බුකියේ මං

18 සුදෝ මම ආදරෙයි.....


කාලෙකින් විචාරයක් ලියන්න බැරි උන නිසා පරණ සින්දුවක් උනත් කාලීන සමාජ යථාර්තයක් ගැන කතාකරන මාතෘකාවක් ගොනු වෙච්ච සින්දුවක් තෝරා ගත්තා මට තේරෙන විදියට පුංචි විචාරයක් ලියන්න.

මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ සින්දුව අහල නෑ.මම මුලින්ම මේ සින්දුවේ පදමාලාව ඔබට දෙනවා.හොදින් කියවන්න.




නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ

සුදෝ මම ආදරෙයි...//

සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා

සුදෝ මම ආදරෙයි...//

ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ

සුදෝ මම ආදරෙයි...//

සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ

ඔබට මම ආදරෙයි

ඔබටත් ආදරෙයි

ඔබට මම ආදරෙයි


මොකද හිතෙන්නේ පෙම්වතා  දාල ගියපු තරුණියක වෙත තවත් තනිකඩ තරුණයකුගෙන කෙරෙන ආදර ආයාචනයකට අනුකුලව තරුණියගේ හිතේ ඇතිවෙන සිතිවිලි මොන ආකාරය දැයි පැහැදිලිවෙන සින්දුවක් නේද ?.සරල අදහසක් කැටි කොටගත් මේ සින්දුවට ඇත්තටම විචාරයක් මොකටද කියලත් සමහර විට හිතෙනවා ඇති.මමත් කලින් හිතන හිටියේ එහෙම තමයි ඒත් තව දුරටත් පද වැල් අතරේ සැරිසරනකොට දැනුනා අපිට පෙනෙන තේරුමට වැඩිය ගොඩක් සංවේදී තේරුමක් මේකේ තියනවා කියලා.

මම දැන් සින්දුවේ කොටසින් කොටස විස්තර කරනවා.එතකොට තේරුම ගන්න පුළුවන් වේවි මේකේ සැඟවුන අරුත.


නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ

ඇත්තටම මේ කොටසින් අපිට ගම්‍ය වන්නේ විරහ වේදනාවෙන් පෙලෙන තරුණියකට පිටස්තර තරුණයෙක් ගෙන් ලැබෙන ආරාධනාවක් ගැන ඇය කොහොමද හිතන්නේ කියලා."නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී " දැනට මේ වචන ටික මතක තියා ගන්න.

සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා

මේ කොටස ගැනත් ඉතින් කියන්න වැඩියමක් නෑ.ඒත් මේ මුළු කොටසම මතක තියා ගන්න කියලා ඉල්ලනවා.මොකද මම ගොඩ නගන කල්පිතයට මේ කොටස ගොඩක් වැදගත්.  


ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ

මේ කොටසිනුත් තේරෙන්නේ මම කලින් කියුව අදහසමයි.ප්‍රේමය නැති වෙලා තනියෙන්න ඉන්න තරුණියට වෙන තරුණයෙක ඉගි බිගි පානවා.ඇය හිතනවා ගිය කෙනා ගැන දුක වෙනවද නැත්තන් අලුත් කෙනා ගැන හිතනවද කියලා."ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ" මේ වචන ටිකත් මතක තියා ගන්න.


සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ

ඔන්න දැන් මම මගේ විචාරයේ කුටප්‍රාප්තියට එන්න හදන්නේ.අපිට කලින් තේරුණා කියල හිතපු විදියට මේ තරුණිය තනිකඩ නම් ඇයි ඇය "සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි" වගේ වචන භාවිතා කරන්නේ.ඔන්න ඔතනින් තමයි සින්දුවේ අර්ථය සම්පුර්නෙන්ම වෙනස් වෙන්නේ.මේ කියන තරුණිය තනිකඩ නෑ.ඇයට දැනටමත් ඇය වෙනුවෙන් ගොඩක් කැප වෙච්ච ඇයට ගොඩක් ආදරේ කරන පෙම්වතෙක් ඉන්නවා.මේක තනිකරම අසම්මත ප්‍රේමයක ආරම්භයක් ගැන කියන සින්දුවක්.

ඇය කලින් තමන්ගේ පෙම්වතාට ආදරේ කරා.නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒ ආදරේ අගේ හිතින් නැති වෙලා.ඔහු ඇයට ආදරේ කරන නිසා ඇය ඔහුත් එක්ක ඉන්නවා.ඒත් ඒක හොඳ සම්බන්දයක් නෙවෙයි.ඒ ආදරේ ඇයට වදයක්.සමහර විට ඇයට නොතේරෙන වයසක ඇති උන සම්බන්ධයක් වෙන්න පුළුවන් ඇය කාලයත් එක්ක තේරුම ගන්නවා දැනට තියන සම්බන්ධය ඇගේ ඇත්තම ආදරය නෙවෙයි කියලා.ඇය පෙම්වතා නිසා සිත තැවුලෙන් ඉන්නේ.ඒ අතරේ ඇයගේ දුක අහන්න වෙන කෙනෙක් ඇගේ ජීවිතේට ලං වෙනවා. "නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී" මේ වචන ටිකෙන් කියා වෙන්නේ ඒ ගැන තමයි.

ඇය තේරුම් ගන්නවා ඇගේ ජීවිතේට ලං වෙන්න හදන කෙනා තමයි ඇගේ ඇත්තම ආදරේ කියලා.ඇයට උවමනායි ඔහුගේ වෙන්න."සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා"  මේ වචන ටිකෙන් කියවෙන්නේ ඒ ගැන තමයි.

තරුණියට හොදටම තේරෙනවා ඇයට නැවතත් ඇගේ පෙම්වතා ගැන නැවුම් හැගීම් ඇති කරගන්න බෑ කියලා.ඇයට ඕන ඔහුගෙන් මිදෙන්න.ඒත් ඇයට ඒකට හයියක් නෑ.ඒත් තවදුරටත් ඇයට පෙම්වතා එක්ක ඉන්න බෑ.ඒක හිතට වදයක්.ඇය තීරණයක් ගන්න හදනවා සම්බන්දේ දිගටම තියා ගන්නවද.නැත්තන් ඒක කඩලා දාල තමන්ගේ ආදරේ හොයන් යනවද කියලා."ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ" මේ වචන ටිකෙන් කියන්නේ ඒ ගැන තමයි.    

ඇය දන්නවා ඇගේ පෙම්වතා ඇයට ආදරෙයි.ඒත් ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඇයට ඔහුව එපාවෙලා.ඒත් ඔහුට ද්‍රෝහී වෙන්න තරම් ඇයට ශක්තියක් නෑ මොකද ඇය දන්නවා තමන් කරන්නේ වැරද්දක් කියලා."සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි...කොහොම කෙලෙස තුරුලට ගම්දෝ " දැන් මේ ටික තේරෙනවා නේද? 


මේක අසම්මත ප්‍රේමයක් ගැන උනාට මේ සිද්ධිය වර්තමාන සමාජේ ගොඩක් සුලභ දෙයක්.තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වගේ දේවල් වෙන්න පුළුවන් සම්භාවි තාවය ගොඩක් වැඩියි.චැට් කරලා නැත්තන් යන එන අතරමගදී හමුවන කෙනෙක් මී විදියට අපේ ජීවිත වලට ඇවිත් වෙනසක් කරන්න පුළුවන්.සරලයි.ඒකට කාටවත් වැරද්දක් කියන්න බෑ.

දැන් මගේ ගල්  පැලෙන තර්ක අහන හිටිය අයට මේ සින්දුව ගැනත් පොඩි විස්තරයක් කියන්නම්.මේක ගායනා කරන්නේ සුජාතා අත්තනායක කියන ප්‍රසිද්ධ ගායිකාව.ගේය පද රචනය හෙල සිනමා සක්විති ගාමිනී ෆොන්සේකා මහතා විසිනුත් , සංගීත නිර්මාණය දැයෙන් සමුගත් මහා ඝාන්ධර්ව ලයනල් අල්ගමයන් විසිනුත්  ගොඩක් ලයාන්විතව කරලා තියනවා.සින්දුව අහන්න පුළුවන් පහලින්. 



ප.ලි - මම මේ සින්දුවේ ආසම "සුදෝ මම ආදරෙයි..." කියල කියන ආදරණීය ශයිලියට. 




Comments
18 Comments

18 comments:

  1. ගීතයක අපි නොදකින පැත්තක් යම් කෙනෙක් දකිනවා නම් මට හිතෙන්නේ ඔහු ඒ ගීතය තුල සක්මන් කල අයෙකු කියලයි ,අන්න ඒ ගීතය තුල සක්මන් කිරීම මානවක කරලා තියෙනවා ඒ නිසයි අපි මෙහි නොදැකපු පැත්ත ඔහු දැක්කේ ,ඇත්තටම සුපිරි විචාරයක් ...!!!

    ReplyDelete
  2. සින්දුව නම් අදමයි ඇහුවේ... මගේ වාසනාවට සින්දුවත් එක්කම ලස්සන විචාරෙකුත් එකටම රසවිඳින්න ලැබුනා... නියමයි මානවක..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  3. මම නිකම්ම ඇහුවනම් හිතන්නෙ නෑ මෙච්චර දුරට මේ ගැන. මාර තෙරැමක් නේ තියෙන්නෙ. හැබැයි සිංදුවනම් අහන්නෙ නෑ. මගේ කනෙක්ෂන් එක වැස්ස නිසා මාරම මාර ස්පිඩ් නිසා :පී

    ReplyDelete
  4. ගීතය නම් කලින් අහලා තිබ්බා.ඒත් ඔය තරමට ගීතයේ තේරුම ගැන නම් අවධානයක් යොමුකරේ නෑ. කොහොමත් ඔය පරණයි කියන සමහර ගීත..මට නම් හරිම ලස්සනයි..

    ReplyDelete
  5. සුදෝ මම ආදරෙයි ... ? හේ හේ

    උඩ ගිහින් .. මේ පැත්තට ආවේ ,,, හේ හේ හේ... සින්දුවනන් අදමයි ඇහුවේ/// ම්ම් නියම තේරුමක් තියෙන්නේ...

    ReplyDelete
  6. බොහොම පැහැදිලි විග්‍රහයක්නේ.....හොඳට රස විදින්න හැකියි ඒ පද පේළි මේ නිසා

    ReplyDelete
  7. සුජාතා අත්තනායක ගායිකාවගේ මම කැමතිම ගීතයක් මේ... ස්තූතියි හැමෝම එක්ක රස බෙදා ගත්තට...

    ReplyDelete
  8. මේක කියවල හිතත් එක්ක බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් උනා අප්පා..

    ReplyDelete
  9. කිව්ව වගේම හෙන ගල් පැලෙන තර්කයක්නේ !

    ReplyDelete
  10. මමත් නිරන්තරයෙන් ගිතයත් එක්කම කල් ගෙවුවත් මේ ගීය නම් ඇහුවේ අදයි. ඇත්තටම ලස්සන සිංදුව
    මේගීයේ ඔර්ජිනල් ඕඩියෝ එක හොයාගන්න ඕනේ..

    ලස්සන පෝස්ටුව මමත් කැමති ගිතය ගැන කතාකරනවට.

    ReplyDelete
  11. ගොඩක් ආසාවෙන් ආදරෙන් අහන සින්දුවක්.....චිත්‍රපටියෙ තියෙන්නෙත් චපල පෙම්වතියක් ගැන කියලානම් අහලා තියෙනවා ඒත් මෙච්චර දවසක්ම හිතන් උන්නෙ සදහටම අහිමි ආදරයක් ගැන තැවි තැවී ඉද්දි තව ආදර ඇරයුමක් එන කතාවක් කියලනේ....අද තමයි මේ අර්ථය ගැන දැ‍නුනේ...

    ReplyDelete
  12. සින්දුව නම් අදමයි ඇහුවේ!මුලින් කියවද්දී නොතේරුන අදහස ඔබේ විචාරයෙන් තේරුණා..මට මුලින් හිතුනේ මේ ගීතය බොහොම සරල පද වැලක් නේ කියල!

    ReplyDelete
  13. මචං මම මේකට කමෙන්ට් එක දාන්න පරක්කු උනේ ..ටිකක් ඔලුව අවුල් වෙලා හින්දා .. සොරි ඈ

    මම හිතාගෙන උන්නේ මේ තමන්ගේ සැමියා ගැන කලකිරිච්ච තරුණ බිරිඳකට වෙනත් තරුනයෙක්ගෙන් ලැබෙන ආලවන්ත ඉඟි බිඟි හින්දා . චංචාල ගෑනු හිතක ඇතිවෙන හැගීම් කියලා

    සිතින් පලාගිය කියන වචනේ හින්දා තමයි මට හිතෙන්නේ මේ විවාහක කාන්තාවක් කියලා.. ඇය සැමියාට ආදරය කළා කලින් ,, එකට ජීවත්වෙද්දී දෙන්නා අතර ඇතිවෙන ගැටළු නිසා දැන ඇය කලකිරිලා ඉන්නේ .. ඒ නිසා ආදරය හිතෙන් පලා ගිහින .. නමුත් දෙන්න තාම එකට ඉන්නේ . කායික සම්බන්ධතා තාමත් තියෙනවා

    අනිත් කොටස තමයි

    සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි

    ඔතනදි පැහැදිලිවම පේනවා මුලින් කියන්නේ සැමියා ගැන කියලා .. ඇයට ඔහු ආදරයා කළා . ඇ ඒ ආදරය වින්දා කියන එක පැහැදිලිවම ඔතන තියෙනවා ..

    උබ කියන විදියත් වෙන්න පුළුවන් ... සාර්ථක විචාරයක් ජය !!!

    ReplyDelete
  14. නියමයි විචාරය.. සිංදුව කලින් අහලා තිනවා උනත් විචාරෙත් එක්ක අහද්දි වෙනසක් දැනුනා..

    ReplyDelete
  15. හ්ම්ම්ම් හිතට දැනුනා..

    ReplyDelete
  16. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... දැනෙන පද ටිකක්.. අහලා තිබ්බෙ නෑ වැඩියම.. ලස්සනට පැහැදිලිවට විචාරයක් ලියලා.. අපූරුයි!!

    ReplyDelete
  17. මේ සින්දුව දෙසැරයක් වගේ අහල තිබුනා. මට තේරුණා එකම වචනේ "සුදෝ මම ආදරෙයි" කියන ටික විතරයි. අද ඒ ගීතයේ සම්පුරනම කතාව තේරුම් ගත්තා.

    ස්තුතියි මචං.

    ReplyDelete
  18. පරණ මතකය අලුත් උනා.......
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

හිතුනේ මොනවද?