බුකියේ මං

20 ජැක් ගේ එපා කරපු වීර ක්‍රියා | The Epic Adventures of Jack

ඔන්න එකෝමත් එකෝමත් කියන්නේ පට්ටම එකෝමත් එක කාලෙක හිටියලු කොල්ලෙක් ජැක් කියල.ඔන්න ඔය ජැක් කියන කොල්ලා  තව එකෙක් එක්ක සෙට් වෙලා ලොකු නැවක නැගල ඒ නැවේ ගිය හෙන දතක් වෙච්ච කොල්ලෙක්ගේ කෑල්ලට ලයින් දාල එකිවත් සෙට් කොරගෙන අයිස්  කන්දක හැපිලා ඒ නැව ගිලෙද්දි...

හාහ් මේ මොකක්ද මේක නෙවෙයි.මන් කියන්න ගියේ  සෝස පාට ලස්සන ගවුමක් ඇදන්  ඉන්න ලස්සනම  ලස්සන කුමාරියක් ඉන්න කතාවක්.  



ඔන්න එකමත් එක කාලෙක හිටියලු ජැක් කියල කොල්ලෙක්.ඔන්න ඉතින් ඔය කොල්ල පට්ටම දුප්පත්ලු,හරි හමන් රස්සාවක් වත්  නැතිලු (මම වගේ එකෙක්).දවසක් උදේ ඔය ජැක් මහත්තය(මහත්තය කිව්වේ මම  වගේ නිසා) නැගිටලා බැලුවම කන්න මොකුත් තියනවද කියල ගේ අහලක කිසිම දෙයක් නැතිලු. කලින් දවසේ ගෙනාව මැගී නුඩ්ල්ස් එකක් , බිස්කට් පැකට් එකක් වත් අඩුම තරමේ..මේ මොනවද මේ ඒකාලේ මේවා තිබුනේ නෑ නේ..මොන කැටයම්ද අනේ, කොහෝම හරි කන්න මුකුත් නැතිලු.එච්චරයි.

ඔන්න එපාර ජැක් ගේ අම්මා කිව්වලු පොඩි එකෝ ගේ හරියේ කන්න මුකුත් නෑ හන්දියේ මුදලාලිට කියල පොතට දාල පාන් ගෙඩියක් වත් අරන් වරෙන් කියලා.(දැන් නිකන් ඇදේට බලන්න එපා ඒකාලේ පොතට පාන් දුන්නද කියලා .ඒකාලේ පාන් තිබුණා.පොතටත් දුන්න ඉවරයි).ජැක් එතකොට අම්මට කිව්වලු "අම්මේ මේ...උදේ පාන්දර මුදලාලිට නම්  පදිරි වෙන්න බෑ ඔය විකුනන්න මොනවා හරි තියේනම් කියන්න..ගිහිල්ල හන්දියේ සයිබු නානට යකඩ බරට විකුණලා කීයක් හරි අරන් එන්න කියල".අම්ම කිව්වලු ජැක්ට කොල්ලෝ යකඩ කෑල්ලක් කියල ගේ හරියටම තියෙන්නේ මහා පිහිය විතරයි.එක නැති උනොත් පාන් කෑල්ලක් වත් කාල හමාරයි (මහ පිහියෙන් පාන් කන හැටි උඹල හිතා ගනිල්ලා).උඹට ඕනෑම නම් ඔය එළදෙන ගිහින් කාට හරි විකුණලා කීයක් හරි හොයන් වරෙන්.විකුනන්න එකෙක් නැත්තන් වරෙන් මස් කඩේ  තම්බියට එහෙම විකුනනවා නෙවෙයි කියල.අම්මා තව කිව්වලු ජැකට පුළුවන් නම් එළදෙනට  5000 ක් වත් ගන්න එතකොට උබටයි මටයි සතුටින් මාසයක් කාලා ඇඳලා ඉන්න පුළුවන් කියලා. 

දැන් එළදෙන කිව්වම කට්ටිය හිතන්න එපා අර හැපී කව් එළදෙන වගේ පතරංග සයිස් එළදෙනක් කියල.දර මිටියක් ඉටි රෙද්දකින් වැහුව වගේ කනාටු නාකි මොඩල් එකක් ඒ එළදෙන.


ඔන්න ඉතින් ජැක් ළමයත් එලදෙනත් අරන් ගියාලු කඩපිලට විකුනන්න කියලා හිතා ගෙන.ගමේ කඩ පිලට ගියාට ගිසිම වගතුවක් උනේ නැතිලු ජැක්ට මොකද කියනවා නම් ගමෙන් භාගයක්ම තමන්ගේ නාකි එල දෙන්නු අරන් ඇවිත් තිබුනලු විකුනන්න.ඉතින් මෙහෙන් නම් කිසිම වගතුවක් වෙන්නේ නෑ කියලා හිතපු ජැක් එහා ගමෙන් වත් තමන්ගේ වාසනාව හොයා ගන්නවා කියල එහා ගමට යන පාර දිගේ තමන්ගේ ගමන යන්න පටන් ගත්තා.

ඔන්න ඔහොම ටික දුරක් යනකොට අපේ පුංචි වීරයාට ඇහෙනවා මේ වගේ කටහඬක් 
(මොකක් පුංචි මේකාගේ කොහේද දන්නේ නෑ පුංචි ඇරත් එළදෙනක් විකුනන්න යන එකා කොහොමද වීරයෙක් වෙන්නේ), කටහඬක් කියන්නේ නිකන් ගෑනි මැරිච්ච මිනිහෙක් ලතෝනි දෙනවා වගේ හඬක්. 

අනේ දැන් මම කොහොමද ගෑනිට මුණ දෙන්නේ...මට තිබුන එකම සේසතත් ඉවරයි...අනේ පොරව...හයියෝ සල්ලි....

අනේ වාසනාවන් කියන්නේ අපේ ජැක් නුත් ඉතින් අනුන්ගේ දුකේදී පපුවේ පිලමන්ට් යන තත්වේ සංවේදී ඩයල් එකක් නිසා අර මනුස්සයට වෙච්ච සන්තෑසිය මොකක්ද බලන්න එලදෙනත් පාරේ අයිනේ පාක් කරලා ආහ්හ් නෑ ගැට ගහල හඬ ඇහෙන පැත්තට  හෙමින් හෙමින් ඇවිදින්න ගත්තා...

අයියෝ පොරව...අනේ පොරව..මම ඉවරයි....

ඔන්න ඔය විදියට පොරවක් ගැන දුක වෙන මනුස්සය ළඟටම ජැක් ආව...පුදුමේ කියන්නේ ජැක්ටත් ඒ වෙලාවේම පරණ කතාවක් මතක උනා...ජැක්ට සැක කරන්න දෙයක් තිබුනේ නෑ ඇත්තටම මොකද ජැක් අහල තියන කතාවේ හිටිය කෙනාගේ හැම ලක්ෂනෙම මේ මනුස්සයගේත් පෙන්න තිබුන නිසා.ඔන්න අඬන පොර ළඟටම ගියපු ජැක් 

ඔව්වා ඔහොම තමයි අයියා...මොනවා කියලා කොරන්නද..වැඩි තන්හාවට කොරොස් කටේවත් අත දාන්න බෑ  කියන්නේ ඕකට තමයි අයියා...කොහේද කුපාඩි කම වැඩියි නේ....අපරාදේ ඔයා පොරව විසික් කරේ අයියා...  

එහෙම කිව්වා විතරයි අර මනුස්සයාගේ සද්දේ නැවතුනා...ජැක් දිහා හැරිලා බලපු ඒ මනුස්සය ජැක් ගෙන් බොහොම අහිංසක විදියට මෙහෙම ඇහුවා...

ඔයාට පයිත්තියන්ද මල්ලි...මෙතන රෙද්දක් කියවන්නේ....        

අයි යකෝ මේක මොන සහගහන කතාවක්ද? මොන වැරද්දක් කරාද කියල හිතපු ජැක් කොහොම උනත් අර මනුස්සය මොකක්ද හරියටම කියන්නේ කියල අහගන්න හිතල 

එහෙම පොර ටෝක් දෙන්න එපා අයියා....ඔයාගේ දුක් සීන් අහන්න ගිහින් මට උනේ නිකන් අර වදින්න ගිය දේවාලේ කපුවා $#%$@#$@#@ වගේ වැඩක් නේ.ඇත්ත කියන්න ඔයා නේද අල්ලපු ගෙදර මිනිහා...

හෑහ්හ්.....මොකා..... 

නෑ නෑ මම කිව්වේ අර පොරව ගඟට වැටිලා කුජීත වෙලා ඉන්නකොට ආපු රුක් දෙයියට ජිල්මාට් එකක් දාල රෝල්ගොල්ඩ් පොරවක් ගත්ත බුවාගේ අල්ලපු ගෙදර මිනිහා නේද?.අර වයිපරේගේ වදේට බේරෙන්න බැරුව ඇවිල්ලා පොරව ගගට දාල , කෙප්ප කෙලලා මාට්ටු වෙලා පොරව නැති කර ගත්ත ඩයල් එක නේද ඔයා..කියන්න


පිස්සුද මල්ලි..අම්මපා මෙච්චර ලොකු වෙලත් සුරංගනා කතා විශ්වාස කරනවද?..එහෙම මගුලක් නෙවෙයි ඕයි...එහා ගමේ සැණකෙළියක් තියනවා...මමත් ගිහින් එකේ තිබ්බ බුරු පොලේ මගේ සේසතම අල්ලලා බූරු ගැහුවා...මන් ඉල්ලුව කොලේ පොරව...කොහේද අනිත් එකා ඉල්ලුව බුරුවා කලින් පෙරලුනා නේ.  

#@$#@#@$#@$# මුගේ $#%$@#@#%%^#@$
හ..හරි අයියේ පරක්කුත් වෙනවා...මම එහෙනම් ගිහින් එන්නම් කියල ජැක් තමන්ගේ ගමන ආයෙමත් පටන් ගත්තා           

ඔන්න ටික වෙලාවක් ගත උනා,අපි හිතමු අපේ කතා නායකයා හැතැම්ම කීපයක් ඉස්සරහට ගියා කියලා.ඔන්න ජැක්ට ඈතින් ලාවට වගේ ඇහෙනවා සින්දුවක්.


          ♫ ♪ ♫ ♪....ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා...♫ ♪ ♫ ♪     



                                  මතු සම්බන්දයි       
Comments
20 Comments

20 comments:

  1. Replies
    1. ඔහොම ඉවසන් ඉන්නකෝ..

      මට මෙතන තිබ්බ කොමෙන්ටුව මතකයි මට හිතා ගන්න බැරි ඒක මැකුණේ කොහොමද කියලා...මම අත තිව්වේ වත් නෑ.මොකක් උනාද මන්ද ? :'(

      Delete
  2. හි හි.....
    කතා සරිත් සාගරේ තියන්නේ මේව්වට වෙන්නැති නේද??

    ReplyDelete
    Replies
    1. සාගරේම නෙවෙයි පොඩි පොකුණක්

      Delete
  3. ඈ......හූස් නෙක්ස්ට්..

    ReplyDelete
  4. පට්ට පට පට..නියම කතාව ..හිනා වේවි කියෙව්වේ ..:D

    ReplyDelete
  5. ඇඩෝව් මරු බං...පට්ට ජෝක් සෙට් එක..ඊගාව එකත් දාපන් ඉක්මනට..

    ReplyDelete
  6. කතාවට වඩා කතාව ඇතුලෙ තියෙන ඇඩ් කෑලි ටික ආතල්

    ReplyDelete
  7. හෙහ් මේකද අර එදා මට ලියනවා කිවුව කතාව. නියමයි දැනට බලමු ඉස්සරහටත්

    ReplyDelete
  8. පට්ට... මතු සම්බන්ධයි නේ ???
    - අ.පේලිය කිරිසප්පයා -

    ReplyDelete
  9. බලමු ඉතිරියත් ඉක්මනටම

    ReplyDelete
  10. බි. පෙ. සි.
    අන්න එහෙම සනිකෙ ලින්කුව දාන්න. නැත්තම් මේ අපි වගේ පුංචි වීරයන්ට මිස් වෙනවනේ. මට මතක් උනේ අර භූතයගෙ සීන් එක.

    ReplyDelete
  11. මේ අර ඒ කාලේ අප්සට් එක තාම සරින් සැරේ මතුවෙනවා වගේ නේ...=D

    ReplyDelete

හිතුනේ මොනවද?