බුකියේ මං

5 කුළුඳුල් කවිය

මේ පොස්ට් එක ලියන්න මුල් උනේ මම දන්නා කියන කෙනෙක්ගේ  බුකියේ ස්ටේටස් දැකලා.මම ඉතින් එවලේම චැට් එකක් දාල ඇහුවා මේ ස්ටේටස් ගැන.කතාවක් විදියට විස්තර කරනවට වැඩ දෙබසකින්ම විස්තර කරන එක ලස්සන වෙයි කියලා හිතිච්ච හින්ද බුකියේ චැට් එක ඒ ආකාරයෙන්ම උපුටා දක්වනවා.   



මමWhen 
         One Dream is 
         Achieved.... 
         You have 
         to See 
         Another Dream .. 
         Not 
         When Your Asleep 
         but When Your 
        Awake


        මේක ඔයාගෙද ?


එයා-  මම ටිකක්  එඩිට්  කලා


මම - මේක කවියක් නේ ..............


එයා- මන් දන්නේ නා , මාස්ටර්ස්   ක්ලාස්    එකේ  ලෙක්චර්   කෙනෙක්   කිව්ව් කතාවක්.මම  ටිකක්  එඩිට්  කලා


මම - එක කවියක්


එයා- එහෙනම්  එක  වෙන්න  ඇති  එයා  කියන්න  ඇත්තේ


මම - ඔයා ලියපු එක තමා කවිය...


එයා- එක  මම  ලීව  එකක්  නෙමෙයි


මම - ඔය වෙනස් කරපු ඒකෙන තමයි එක කවියක් වෙන්නේ
        අදහස වෙන කෙනෙක් ගේ හැබැයි වචන ගැලපුවේ ඔයා නේ ...
        දෙයක් කතාවක් හෝ කවියක් වෙන්නේ එකේ වචන ගලපන   විදියට නෙවෙයිද?


එයා- දන්නේ  නෑ  


ඔන්න ඔය විදියට ඒ සංවාදය ඉවර උනා.....හැබැයි මම සටහන ඉවර කරන්න හිතුවේ නෑ තාම.කවියක් කවියක් වෙන්නේ කොහොමද කියලා සහ කතාවක් කවියක් කරන්නේ කොහොමද කියලා පුංචි විස්තරයක් කරන්නම් මම .


"එක  මම  ලීව  එකක්  නෙමෙයි "
මේක  කතාවක් වචන ටිකක් .හැබැයි මේකේ වචන එහාට මෙහාට කරලා කවියක් කරන්න පුළුවන්


මම ලිව්ව එකක් නෙමෙයි ඒක........


අපි ඒ වචන ටිකට තව ටිකක් එකතු කරලා කවියක් කරොත්..


හිතේ තිබුනට සහසක් සිතුවිලි
කවියක් කරන්නේ කොහොමද?
මොකද
මගේ ජීවිත කවියත්
මම ලිව්ව එකක් නෙමෙයි ඒක........


අන්තිමට කියනවා නම් අලුත් කවියෙකුට උපහාරයක් පිණිස මේ පොස්ට් එක ලියන්න හිතුනා.ඔරිජිනල් කවියේ මගේ සිංහල වර්ෂන් එකත් මම දාන්නම්.


සැබෑ උනාම
එකක්
බලන්න තව 
හීනයක්
හැබැයි 
නින්දෙන් නෙවෙයි
හැබැහින්

ප.ලි - කෙනෙක්ගේ කුළුඳුල් කවියක් දකින කෙනෙකුට ඇතිවන සතුට ආඩම්බරය.එක හරි අමුතුයි.කෝකටත් කවි ලියන්න හිතන් ඉන්න අය මේකත් කියවන්න. කවි හිත  
Comments
5 Comments

5 comments:

  1. මොනා වුනත් උඹනම් පට්ට කවි කාරයෙක්. මැක්සා ටැලන්ට් එකක් තියෙන්නේ :)

    ReplyDelete
  2. කවි ලියන්න හැමෝටම බැහැ
    කවි අහන්න හැමෝටම බැහැ
    කවි රසවිදින්න හැමෝටම බැහැ

    ඇයි මේ දෙපාරක් අහනවා කියන එකයි රසවිදිනවා කියන් එකයි දාලා තියෙන්නේ? දෙකම එකනේ?
    ඔබට එහෙම නොහිතුනානම් තමා පුදුම
    නමුත් හුගක් අය කවි කියවනවා විතරයි හුගක් අයට කවි රසවිදින්න තේරෙන්නේ නැහැ
    හොදට මතක තියාගන්න කවි කියවීමයි රසවිදීමයි දෙකක් කියලා යාලුවනේ......

    ReplyDelete
  3. ජීවිතේ දුක
    සතුට හෙමිහිට
    අකුරු කරලා
    ගොතන කවියට
    සවිය දෙන්නට
    ඇවිත් මෙලෙසට
    සමරුවක් ලෙස
    තබමි මෙලෙසින

    හැම පෝස්ට් එකක් වගේම මම බැලුව.ගොඩක් ලස්සනයි අදහස්...

    ReplyDelete
  4. කෙටි වුනත් අපුරු කවි සිතුවිල්ල. ගැඹුරු අදහසක් ගේනවා.
    අගය කළ යුතු කවි හිතක්.

    ReplyDelete
  5. කාටත්ම බොහොමත්ම ඉස්තුතියි....

    ReplyDelete

හිතුනේ මොනවද?