බුකියේ මං

12 බඹර කඩිනම 18+

ජීවිතේ කියන්නේ වචන..ඔව් බහුතරයක් වචන වලින් පිරිච්ච භාජනයක් වගේ.. පොරොන්දු.. ආයාචනා.. සිතුවිලි.. මට හැමදාම හිතුන දෙයක් තමයි අපි වෙන පොරොන්දු වලින්  කොච්චරක් ප්‍රායෝගිකව අපිට ඉටු කරන්න පුලුවන්ද කියන එක.. සමහර විට අසරණ කම නැත්තන් කපටි කම.. (බොහෝවිට කපටි කම).. ජීවිතේ ප්‍රායෝගික සිද්දියක් අඩු වචන ප්‍රමාණයකින් නිර්මාණයක් විදියට ප්‍රති නිර්මාණය කරන්නේ කොහොමද කියලා..අඩු වචන ගානක් කිව්වේ ජීවිතේ පිරිලා තියන බොහොමයක් හිස් වචන වලින් මම හෙම්බත් වෙලා හින්දා..කවි ලියන්නේ නැති උනත් විශේෂ හේතුවක් නිසා ලිව්වේ.. ඒක බලන්න පහලටම යන්න.. 


පාලුවෙන් පිරි රැයක් ගෙවිලා තවත් දිනකට එලි උනා 
පුරුද්දට මල් සිඹින්නට එන බමර සැණකෙළි ඇරඹුණා 

හැමදාම  මල්  ඉඳුල් කරනා බමර යාමය එලැඹුනා
සුවඳ ඇති මුත් නොපිපි කැකුලක් මලක් වෙන්නට සැරසුණා   

කිතිකැවෙන මිහිරක් සොයාගෙන හෙමින් මීදුම් සළු උනා 
තවත් කුසුමක් ගැහෙන හිතකින් බමර තුඩකට ගුලි වුනා 

සුමුදු මුදු පෙති සිඹින තාලෙට සුවඳ මල් පැණි වැහුණා 
බමර තුඩ මල් කෙමියේ ගැටුනම මලෙන් ගුම් නද නික්මුණා 

පිරිමි කඳුලක් ඉතිරි කරලම බඹර කඩිනම නැවතුනා 
කවද හෝ සුපිපෙන්න කල් බැලු සොඳුරු කැකුලක් පිබිදුණා 


ඔන්න...100 ක් ගැහුවා මමත්..
Comments
12 Comments

12 comments:

  1. සුපැතුම්... දිගටම ලියන්න..

    ReplyDelete
  2. එල එල දිගටම දිගටම ලියන්න...

    ReplyDelete
  3. කවියා ආපහු ඇවිත් :)

    ReplyDelete
  4. එල එල ,පට්ටයි,සුපිරියි අරකයි මේකයි කියනවට වඩා වෙන කියන්න දේවල් මේකේ ඉන්න උන්ට ඇත්තෙම නැද්ද?

    ReplyDelete
  5. //පිරිමි කඳුලක් ඉතිරි කරලම බඹර කඩිනම නැවතුනා //
    මොකක් හරි අමුතු කතාවක් නෙහ්හ්??

    ReplyDelete
  6. සුබ පැතුම් සහෝදරයා........

    ReplyDelete
  7. මචං ඔන්න මම කිව්ව දේ වෙලා (Anonymous comment එක​)

    වචන වල මතුපිට තේරුමට එහා හිතන්නෙ නැති, හිතන්න දන්නෙ නැති අයට මෙහෙම කවි කියල මොකටද​

    උඹ ලියන දේවල් වලට මම කොහොමත් කැමතියි, හැම නිර්මාණයක් ම රසට ඉදිරිපත් කරන්න උඹ දන්නවා.

    100ට සුභ පැතුම්!

    ReplyDelete
  8. 100ට සුභ පැතුම් අයියේ..

    ReplyDelete
  9. සැන්චරියට සුභ පැතුම්..

    වැඩි වැඩියෙන් ලියවේවා.. මොකද උඹ ලියන ඒවා අපූරුයි.. :)

    ජය !

    ReplyDelete
  10. සුබ පැතුම්!!

    100ක් ගැහුවා කිව්වේ ගල්ද පොල්ද මැන්ඩිස්ද?

    ReplyDelete
  11. 100ට සුභ පැතුම්.....!
    //පිරිමි කඳුලක් ඉතිරි කරලම බඹර කඩිනම නැවතුනා // විදේශාධාර ඕනවෙයි වගේ...............

    ReplyDelete

හිතුනේ මොනවද?