බුකියේ මං

48 පරාදීසයේ කොනක | at the edge of paradise

මට පසුපස හරවා සිටි ඇය නොනවත්වාම සිනා සෙන්නීය.මදක් හිස හරවා මා දෙස බලනු වස් නෙත් කෙවෙනි කොනටම ගෙනා ඇයගේ දෙනෙත් කවදාවත් නැති තරමට දිලිසෙ යැයි සිතේ.එම සිනහව ඇයගේ වර්තමාන තත්වයට නොගැලපේ යැයි විටෙක සිතෙන මුත් වහා නැගිට සෙමින් ඇයගේ මුහුණ පිරි මදින්නට සිතෙන්නේ ඇයි දැයි තවමත් තේරුම් ගත නොහැක.

මොකද මේ අමුතු වෙලා...මට අල්ලන්නේ නම් නෑ බබෝ ඔය පෙනුම නම්.මොකාටද ඔයා මේ එන්න හදන්නේ...


මාගේ සිතුවිලි දැහැන බිඳුනේ ඇයගේ රැව්දෙන ස්වරය නිසාය.තවත් ඉවසා සිටිය නොහැක.වහාම නැගීසිටි මම ඇයව පිටිපසින් තුරුළු කර ගත්තේ අර්ථ දැක්විය නොහැකි ස්නේහයකින් සහ රාගයකිනි.ඒ ස්නේහය හා රාගය කැටි වූ හැගීම උච්චස්ථානයකට පැමිණියේ මා අතොරක් නැතිව ඇයගේ ගෙල සිප ගැනීමට පෙළඹවීමෙනි.

හනේ..හනේ...මේ මොකද...මොකක්ද අනේ මේ අලුත් හදිස්සිය...  

හදිස්සි නැතුව...අරයා එන්න තව වැඩි දවසක් නෑ...කර ගන්න දෙයක් දැම්ම කර ගන්න ඕනේ...නැද්ද මම අහන්නේ...අනික මේ කාලේ තමයි ඔයා ළඟ මට නිදහසේ ඉන්න තියෙන්නේ...

ඉතින් එයා එන්න තව දවස් තියනවනේ...

දවස් තිබුනට බබා..අන්තිම මොහොතේ ඕවා කරන්න බෑ නේ...කරන දෙයක් නිදහසේ කර ගන්න ඕනේ ...

දොඩමලු වීමට නුරාමත් සිත කිසිසේත්ම ඉඩ නොදේ.සෙමින් ඇයගේ මුහුණ හරවා ඇයගේ කන්පෙති හා  කොපුල් සිපගනිමි..

මට කිතියි රත්තරන්...

කිතියි...අනේ මේ...ඔයාට මේවා අලුත් දේවල්ද...බැඳපු ගෑනියෙක් නේද දැන්...

ඒ උනාට...ඔයාගේ රැවුල් කොට මගේ මුනේ ඇනෙනවනේ

ඒ උනාට නෙවෙයි...ඔයා දන්නවනේ මම ආසයි කියලා ඔයාගේ කම්මුල් වලට..ඉස්සර ඔයා එපා කිව්වේ නෑ නේ...

සිත තිගැස්සේ.තව සුළු කාලයකින් ඇය සහ ඇගේ ආදරය මට තව බොහෝ කාලයකට අහිමි වනු ඇත.ඇය තවත් තුරුළු කර ගතිමි.දැන් මාගේ අතැගිලි ගිමන් හරින්නේ ඇයගේ ලය මඩල මතය.විවාහයට පෙර, අප පෙම්වතුන් වූ අවදියේ  තිබුනාට වඩා  ඇයගේ තිසරුන් මදක් තරවී යැයි සිතේ.තිසරුන්ගේ උණුසුම තව තවත් ඇඟිලි තුඩු වලට දැනෙනු වස් පිරිමැදීමේ වේගය වැඩි කරමි..

ආහ්හ්...ඕවා අදම ඉවර කරන්නද හදන්නේ...එයාටත් පොඩ්ඩක් ඉතුරු කරන්න...

අරයා ආවම ඉතින් මේවා අරයාටම තමයි...මට හුලන්...අරයා එනකන් මේවා මගේ...

ඇයව තුරුළු කරගනිමින්ම සයනයේ සැතපෙමි.ඇයගේ නිරුවත් සිරුර දුටු විට මා සිතට නැගෙන්නේ මහත් වූ ශෝකයකි.ඇය මා පෙම්වතියව සිටි කාලයේ ඇයගේ සිරුර පුරා තිබු මා බොහෝ ආශා කල කෝමල රේඛා බොහොමයකම අද ඇත්තේ ශේෂයක් පමණකි.

අරයා ඔයාව කැත කරලා වස්තුවේ...

උද්වේගකාරී වූ සුසුම් මැදින් මාගේ සිතුවිලි වචන වන්නේ එලෙසය.එහෙත් ඇයට ඒ ගැන කිසිදු  තැකීමක් නැත..

ඒකට මොකද අනේ එයා ආවම ටික දවසකින් ජිම් එකකට යන්න පුළුවන් නේ..

අනංග රංගය ඇරඹුනේ දෙදෙනාගේම සුසුම් හෙලීම ඇරඹීමත් සමගිනි.ඇය හා එක්වීමෙන්  මට තවම ලැබෙනුයේ මාගේ පෙම්වතිය ලෙස ඇය සිටි කාලයේ මට ලැබුන තෘප්තියමය.එහෙත් ඔහුගේ ආගමනයත් සමග එය මට සදහටම නැති වන බව මේ වනවිටද පසක් කර සිටියෙමි.මා ඇය හා එක් වීමට මෙතරම් ඇලුම් කිරීමට එයද එක හේතුවක් වනු ඇත.නිසැකය.ඔහුගේ ආගමනයත් සමගම ඇය මට අහිමි වේ...

හ්ම්ම්ම්ම්ම්....................................................

දෙදෙනාගේම සුසුම් හෙලීම උච්චස්ථානයකට පැමිණි කල ඇයගේ නළලත් සිඹ පසකට උනෙමි.අහෝ මා මෙතරම් ආත්මාර්තකාමිද..මා ඇගෙන් සොයනුයේ ශාරීරික තෘප්තිය පමණක්ද?.වරදාකාරී හැගීමක් සිත ඔද්දල් කර ඇත.හේතු දැක්විය නොහැකි හැගීමකින් මාගේ හිස ඇයගේ කුස මත තබමි.

ඇයගේ අතැගිලි මාගේ හිසකෙස් පිරිමදිනු දැනේ.ඒ ස්පර්ශයත් සමග ඇයගෙන් එදා ලැබුන ආදරයම වෙනසක් නැතිව ඇඟිලි තුඩු දිගේ මාගේ හිසටත් , හිසෙන් ශරීරය පුරාවටත් දුවනු දැනේ.ඇය නැවත සිනාසේ..

ඔයාට දැනුනද මහත්තයෝ එයා දඟකරනවා...ඔයාගේ පුතා අම්මිගේ බන්ඩිය ඇතුලේ සෙල්ලම් කරනවා ඔයාට දැනුනද?

මාගේ ලෙයින් සැදුන කිරිකැටියා ගේ  හද ගැස්මට සවන් දෙනු වස් මම දෑස් වසා ගනිමි..



                                      
                                                 නිමි..    
                                      
Comments
48 Comments

48 comments:

  1. මේවන් අවස්ථාවක ඇතිවන හැගුම කියන්න වචන නෑ මානවක.. ඔබත් ඉතාමත් සාර්ථක ලෙස මෙය ලියා තිබෙනවා

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම ලොකු හැගීමක් නෑ ඒ ගැන මොකද තාම අවිවාහක නිසා...මම සංවේදී සමාජ මතවාද කීපයක් කතාවක් විදියට ලිව්වා.

      Delete
  2. පෙම්වතියම බිරිද වෙන එක සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..ඉතින් කාගේත් හීනේ ඒකනේ...........

      Delete
  3. මුලින්ම කියවපු ගමන් ඉතින් මට මේකෙ ව්‍යංගාර්ථ තේරුනෙ නෑනෙ... පස්සෙ තමා ඉතින් තේරුනෙ. :)

    පොදු සිද්ධියක් වුනත් වෙනස් විදියක්......, හැමදාමත් වගේම (Y) (Y)

    ReplyDelete
    Replies
    1. ව්‍යංගාර්ථ නැති උනා නම මේක......හෆොයි.......

      Delete
  4. xslg ekata daanna.....ela

    ReplyDelete
    Replies
    1. එකේ ඉන්නේ අසහනකාරයෝ. එක දවසක් වැරදිලා ගියා. ආයේ නම් කවදාවත් නැහැ. කාමයයි, ශෘන්ගාර රසයයි දෙකක්.

      Delete
    2. මේක වැල කතාවක් වගේද ?

      Delete
  5. mama me site eka book mark kara. ada thama palaweniyata awe. lassnai ..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු .. ආයේ එන්න ..

      Delete
  6. සුපිරි, හැමදාමත් වගේ.. :) හැබැයි පොඩ්ඩක් අපැහැදිලි ඇයි ''පාරාදීසයේ කොනක'' කිව්වේ?

    ReplyDelete
    Replies
    1. කතාව ලිව්වේ පිරිමියාගේ පැත්තෙන් බලලා පොඩ්ඩක් ආත්මාර්තකාමිව....පිරිමියාට යම් යම් දේවල් නැතිවෙන්න ලඟයි..

      Delete
  7. තුන්පාරක් කියෙව්වා මචං! ඒ මේ අපූරු අකුරු ටික විද ගන්න!

    ReplyDelete
    Replies
    1. කී පාරක් කියෙව්වත් එපා වෙන්නේ නෑ මචං

      Delete
    2. මම හිතුවේ නෑ කවදාවත් මම ලියන කතා ටිකක් හරි සාර්ථක වේවි කියලා...මේ කොමෙන්ට් මට කෝටියකට වැඩිය වටිනවා..

      Delete
  8. Replies
    1. ඒක නම් අත්දැකීමෙන්ද කොහේද කිව්වේ....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අම්මට සිරි වැලක්
    .
    .
    .
    .
    .
    "ඔයාගේ පුතා අම්මිගේ බන්ඩිය ඇතුලේ." හුටා!! හරිනේ!!

    මලලසේකරයි මම හිතුව වැරදි කියල හිතුනේ සිහින මදාරාගේ කමෙන්ට් එක ඇහැ ගැටුනට පස්සේ. හේ හේ එයා.. තමයි පුතා :) හැමදාමත් වගේ එළකිරි මානවකයෝ

    ReplyDelete
    Replies
    1. ඔය වයසේ වැරැද්ද තමයි ඉතින්...උඹ දන්සලේ සාමාජිකයෙක් නේද?

      Delete
  11. අවස්තාව විඳලා නැති උනාට ඇත්තටම හැඟීම්බරයි.... හොද නිර්මාණයක්... සුබපැතුම්

    ReplyDelete
  12. ඇඩේ මේක නම් ශෝක්... ඔයාගේ කථා කවදත් පට්ට කථාවක් දානකන් ඉන්නේ :)
    යුක්ති
    අ.පේලිය

    ReplyDelete
  13. වෙනසකටත් එක්ක හොදයි නේ....

    ReplyDelete
  14. හා හා පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් තමයි..ඒවාට විවිද ක්‍රම තියනවා.......

      Delete
  15. වෙනසක් තියෙනවා ............. ඒක හොඳ විදිහේ වෙනසක් !!!!!

    ReplyDelete
    Replies
    1. අනිවා..කාටවත් පෙන්නේ නැති වෙනසක්......

      Delete
  16. නියමයි කතාව අයියේ..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු....(මේවා මතක තියන් ඉන්න :P)

      Delete
  17. මම කියවන්න ආස කරන ජාතියේ අකුරු තියන තවත් බ්ලොග් එකක් මචං මානේ....උඹේ කතා දෙක තුනක් මට මිස් වෙලා..

    කතාව අකුරු කරන හැටි, ගලාගෙන යන හැටි, දෙබස් පුද්මාකර විශ්වාසයකින් ඉදිරිපත් කරනවා කියලා තේරෙන්නේ ඒ කතාව ඇතුලේ මම ජීවත් වෙනකොට...

    ReplyDelete
    Replies
    1. මට මාරම සන්තෝසයි කතාව කෙනෙකුට විඳින්න පුළුවන් උන එක ගැන.....

      Delete
  18. එළ.. මානවක.. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු.........

      Delete
  19. කරුණාකර ස්පෑම් චෙක් කරන්න.

    ReplyDelete
  20. කොච්චර කියේව්වත් එපා වෙන්නේ නැහැ. කීවෙනි පාරද මන්ද, ඔන්න මං ආයෙමත් ආව :)

    ReplyDelete
  21. good one.. Expieriencing the same these days :)

    ReplyDelete
  22. මේක ආයේ කියෙව්වා.. උබට ගෑනු පිරිමි සම්බන්දකම් ගැන බොහොම හොඳට ලියන්න පුළුවන් මානවක..!

    ReplyDelete
  23. අඩෝ මේක කියවද්දි නහරේ ඉදිමුනා. සිරා සිරා. :පී

    ReplyDelete

හිතුනේ මොනවද?