බුකියේ මං

11 තනිවෙලා මා තනිවෙලා............

 heart
හිතේ කොනක හිරවෙලා කවදාවත් කියාගන්න බැරුව ලතවෙච්ච හැගීම් සමහර වෙලාවට කවි වෙලා එලියට පනින්නෙ අපිට හිතාගන්න වත් බැරි විදියට.ඒ සමහර හැගීම් ඒවා ඇති කරපු එක්කෙනාට කියාගන්න තිබුන නම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් එහෙම කියාගන්න පුලුවන් උනා නම් සමහර විට මෙ කවි ලියවෙන්නෙ නැතුව තියේවි.දුක විරහව මිනිස්සුන්ව නිර්මානශීලි කරනවා.මේ කවි පෙලේ කවිත් එකම දවසක ලියපුවා නෙවෙයි කාලයක් තිස්සේ එක ගානෙ ලියවිච්චා.අන්තිමට ඔක්කොම එකම තැනකට ගෙනාවා.....



 
නුඹව සිහිකර නැගුන කඳුලක ජීවයෙන් තනි මලක් පිපුනා
මටම විතරද දැනෙන්නෙ දුක පපුව හිරවී ඉකිත් බිඳුනා
අහස හිමිනැති මිලින තරුකැට අතරේ මාගෙ රුවත් තිබුනා
නුඹට පෙම්කල එකම වරදට දහස්වර මම හිතින් තැවුනා

-------------------------------------------------
කියනවද මට වසන්තය ඇයි තියෙන්නේ පොඩි කාලයක්
අපේ ආලෙත් ඒ වගේමයි තනුව ගිලිහුන තාලයක්
නුඹේ මතකෙත් වගේ හරියට මිලින කුසුමක කීලයක්‌
සුවඳ තවරලා රිදෙව්වත් හිත සිඹිමි තව සිය වාරයක්  

------------------------------------------------ 
හඳපාන හැංගිලා කොහේදෝ මහදුරක 
කවි හිතම රිද්දිලා අඬනවා හිත කොනක 
නුඹ නමින් වෙහෙසිලා අමුනාපු කවි පෙළක 
අකුරු ඉකි ගසනවා සමග දුක්බර මතක 
 --------------------------------
 නොදැක ඉන්නට බැරි තරම් මගේ දෑස ඔබේ රුව සොයනවා 
නමුදු නුඹ දැක ගන්න ලැබුනොත් දුක හිතේවි හිතෙනවා 
හීන තැවරුණු සුසුම් ගොන්නක් මටත් නොදැනිම හෙලෙනවා 
නුඹව බොඳවී නොපෙනෙන්න මම ලැබුන හැමවිට හඬනවා 
 ---------------------------------
කල්පයක් සුසුමන් හෙලාලා නුඹව පැතුවට මම ඉතින් 
ඉසිඹුවක්  කල් තරම්වත් නුඹ හිතල බැලුවද මගේ හිතින්
සිහිනයක් ළඟ අඬනු කුමටද විඳවලා සැමදා ගතින් 
නුඹට නැති ලොව  කිරුළු දරලා කඳුළු පිසගමි මම නෙතින් 
----------------------------------
කවි කියන්නට පොපියනා තොල් රිදුම් දෙනවා ඉරිතලා.............
තාම මතකෙට ගන්න හදනවා හිටපු දවසක් හිනැහිලා...........
ගිලුණු ඇස් කෙවෙනියන් අතරේ හීන හිරවී මියැදිලා...........
කොච්චරක් තව කෑ ගහන්නද තනිවෙලා මා තනිවෙලා...........
Comments
11 Comments

11 comments:

  1. විරහව කෙනෙක්ව කවියෙක් කරනවා කියන්නේ නිකන් නෙමෙයි
    විරහව කියන්නේ හරි පුදුම දෙයක් එ රසය හැමොන්ටම විදින්න බැ හැබැයි කවුරු හරි කෙනෙක් විරහ රසය වින්දොත් එ රසයෙන් ඇත් වෙන්නෙත් නැ
    මම දන්න එක දෙයක් තියනවා
    ජිවිතේ ලැබිම් වලට වඩා නොලැබිම් හුඟක් වැඩියි එ නොලැබිම් අහිමි වි යෑම් නිසාම කෙනෙකුගේ ජිවිතේ හැංඟිලා තිබ්බ ‘මම‘ ඇතුලේ හිර වුන ‘මම‘ එලියට ගන්න හුඟක් උදව් වෙනවා එකෙන් එකක් තමයි විරහ කවි කියන්නේ
    මොනා වුනත් මම විහරවට ආදරෙයි එ මොකද විරහව මාව කිවිඳියක් කරපු නිසා

    ReplyDelete
  2. හොඳ නිර්මාණයකට විරහව උත්තේජනයක් තමා.

    ReplyDelete
  3. ඇත්ත විරහා වේදනවා කියන්නේ මහා අමුතුම දෙයක්. ඒක කාට හරි කියන්න ඕනේ මයි මට නම්. මේ කවි ටිකෙන් හිතේ තියන සේරම ටික කියලා දාලා.

    ReplyDelete
  4. //දුක විරහව මිනිස්සුන්ව නිර්මානශීලි කරනවා.// මේක ඇත්ත. හුඟාක් කවියො දුක ඇතුලෙන් බිහිවුනා කියනවානෙ.

    ඔක්කොම කවි වලට මම කැමතියි! ඒත් මෙන්න මේ කවියට හුඟාක්ම ආසයි...

    //කල්පයක් සුසුමන් හෙලාලා නුඹව පැතුවට මම ඉතින්
    ඉසිඹුවක් කල් තරම්වත් නුඹ හිතල බැලුවද මගේ හිතින්
    සිහිනයක් ළඟ අඬනු කුමටද විඳවලා සැමදා ගතින්
    නුඹට නැති ලොව කිරුළු දරලා කඳුළු පිසගමි මම නෙතින් //

    විරහව ගැන මොනා කියන්නද මං? ඔක්කොම ටික කවි ටික අස්සෙනෙ...

    ReplyDelete
  5. විරහව, පාළුව, තනිකම මිනිස්සුන්ගෙන් හොද නිර්මාණ එලියට ඇදලා ගන්නවා..

    ReplyDelete
  6. විරහවේ රස දන්නෝ එය විද ඇති උන් මිස අන් කවරහුද...

    ReplyDelete
  7. කවි ටිකම රස වින්දා කියලා විතරක් කියන්නම්

    ReplyDelete
  8. කොහොම කොච්චර අඬා වැටුනත් හිතෙන විඳවන හැටි කියා
    පලක් වෙද ඔය අඳෝනා නෑ ඇහෙන්නේ ලෝකෙට සදා
    අතැර ගිය උන් යයිද ඇත්තට දිනක්වත් කල පෙම දමා
    අවදිවෙන්නට කාලේ හරි දැන් බලන හීනෙන් හිත මුදා ...

    ReplyDelete
  9. හැම කෙනෙක්ම මේ රස විඳලා තියෙනව වගේ.

    ReplyDelete
  10. විරහා වේදනා මද කවි නම් අකුරු කරන්න පුළුවන් ...එකෙන් දුක තුනී වෙනවනේ..

    ReplyDelete

හිතුනේ මොනවද?