බුකියේ මං

39 සිගරට්...දුම සහ මතකය

cigarette

මිනිස්සුන්ට ප්‍රශ්න.දාහක් ප්‍රශ්න.ඊට අමතරව වෙනත් අයගේ දේවල් ගැනත් තැවෙන්න උනාම ඊට වැඩිය අමාරුයි.


මම කලින් පොස්ට් එකක ඇයි මම අරක්කු බොන්නේ කියන දේ මට හිතෙන විදියට අර්ථ දක්වල තිබුනා.

බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි...ඊයේ ඔයා ගැන හිත හිත බොනකොට... 

මිනිස්සු පරිනත වෙන්නේ කාලයත් එක්ක.මම අද ඉන්නේ එදා හිටිය මතයේ නෙවෙයි ඇත්තටම ඔය ගැන(මම බීපුවට වින්දවපුවට මට පව් නෑ.පව් පිරෙන්නේ මාව ඒ තත්වෙට පත් කරපු අයට).දුකට බොනවා කියන මිනිස්සු බොහොමයක් බොන්නේ තමන්ගේ හිත රවට්ට ගන්න.මත් ගතිය කියන එක හැමදේටම බෙහෙතක් නෙවෙයි.මොනවා උනත් මම මේ බොන උන්ට බොන්න එපා කියල කියන්නේ නෑ.මොකද ආතල් එකට ඉදල හිටලා බොන උනුත් ඉන්න නිසා.

හැබැයි විරහව කියන එක දෙවිදියකට අර්ථ දක්වන්න පුළුවන්.එකක් තමයි තමන් ආදරය කරන කෙනා තමන්ව දාල යන එක.දෙවෙනි එක තමයි තමන් ආදරේ කරන කෙනා තමන් ව දාල සදහටම යන එක.ඒ කියන්නේ ඒ තැනැත්තා තව දුරටත් ජීවත් වෙන්නේ නැත්තන්.එතකොට විරහවට බොන එක සාදාරනයි.ඔහොම බැලුවම විරහ දුකට බීල වැඩක් නෑ කියලයි කියන්නේ.විරහ දුකට බිව්වට කමක් නෑ ඒ වගේ කෙනෙක් වෙනුවෙන්.එත් ඉතින් එහෙම බැලුවම හරි හමන් කෙනෙක් නම් දාල යනවද?.නැත්තන් දුක් දේවිද?

මම නම් කියන්නේ මතක අමතක කරන්න ඒ මතක උඩින් ඊට වඩා ලස්සන මතක අපි අපේ හිත ඇතුලට ගන්න ඕන.පරණ මතක අලුත් මතක වලින් replace කර ගන්න පුළුවන් නම් ඔක්කොම හරි. 

මිනිස්සු ප්‍රශ්න අමතක කරන්න සිතුවිලි චංචල වෙලාවට සිගරට් බොනවා.කට්ටිය කියනවා වෙලාවකට හිතට එන දරාගන්නම බැරි සමහර සිතිවිලි සිගරට් එකක් බිව්වම ඒ දුමත් එක්කම මුහුකරලා නැති කරලා දන්නා පුළුවන් ලු.මන්ද මට නම් එහෙම හිතෙන්නේ නෑ.ප්‍රශ්නයකට සිගරට් එකක් බොනවා කියන එක නිකන් ඒ ප්‍රශ්නෙට පුංචි ඉසිබුවක් විතරයි.එක හරියට නිකන් ඇලවෙන්නේ නැති ප්ලාස්ටර් එකකින් තුවාලයක් ආවරණය කරන හදනවා වගේ වැඩක්.

හරි අවන්කවම කතා කරොත් මම ඇයි මේ සිගරට් බොන්නේ කියල කල්පනා කරනකොට තමයි මට මේ ගැන හිතුනේ. හිත ගොඩක් චංචල වෙලාවට සිගරට් එකක් බිව්වම පොඩි සහනයක් තියනවා.ඒ ප්‍රශ්න අමතක වෙන නිසා නෙවෙයි සිගරට් එකට ඇබ්බැහි වෙච්ච නිසා.මතක අමතක කරන්න සිගරට් බොන අය ඉන්නවනම් සරල බාසාවෙන් ලියපු කවියක් තියනවා එකත් බලන්න. 



සිගරට්
එකක්
උනා නම්
ඔයාගේ
මතකය
පුච්චලා දාන්න
තිබුනා
දුමත්
එක්ක
මුහු කරලා
සදහටම
එත්
අන්තිමේදී
අතේ
ඉතුරුවෙන
ෆිල්ටර් එකට
මොනවද
කරන්නේ
මම

ප.ලි - ඔය පින්තුරේ ඉන්නේ මම...හාහ් හාහ් හාහ් 
Comments
39 Comments

39 comments:

  1. දුම්බීම සහ මත්පැන් පානය ප්‍රශ්ණ වලට විසදුමක් කියලා මමනං පිලිගන්නෑ...
    පුළුවංනං ඕක නවත්තගන්න ට්‍රයි එකක් දෙන්න..
    -අමද්‍යප තරියා-

    ReplyDelete
    Replies
    1. යකා කියන තරම්ම කළු නෑ බන් ..............

      Delete
    2. අමද්‍යප තරියා ------ අනේ අම්මේ බඩ..... හූඌඌඌඌඌඌ :)

      Delete
  2. අර කිතුලට නැංගේ උඹේ නෑයෙක්ද

    ReplyDelete
    Replies
    1. උඹට කිව්වා කියල හිතා ගනින් හින්චියෝ

      Delete
  3. බිල ප්‍රශ්න විසදන්න බෑ.. කතාව ඇත්ත මම එකගයි සහෝ....

    ReplyDelete
    Replies
    1. ආයෙත් කියනවා නිකන් අතේ තියන සල්ලි වියදම් වෙන එක විතරයි

      Delete
  4. (රජයේ අවවාදය:දුම් බීම ශරීරයට අහිතකර විය හැක!)
    පරණ මතක කොච්ච‍ර අලුත් ඒවායින් replace කරන්න හැදුවත් ඒවමයි මතකයට එන්නේ! පස්සේ හිතලා බලන කොට තේරුනේ ඒ මතකත් එක්කම ජීවත් වෙලා ඒවා ජීවිතේ කොටසක් බවට පත් වෙලා..දුක තමයි!
    (මගේ අවවාදය: පෙර කල වැරදි හදා ගෙන අයෙත් ඉදිරියට යන්න පුළුවන් නම් හිත හිත ඉන්න එපා එහෙම කරන්න සමහර දේවල් හරි වෙලාවට කලේ නැත නම් ජීවිත කාලයටම පසු තැවෙන්න වෙනවා...)
    කවි නම් පට්ටයි ආ !!
    DongaAyya

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක කියෙව්වට පස්සේ මට මේ සින්දුව ආයේ අහන්න හිතුන!
      Ae Kaash Kahin Aisa Hota
      Ke Do Dil Hote Seene Mein
      Ek Toot Bhi Jaata Ishq Mein Toh
      Takleef Na Hoti Jeene Mein..........
      http://www.krazylyrics.com/ViewSong.aspx?ID=538
      DongaAyya

      Delete
    2. රජයේ අවවාදයට වැඩිය ඩොන්ගයියගේ අවවාදය හොඳයි වගේ :D

      Delete
  5. මිනිස්සුන්ට යම්දෙයක් කරන්න ඕනේ උනාම...කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකට හේතු හදා ගන්නවා..එහෙමත් නැත්තම් හේතු කියනවා...

    තව දෙයක් දෙයක් කරන්න ඕනෙ අය වැනී වැනී ඉන්නෙ නෑ. එකපාරට හිතලා ඒ දේ හරියට කරනවා...හිතන්න..

    හපොයි අමතක උනා...පද ටික නියමයි...ෆිල්ටර් එක කන්න...නැත්තම් අපරාදේ.. :D

    ReplyDelete
    Replies
    1. ඔයා කියන කතාව සම්පුර්නෙන්ම ඇත්ත එත් මේක ඇතුලේ තියන සමහර දේවල් සිතුවිලි විතරයි.(කවදාවත් අහල තියේද ෆිල්ටරයක් කාල මිනිහෙක් මැරිලා කියල )

      Delete
  6. හැබැයි විරහව කියන එක දෙවිදියකට අර්ථ දක්වන්න පුළුවන්.එකක් තමයි තමන් ආදරය කරන කෙනා තමන්ව දාල යන එක.දෙවෙනි එක තමයි තමන් ආදරේ කරන කෙනා තමන් ව දාල සදහටම යන එක.

    මේකට තව එකක් එකතු කරපන් මචෝ...
    තම ළග ඉදගෙන ඈත් වෙලා සිටීම...මොකද සමහරු හිතින් විතරරයි ආදරේ.මොකද ගතින් ආදරේ කරන්න ගියොත් එයාලගේ සීමාවල් නැති වෙන නිසා....

    කොහොම උනත් සහෝ...ඕක නවත්තපන්..බොන්න ඕනේ නම් බීපං අරක්කු.මං වගේ...අරක්කුනම් වෙරි හිදෙනකොට ඇගේත් නෑ වාෂ්පවෙලා..සිගරට් එකේනං ඔක්කොම ඇතුලේ නේද?.....මොකටද මචන් කවුරුත් නිසා මේ පන්චස්කන්දයට ලේඩ දාගන්නේ...මමනම් ඔක්කොම අමතක වෙන්න යකඩ කනවා...මේකත් දැන් වදයක් වීගෙන එන්නේ...බ්ලොග්...බ්ලොග් කියන්නේ වේදනාවක් නෙමෙයි වේදනා සාගරයක්.....

    ReplyDelete
    Replies
    1. මෑත කාලයක් යකඩ කෑවා.කොහෙද ඉතින් මේ කරුම බෙල්ලේ අමාරුව එක්ක මොකුත් කරන්න බෑ..

      Delete
  7. යකෝ ඌරෝ මමත් බොන කන එකෙක් නමුත් අරක්කු බෝතලේට හරි සිගරට් එකට හරි ජීවිතේ කැපකරන්න එපා ඉබ්බෝ. තොට මම කීපාරක්නම් කියලා තියෙනවද ඔය සිගරට් බොන එක නවත්තන්න කියලා ,උබ හිතනවද උබේ බෝඩිමේ අපි වතුර පුරවන තරම් ලොකු ප්ලාස් පිරෙන්න සිගරට් කොට ඉතුරුවෙන්න සිගරට් බිව්වම ප්‍රශ්න ඉවරවෙනවා කියලා ? එහෙනම් මම දවසකට බැරල් එකක් පිරෙන්න සිගරට් බොන්න ඕන ....

    බීපං විදවන්න නෙමෙයි විදින්න .....!!!!

    ReplyDelete
    Replies
    1. කතාව නම් හොඳයි...ඒත් ඒක කතාවක් විතරක්ම උනානම්....යතාර්ථයක් නොවී...ජීවත් වෙලා ඉන්න ටිකේ අපි කරන්න ඕන අනිත් අයව සතුටින් තියන එකයි.ඒත් ශරීරෙ පිරෙන්න දුම් බීල බීල වර්තමානෙ ප්‍රශ්න වලට උත්තර බඳින්න ගියාට එතනින් තමන් තමන්ටම කරගන්න විපාක විඳින්න වෙන්නෙ ඔයාට විතරක් නෙවෙයි, ඔයාට ආදරේ කරන හැමෝටමත් එක්ක.

      Delete
    2. කලින් තරම් වේගෙන් අර ජග් එක පිරෙන්නේ නෑ දැන්.. :D

      @ano - මේක ඇතුලේ තියන සමහර දේවල් සිතුවිලි විතරයි.

      Delete
  8. සමහරු දුකට බොනවා කියනවා සමහරු සතුටටත් බොනවා කියනවා බොන කෙනාට ඒක සාදාරණයි කියන්න අනන්ත හේතු තියෙනවා.කොහොම උනත් දුම්පානය සහ මත් වතුරට ලොල් වීම අනුමත කරන්න බෑ.හැබැයි කවියනම් මරු

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්ත.කියන්න දේවල්ද නැත්තේ .ඉස්තුති හොඳේ.

      Delete
  9. මම නම් කටේ වත් තියන්නේ නෑ සිගරට් නම්.හැබැයි ඉදලා හිටලා බෝතලයක් පාවිච්චි කරනවා.

    ReplyDelete
    Replies
    1. මද පමණින් තිත තියනවද?

      Delete
  10. තේරැම් ගැනිම සැහේන වටිනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා එත් සමහරු තේරුම් ගත්තත් වැඩක් නෑ.කරන්නේ එකමයි.

      Delete
  11. //මම නම් කියන්නේ මතක අමතක කරන්න ඒ මතක උඩින් ඊට වඩා ලස්සන මතක අපි අපේ හිත ඇතුලට ගන්න ඕන.පරණ මතක අලුත් මතක වලින් replace කර ගන්න පුළුවන් නම් ඔක්කොම හරි//

    ම්ම්ම්ම්ම්.... ඔන්න ඕක අත්හදා බලන්න මාත් ඉන්නෙ.. තාමත් බැරි වුනා ඒත්... :) සිගරට් බිව්වාම හිත සැහැල්ලු වෙනවා කියන එක සිගරට් බොන මම දන්න කීපදෙනෙක්ම කියලා තියෙනවා... ඒත් ඒක හොද පුරුද්දක් නෙවෙයිනෙ..

    කවියනම් හරිම ලස්සනයි!!!! :)

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බැලුවට වැරද්දක් නෑ

      ඔය සිගරට් බිව්වම හිත සැහැල්ලු වෙන්නේ නෑ.වෙන එකම දේ ගඳ ඉතුරු වෙන එක විතරයි. :ද.එහෙම කියන්නේ සිගරට් එකක් බොන වෙලාවට අනිත් දේවල් ගැන හිතන්නේ නැතුව සිගරට් එක ගැන විතරක් හිතන්න පුළුවන් නිසා.සමහරු සිගරට් බොන්නේ දුම බලන්න...

      Delete
  12. මම නම් ඕවා අනුමත නොකරමි.
    අර කවි පද ටික නම් වැඩක් නැහැ කියල.....
    අපූරුම අපූරුම අපූරුම අපූරුයි!

    ජය! :)

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු තැන්කු .... ඒ ඇති .......... :D

      Delete
  13. siga bonawa kiyala post daana eka maanasika abhadha kaarayek

    ReplyDelete
    Replies
    1. ane manda nirmaanayak kiyanne niramaana karuge sithuwillak kiyana eka therenna tharam mole wadila nathuwa athi.monawa unath maanasika aabada api hamotama thiyanawane.eke ahanna deyak na.

      Delete
    2. Ane pala pala... Mole gana kiyanna enawa methana moda haraka...Hithagena enne siga kotayak gahala moda joke ekak leewahama porak kiyala. Mun wage mattontama hondai mewa.. nothomakin witharak

      Delete
  14. කවිය නම් සිරා
    අනේ මන්ද මචං ඒ වෙලාවට විතරක් ඒ දේවල් අමතක උනාට ආයේ ඕවා මතක් වෙනවා නේ,ඔය දෙකම දීර්ඝ කාලින විසදුම් නෙමේ නේ.

    //මම නම් කියන්නේ මතක අමතක කරන්න ඒ මතක උඩින් ඊට වඩා ලස්සන මතක අපි අපේ හිත ඇතුලට ගන්න ඕන.පරණ මතක අලුත් මතක වලින් replace කර ගන්න පුළුවන් නම් ඔක්කොම හරි.//

    මානවකම ඒ ප්‍රශ්නෙට උත්තර දීල තියෙනවා නේ.අමාරු උනත් හොදම එක එක නම් එක කරන්න :)

    ReplyDelete
  15. සිගරට් බීම නම් මාත් අනුමත කරන්නේ නෑ. කතාව ලියලා තියන විදිහ මරු. මම ටිකක් වෙලා අර ෆොටෝ එක දිහා බලා හිටියා. ඒකෙ තියන සිගරට් එක දිහා බලපුවාම.... එක්කොත් ඕනෙ නෑ. ජයවේවා ඔබට!!

    ReplyDelete
  16. Ane manda me wage moda haththak ennakota lankawa wage ratak diunu wei ya???
    Ascharya kiyana euntath bana bana me wage mongal blog wala kale kana thopi wage kalakanni hinda thamai me wage ratak diunu wenne naththe...
    Wadak nathnam choo karala budiya ganiuko nikan kale kanne nathiwa hathikare...

    ReplyDelete
  17. මමත් කියන්නේ සිගා නං බොන්න එපා බං... හොද නෑ නෙහ්?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. අර සිගරට් හදපු මාම ජෝන්ද කවුද.. එයා කිවුවලු මම නොනිමෙන දැල්ලක් පත්තු කලා පුලුවන්නම් නිවන්න කියල..කිවුව වගේ ලෝකේ කොහේ හරි එකක් නිවෙනකොට එකක් දැල්වෙනවා..මත් ද්‍රව්‍ය මමත් අනුමත නොකරමි..අර ෆිල්ටර් එක ඉතුරුවෙන්නේ ඒක බිව්වොත්නේ ..එක නොබී ඉන්ට..හේ හේ...

    ReplyDelete
  19. බීල ප්‍රශ්ණ විසදන්න බෑ කියලයි මට නම් හිතෙන්නෙ.

    අදමයි හිමා මේ පැත්තෙ ආවෙ.

    ලස්සනයි ලිපිය.නියමෙට ලියල තියෙනවා.

    ReplyDelete
  20. කරන දේ ඇතුලේ මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා හඳුනා ගැනීම වරදින් වැලකීමේ පළමු පියවර.. එහෙනම් දැන් දෙවෙනි පියවරත් තියමු..

    ReplyDelete

හිතුනේ මොනවද?