර ටික
වෙන කොතනින් අහ ගන්නද

අධිවේගේ එහෙමෙහෙ ගිය
ආශ්චර්යේ වල්මත් වී....
නෙලුම් පොකුණ මත සුපිපුණ
අනාථ උන නෙළුමක් මම....

ප.ලි - සුරංගනා කතාවේ ඉතුරු කෑල්ල ළඟදීම.පලවෙනි කොටස බැලුවේ නැති අය මෙතනින් යන්න....  
Comments
18 Comments

18 comments:

  1. අඩෝ එළයැ.පික්ෂු පීකුදු වී ගියේයැ

    ReplyDelete
    Replies
    1. මක් නිසාද...මෙය ඉපැරණි පුස්කොල පොතක තිබු පැදි පෙළකි....

      Delete
  2. හයියෝ දේස දෝහියෝ !

    ReplyDelete
    Replies
    1. කෝ කොහේද?....කවුද?...කෝ...

      Delete
  3. අඩේ කොකෝ මේක අන්තිම එක නොවෙවා.... අන්තර්ගතය නෙවෙයි බන්... කවියයි ලස්සන....

    ReplyDelete
    Replies
    1. කවි නම් තව ඉස්සරහට ලියනවා....මේ වගේ ඒවා නෑ....

      Delete
  4. අර දඬු මොණරෙ නම් රාවණාගෙ.. අනේ ඒක තියෙනවා නම් අර අපේ රාවණා බලකායෙ ලොකු හාමුදුරුවන්ට දෙන්නකො.. බෙන්ස් මොකටෙයි ?

    ReplyDelete
    Replies
    1. ඒක තියනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද?

      Delete
  5. අපිත් අනාතයි ඒත් නෙළුම් නෙමෙයි

    ReplyDelete
  6. නෑ මචන් මේක පටන් ගැන්මක් කරන්න ..
    තව දිගටම කවි ලියන්න..අම්බානක මාතෘකා
    තියෙනවා ..ඒ කිව්වේ සබ් මාතෘකා ...
    දිගටම ලියපන්....රජ පවුලේ කෑම බීම ගැන එහෙමත්
    දාන්න...කවියක් බලලවත් බඩ පුරෝ
    ගන්න එපැයි .

    +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. ඇඩෙනවා ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ඒකත් එහෙමයි නේ.

    ReplyDelete
  9. ආස්චර්ය ඔහොම තමයි
    නාඩා ඉඳින් දැන් ඕකට
    කට වහගෙන ඇස් පියාන
    ඉන්න එකයි ඇගට ගුණම .. :P

    ReplyDelete
  10. හොකිස්.....එලනේ ඈ...
    අන්තිම නොවේවා

    ReplyDelete
  11. සුදු පාට
    කහ පාට
    දම් පාට
    කලු පාට
    පාට පාට ..වෑන්!!

    අදමයි මේ පැත්තට ආවේ

    ReplyDelete
  12. අනේ ද කියන්නෙ...,
    ආශ්චර්‍ය අහලා දැකලා ඇති තරමට..,
    අපේ බව්වටත් අප්පිරියලු
    රජ කතා අහලාම පැයෙන් පැයට.... :/ :/ :/

    මරු කවිය අයියෙ!!! (Y)

    ReplyDelete

හිතුනේ මොනවද?