බුකියේ මං

41 මංගල රැයට උපදෙස් පහක් (18+)

කාන්තාවන් වෙනුවෙන් ලියවෙන පත්තර සමාජයේ සුලභය.එලෙසම කාන්තාවන්ට තම එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට උපකාරීවන මහාර්ඝ වූ උපදෙස්,අවවාද සහ නව දැනුමද ඒවායේ නොමඳව අන්තර්ගතය.තවත් ඉදිරියට යන විට මංගල රාත්‍රිය සැපවත්ව ගත කිරීමටද ඒවායේ (අඳින්න ඕනෑ ඇඳුම,සැමියා සතුටු කරන විදිය ආදී වශයෙන්) උපදෙස් රාශියක් අඩංගුය.නමුදු මහත් වූ ගැටලුකාරී මානසිකත්වයකි.මංගල රාත්‍රිය ගත කිරීමට උපදෙස් දිව යුත්තේ කාන්තාවන්ට පමණක්මද?.පුර්ෂ පාර්ශවයට ඒ සඳහා උපදෙස් අවශ්‍ය නොවේද?


ශ්‍රී ලාංකීය පත්‍ර කාලාවෙන් පුර්ෂ පාර්ශවයට වන අසාධාරණය දැක කඳුළු ගලනා තනි ඇහෙන් යුතුව සහ පරමාදර්ශී චරිතයක් වනු රිසියෙන් "මංගල රැයේ මනාලයන්ට උපදෙස් පහක්" යන මෙම කරුණු සටහන් කරන ලදී.


  • කාමරය වෙන් කොට ඇත්තේ පැය පහකට නොව රෑ එලි වන තෙක් නිසා හදිස්සියක් නැත.එය ඔබගේ සිහි බුද්ධියේ තබා ගන්න.



  • ඇය ඔබේ බිරිඳය.ඔබ ඇයව මිලදී ගත්තේ පැය ඒක හමාරකට නොව ජීවිත කාලයටමය.ඔබට හදිස්සි වීමට කිසිම කාරණයක් නැත.



  • ඔබගේ ලිංගික සබඳතා එක පුද්ගලයකුට සීමා කරන්න යැයි වැකිය ඔබ අසා ඇත.ඔබ අසල සිටින්නේ එම එක පුද්ගලයායි.එම නිසා ආරක්ෂා වීමට දෙයක් නොමැත.බිය නොවන්න.



  • ඇය දන්නේ  කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක.


මාගේ උපදෙස් වල කුටාප්‍රාප්තිය මෙයයි.මෙය මනාලයෙක් විසින් දැනගත යුතු වැදගත්ම උපදේශයයි.


  • මංගල දින රාත්‍රියේ ඔබගේ මනාලියට මුදල් නොදීමට හොඳින් මතක තබා ගන්න.සමහර විට ඇය ඔබ හා උරණ වනු ඇත.එසේ නම් අව්ලක් නැත.පසු දිනක මුසාවක් කියා සමතයකට පත්කරගත හැකි නිසාය.එහෙත් ඇය මුදල් ගතහොත් ඇය හා සිටින සෑම විටම ඔබට මුදල් දීමට සිදුවනු ඇත.එවිට ඔබට IN HOUSE වියදමත් සමග OUT SOURCE වියදම දැරීමට සිදුවීම වැලැක්වීමට ශක්‍රයාට තබා ඔහුගේ පුත් වයිමාටද නොහැකි වනු ඇත.  


.ඉහත උපදේශ පිළිපැද ඔබත් පරමාදර්ශී සැමියෙකු වන්න..ඔබ සැමට සුභ මධුසමයක් වේවා.      
Comments
41 Comments

41 comments:

  1. ගොඩාක් වටිනා පොස්ට් එකක් ,අපි කොහොමද මේකට උබට ස්තුති කොරන්නේ ????

    ReplyDelete
    Replies
    1. ස්තුති නම් නැතත් කමක් නෑ මේවා පිළිපදින්න.නිකන් උඹටම කිව්වා වගේ...

      Delete
  2. මුදල් නොදීමට නේ! හරි ලියා ගත්තා! :D

    ReplyDelete
    Replies
    1. අනිවා පරණ පුරුද්දට බැඳපු ගෑනිට සල්ලි දෙන්න නම එපා...

      Delete
  3. දැන් උන්ට මුදල් දුන්නොත්.. ඉතුරු සල්ලිත් දෙයි ;)

    වෙනස් වෙන්න ඕනෙ නම් මෙන්න තැන..

    http://www.midnightdivas.com/

    ReplyDelete
    Replies
    1. ඒක නම ඇත්ත..මදියි කියන්නත් බැරි නෑ...

      Delete
    2. සෑමා නිතරම එකට යනවා වගේ..

      Delete
  4. අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි නෙවෙයි...සතයක්වත් දෙන්න නම් එපා..

      Delete
  5. කුළු නැටුම පමණක්මනං දන්නේ අපේ යුතුකම තමා තවත් නැටුං වන්නං අඩි කස්තිරං අඩව් පුරුදු කරන එක..
    හා නැද්ද??????????

    ReplyDelete
    Replies
    1. ඒවා පහුකාලෙක පුරුදු කරපන්..පලවෙනි දවසේ එපා...

      Delete
    2. මට තියෙන ප්‍රශ්නේ කුළු නැටුම හරි දන්නේ කොහොමද කියලයි

      Delete
    3. කුළු නැටුම කියන්නේ ඩිෆෝල්ට් එන එක...............

      Delete
  6. කළ ගෙඩි නැටුම තමයි මොනවා උනත් නැටුම
    බන් මානෙ...

    ඒත් මේ අවුරුදු කටේ මොකො මේ වගේ විලිසංගේ
    නැති එකක් දැම්මේ ..? :P

    ReplyDelete
    Replies
    1. මේක නැකත් මාසේ නේද?..අහිංසක ජීවිත කීයක්‌ සුමගට ගන්න පුලුවන්ද?

      Delete
  7. ඔන්න ඉතින් තමුන්ම විඳලා අත්දැකීම් ඇති මහත්තයෙක් කියන හින්දා පිලිනොගෙන කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අනේ..මේවාට මොනවා කියන්නද?මේ අහිංසක තනිකඩ කොල්ලට හදන පද...මන් පව්ව්ව්ව්ව්ව්.....:(

      Delete
  8. කමෙන්ට් කරන්නද? එපාද?
    කල්පනා කරල ආපහු එන්නම්...

    ReplyDelete
    Replies
    1. හා හා කල්පනා කරලා ආයෙත් එන්න...

      Delete
  9. හික්ස්... මේවා අදාල පාර්ශවයන්ට පෙන්නන්න වටිනවා.. ;)
    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අනිවා...පෙර සූදානම ඔබව උවදුරු වලින් ඈත් කරයි...

      Delete
  10. පට්ට ආ
    පස්සේ කාලේදී වැදගත් වෙන පෝස්ට් එකක්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතක තියා ගනින්

      Delete
  11. " ඔබ සැමට සුභ මධුසමයක් වේවා!"

    තව ටික කාලයක් තියෙනවනේ බං ඒකට.. උපදෙස් ටික මතක තියාගෙන ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. අනිවා...කොලේක ලියාගෙන පර්ස් එකේ දාගත්තත් පාඩුවක් නෑ...

      Delete
  12. "ඇය දන්නේ කුළු නැටුම පමණක් නම් කුළු නැටුම පමණක් නරඹා තුටු වීමට තරයේ මතක තබා ගන්න.ඔබ කලගෙඩි නැටුම නැටීමට යාමෙන් ඔබට කුල්ලත් කලගෙඩියත් දෙකම මද කාලයකට අහිමිවිය හැක." මේකනම් වැදගත් තමයි. ඒත් බං අනිත් නැටුම් ටිකත් ගෑනු දැනගෙන හිටියනම් තමයි පෙරහැර ලස්සන නේද :D

    ReplyDelete
    Replies
    1. පහු කාලෙක හෙමිට කියල දෙන්න අනික ඔය පෙරහර වල උනත් පේලි පෙරහරට වඩා වැඩ වැඩියිනේ රන්දෝලි පෙරහරේ...

      Delete

  13. පුරුෂ මූලික පෝස්ට් දැමීම හෙලා දකිමි.

    ReplyDelete
    Replies
    1. හරි වැඩක් නේ.මට ලංකාවේ කාන්තා පාර්ශවය හදන්න බෑ..ඉතින් පිරිමි පාර්ශවය හදන්න උත්සාහ කරනවා...

      Delete
  14. පස්ටයි ඈ....හිනාවෙලා බඩ රිදෙනවා....
    මොනා වුණත් මරු උපදෙස් ටික....

    ReplyDelete
    Replies
    1. ආයේ මේවා නිකන් කියන ඒවා නෙවෙයි සමාජ සමීක්ෂණ වල අවසන් ප්‍රතිපල...

      Delete
  15. මොනව වුනත් හොඳ උපදෙස් ටිකක්

    ReplyDelete
    Replies
    1. සමාජ සේවය සඳහා කැපවෙමි....

      Delete
  16. රන් මෙන් වටිනා උපදෙස්... සෑම වගේ එවුන්ට ඉස්සරහට ඕන වෙයි.

    ReplyDelete
    Replies
    1. සෑමා බලන්නේ වෙන ඒවානේ...අර උඩින්ම දාලා තියෙන්නේ

      Delete
  17. Husband - "mama kisi dayak nikan gana naha" "mena 5000"
    Wife - "mama kawdawat wadiyan gana naha" "mena itru 2000".
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. පන්දාහක් වැඩි නැද්ද....

      Delete
  18. ඇය කිසිම නැටුවක් නොදන්නේ නම් මං නටන්න ඕන මොන නැටුමද ?

    සුභ මධුසමයක් වේවා.!

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙක් ඩිෆෝල්ට් එක නැටුමක් දන්නවා....නැටුම් දන්නේ නැත්තන් නටන හැටි බලන ඉන්න කියන්න පුළුවන්....

      Delete
  19. ආ.....................මොනා කියන්නද මංදා. අපිට අදාළ නෑලුනෙ ^_^

    ReplyDelete
  20. දන්න කියන උන් කියන එව්වා අහන්න එපැයි ඉතින් නේ

    ReplyDelete

හිතුනේ මොනවද?