බුකියේ මං

32 ඔබ දෙවිදුන්ගේ මනමාලියයි | Bride of God

විරහව කියන්නේ මහ පුදුමාකාර අත්දැකීමක්.ඒ අත් දැකීම මිනිස්සු අතරට එන්නෙත් ඒ වගේම මහ පුදුමාකාර හිතා ගන්නවත් බැරි විදියට.විරහව විඳින කෙනාට යම් තරමකට හෝ තමන්ගේ වේදනාව අඩු කරගන්න විරහ ගීත වලින් ලැබෙන්නේ ලොකු උපකාරයක්‌ පිටුවහලක්.ලිපියේ මාතෘකාවට අදාළ ගීතය බොහෝම ප්‍රසිද්ධ විරහ ගීතයක්.අද කියන්න යන්නේ ඒ සිංදුව ඇතුලේ හැංගිච්ච සැබෑම කඳුළු කතාව.  




දෙව් මැදුරේ පියගැටපෙල නගින යෙහෙළියේ
ඔබ දිනූව රත්තරන් ලොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

පූජාසනෙන් නැගූ දෙව් යාතිකා පවා

රැව්දේවි ඉවසන්න බෑ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි

සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම්
බිදුනේද අදහන්න බෑ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි


හැම කතාවෙම වගේ මේ කතාවෙත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වෙලා ඉන්න සීන් එකක්.එහෙම ඉද්දි ගෙවල් දෙකෙන්ම බකට් එක ඇද්දා. කෙල්ලට කිසි චාරයක් නෑ අරකය මේකය කියලා කොල්ලගෙන් පැත්තෙන් කියනවා. කොල්ලට තාම රස්සාවක් නෑ ගෙයක් දොරක් නෑ ආදී පොදු කාරනා තමා කෙල්ලගේ පැත්තට තියන සීන් එක.

කියන්න අමතක උනානේ කොල්ලා සමන්ත කෙල්ල ගීතිකා. ඉතින් මේ බකට් වැඩේට කරන්න දෙයක් නැතිම තැන සමන්තයි ගීතිකයි කතා වෙලා ඔය අදෘශ්‍යමාන බලවේගයකින්වත් පොඩි සපෝර්ට් එකක් ගන්න ඕනේ කියලා හිතලා ගියා ලඟම තියන දේවාලෙට.වෙනකොහෙවත් නෙවෙයි ගාල්තැන්නේ දේවාලේට.



දෙන්නගේ ප්‍රශ්නේ බලපු කපු මහත්තය(ද?)ත් හත් දවසක් දේවාලෙට ඇවිත් පූජාවක් කරන්න කියලා දෙන්නට නියම කරා.සමහර දවසට ගීතිකාට විතරක් ඇවිත් පුජාව තියන්න කිව්වා.අනේ ඒත් කොල්ලගේ අවාසනාවක/වාසනාවක මහත දවස් හත ගෙවෙද්දි මේ මායම්  හැට හතර නොදන්නා කෙල්ල,කොල්ලව සීන් එකෙන් අයින් කරලා/අමතක කරලා දාලා අර දේවාලේ කපුවා එක්ක සැට් උනා. සැට් උනා නම් විතරක් මදෑ කොහොමහරි කසාදත් බැඳ ගත්තා.දැන් සමන්තට හුළං... 

ඒත් සමන්ත කොල්ලට මේ කෙල්ලව අමතක කරන්නම බෑ.මොකද තමන්ගේ අකලංක පිවිතුරු ප්‍රේමය නේ.ඉතින් කොල්ලත් මාසෙකට දෙකකට පාරක් විතර දේවාලෙට පොල් ගහන්න එන මනුස්සයෙක් වගේ වෙස් වලාන එනවා මේ ගීතිකාව බලන්න. ඒ ආපු වෙලාවක සමන්තගේ හිතේ ඇදුන සිතුවිලි තමා මේ ගීතයෙන් කියවෙන්නේ.

පද පේළියත් එක්ක අර්ථනය බලන්න එතකොට හරියටම තේරේවි

දෙව් මැදුරේ පියගැටපෙල නගින යෙහෙළියේ

ඔබ දිනූව රත්තරන් ලොවේ


සමන්ත එද්දි ගීතිකා දේවාලේ උඩ තට්ටුවට යනවා පඩි පෙල දිගේ, එතකොට සමන්තට හිතෙනවා උඹ කෝම හරි මායම් දාලා අර රත්තරන් ඇගේ පොරවගෙන ඉන්න කපුවාව යාළුකරගත්තානේ නේද කියලා. මනුස්සයා කරේ විතරක් මෙච්චර රත්තරන් දාන් ඉන්නවා නම් අනික් තැන් වල (ඒ කියන්නේ සේප්පු වල එහෙම) ලෝකේම රත්තරන් දාන් ඇතිනේ. කපුවා යාළු කරගත්තා කියන්නේ ඒ රත්තරන් ලොකේ ඔක්කොම ගීතිකාගේ කියන එකනේ.එහෙමත් නැත්තන් හිතන්නකෝ තනි රත්තරනින් හදපු ගෝල්ඩන් ග්ලෝබ් සම්මානේ වගේ තනි රත්තරන් පොරවාගෙන ඉන්න ලෝකයෙක් කසාද බඳින්න ලැබුනා කියන්නේ.රත්තරන් ලොවේ කියන්නේ ආයේ දෙකක් අර බෙල්ල පාත් වෙන්න මාල දමා ගත්ත කපු මහත්තයම තමයි.   

මම වේදනා සුසුම් ලගින් ඉදන්

මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

අනේ ගීතිකා උඩ තට්ටුවට ගියේ නිකන්ම නෙමේ ඒ දවස් වල ජනප්‍රිය ආදර ගීතයකුත් මුමුණ මුමුණ. එතකොට සමන්තට හිතෙනවා අනේ බොල වරෙත්තු ගීතිකෝ මම මේ හූල්ල හූල්ල පොලවේ පස් කකා  ඉද්දි උඹ ලව් සිංදු කිය කිය කොමල පපා නේ යන ගමනත් යන්නේ කියලා. 


පූජාසනෙන් නැගූ දෙව් යාතිකා පවා

රැව්දේවි ඉවසන්න බෑ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි

ඔය අතරේ දේවාලේ යාතිකාව පටන් ගත්තා. දැන් සමන්තට ඒ යාතිකා සද්දේ ඇහෙනවා. යාතිකා දෙවියන්ට උනාට කියන්නේ කපුවනේ. ඉතින් කපුවගේ කටහඩ ඇහෙද්දි සමන්ත නෙමේ අපි උනත් කෝම ඉවසන්නද අප්පා. තමන්ගේ ප්‍රාණ සම කෙල්ලව උස්සපු එකාගේ කටහඩනේ. කෝම ඉවසගෙන ඉන්නද අප්පා අද නම් ඕකට දෙනවා බැටේ කියලා හිතෙනවා. ඒත් ඒ එක්කම මතක් වෙනවා මොනවා උනත් මේ ගීතිකාගේ මනුස්සයා නේද කියලා.මෙහෙම ප්‍රශ්නයක් එනවා ඇති කට්ටියට දැන් මේ දෙවිදුන්ගේ මනමාලියයි කියන වචනේ ගැන.ඒ මොකද කියනවනම් දෙවියනේ ගීතිකාගේ මනුස්සයා කපුවා නේ.


අහල තියනවා ඇති පරණ සින්දුවක් තියනවා පලංචියේ නැත දෙවියෝ කියලා.ඒ සිංදුව ඉවර වෙන්නේ "මේ දෙවොලේ මං දෙයියෝ" කියන වචන ටිකෙන්.දෙවියෙක් නැති දේවාලෙක කපුවමයි දෙවියෝ කියලා 
තමයි ඒ සින්දුවෙන් කියවෙන්නේ.අපිට ඒකෙන් ඔප්පු වෙනවා ගාල්තැන්නේ දේවාලේ දෙයියෙක් නෑ කපු මහත්තයම තමයි දෙයියෝ කියලා...ඔව් ඔව් ඒ වෙලාවට අනේ මගේ දෙයියෝ මාව දිව්‍ය ලෝකෙට අරන් යන්න කියලා ගීතිකා කියනවා ඇති ඇයි අවුල්ද?  

සුදු සේලයෙන් වැසේ අප ආදරේ පැතුම්

බිදුනේද අදහන්න බෑ
ඔබ දෙවිදුන්ගේ මනමාලියයි

මේන්න දැන් තමා සිංදුවේ මොරාල් එක හම්බ වෙන්නේ



සමන්ත ගීතිකාව ආරක්ෂා කෙරුවේ හරියට සුදු රෙද්දක් වගේ. දන්නවනේ ඔය සුදු රෙදි අත පොඩ්ඩක් ගෑවුනත් කුණු ගෑවිලා කිලිටි වෙනවානේ. ඉතින් සමන්ත ඒ හින්දා සෑහෙන පරිස්සමින් තමා මේ ගීතිකා කෙලීව ආස්‍රය කලේ. ඒත් ඉතින් වටේ පිටේ උන්නම් කිව්වා පුතෝ ඔහොම ගියොත් නම් බොට ලගදිම වැඩේ හරි යයි කියලා.කිව්වත් වගේ ඒ සුදු රෙද්දේ ජපන් කොඩිය ගැහුවේ වෙන එකෙක්.

සමන්තට තාමත් අදහගන්න බැරි උනා අන්තිමේ උන් කියපු දේ නේද උනේ. උඹ මට සපත්තුව දීලා මේ ගාල්තැන්නේ දෙයියගේ මනමාලි උනා නේද කියලා.අනේ මමත් කලින්ම වැඩ ඇල්ලුවා නම් මේ මොකුත් නෑ නේ කියල.


හ්ම්ම්ම්ම්ම්.....ඔබ දෙවිදුන්ගේ මනමාලියයි






මුල් අදහස - හින්චියා 
Comments
32 Comments

32 comments:

  1. හා හා හා හා හා හා හා හා හා :D
    අද කාලේ සත්‍ය ප්‍රේමයේ තැන තමා... :D
    යුක්ති අ.පේලිය

    ReplyDelete
    Replies
    1. සත්‍ය ප්‍රේමය තැන තමයි..ඉතින්...එක්කෝ ඕනේ නෑ.. ;)

      Delete
  2. අඩෙ දෑන් නෙ වෑඩෙ තෙරුනේ.සුපිරි

    ReplyDelete
    Replies
    1. අර කඩයක් කරන්න්න ගිය මනුස්සයගෙ සින්දුවෙත් කතාව නෑද්ද(ඔබ ඈයි ප්‍රියෙ කඩ කෙරුවෙ )

      Delete
    2. මම අලුතෙන් කැටගරියක් ඇරියා ආතල් කියලා..ඒකට මේ වගේ ඒවා දානවා...

      Delete
  3. අයියෝ සල්ලි.... සත්‍ය ප්‍රේමය :D

    ReplyDelete
  4. මචං අරයකා‍ගේ පොටෝ එක අයින් කොරහං බලහන්කෝ එකේ කැත, යකෙක් වගේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.....

      Delete
    2. ඒකාව අයින් කොරලා කෝමද...ඒක නිකන් ප්‍රිඩේටර් නැතුව ප්‍රිඩේටර් ෆිල්ම් එක ගැහුවා වගේ වැඩක් නේ

      Delete
  5. හැක හැක.බොක්කෙන් ලව් කරන්න ගියාම ඔහොම වෙනවා :v

    ReplyDelete
    Replies
    1. නැතුව...පිවිතුරු හිතින් කොරොත් ඔහොම්මමයි....

      Delete
  6. හය්යෝ ... ඕයි මෙහෙම අපරාද කරන්න එපා..... අර ගීතිකා කෙල්ල දැන් රත්තරන් කනව බොනව විතරක් නෙවෙයි රෙ** ඇත්තෙත් රත්තරන්

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා...කොහොම එල්ලං ඉන්නවද මන්දා?

      Delete
  7. මෙහෙම කිව්වා නම් ඕන ගොනෙකුට තේරෙනෙවා නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ..........???????????????????????

      Delete
  8. පොටෝවේ ඉන්නේ යහලත්තැන්නේ ස්වර්ණමහල් නේද බං.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....පෙන්නේ නැද්ද දිලිසෙන දිලිසිල්ල....

      Delete
  9. සිරාවටම මේක ඇත්ත කතාවක්ද? මම හිතන් හිටියේ සිස්ටර් කෙනෙක් උන කෙනෙකුට කියපු කතාවක් කියලා. මොකද එයාලට තමයි දෙවිදුන්ගේ මනමාලිය කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ සිංදුව ගැන ලොකු කතිකාවක් ගියා.අර්ථ ගොඩක් තියනවා.මේ සිංදුව අර්ථ රසයට වැඩිය ශබ්ද රසය ඉස්මතු වෙන විදියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ..අර වෙච්ච කතිකාවේදී = තමයි හින්චියා විසින් විනෝදය පිණිස මේ අදහස ගෙනාවේ...මම ඒකට ලුණු ඇඹුල් දාලා වැඩි දියුණු කරා....

      Delete
  10. අයියෝ රත්තරන්....... මානවකයෝ....හිනාවෙලා පණ ගියා බං.

    සෝමක්කා එදා පාටියට දෙයියට එන්න කිව්වේ නැද්ද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. අහ්හ්...සෝමක්කා ගේ ෆිට්

      Delete
  11. අයියො තේරෙන සිංහලෙන් කියල තියෙන්නෙ දැන්නෙ. මෙහෙම කිව්වනම් තේරෙනවනෙ අච්චර අඩන්නෙ නැතුව.

    හිනවෙලා හිනාවෙලා සෑහෙන අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේ ගොල්ලෝ හොඳයි..දැන් ඉන්න ගායකයෝ අපිටත් වැඩිය අඬනවා නේ .

      Delete
  12. මටත් මේ ළඟදි ඔය සින්දුව ඇහිලා කල්පනා කළා ලවු එකක් කේස් උනාම ගිහින් රිංගන්නද පන්සල් පල්ලි කෝවිල් තියෙන්‌ෙන් කියලා.. මහ බොරු වැඩ.. මට නං එහෙම උනොත් දෙයියොත් එපා වෙයි... ( කොහොමත් මට දෙයියො ඕනෙ වෙලා නෑ මෙච්චර කාලෙකට...)

    මානවකයා මේකට අමුතුම අර්ථකතනයක් දීලා තියෙන්‌ෙන්... හි හි....

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක හොඳයි නේ...

      Delete
  13. රත්තරං වලට අකුණු අදිනවාලු නේද...? මල මගුලයි ඕවා පොරවාගෙන හිටියා වගේ නෙමෙයි.


    තව සමන්තලා කීයක් තමන්ගේ ගීතිකාලා බලන්න දෙව් මැදුරට එනවද නා නෑ :v :v :v

    අනේ "මානේ" තව සින්දුවක කතාවක් ලියන්ඩකෝ :D

    ReplyDelete
    Replies
    1. දෙනවා..දෙනවා...ලගදීම දෙනවා....

      Delete
  14. හරි අපූරු ගිත විමසුම. බලන් ගියාම මේ විදියත් හරි.

    ReplyDelete
    Replies
    1. අලුත් කැටගරියක් ඇරලා මේ වගේ සිංදු වල තේරුම දාන්න ඕනේ...

      Delete

හිතුනේ මොනවද?