බුකියේ මං

3 නුඹද?

මදුවිත හිත ටිකක් සැහැල්ලු කරපු වෙලාවක හැමතිස්සෙම හිත අස්සේ පෙරලි කරන කෙනෙක් මතක් උනා.නොදැනීම මතකය ගියේ මීට අවුරුදු 6 කට විතර කලින් මගේ යාලුවෙක් වෙච්ච සංජීවන් ගුණතිලක කියන එවකට ආධුනික නාට්‍ය කරුවා තමන්ගේ සමනලී කියන නාට්‍යට රචනා කරපු ගීයකට .ඒක අන්ධ ගිටාර් වාදකයෙක් වටා ගෙතුන කතාවක්.( අන්ධ ගිටාර් කාරයට හිටියේ මම ...හෆොයි ලංකාවේ නාට්‍ය වලට ගිය කලක්).මේකේ මුල් ගීය අම්ම ගැන කියවුන එකක් උනත් මගේ අතින් නැවත නිර්මාණයේදී ඒක ආදර ගීතයක් වෙලා.තමන්ට කවදාවත් ලැබෙන්නේ නැති කෙනෙක් ගැන කියනවා වගේ හැගීමක්  දැන් එකෙන් එනවා. වෙරි මරගාතේම ගිටාර් එකත් අරන් මිමිනුව.කියන්න බැරි සහනයක් දැනුනා හිතට.ඇත්තමයි අකුරු වලටත් හැගීම් තියනවා නේද ?   



නෑ දැනී
පහසක් 
සුවයක් 
සොඳුරු යයි 
කියනා 
මුදු ඇඟිලි 
තුඩුවක් 
වත පිරිමදින
පහසක් ........


නෑ පෙනී 
සිහිනෙකවත් 
නෙත නොදකිනා
සිතින් දකිනා
දෙව්දුවක්
දෙව්දුවකගේ දසුනක්......... 


මා වටා සුළඟක් 
ඇදී යනවිට හමා
පෙම් බඳිමි මම 
දැනෙන සුවඳට  
මේ මටත් වඩා
මට නොමැත 
තනියක්........

Comments
3 Comments

3 comments:

  1. මුල් කවියත්, පිළිතුරු කවියත් දෙකම ලස්සනයි ගොඩක්ම :)

    ReplyDelete
  2. මොකද වුණේ මේ නාට්‍යයට ???

    ReplyDelete
  3. අනිවා අකුරු වලට හැගීම්
    තියෙනවා...

    ReplyDelete

හිතුනේ මොනවද?