බුකියේ මං

5 අකුරු

ලංකාවේ A/C බස්රථ රියදුරන්ට පින්සිද්ද වෙන්න ඉක්මන් පැය පහ හමාරකින් මමත් ගෙදරට සැපත් උනා.මේසයක් පුරවලා කැවිලි පෙවිලි නානාප්‍රකාර දේවල් තිබුනට ඒවා හෙට උදේ වෙනකන් කන්න අකැප හින්ද එහෙන් මෙහෙන් බත් කටවල් දෙකක් බඩට දාගෙන මමත් ඉතින් නිදාගන්න ගියා.මොන නින්දක්ද විකාර වෙච්ච පැය දෙකකට විතර පස්සේ නිදි දෙව්දුව එයාගේ මොකක්ද එක ඇතුලට මාව අරගත්තා.වෙලාව 3 ට විතර.ඔන්න මම නිදි ....


 "ගමේ හිටි දක්ෂ ප්‍රවීණ සර්වාංග වෛද්‍යවරයකු වූ උක්කුබණ්ඩා දිසානායක වෙද මහත්තයා ඔහුගේ පියා. අම්මා උඳුගොඩ ගෙදර මුතු මැණිකේ. ඈ රැකියාවක් කළේ නැතත් කාලේ හැටියට දැන උගත්කමින් පිරිපුන්ව සිටියා. හිසතෙල් ගාන අවුරුදු දා උපන් මේ පින්වත් පුත්‍රයාගේ හිසේ එදාම හිසතෙල් ගෑවේ අප්පච්චිමයි. ගමේ හැමදෙනාම අවුරුද්දට හිස තෙල් ගාන්න එකතු වුණේ වෙද මහත්තයා ගේ ගෙදරට නිසා ඒකට අමුතු මංගල්ලයක් ගන්න වෙද මහත්තයාට සිද්ධ වුණේ නෑ.
 ජයරත්නට අකුරු කියෙව්වේ අප්පච්චි. පන්සල බොහොම සමීපයෙන් පිහිටි නිසා පුංචි ජයරත්න නිතරම ගැවසුණේ පන්සලේමයි. පසු කාලෙක බණ දහමට බොදු සංස්කෘතියට ඔහු බෙහෙවින් ඇලුම් කළේත් ගමයි පන්සලයි ගැමි හැදියාවයි ගැන නිතර ලියන්ට කියන්ට පෙළඹුණේත් පුංචි කාලේ ඔහු ලැබූ මේ පන්සල් ඇසුර නිසා බවයි මහාචාර්යතුමා අද පවසන්නේ."


  ජේ.බි දිසානායක අප්‍රේල් 15 සිළුමිණ


 “එදා මුතියංගණ පන්සලේ වැඩ සිටි අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභිකයෙකු වූ යටවත්තේ ධම්මච්චන හාමුදුරුවෝ තමයි මට මේ මහාබෝධිය යට දී අකුරු කියෙව්වේ. මම “අ” යන්න කියලා නෑ. හාමුදුරුවෝ තමයි “අ” යන්න කිව්වේ. මම “ල” යන්න කියලා “අල” කියලා තියෙනවා. හා හොඳ පුතා. දැන් ඊ ළඟට... එක මම... දෙක... කිව්වා "


සරත් චන්ද්‍රසිරි විතාන පෙබරවාරි 06 දිනමිණ 


"අපේ තාත්තා සමාජශීලී පුද්ගලයෙක් ඒ වගේමයි අපේ සීයත්.සීය ගොඩක් කලාකාමී පුද්ගලයෙක් කවි කතා වගේම ජීවිතය ගැන ගොඩක් ලොකු අත්දැකීම් තිබුන.අපේ තාත්තට අකුරු කියවාල තිබුනේ අපේ සීය.තාත්තත් චිත්‍ර ශිල්පයට වගේම ප්‍රචාරණ කලාවට යම් දක්ෂකමක් දැක්කුව.අපේ තාත්තාට වගේම අපේ බාප්පටත් අකුරු කියවල තිබුනේ සීය.මට මතක ඇති කාලයක ඉඳන් ඇත්තටම කිව්වොත් මම ඉපදෙන්න කලින් ඉඳන්ම අපේ බාප්පා ගෙදරින් ටිකක් ඈත් වෙලා හිටියේ ගෙදර අවෙත් හරිම කලාතුරකින්. ඒ ගෙදර ආවත් එයාගේ කාමරේට රිංගගෙන ඒ දවස් වල ප්‍රසිද්ද වෙලා තිබුන ෆේස්බුක් කියන මිතුරු ජාලෙට මූන ඔබන් ඉන්න එකයි එයාගේ මහා ලොකු කියල හිතන් හිටිය බ්ලොග් එකද මොකක්ද එකේ එක එක සුකුරුත්තන් වැඩ කරන එක තමයි කරේ. බාප්පාටත් පොඩි පොඩි කවි එහෙම ලියන්න හැකියාව තිබුන.බාප්පා ගැන කියනවනම් හැමදේම ටික ටික දැනගෙන හිටිය  අච්චාරු චරිතයක්.මට අකුරු කියවල තියෙන්නෙත් මගේ බාප්පා."


අපේ අය්යාගේ පුතා අනාගතයේ දවසක. 



චූටි නැගිටින්න කියන අය්යාගේ ඝන්ටාර සද්දෙට තමයි මම ඇහැරුනේ.නිදිමතේම ඇහුවා මම මොකක්ද  ඕයි මේ මල වදේ උදේ පාන්දර කියල.අන්න තාත්තා තමුසෙට හදිස්සියකට එන්න කියනවා කියල.මමත් ඉතින් නිදි මත කප්පරක් වැක්කෙරෙන  මුනෙන්ම ගිය පහළට.  


තාත්තා :- ටක්ගාල ගිහින් නාල ඇවිත් අලුත් ඇඳුමක් ඇදගන්නවා. 
මම  :- මොන වරදක් කරාටද මේ උදේ මට නාන්න කියන්නේ.... 
තාත්තා :- දරුවට අකුරු කියවනවා කියල දන්නේ නැද්ද? 
මම  :- ඉතින් මම..???????
තාත්තා :- තෝ තමයි කියවන්නේ ......
මම  :- තාත්තට පොඩි එකා ගැන දුක නැද්ද අම්මප.මම වගේ එකෙකුට කියල අකුරු කියවන්නේ......
තාත්තා :- හ්ම්ම්ම්ම්!!!!!!!!!!!!!!!!   



අමුතුම අත්දැකීමක්.මන් වගේ පොරකට කාලෙකට ලබා ගන්න බැරි.හිතාගන්න බෑ.කොහොමෙන් කොහොම හරි නැකත් වෙලාවත් ලං උනා කියමුකෝ.මම හරියටම 8.44 ට හෝඩිපොතත් දිග ඇරලා  අ අකුර උඩින් ඇගිල්ල තියල පුතේ මේ අයන්න අයන්න කියා කියා හිටියා.තෙරුවන් සරණයි දරුවට.මේ යෝදයා පුරුදු වෙලා හිටියා වගේ හරියටම 8.45 ටම කියපි අයන්න කියල.කාටත් සන්තෝසයි.වැඩි පුර මට ..මොකද මම හිතුවෙම මගේ කෝඩයක් වත් වැදිලා වැඩෙ අල වෙයි කියල.ඊට පස්සේ ආ යන්න කියවන්න ට්‍රය් කරට පොඩි එක කියන්නෙම හරි යන්නේ නෑ කියල කොහෙන් ඉගෙන ගත්ත වචනයක්ද මන්ද?ඊට පස්සේ මම වැඩෙ අතැරලා දැම්ම පොඩි එකත් තමන්ට ලැබුන චිත්‍ර පොත් වලට අවදානය යොමු කරා.පැස්ටල් එහෙම එලියට ගත්තේ පැස්ටල්පෙට්ටිය ඉරලා.මුළු බිම සහ බිත්තිම තමන්ගේ චිත්‍ර පොත කරගෙන , මම මේක කොටන වෙලාවෙත් ගොඩක් කාර්ය බහුල ලෙස  කොල්ලා චිත්‍ර අදිනවා.




ප.ලි 
පුතේ ඔයාගේ තාත්තට (ඒ කියන්නේ මගේ ඔලමොට්ටල අය්යට) සහ ඔයාගේ වචන වලින් කියනවනම් ඔයාගේ බාපිට ඔයා අකුරු සාත්තරෙන් කිසිම වගතුවක් උනේ නෑ.හැමදාම අකුරු ඉස්සරහ අසරණ උනා එක විතරයි උනේ.දන්නවා ඔයා අපිට වැඩිය වෙනස්  කියලා.මොනවා උනත් පුතේ  බාපිට  ඔයා ගැන සතුටු වෙන්නයි  ඔයාට දවසක මට අර කල්ලතෝනියා අකුරු කියෙව්වා හින්ද තමයි වගතුවක් නැත්තේ කියන තැනට පත් නොවෙන්නයි හොදට ඉගෙන ගෙන හෙන පොරක් වෙන්න.ඔයාට බාපි වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ ඒක. 

Comments
5 Comments

5 comments:

  1. අනේ පව් පොඩි එකා.... :-))

    ReplyDelete
  2. සුට්ටි එකෙක් ට අකුරු කියවන්න මටත් ආසයි හිකිස්‌ :D

    ReplyDelete
  3. ඇත්තටම සිංහල සංස්කෘතියත් එක්ක බලද්දී නම් ඔයාට හම්බෙලා තියෙන්නේ වටිනාම අවස්ථාවක්.

    දරුවෙක්ට අකුරු කියවන්නේ දරුවාගේ සීයා, තාත්තා එහෙමත් නැත්නම් වැඩිහිටි ඥාතියෙක් ඒත් නැත්නම් ගුරුවරයෙක් හරි ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ.

    වැඩි වයසක් නැතිවුණත් ඒක ඔයාටත් ලැබිලානේ. කොහොම නමුත් කොල්ලා ඉගෙන ගත්තේ නැත්නම් හැංගෙන්න බලාගෙන ඉන්න :D

    ReplyDelete
  4. කොල්ල ලියනවා අත් දෙකෙන්ම එක දැන්...

    ReplyDelete
  5. හපොයි පොඩි ඒකා... පොඩි එකාට හොද අනාගතයක් පතනවා...
    ඒක නෙමේ... උඹට අකුරු කියෙව්වේ අර මුතුමිණ මාමා නේද?...

    ReplyDelete

හිතුනේ මොනවද?