බුකියේ මං

18 ගබ්සාව සහ පිටස්තරයා


මම දන්නා කෙනෙක් ගැන මම නොදන්නා කෙනෙක් කියපු කතාවක් නිසා ඇතිවුන කලබල කාරී මානසික තත්වය නිසා මේ කෙටි සටහන තියන්න හිතුවා.ඔව් මේ පොස්ට් එකේ මාතෘකාව වගේමයි.එක අහපු වෙලේ මට හුස්ම ගන්න බැරි උනා වගේ උනා.මම තාමත් කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇයි මට එහෙම උනේ කියලා.මට තාම තේරුම් ගන්න බෑ ඇයි මම පිටස්තර පුද්ගලයන්ගේ දුකට මෙච්චර සංවේදී කියලා.පිට මිනිස්සුන්ගේ දුකට මගේ ඇස් වල කඳුළු උනන්නේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ. මම මේ ගබ්සාව නීති ගත කරන්න කියනවා කියලා වත් ඔහොම නොවෙන්න නිසි අධ්‍යාපනය දෙන්න කියලවත් හිතන්න එපා. නිදා ගන්නේ නැතුව කල්පනා කරපු දවස් දෙකකට පස්සේ .දැන් හිතට අවුලක් නැති උනත් මම මේ අමාරුවෙන් පෙළ ගස්සන්නේ ඒ වෙලාවේ පිටස්තර චරිතයක් විදියට මගේ හිතේ ඇතිවුන සිතුවිලි සමුදාය. 

දෙවියනේ දරුවෙක් නැති කරා කියන්නේ.ඒ අහිංසකය කරලා තිබුන වැරැද්ද මොකක්ද?.මොකක්ද උඹලට  තිබුන අයිතිය ජීවිතයක් නැති කරන්න.උඹලට ඇයි ඔය දරුවා හදාගන්න බැරි උනේ.උඹලට බඳින්න බැරි අවුලක් තිබුනේ නෑ නේ.අනික ඒකිගේ ගෙදර කිව්වා නම් අම්මල උනත් හොයල බලල බන්දලා දෙනවා නේද.උබලට කොහොමද බන් ඒ කාලකන්නි වැඩේ කරන්න හිත හදා ගන්න පුළුවන් උනේ.උඹල හිතනවද ඔය කරපු වැඩේ සුලුදෙයක් කියලා.උඹල කරේ මහාම මහා පවක්.එක උඹලට ජාති ජාතිත් පඩිසන් දෙනවා.


මම මවා ගත්තද? නෑ ඇත්තටම මගේ හිතේ මැවුනා උන් දෙන්නගේ මුනුවර තියන පොඩි එකෙක්ව.ඒ අම්මගේ ඇස් තාත්තගේ නහය.

මොනවා කරන්නද කාලකන්නි තොපි ට මැවුනේ නැද්ද යකුනේ එහෙම හීනයක්.මේ මොකුත් නොදන්නා මට මැවිච්ච තරම්වත්.හිතනවද කියන්න හිතනවද උඹල දෙන්නා ඔය මරණේ පව ඒ කාලකන්නි දොස්තරයට එනවා කියලා.නෑ එක ජාති ජාතිත් උබල දෙන්නා පස්සේ එනවා.දැන් තැවිල වැඩක් නෑ කියලා තේරෙනවද?.උඹලට කියන්න දෙයක් නෑ.අපරාදේ මගේ වචන.

ඊ ලඟට මට ඇති උනේ ලොකු අප්‍රසාදයක් ඇයි මේ පිට මිහිනෙක්ට මේ දේවල් කියන්නේ කියලා.සමහර අය ඉන්නවා පෙම් සම්බතාතාවයක් බිඳුනම ඒ තරහට පෙම්වතිය ගැන මේ වගේ දේවල් කියන එක.එත් මෙතන එහෙම දෙයක් නෙවෙයි තියෙන්නේ.විස්තරේ කියපු කෙනාගේ හිතේ තරහක් නෙවෙයි තිබුනේ.නැති වුන ආදරේ ගැන දුකක් විතරයි.සමහර විට පිහිටක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් කියන්න ඇති.ඒ කටහඩේ එහෙම ස්වරයකුත් තිබුණා වගේ මතකයි.මම නම් හිතන්නේ එහෙම උනත් තමන්ගේ පුද්ගලික දේවල් පිට අයට කියන්න එපා.මොකද එතකොට එකෙන් තමන්ගේ පෙම්වතියගේ චරිතෙට වෙන්නේ ලොකු කැළලක්.

මම තාම දන්නේ එක පාර්ශවයක කරුණු දැක්වීමක් විතරයි ඒ නිසා කාටවත් ඇගිල්ල දික් කරනන් බෑ.සබ්යත්වය කියන රාමුවේ කොටු වෙලා නිසා අනිත් පාර්ශවයෙන් මේ ගැන විමසීමක් කරන්නත් බෑ.

කොහොම උනත් මම අවංක මිනිහෙක් මම වෙනවා කියපු දෙයක් කවදාවත් නොවී තිබිල නෑ.එක අත්දැකීමෙන්ම දන්නවා.මම ප්‍රර්ථනා කරනවා....................!!!!

මේ කතාව ඇත්තනම් උඹලදෙන්නගේ බිඳුන හිත ආයෙත් සමගි වෙලා ජීවිතෙන් හංගලා දාපු ඒ කිරි සුවඳ උඹල දෙන්න මතින්ම අයෙත් ඇති වෙන්න කියලා.

මේ කතාව බොරුනම්...හ්ම්ම්ම් මම නිදි නැතිව හිටිය දවස් දෙකට වගේම මගේ හිත රිද්දුවට සහ මේ කියපු කාලකන්නි බොරුවට කියපු එකාට ජීවිතෙන් ඉබේම දඩුවම් ලැබෙන්න කියලා.  

මම හෙව්වා ගොඩක් මේ ගබ්සාව කියන කාලකන්නි ක්‍රියාදාමය ගැන.ගබ්සාවකින් පස්සේ ඉතුරු වෙන කිරිකැටියාගේ සිරුරු කොටස් වල මම දැක්ක පින්තුර තාම මගේ මනසේ හොල්මන් කරනවා වගේ.මම තව දුරටත් මේ ගබ්සාව කියන දේ ගැන හොයනකොට අහම්බෙන් බොහොම කාලයකට කලින් මේ වගේම කවියකට මම දාපු රිප්ලයි කවියක් දැක්ක එකත් මෙතනම දානවා.මට මේ ගැන කියන්න පුළුවන් සරලම විදිය කවිය නිසා.


අමතක නොවෙනා නෙත් පියෙනා තුරු….

අතීතයේ එකමත් එක මොහොතක….

ජීවිතයට ආ තව ජීවිතයක්….

එකම මොහොතකින් කල හැටි අමතක……..

ප.ලි - මේක සත්‍ය කතාවක්.

ප.ප.ලි  - මම හිතන්නේ නෑ සිද්දියේ දැක්වෙන එකම පාර්ශවයක් වත් මේක දකීවි මේ පොස්ට් එක කියවාවි කියලා.කොහොම උනත් උබලත් හිතපල්ලා මම ප්‍රර්ථනා කරපුව ඒ විදියටම වෙන්න කියලා



  
Comments
18 Comments

18 comments:

  1. මොනා කියන්නද කියලා හිතාගන්න බෑ...
    කිවුවත් වගේ අර පවනං අරුං පස්සෙ ජාති ජාතිත් එයි....

    ReplyDelete

  2. හාත් පස පුරා පවතී අන්දකාරය අතරින් දුටු රීදී රේඛාවක් දිහාවට මාව පාවෙලා
    ගියේ හරිම සැහැල්ලුවෙන් , මුළු ශරීරයටම පුදුමාකාර ශිසිලසක් දැනුනා හදවතේ සිතුවිලි
    ගංගාව මොහොතකට නතර වෙලා. චින්තනය යටපත් වෙලා . රක්ත වර්ණ කුහරයක්
    තුලට මාව ඇදිල ගියේ නග්න වූ මුළු ගතම නවමු හැගීමකින් පුපුදුවාලමින්.
    සිතුවිලි වලට මං පන පොවන්න උස්සහ කලා එත් එක හරියට කාන්තාරයේ සිසිලසක්
    සොයනවටත් වඩා අපහසු බව මට හැගුනත් මම උස්සාහය අත ඇරියේ නැ එත් යම්
    කිසි ශක්තියක් මගේ සිතුවිලි මෙන්ම ශරීරයත් පාලනය කරන බව මට දැනුනා.
    වෙනත් කලා යම් කිසි දෙයක් නොමෙති නිසාවෙන් මම ඒ මායාවට අවනත වුනේ
    තවත් බලාපොරොත්තු මා තුල නොතිබුණු නිසාමයි..



    කාලය අවකාශය පිලිබදව කිසිදු ගණනය කිරීමක් කලා නොහැකි එකී අන්දකාරය තුල දින සති මාස ගෙවී
    ගියත් මම ඒ පිලිබදව අවබෝදයෙන් තොර වුවේ එකී කාලය තුල මට පරිකල්පනය කල නොහැකි වූ නිසාමයි එත් කාලය ගෙවී යන බව සිත අද්දර කොදුරනු ලැබූ මිහිරි හඩකින් මට තුරුම් ගියා එත් ඒ මිහිරි හඩ මගේම
    සිතුවිල්ලක්ද නැතහොත් වෙනයම් ........................
    නේත්‍ර මානයට හසුවූ එකම රූපමය දර්ශනය කාල වර්ණය සහ වරින් වර දිදුලපු රිදී වර්ණයයි .
    එත් යම් කිසි වූ දිනයක සප්ත වර්න එකමුතුව සැදුනු වායුමය ද්‍රවනයක මා පාවෙන බවක් මට දැනුනා .
    ඔව් කුණාටුවක් මෙන් මා වටේටම නැවතත් ජීවත් වීමේ ආශාව, දකින්නට මනු ලොව, සිතුවිලි වලට පන ඇවිත්
    සප්ත වර්ණයන්ගෙන් ඉවත් වී මා මනු ලොව අවකාශය තුලට පාවී ආවා . දැන් මට උවමනා වුනේ මව් කුසක්
    දහසකුත් මනුක රුප තුල මට හිමි රුපය සොයන්නට වුනා එත් ඒ රුපය සොයන්නට මෙතරම් කාලයක් ගතවේ යයි මං කිසිවිටක නොසිතුවෙමි .
    අවසානයේදී ඒ රුපය ඔව් මට හමු වුනා......................



    රන් වන් ශරීරය , නිල්වන් දෙනෙත් , මන්කළු සිනහව , තවත් බොහෝ දේ .. ඒ තමයි මට හිමි මව් කුස .
    මම අවකාශය තුල පාවෙමින් ඇයට ආදරය කලා එත් තවත් කාලයක් මට ඇයගේ වීමට ඉවසන්න සිදුවුණා
    ඒ ගැබ් ගැනීමකට සුදුසු කාලයක් නොවූ නිසා . එකී කාලය තුල මම ඇය අසලම සිටියා කිසියම් බන්දනයකින් අපි බැදී තුබුණා.
    මම ඇය සමග කතා කරන්නට තැත් කලා නමුත් ඒ සියල්ලක්ම දිය මත ඇදී ඉරක් මෙන් මැකී ගියා.
    අවසානයේදී මගේ ලෝකයට වසන්තය කැදවමින් සුදුසු කාලය එලබුනා.
    අවකාශය තුල පාවෙමින් සිටි මා හට ඒ කුඩා කුටිය තුල සිටීමට මුලින් අපහසු වුවත් ටිකෙන් ටික එයට මා හැඩ ගැසී ඇති බව මට පසක් වුනා ....



    යලිත් ජීවිතය දකින්නට ආශාව ඔව් යලි හැබෑ වේවි .. ක්‍රමක් ක්‍රමයෙන් සෛල මා වටා පැතිරෙමින් මා ඇයගේම කොටසක් බවට පත් වුනා
    මම ඒ අදුරු කුටියේ බිත්තිය තුල ගිලි ගොස් එහි සිට වර්දනය වීමට පටන් ගත්ත. තවත් කාලයක් යන වීට මගේ හදවත හිමින් සැලෙනවා.
    කාලය තව තවත් ගෙවී ගියා මම දැන් ඒ අදුරු කුටිය තුල ඇත පා සොලවනවා . ඔව් මට දැන් යමක් අහන්නට පුළුවන් මම මගේ අම්මගේ හඩට අහුකම් දුන්නා


    මෙ මට දැනෙන විදිහ..............

    ReplyDelete
  3. gabsawak karala jeewithayak nathi karanawa kiyanne mulu jeewitha kaletama daruwek nathi wena pawak.me tharama upath palana widi tiyeddith oya wage paw karaganne ewa thaman karapu paw walata gewana wandi hinda wennati.lamayek ati wela e ahinsakayawa maranna kalin e widihe deyak athi nowenna wada kala nam iwarai.

    ReplyDelete
  4. කියන්න නම් ගොඩක් දේවල් හිතට ආවා නොකියා ඉන්නවා. ඒක හොදයි

    ReplyDelete
  5. ගබ්සාව පැවතිය යුතුයි ඒත් උපත් පාලන ක්‍රමයක් වශයෙන් නොවේ අනාගතයේදී කළලය නිසා මවට ජීවිත හානියක් හෝ බිහිවන දරුවා බිහිනොවිය යුතු තත්වයන් වලදී පමණි

    අපි ගබ්සාව ගැන කතාකලා මතකද ?

    http://robin-central.blogspot.com/2012/05/blog-post_10.html

    ReplyDelete
  6. සිදු වීම් දෙකක් මතක් වුණා. ඒ දෙක ගැනම ලියන්න ඕනා අදම.

    කලිනුත් මම ලියල තියනව ගබ්සාව ගැනම.
    මේ ඒකෙ ලින්ක් එක.
    http://lokayekonaka.blogspot.com/2012/04/blog-post.html

    මකුලු පැංචි ලිවුව එකක් මතක් වුණා. මේ ඒකෙ ලින්ක් එක
    http://makulupanchi.blogspot.com/2012/04/blog-post.html

    ReplyDelete
  7. මමත් ලඟදි ඔය ගැන ලිව්වා....

    මම තාමත් ඉන්නේ ගබ්සාව නීතිගතකල යුතුයි කියන තැන

    ReplyDelete
  8. මටනම් මොනම හේතුවකටවත් ඔය ගබ්සාව කියන දේ කරන එවුන් පේන්න බෑ..අම්මගේ ජීවිතේට තර්ජනයක් නැත්නම්...
    උන්ගේ පව් කාර කමට අහිංසක එවුන් දුක් විදිනවා..

    ReplyDelete
  9. මම හිතන්නේ ගබ්සාව කවුරුත් කැමැත්තකින් කරන්නදෙයක් නෙවෙයි...සමහර වෙලාවට මේක දෙන්නෙකුගේ ජීවිතේ පිළිබද අවසාන තීරණය..එක්කෝ දෙන්නම එකතු වෙනවද එහෙම නැත්නම් දෙන්නම මැරෙනවද කියන තත්වෙට එන්න පුළුවන් තැනක්....සමහර හේතු තියෙනවා කොච්චර ආදරේ කරත් ඒ අවස්ථාවේ දෙන්නට එකතු වෙන්න බැරි..ඒ වගේ හේතුවක් උඩ කාලය ලැබෙන තුරු මෙහෙම දෙයක් සමහර විට කරන්න වෙනවා කියන ඒකයි මගේ හැගීම...මොකද මේක මරණයත් ජීවිතයත් අතර ප්‍රශ්නයක්....

    ReplyDelete
  10. ගබ්සාව කියන දේ අනුමත කරන්නනම් බෑ.ඒක මහ පව්කාර කමක්.ඒත් මවගේ ජීවිතයට තර්ජනයක් හෝ කළලයේ වැඩීම් සම්බන්ධ ප්‍රශ්නයකදි ගබ්සාවක් සිදු කිරීම කල යුතුයි යන්න මගේ අදහස.

    ReplyDelete
  11. පණක් නසන්නට කිසි කෙනකුට අයිතියක් නැහැ කියන එකයිමගේ නම් විශ්වාසය. ඒ පන කාගේද කියන එකවත් වැදගත් නැහැ.. මේ ලෝකේ උපදින්න වගේම තමන්ගේ ආයුෂ ඉවරවෙනතුරු ජීවත්වෙන්න හැම ජීවියෙකුටම පරම අයිතියක් තියෙනවා. මනුස්ස සංහතිය එක කවදා තේරුම් ගනීද ?

    ReplyDelete
  12. මේ ලෝකේ ඔහොමත් පවුකාරයෝ ඉන්නවනේ බං :(

    ReplyDelete
  13. මොංගල් සහ අංගවිකල ළමයි ඉපදිය යුතු නෑ. එවැනි කලල ගබ්සා කළ යුතුයි.
    ගබ්සාව නීතිගත කරනවා යනු දතක් ගලවනවා වගේ සරළ වැඩක් නෙවෙයි. එය යම් නිශ්චිත නීතිමය රාමුවකට යටත්ව සිදුවන දෙයන්.

    මේ දිහා ආගමික ඇසකින් නෙවෙයි, විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක ඇසකින් බැලීමයි නිවැරදි.

    ReplyDelete
  14. දෙයක් වෙන්න කලින් ඒ ගැන හිතන්න ඕන!!!!!

    ReplyDelete
  15. යකෝ කරගන්න දෙයක් ඕව වෙන්නේ නැතුව කරා නම් හරි නේ උන්ගේ කුලප්පු නසන්න උන් මගුල් නටලා පොඩි එකාව ජාතක වෙන්නත් කලින් ඌව මරලා දානවා කියන්නේ මහා කාලකන්නි වැඩක් :/

    ReplyDelete
  16. කිසිත් නොකියමි.

    ReplyDelete
  17. මම හැමදාම මගෙ දොනිව නිදිකරවල එයාගේ මුන දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. ඒ හැම වෙලාවකදිම මට හිතෙන්නේ" මේ වගෙ ලස්සන ජීවිතයක්නේ මේලොකේ එලිය දකින්නත් කලින්ම අම්මයි තාත්තයි එකතුවෙලා මරලා එලියට ගන්නේ" කියලා. අබ්බ ගාතයෙක් හරි, අන්දයෙක් හරි එහෙමත් නැත්තම් ගොලුවෙක් වෙන්න පුලුවන්.. ඒත් දෙයියනේ ඒ ළමයෙක් නේද? එහෙම ලමයින්ව මරන්න දැන් නිත්යානුකූල අවසරපතක් දෙන්න සමහර ඇමතිවරු පොරකනවා. දෙයියනේ කොහොමද එහෙමදෙයක් කරනව තියා හිතන්නේවත්.

    ReplyDelete

හිතුනේ මොනවද?