බුකියේ මං

18 ලංකාවට අවේනික වාහන

උපාලි මැස්ඩා රථයක්   
ටොයෝටා H113 නැත්තන් නිසාන් FB 13 කියල වාහනයක් ගැන කිව්වොත් වාහන ගැන පර තෙරෙටම දන්නා අයට අමුත්තක් නැති උනත් සාමාන්‍ය අයට ඔලුව කර්පට් වෙන්න පුළුවන්.මොකද කියනවා නම් ඔය කිව්වා මොඩල් දෙකම ලංකාවේ ව්‍යවහාරේ නැති නිසා.හැබැයි ඔය මොඩල් දෙකේම වාහන ලංකාවේ ඕනෑම තැනක දකින්න පුළුවන් සුලභ මොඩල් දෙකක්.වැඩි කතා ඕනා නෑ බලන්නකෝ මේ වාහන දැකල තියනවද කියලා කොහේදී හරි.



රුක්මනී මොඩල් එක 
නිලි රැජින රුක්මනී දේවිය අනතුරට පත් වුයේ මෙම වර්ගයේ රථයක ගමන් ගන්න අතරතුරදීය.සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ පළමුවන මාදිලිය.(H10; 1967–1977)

ෂෙල් මොඩල් එක.
මෙම මාදිලියේ ෂෙල් එකක් නැත්තන් ඉදිරිපස ප්ලාස්ටික් හැඩ ගැන්වීමකින් පැමිණි පළමු මාදිලිය 1982 දී ටොයෝටා සමාගම විසින් ඉදිරිපත් කරන ලදී.(H50; 1982–1989)

ඩොල්ෆින් 
ලංකාවේ ප්‍රසිද්ධ මාදිලියකි.ඉදිරියට නෙරා පැමිණි ඉදිරිපස හැඩය නිසා මෙලෙස භාවිතා කරයි.මෙයත් සුප්‍රසිද්ද හයියේස් වර්ගයේ මාදිලියකි.(H100; 1989–2004)

ලොටෝ මොඩල් එක 
ලොටෝ ලොතරැයිය  විකිණීම සඳහා ලොතරැයි ආයතනය විසින් මුලින්ම යොදා ගැනීම හේතුවෙන් මෙම නම වැටී ඇත.

ජේ ආර් මොඩල් එක (ඩෙලිකා)
හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනයන්ගේ මුහුණට සම්මාන හෙයින් මෙලෙස නම් කරනු ලැබී ඇත.


බටු  ඩෙලිකා (ඩෙලිකා)
මෙම වර්ගයේ කුඩා හැඩය නිසා මෙම නම භාවිතාවේ.

අත්තනායක මොඩල් එක 
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරයන් "අත්තනායක" නමින් පෙනී සිටියදී භාවිතා කල ස්ටේෂන් වැගන් වර්ගයේ මාදිලිය මෙනමින් හැදින්වේ.

ලාන්සර් ඒ එස් පි (ASP) මොඩල් එක
සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිල වාහනය ලෙස රජයෙන් සපයන ලද ලාන්සර් මාදිලිය   

බේබි රෝසා 
මුලින්ම පැමිණි මාදිලි වලට වඩා හුරුබුහුටි වූ නිසා මෙම බස් රථ මාදිලිය මෙම නමින් හැදින්වේ

එල්ෆ් වඳුරු  මූන
මෙම මාදිලියේ මුහුණෙහි පෙනුම වඳුරෙකු සිහි ගන්වන බැවින්  මෙම නමින් හඳුන්වනු ලැබේ.

එල්ෆ් ටියුබ් ලයිට් මූන 
කුඩා රවුම් සහ හතරැස් ප්‍රධාන ලාම්පු හැඩයන්ගෙන් මිදී ඉසුසු සමගාම විසින් එලි දැක්වුණ මෙම මාදිලියේ දිගටි ප්‍රධාන ලාම්පු නිසා මෙම නම ලැබී ඇත.

එල්ෆ් සමනල  මූන   
මෙම මාදිලියේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු වල හැඩය සමනලයකුගේ හැඩයක් ගන්න නිසා මෙම නම භාවිතා කරයි.


නිසාන් ඩොක්ටර් සනී 
දොස්තර වරුන්ගේ වාහන බලපත් සඳහා බහුලව ගෙන්වනු ලැබූ සනී මාදිලිය FB13


නිසාන් සිංහ මූන
මෙමං මාදිලියේ පෙනුම සිංහයෙකු වැනි නිසා සිංහ මූන යයි හඳුන්වයි.


හිනෝ හිනා මූන 
සිනාසෙන මුඛයක් සිහිගන්වන ඉදිරිපස කළුපැහැති පටිය නිසා මෙයට මෙම නම ලැබී ඇත.


වොක්ස්වැගන් කනේ මයිල් මොඩල් එක 
පැරණි බීටල් මාදිලියේ මෝටර් රථවල අන්තිම කාලයේ නිෂ්පාදනය කෙරුණු රථවල දක්නට ලැබුන වායු ගතික නවීකරණයක් නිසා මෙම නම දී ඇත.

වොක්ස්වැගන් පිරිත් මණ්ඩප්ප මොඩල් එක 
මෙම මාදිලියේ කවුළු පිහිටා ඇති ආකාරය පෙනුමින් පිරිත් මණ්ඩප්පයකට සමාන නිසා මෙම නම භාවිත වේ.

වොක්ස්වැගන් සංස්ථා/රුපවාහිනි මොඩල් එක 
ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ මෙහෙයුම් සඳහා කලක් යොදා ගත් වොක්ස්වැගන් ට්‍රාන්ස්පොටර් රථ මාදිලිය මෙනමින් හැඳින්වේ. 

මොරිස් මයිනර් මුක්කන් මූන
මුල් පරම්පරාවේ මොරිස් මයිනර් රථය.ඉදිරිපස පෙනුම මෙම අන්වර්ථ නාමය යෙදීමට උපකාරී වී ඇත.
(මේකට අඹ යාළුවො මොඩල් එක කියලත් කියනවා.ඒ අඹ යාළුවො නාට්යේ තිබුනේ මේ ජාතියේ  කාර් එකක් නිසා) 


රෙනෝ නැත්තන් රෙනෝල්ට් කුඩමිට මොඩල් එක.
මෙහි ගියර් ලීවරය කුඩමිටක හැඩයක් ගන්න නිසා මෙම නමින් හැඳින්වේ.



මෙතන මට මග ඇරුන ලංකාවට ආවේනික මාදිලියක් ඔයගොල්ලොත් දන්නවනම් කොමෙන්ටුවට ඒකත් එකතු කරන්න.


Comments
18 Comments

18 comments:

  1. පොලිස් මොඩල් ජීප් එක......?

    -අන්තිම පේලියේ ආලවක-

    ReplyDelete
  2. ලංකාව පට්ට වාහන මොඩල් වගයක්නේ තියෙන්නේ ....!!!

    ReplyDelete
  3. අර වඳුරු මුණ ලොරියනම් වැරදියි. ඕක නෙවෙයි ඒ ඔරිජිනල් එක.

    ReplyDelete
  4. මෙයා මුකො වාහන ගැන දාලා...

    ReplyDelete
  5. මට දාපු කොමන්ටුව දැකල ආව බලන්න කොහොමෙයි කියලා. බය හිතෙන බ්ලොග් එකක් බන්.
    මම මේ අහන්න හැදුවෙ....මෙතබන කෝ බන් සුදු වෑන් මොඩ්ල් එක????

    ReplyDelete
  6. මේකට එකතු වෙන්න ඕනෙ...

    බග් පියට් කාර් එක / පළාත් සභා ජීප් එක / මන්ත්‍රී මොඩ්ල් ජීප් එක / බටු සනිය සහ බටු කොරොල්ලා කාර් රථ /

    වොක්ස් වැගන් කාර් වලට වැඩිපුර ආමන්ත්‍ර‍ණය කරන්නෙ කනේ මයිල් ලෙස නොව ඉබ්බා කාර් ලෙසය.

    ReplyDelete
  7. හප්පේ අපේ ලංකාව මෙච්චරටම දියුනුයිද බොලන්

    ReplyDelete
  8. ඉසුසු තාරා මොඩ් ලොරිය, ඳඩු පෝඩ් මොඩල් කාර් එක, මුක්කන් බෙන්ස්(911) ලොරිය, කාපිරි පෝඩ් ලොරි, ඕපල් කපිතාන් කාර් මොඩල් එක,හිල්මන් ගෙඩි මොඩල් කාර්, හිල්මන් පටි බාගෙ කාර්, තව ටිකක් අහල තියනවා(දැකල අඳුරගෙන නැත). මතක් උනොත් දාන්නම් යාලුවනේ..

    ReplyDelete
    Replies
    1. Ai austin thatu model.
      Eke passaha thattak wage digata break lite eka tiyenne

      Delete
  9. හප්පේ ලංකාවේ වාහනවල තියෙන නම්. තැපැල් නයින්ටිය කියලා එකකුත් තියෙනවා නේද ??

    ReplyDelete
  10. පැජෙරෝ පලාත්සභා, පැජෙරො වී ස්ටිකර්, පැජෙරො කොම්පියුටර් බොඩි, මදුරුව (mopad)

    ReplyDelete
  11. එල ම එල! තැනක් යු

    ReplyDelete
  12. ඇයි මහත්තය මොඩල් පෙජරෝව ?

    ReplyDelete
  13. මචන් උඹට පළාත් සභා මොඩ්ල් 1ක අමතක වෙලා..
    අනිත් 1ක මොරිස් මයිනර් මුක්කන් මූන කියන 1ක නම් මම අහල නෑ.. ඕකට කියන්නේ බස්සා මෙඩල් 1ක කියලා.. උඹ කැමතිනම් උඹ ඔය විස්තර හොයා ගනිපු ක්‍රමය මට FB 1කට message කරපන්.

    ReplyDelete
    Replies
    1. http://pinthooralokaya.blogspot.com/2013/04/blog-post_11.html#more
      මේකත් බලපන්

      Delete
  14. Palath saba model pajero :-
    Jvp kalabala kale palath saba election ekata kawuruwath idiripath une narhi nisa dinana ayata pajero permit denawa kiuwa.e dipuwa thamai oye.e model ekema bosy eke "V" shape sticker ghapu ekak awa ekata v shape kiyanne.thawa tiyenawa mitsubishi jeep model1k manthree model kiyla.ekath 1979 ministers lata permit walata gennapu jeep model1k.

    ReplyDelete

හිතුනේ මොනවද?