බුකියේ මං

8 මාතෘකාවක් නොමැත.

ජීවිතේ හරිම පුදුමාකාරයි.මොකද කියනවා නම් සමහර දේවල් ලැබෙන්නේ අපිට උවමනා වෙලාවට නෙවෙයි නේ.එක්කෝ කලින් නැත්තන් නැත්තන් පහුවෙලා.සමහර දේවල් කලින් ලැබිලා ඕනේ නෑ කියල පැත්තකට දැම්මට ඒ දේවල් ඕනෙම වෙන වෙලාවට ඒවා අපිට ලැබෙන්නේ නැත්තන් හිතට දැනෙන  පරාජිත හැගීම මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.මේ වචන කීපය පෙළගස්සන්න මී ගොඩයා ගේ ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා කියන කවි පෙළත් මාරයා අයියගේ පොස්ට් එකක මහවෙදනා මහත්මයා දාලා තිබුන කොමෙන්ට් එකක් නිසා.ඇත්තටම මට මේකට මාතෘකාවක් හොයා ගන්න බැරි උනා....



හැම සුවඳක්ම දැනුනට ජීවිතය පිරූ
හිත අඬනවා එක සුවඳක් දැනෙන තුරූ
වෙනදා බමර මතයෙන් රොන් සුවඳ ඉරූ
මම සිපගනිමි කුසුමක් කිරි සුවඳ වැරූ

සුන්දර සිහින මැද තැනු ලෝකය ගිවිස
කළුවර ඇයිද දැන් ලෙස ගොම්මන් සවස
අමතක කරදමා නිවුමට ගත පවස
සදහට සැතපෙමුද අපි නිම්නය දෙපස

එකමත් එක දිනෙක ආදරයේ මෑත
අපි තුරුළු වී නිවු කල සියොළඟ සීත
පැන නැගි කුසුම සිඳලා යවලා ඈත
දැමු පවටදෝ හිමි නැති නැලවිලි ගීත

ප.ලි - මේක ගායනා කරන්න කැමති කෙනෙකුට "කඩමණ්ඩියේ දොළ අයිනේ" ගීතයේ තනුවට ගායනා කරන්න පුළුවන්. 

Comments
8 Comments

8 comments:

  1. නියමයිනේ මානවක..

    ReplyDelete
  2. ඇත්තමයි මන් නම් තාම කවි ටික හරියටම තේරුම් ගන්න උත්සහ කරනවා.

    ReplyDelete
  3. නියම කවි පෙල.... නමුත් තේරුනේ නම් නැත... තාලයට ගායනා කලා පමණි....

    ReplyDelete
  4. sindunu apekshawak
    ane harima lassanai. Godak lassanai
    bohoma kalekin mama lassana nirmanayak dakke.

    Nirmana tharagayak thiyenawa. Oya danawanam mata email karanna. Nathnam fb msg 1k ewanna

    geeya hari apoorui
    windaa

    ReplyDelete
  5. හ්ම්ම්.. හොඳයි ඉතිං .. !!

    ReplyDelete
  6. අනේ මන්දා අප්පා

    ReplyDelete

හිතුනේ මොනවද?