බුකියේ මං

34 ජාතිවාදී විය යුත්තේ ඇයි?

ශ්‍රී ලාංකික සිංහලයකු වශයෙන් ජාතිවාදී  විය යුත්තේ මන්දැයි ? සහ ජාතිමාමක  සිංහලයන් සිටිනුයේ සමාජ ජාලවල පමණක්ද යන ගැටළු වලට පිළිතුරු සොයනු වස් මා කල සරල සමීක්ෂණයක ප්‍රතිපල  මෙසේ මා ඔබ සමග බෙදා ගැනීමට සිතුවේ හුදෙක් කැකෑරෙන සිතුවිලි සිතෙහි තබාගෙන සිටිනවාට වඩා මා මෙන්ම උභාතොකෝටිකයන්ට මැදිව සිටින බහුතරයකගේ පහන් සංවේගය පිණිස වනු ඇති නිසාය.

සිංහලයා ජාතිවාදී විය යුත්තේ ඇයි ?

මදක් සිතන්න බොහොමයක් දියුණු රටවල චීන ටවුමක් ,ඉන්දියානුවන්ට අයත් නාගරික ප්‍රදේශයක් එහෙමත් නැත්තන් ඇමෙරිකාවේ අයර්ලන්ත සම්භවයක් ඇත්තන් වැඩිවශයෙන් වෙසෙන , ප්‍රංශ සම්භවයක් ඇත්තන් වැඩිවශයෙන් ,බ්‍රිතාන්‍ය සම්භවයක් ඇත්තන් සහ ඉන්දියානු සම්භවයක් ඇත්තන් වැඩිවශයෙන් වෙසෙන නාගරික ප්‍රදේශ සුලභ වේ.සිංහලයන් වැඩිවශයෙන් වෙසෙන එම ප්‍රදේශයේ පාලන අධිකාරියට බලපෑම් කල හැකි සිංහල බලයක් ඇති නාගරිකයක්  ඇති  කිසිම රටක් ඔබට ලෝකයේ සොයාගත හැකිද ?.මා ඉහත සඳහන් කල සෑම ජාතියකම සංක්‍රමණිකයන් මේ වනවිට එම රටවල භූමි පුත්‍රයන් වී ඇති අතර ශ්‍රීලාංකිකයන් තවමත් පසුවන්නේ  සංක්‍රමණිකයන් යන ලේබලයට යටත්ව වේ.දැන් ඔබට මා පැවසීමට බලාපොරොත්තුවන කාරණය ගැන යම් ඉඟියක් ලබාගත හැකි වනු ඇත.සිංහලයන් ලෙස ජාතියක් ලෙස  අපි මේ කුඩා දූපතට කොටුවී සිටිනා අතර ජාතියක් ලෙස අපට දැනටත් ඉදිරියට තව සුළු කාලයකුත් පිළිගැනීමක් ලැබෙනුයේ ශ්‍රී ලංකාව ලෙසින් අපි හඳුන්වන දුපත තුල පමණි.


පකිස්තානය සමග පැවැත්වෙන තරඟ වලදී පකිස්තානයට කඩේ යන හම්බයනුත් , ඉන්දියානුවන් සමග  තරඟ වලදී ඉන්දියාවට කඩේ යන පර දෙමලනුත් භුමි පුත්‍රයන් (දැන් ඔබ මානවකයා යනු ජාතිවාදියෙක් ලෙස  ලේබල් කිරීමට පටන් ගනු ඇත) ලෙස ලංකාවේ සිටියාට ලංකාව එංගලන්තය සමග තරගයකදී ප්‍රසිද්දියේ කඩේ යන (ක්‍රීඩා පිටියේ සිට කොඩියක් වනා චියර් කිරීම ප්‍රසිද්දියේ කඩේ යෑමක් නොවේ) ලාංකීය සම්භවයක් ඇති භුමි පුත්‍රයන් එංගලන්තයේ නොමැත.


"පකිස්තානය ලංකාව හා ඉන්දියාව අතර තරඟ වලිදී ලංකාවට සහය දක්වන්නේ උන් ලංකාවට කැමති නිසා නොව ඉන්දියාවට වයිර කරන නිසාවෙනි."

උතුරේ දෙමලාට උදව්වට තමිල්නාඩුවේ දේශපාලන අධිකාරිය සැදී පැහැදී සිටී.තම්බියාට කඩේ යාමට මැද පෙරදිග හම්බයන් කට අරගෙන සිටී.සිංහලයා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු නැත. 



නැවත අවධාරණය කරනු රිසියෙමි.සිංහලයාට ඇත්තේ මෙම කුඩා දුපත පමණකි.ජාතිය පවත්වාගෙන යා යුතු නම් මුලින්ම භුමිය ආරක්ෂා කර ගත යුතුය.මුහුදු මහා විහාරයේ පැරණි වටිනාකමක් ඇති ගල් කණු තමන්ගේ වැසිකිලි වලවල් සඳහා යොදාගත් හම්බයන් පතුරු ගැසිය යුතුය.බෞද්ධ සිද්ධස්ථාන අල්ලාගෙන ඒවායේ නටබුන් මත තැනූ  කෝවිල් විනාස කර දැමිය යුතුය.බංගලිදේශයේ බුදු පිළිම වල සිරස විනාශ කලාක් මෙන් පල්ලිවල ගෝලාකාර කොත් විනාශ කල යුතුය.එංගලන්තයේ පන්සල වලට ගල් ගැසුවාක් මෙන් කෝවිල් වලට ගල් ගසා විනාශ කල යුතුය.


දැන් ඔබ මාගැන ඇති කරගත් ආකල්පය නම් "මානවකයා යනු අන්තවාදී ලේ පිපාසිත ජාතිවාදියෙකි" යන්න විය හැක.මෙම ලිපිය උග්‍ර ජාති වාදීන් අමන්දානන්දයට පත්  කිරීමටත් ඊනියා සාම වාදීන් භීතියට පත් කිරීමටත් හැකි දෙපැත්ත කැපෙන කඩුවක් බඳුය.නැත..කිසිසේත්ම නැත.."මානවකයා කිසිසේත්ම උග්‍ර  ජාතිවාදියෙකු නොවේය.නමුදු උග්‍ර ජාති මාමකයෙකි".ඉහලින් පලකල සියලු අදහස් සමාජ ජාල වල බෙදා ගන්න යැයි අයාචනා කරමින් ලිපි නිකුත් කරන ඊනියා ජාතිවාදීන්ගේ අදහස් ලුහුඬු කොට දැක්වුවා පමණකි.

සමාජ ජාල වල ලිපි හුවමාරු කිරීමෙන් කිසිසේත්ම ජාති මාමකත්වයක් ඇති කල නොහැක.මක්නිසාදයත් සමාජ ජාල භාවිතා කරන බහුතරයක් ඒවා තුල පලවන ලිපි වලට ප්‍රතිචාර දක්වන්නේ යාන්ත්‍රිකව සම්ප්‍රදායක් ලෙස විනා බුද්ධියෙන් විමසා නොවේ.    


සිංහලයෙකු ලෙස ජාතිමාමක විය යුතුය.ජාතිය රැක ගැනීමට පෙරට ආ යුතුය.එය සිදුකල යුත්තේ චින්තනීය වෙනසක් වශයෙනි.අනෙකුත් ජාතින් විනාශ කිරීම නොව ඔවුන් අපිට එරෙහිව යොදා ගන්නා තුරුම්පු සිංහලයන් වශයෙන් අපිද යොදා ගත යුතුය.සිංහල වෙළඳ ව්‍යාපාරයක් සහ මුසල්මානුවන් විසින් විසින් පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයක් උදාහරණයට ගන්න.මුසල්මානුවන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරයේ සිංහල ඔබ මිලදී ගන්නා කමීසයට මිල රුපියල් 990 බව පවසා ඔබට එය රුපියල් 900 ට විකුණයි.ඔවුන් එම කමීසයම මුසල්මානුවකුට ලබා දෙන්නේ මිල රුපියල් 900 ක් බව කියා 800 කටය(අත්දැකීමකි).සිංහල ව්‍යාපාරය ගැන කතා කිරීමට දෙයක් නැත.1000 ක් කියා 975 කට විකුණනු ඇත.මෙසේ හැසිරෙන සිංහලයන්ම පසුව මුසල්මානුවන් සමග ගනුදෙනු කරන්න එපා යැයි කීම කෙතරම් විහිලුවක්ද ?.ප්‍රශ්නය තිබෙන්නේ ජාති වාදී වීමේ නොවේය.ජාතිකත්වයේය.මුසල්මානුවා ළඟ ඇති ජාතිකත්වය සිංහලයා ළඟ ගෑවිලාවත් නැත.අප ඉරිසියා කරන්නේද ඔවුන්ගේ ජාතිකත්වයටයි.එම ආත්මාර්ථකාමී ජාතිකත්වය තව දුරටත් තේරුම් ගැනීමට තරියාගේ ලිපිය කියවන්න.  


ආගම්වාදී වට පිටාවක් සහිතව ඇති දැඩි වුන පුද්ගලයෙකු බොහෝවිට බුද්ධියෙන් විමසා ක්‍රියා කරන්නේ නැත.ඔවුන් ජීවත් වන්නේ ආගම විසින් ඔවුන්ට පෙන්වා ඇති මනඃකල්පිත මනෝ ලෝකයකය.තේරෙන භාෂාවෙන් කියනවනම් බහුතරයක් ආගම් වල මිනිසුන් මෝඩයෝය.එයට හොඳම උදාහරණයක් ලෙස නිකන්ම නිකන් චිත්‍රපට නළුවකු වන රජිනි කාන්ත් දකුණු ඉන්දියාවේදී දෙවියෙකු බවට පත් වන්නේ එම ජනයාගේ නොදැනුවත් කම නිසාය.ඔවුන් සිතන්නේ චිත්‍ර පටියේ අඩංගු සියලු දර්ශන වල අදාළ චරිතයට ඇති අධි මානුෂික හැකියාවන් සැබෑ ජීවිතයේද එම නළුවා සතුවන බවය.ඔවුන් ප්‍රචණ්ඩ වන්නේද ඔවුන්ගේ ආගම මගින් ඔවුන්ට උගන්වා ඇති දේ නිසාය.හින්දු දෙවි කෙනෙක් ප්‍රසිද්ධියේ පාරක ගමන් කළහොත් ඔහුව අත් අඩංගුවට ගෙන අඩුම තරමේ අවුරුදු දෙකකට වත් ඔහුව සිරගෙට යැවීමට තරම අවි ආයුධ ඔහු සතුව ඇත.කුරානයේද තමන්ගේ ආත්මාරක්ෂාවට ඝාතනය කිරීමට අවසර ඇත(අන්තවාදීන් වැරදි ලෙස භාවිතා කරන්නේ එම ඉගැන්වීමය).නමුදු බෞද්ධ දර්ශනයේ කිසිම තැනක හිංසාකාරී ඉගැන්වීමක් නැත.එමෙන්ම බහුතරයක් සිංහලයාට වරදින්නේද ඔවුන් සෑම දෙයක්ම බුද්ධියට අනුව විචාර කටයුතු කරන නිසාවෙනි.එයට වරදක් කීමට නොහැක.ඒ කුඩා කල සිටම ලැබුන බෞද්ධ දර්ශනයේ අභාශයයි.


ඕනෑවට වඩා බුද්ධිමත් වීම නිසා සිංහලයාට තමන් ගේ ජාතියට ඉදිරියේදී ඇතිවන ව්‍යසනය ගැන කිසිදු හැගීමක් නැත.ජාතිය ආරක්ෂා කිරීමට අන්තවාදී විය යුතු නැත,ජාතිවාදී විය යුතු නැත,ලේ වැගිරිය යුතුද නැත (ලේ වැගිරීමෙන් ඔප්පුවන්නේ ඔවුන්ගේද අපේද වෙනසක් නොමැති බව පමණකි).ජාතියක් ලෙස සිංහලයාද සිතනවානම්.ජාතිකත්වයට ඉඩ දෙනවානම් ජාතියේ යහ පැවැත්මට එය මහෝපකාරි වනු ඇත.උග්‍ර ජාතිවාදීන් සහ ඊනියා සාමවාදීන්(භයානකම කොට්ටාශය මොවුන්ය.තමන්ගේ වාසියට ජාතිය පාවා දෙන බහුතරයක් මේ නමින් හැඳින්වේ) මධ්‍යස්ත මතයක් දරනවානම්(ජාතිමාමක) මෙම ප්‍රශ්නය ලේසියෙන්ම විසදෙනු ඇත(අවශ්‍ය අවස්ථාවකදී ජාතියක් ලෙස නැගීසිටීම මෙමගින් අදහස් කෙරේ.සිංහලයාගේ එකමුතුවක්‌ නැති කම අවස්ථාවාදීන් විසින් රිසිසේ සිංහලයටම විරුද්ධව භාවිතා කරයි).

එහෙත්.අපි ජාතියක් වශයෙන් අපගේ ජාතියට විරුද්ධ බල වේග සමග සටන් කලයුතුය.නැවත කියමි.ජාති මාමක වන්න .අපගේ සටන අන්තවාදී හම්බයා සමග මිස සහෝදර මුසල්මානුවන් සමගවත් බෙදුම්වාදී දෙමළා සමග මිස සහෝදර හින්දුන් සමගවත් නොවේ.
     

ප.ලි - ටික දවසකට කලින් ලිව්ව මේ පොස්ට් ඒක නොදා ඉන්න හිතුවත් තරියගේ පොස්ට් එක දැක්කම නොදා ඉන්නේ අපරාදේ කියල හිතුනා. 
Comments
34 Comments

34 comments:

  1. ඒ උනාට අපි මේ වෙලාවෙදි හැගීම් වලට වහල් වෙලා වැඩ කරන්නැතුව මොලෙං ගේම දෙන්න දැන ගන්න ඕනා..
    ඕනම දේකට විසදුම් තියෙනවනේ..
    කොන්ද පන තියෙන රජයක් තියෙනවනං ඕක සිම්පල්..
    ඒත් ඉතිං එහෙම එකක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙහෙම කිව්වේ බන්

      උග්‍ර ජාතිවාදීන් සහ ඊනියා සාමවාදීන්(භයානකම කොට්ටාශය මොවුන්ය.තමන්ගේ වාසියට ජාතිය පාවා දෙන බහුතරයක් මේ නමින් හැඳින්වේ) මධ්‍යස්ත මතයක් දරනවානම්(ජාතිමාමක) මෙම ප්‍රශ්නය ලේසියෙන්ම විසදෙනු ඇත.

      උඹ වගේ අවංකව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියන දේ මිනිස්සුන්ට තේරෙන්න කියන්න පුළුවන් උන් ඉන්නවා නම් රජයක් ඕන නෑ බන්.බුකියේ කියන දේවල් එකක් වත් ප්‍රායෝගික නෑ නේ බන්.විකාර විතරයි.මම කියන්නේ ප්රාගොගික වෙන්න ඕන කියලා.

      Delete
  2. සිංහලයාගේ එකමුතුවක්‌ නැති කම අවස්ථාවාදීන් විසින් රිසිසේ සිංහලයටම විරුද්ධව භාවිතා කරයි !!!!

    ජාති,ආගම් භේද නොමැතිව එකා මෙන් නැගී සිටීමට කාලය උදාවී ඇත..!!!

    අවදිවෙයව් හෙලයනි!!! :)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා....

      අවදි වෙන්න ඕනෑ...චින්තනීය වෙනසක් එක්ක... :D

      Delete
  3. උඹේ සමහර අදහස් ගැන එකගයි. ඒත් සමහර කතා උඹයි --පිල්ලෙයානුයි අතරෙ වෙනසක් නැහැ කියලා පෙන්වනවා .උඹ කියන ඔය චින්තනීය වෙනස තව ටිකක් පැහැදිලි කරොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. මම ත්‍රස්තවාදයට කොහෙත්ම කැමති නෑ .

      ~ඉහලින් පලකල සියලු අදහස් සමාජ ජාල වල බෙදා ගන්න යැයි අයාචනා කරමින් ලිපි නිකුත් කරන ඊනියා ජාතිවාදීන්ගේ අදහස් ලුහුඬු කොට දැක්වුවා පමණකි.~

      ඊට ඉහළින් ඇති සියලුම වදන් මාගේ පෞද්ගලික මතය නොව බුකියේ ෂෙයාර් වෙන පින්තුර දුටුවිට හිතෙහි ජනිතවන සිතුවිලි සමුදායයි.

      චින්තනීය වෙනස ගැන මම ලොකුවට කිව්වේ නැත්තේ ඒවා කොමෙන්ට් විදියට බලාපොරොත්තු වෙච්ච නිසා .හරියට මේක වගේ

      "දෙමල මිනිස්සුන්ට යුරෝපාකරයට කැනඩාවට එන්න එහේ දමිළයෝ උදව් කරනව. ණය දෙනව. අපේ එවුන්, පොඩ්ඩක් හරි ඔලුව උස්සනකොට ඉරිසියාවෙ පැලෙනව. ජාතියක් විදියට අපිට නැගිටින්න බැරි ඔය හින්දයි."

      Delete
  4. ලිපියේ අන්තර්ගතය සමග එකග වෙමි ...

    ReplyDelete
    Replies
    1. එහෙත්.අපි ජාතියක් වශයෙන් අපගේ ජාතියට විරුද්ධ බල වේග සමග සටන් කලයුතුය.නැවත කියමි.ජාති මාමක වන්න .අපගේ සටන අන්තවාදී හම්බයා සමග මිස සහෝදර මුසල්මානුවන් සමගවත් බෙදුම්වාදී දෙමළා සමග මිස සහෝදර හින්දුන් සමගවත් නොවේ.

      Delete
  5. මලයා, හිතට එකගව බලපන්. සිංහලයෙක් ඉහළට යනකොට වැඩිපුරම බාල්දි අදින්නෙ, ඉරිසියා කරන්නෙ කව්ද. තවත් සිංහලයෙක්මයි.
    දෙමල මිනිස්සුන්ට යුරෝපාකරයට කැනඩාවට එන්න එහේ දමිළයෝ උදව් කරනව. ණය දෙනව. අපේ එවුන්, පොඩ්ඩක් හරි ඔලුව උස්සනකොට ඉරිසියාවෙ පැලෙනව. ජාතියක් විදියට අපිට නැගිටින්න බැරි ඔය හින්දයි.

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මමත් කියන්නේ.
      " සිංහලයෙක් ඉහළට යනකොට වැඩිපුරම බාල්දි අදින්නෙ, ඉරිසියා කරන්නෙ කව්ද. තවත් සිංහලයෙක්මයි. "
      මම ඔය දේ නම් හොඳටම අත් වින්දලා තියනවා.

      Delete
  6. මේක බැලුවාම තමයි තේරුනේ මමත් ජාතිවාදියෙක් කියලා.. සිංහල අපි සංවිධානය විය යුත්තේ ඔවුන්ට පිලිතුරු දීමටත් වඩා අපේ උන්ව නඟා සිටවීමටයි යන්න මගේ හැඟීමයි. බොදු පිංකමකදී වුවත් අප දානය පිලි ගන්වන අයගේ ආගම ජාතිය සොයා නොබලයි. ඒ අපේ ආගමිත දර්ශනයේ හා ජාතිකත්වයේ හික්මීමයි නමුත් ඉස්ලාම් හා කතෝලික වරුන් උදව් කරනුයේ ඔවුන්ගේ අයටමයි. වෙනත් ආගමිකයන්ට හෝ ජාතිකයන්ට කෙරෙන උපකාරය බොහෝවිට එම ආගමට හෝ ජාතියට බැඳීමට කෙරෙන ආරාධනාවකි. මෙලෙස දරිද්‍රතාව නිසා සිංහල බෞද්ධ යන්න අත් හරින්නෝ වැඩි වන්නේ හා ඔවුන් බිලීබාන්නෝ සාර්තක වන්නේ අපි අපේ උන්ගැන සොයා නොබලන නිසාවෙනි.අනෙක් කරුණ නම් දැන් දැන් සිංහලයාට අනන්‍යය ආගමක් නොමැති වීමයි.බුද්ධ දර්ශනය උඩින් අතගා පිලිම හා වෘක්ෂ වන්දනාවේ යෙදීමත් පෙර දවස නායක්කරවංශිකයින් අමුණනු ලැබූ හින්දු සංස්කෘතිය අනුගමනය කිරීමත් මෙයට හේතුවයි.බෞද්ධ දර්ශනය තුල දෙවියා හා හින්දු දෙවියා සංකල්ප පටලවාගෙන ලෞකික සැපත පතා දෙවියන් යදී. දෙවියන් නොම යදින්නෝ එසේම බෝධිය යදී. ඉතා අතලොස්සක් වූ ධර්මාචාර්යය දක්වා යන්නවුන් බොහෝවිට අන්තවාදී ලෙස බුද්ධාගම අදහන සංස්කෘතීන් පටලගත් ආගමික හා සංස්කෘතික අතින් අන්තගාමී වූ පිරිසකි. එසේම මේ සියල්ලටම වඩා බලපෑම නම් දේශපාළණය හා අනෙකුත් ක්‍රම මගින් බහු ආගම්වාදීන් බහු ජාතිවාදීන් සිටින රටක් ලෙස ලංකාව හැඳින්වීමත් ආගම් ජාති ප්‍රතික්ෂේප කරන්නන් අපේ ජාතිය තුල පමණක් නිශ්පාදය කිරීමයි.ලංකාව තුල සිංහල බෞද්ධ වෙනුවෙන් කතාකිරීම (අන් ආගම් ගැන කිසිත් නොකියා වුවත්)තුලින්ම සිංහල බෞද්ධයන්ම ඔබව ජාතිවාදියෙකු කරනු ඇත. මෙයට වැටෙන ප්‍රතිචාර නිදසුන් වනු ඇත.

    කිරිසප්පයා @ අන්තිමපේලිය

    ReplyDelete
    Replies
    1. දැනටමත් එක වෙලාද මන්දා.ඇත්තටම හොඳ කොමෙන්ටුවක්.

      Delete
  7. සෑහෙන හිතන්න දෙයක් තියෙනව. හැබැයි ඔයා ලියල තියෙන හැම දේටම එකඟ නෑ මං. උත්සාහය සෑහෙන්න සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කොමෙන්ටුවට.අදමද මන්දා මේ පැත්තේ ආවේ.

      Delete
  8. සිංහලයාගේ එකමුතුවක්‌ නැති කම තමයි මුල. බහුතරයක් සිංහල රටේ එක සිංහල නායකයෙකු යටතෙ රටක් පාලනය කරන්න බැරි රටක ඔය ගැන කවර කතාද.

    ReplyDelete
  9. ඌණ පූර්ණ නොමැත. සම්පූර්ණයෙන්ම එකගයි. ප්‍රතික්ෂේප කළ යුත්තේ මොනයම් හෝ අන්තවාදයයි.

    ReplyDelete
  10. පට්ට පට්ට ලෙසටම දැනුනා ඈ
    අපේ උන්ට මේ හැගීම තමා නැත්තේ
    සිංහලයන්ට උන්ගේ ජාතිය අගේ නෑ ,කෙලවිලා හැදීගෑවිලා ගිය දාට තමා නැගී ඉන්න හදන්නේ.හැබැයි අපේ ජාතිය උන් නැති කරන දවසක නැති කරන්නේ ආයේ නැගිටින්නම බැරි වෙන්න එදා වෙනකන් ජාතිය ගැන කැක්කුමක් ඇතිවෙන්න ඉන්නේ නැතුව අපි අපේ ජාතිය වෙනුවෙන් නැගී හිටින්න ඕනේ

    ReplyDelete
  11. එදා ඉඳලම සිංහලයට කෙල උනේ එකමුතුවක් නැති නිසා....

    ReplyDelete
  12. මානවක ඉතාමත්ම කාලෝචිත ලිපියක්.මෙය හොඳ සංවාදයකට ලක්විය යුතුයි.හැමදාමත් හොඳ දේ ගෙනෙන ඔබට ජය .
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  13. /මදක් සිතන්න බොහොමයක් දියුණු රටවල චීන ටවුමක් ,ඉන්දියානුවන්ට අයත් නාගරික ප්‍රදේශයක් එහෙමත් නැත්තන් ඇමෙරිකාවේ අයර්ලන්ත සම්භවයක් ඇත්තන් වැඩිවශයෙන් වෙසෙන , ප්‍රංශ සම්භවයක් ඇත්තන් වැඩිවශයෙන් ,බ්‍රිතාන්‍ය සම්භවයක් ඇත්තන් සහ ඉන්දියානු සම්භවයක් ඇත්තන් වැඩිවශයෙන් වෙසෙන නාගරික ප්‍රදේශ සුලභ වේ.සිංහලයන් වැඩිවශයෙන් වෙසෙන එම ප්‍රදේශයේ පාලන අධිකාරියට බලපෑම් කල හැකි සිංහල බලයක් ඇති නාගරිකයක් ඇති කිසිම රටක් ඔබට ලෝකයේ සොයාගත හැකිද ?./


    මෙතැන එක වැරැද්දක් තියෙනවා, ඇමරිකාව වගේ රටවල තියෙන්නේ ඉන්දියානුවන් හෝ චීනුන් බහුලව වෙසෙන ප්‍රදේෂ (chinatown/little india) මිස දෙමල/හින්දු/සීක්/මරාටි කියා ඉන්දියාවේ ඇති ජාතිකත්ව විදිහට වෙන් කරගත් පැති නෙවේ.... එතැනදී ඔව්නු ප්‍රොමෝට් කරන්නේ තමන්ගේ nationalty එක මිස ජාතිකත්වය (race) එක නොවේ. පිටරටක හෝ කොහෝ හෝ අපි වෙහෙසිය යුත්තේ ස්‍රී ලංකා යන නාමය ඉදිරියට ගෙනයාමත මිස තමතමන්ගේ ජාතිකත්වය ප්‍රචලිත කිරීමත නොවේ... ජාතිකත්වය යනු දියුණු ලෝකයේ තවදුරටත් පිලිගන්නා සංකල්පක්ද නොවේ.....

    ඉන්දියානුවා ඉන්දියන් ලෙසද (ඉන්දියාවේ ජාතිකත්ව හැටකත වඩා අධිකව ඇත ), අයර්ලන්තජාතිකයා අයිරිෂ් ලෙසද (අයර්ලන්තයේද ඇන්ග්ලෝ සැක්සන්වරු, නෝමන් වරු, රෝමානු කතෝලිකයෝ යනුවෙන් විවිධ ජාතිකත්ව වාසය කරයි ) දකින ලෝකය අපිව හැදින්වන්නේ "ස්‍රී ලංකන්" කෙනෙකු ලෙසය. එය සිංහල/දෙමල ලෙස බෙදා පෙන්වන්නට යාම දියුණු ලෝකය දකින්නේ ගෝත්‍රික මානසිකත්වයක් ලෙස මිස (බටහිර මෑතකදී පටන් මෙසේ සිතුවද ජාතිය යන සංකල්පයට පයින් ගසා පුද්ගලයා සහ පුද්ගල චරිතය සංකල්පය වැදගත් බුදුරජාණන් වහන්සේ වසර ගනනකට පෙර වදාලහ ) වෙනයමක් ලෙස නොවේ...

    ReplyDelete
  14. /නමුදු බෞද්ධ දර්ශනයේ කිසිම තැනක හිංසාකාරී ඉගැන්වීමක් නැත.එමෙන්ම බහුතරයක් සිංහලයාට වරදින්නේද ඔවුන් සෑම දෙයක්ම බුද්ධියට අනුව විචාර කටයුතු කරන නිසාවෙනි./

    ඉතින් එහෙම බුද්ධියට අනුව ක්‍රියා කෙරුවහම වරදිනවද? බෞද්ධයා කියන්නේම බුද්ධියත අනුව ක්‍රියාකලයුතු තැනැත්තා නෙමේද?
    මේක බෞද්ධ රතක් කියලා මේ රටේ දන්ඩ නීතියක්, පොලිසි, හිරගෙවල් ආදී වරදට දඩුවම් කරන ස්තාන නැත්තෙ නෑනේ... ඉතින් අන්‍යාගමිකයෙකුගෙන් අනුව බුදුදහමට අපහාසයක් වනවානම් ඊට අදාල නීති යටතේ අපි කටයුතුකරමු.
    එවැනි සිද්ධි කියවිය යුත්තේ නීති විරෝදී කටයුත්තක් ලෙස මිස අන්‍ය ආගමිකයන් සිංහලයන්ත කල ප්‍රහාරයක් ලෙස නොවේ.. (උදාහරනයක් කිව්වොත් පූජාභූමි පනතත අනුව ඔනෑම පූජාභූමියකත අයිති ඉඩමක ගෙවල් හැදීම තහනම්, එහෙම වෙලා තියෙනවානම් ඒ පූජාභූමිය භාරව ඉන්න හිමිනමට හෝ පූජකයාට ඊට විරුද්දව පොලිසි යන්න නඩු කියන්න පවා පුලුවන්) එහෙව් එකේ මොකතද රෙදිගලවන් පල්ලි කඩන්න ගියේ.... අනෙක මේ එක උසාවි නියෝගයකින් විසදාගන්න පුලුවන්ව තිබ්බ ප්‍රෂ්නයගැන ඒ කාලෙ ගැන කතාකලේ හරියට දඹුල්ලේ තලිබාන් කෑම්ප් එකක් දාලා වගේ....

    මේ දේම බෞද්ධ හැදියාවට විරුද්ද නැද්ද?
    ඒ බෞද්ධ හැදියාව ෂිස්ට කමක්ද? දුර්වලකමක්ද?

    ReplyDelete
  15. /.මුසල්මානුවා ළඟ ඇති ජාතිකත්වය සිංහලයා ළඟ ගෑවිලාවත් නැත/

    ආත්මාර්තකාමී ජාතිකත්වයක් අපි ගාව නැතිනම්, අපි ජාතිකත්වයත වඩා මනුෂ්‍යත්වය උතුම්කොට සලකනවානම් අපි ඒගැන ආඩම්බර වියයුතුයි නේද...
    (නමුත් දැන්, බොහෝකොට යුද්දෙන් පස්සේ ඒක වෙනස් වෙලා, ජාතීන් තුනේම මුස්ලිම් වගේම සිංහලුන් අතරත් අන්ත ජාතිවාදීන් බිහිවෙලා )

    ReplyDelete
  16. /.ජාතියක් ලෙස සිංහලයාද සිතනවානම්.ජාතිකත්වයට ඉඩ දෙනවානම් /

    ජාතීන් ලෙස ලෙස බෙදීමට යාම දියුණු ලෝකය දකින්නේ ගෝත්‍රික මානසිකත්වයක් ලෙස මිස (බටහිර මෑතකදී පටන් මෙසේ සිතුවද ජාතිය යන සංකල්පයට පයින් ගසා පුද්ගලයා සහ පුද්ගල චරිතය සංකල්පය වැදගත් බුදුරජාණන් වහන්සේ වසර ගනනකට පෙර වදාලහ ) වෙනයමක් ලෙස නොවේ...

    මුසල්මානුවා ජාතිය ලෙස වෙන්ව සිතීනම් ඒක උගේ අයිතියයි... රටේ බලපැවැත්වෙන නීතීන්ත ගරු කරනතාක් ඔනෑම කෙනෙකුත එසේ සිතීමට අයිතිය ඇත.
    ලෝකයී සෑම තැනකම පාහේ උග්‍ර ජාතිකවාදී මුසල්මානුවන් සිටී...
    උන් එසේ ඌවායැයි කියා අපිද ජාතිකත්වය බදාගැනීමට යෑම මෝඩ කමකි...
    මක්නිසාද යත් ලිබරල් මානසිකත්ව්යෙන් යුතුව සිතන ඔනෑ තරම් මිනිසුන් (මුස්ලිමුන්ද ඈතුලුව ) මේ ලෝකයේ සිතින බැවිනි....

    ReplyDelete
    Replies
    1. ලිබරල් මානසිකත්ව්යෙන් යුතුව සිතන ඔනෑ තරම් මිනිසුන් (මුස්ලිමුන්ද ඈතුලුව ) මේ ලෝකයේ සිතින බැවිනි....

      නිකන් මෝඩ කතා කියන්න එපා හලෝ ලිබරල් විදිහට හිතනවා නම් හොද මුසල්මනුවෙක් වෙන්නේ කොහොමද ?

      Delete
  17. අනේ මන්ද අප්පා..

    ReplyDelete
  18. බුදු දහම ගුරුකර සලකන මම නම් දකින්නේ මිහිමත එකම මනුස්ස ජාතියක් පමණයි.. මේ භවයේදී සිංහලයෙක් උනත් අනන්ත පෙර භවයන්හිදී මොන ජාතිවල උපන්නාදැයි නොදන්නා අපි ඊළඟ භවයේදී තිරිසනෙක්වී ඉපදිය හැකිය,, එසේනම් ජාතියක් ගැන කවර කතාද ? අපි ශ්‍රීලාංකික ජාතියක් වීම ප්‍රධානයි ඉන් පසු අපි මනුස්ස ජාතියේ කොටසක් පමණක් බවත් මනුස්ස ජාතිය යනු සත්ව වර්ගයාගේ උසස්ම බුද්දිය ඇති සත්ව වර්ගය බවත් වටහාගත යුතුය..

    ReplyDelete
  19. දැනට මේ කථාබහ අගුරු යට ඇති ගිණි පුපුරු වගෙයි... එහෙත් දිනෙක නිසැකවම කරළියට පැමිණෙන බව නිසැකවම කියන්න පුලුවන්... අද ජාතිවාදී ලේබලය ගහන උන් එදාට හොයාගන්නත් නැති වෙයි...

    ReplyDelete
    Replies
    1. අලුයට තියෙන ගිනිපුපුරු ගිනිකදු වෙලා මීට පෙරත් අවුරුදු 30ක් තිස්සේ අපේ සමාජය ඇවිලුවා වගේ ආයෙත් අවුලන්නැතිවෙන්න තමා ජාතිවාදී කතා කියන එක නවත්තන්න ඔනේ..
      එහෙම ජාතිවාදී ගින්න ආයිත් ඇවිලුනොත් ඔය බුකියෙ ජාතිමාමමකයො ආගිය අත නැතිවෙයි... ඒකටත් වන්දි ගෙවන්න වෙන්නෙ අහිංසක මිනිස්සුන්ටම තමා....

      Delete
    2. මේ.. දෙමල ප්‍රස්නේ තනිකරම ලංකාව ඇතුලේ එකක් නෙවෙයි නේ. 71, 77, 89 දෙහා බලද්දී ඒ ක තේරෙනවනේ. ඔය හම්බ ප්‍රස්නේ ප්‍රස්නයක් වෙන්නේ, උන්ට මේ රට ඉස්ලාම් කරන්න තියෙන දොලදුක නිසා. ඒකත් ඔය මොහොමඩ් ගොයියාට වඩා, කුරාණගත් කාවන්ට තියෙන ශුද්ධවූ-පිස්සුව නිසා. මේවාට සවුදි රියාල ඩිරාම් එහෙම හරියට එනවා. ඕවට සියලු සත්වයෝ නිදුක්වෙත්වා කිය කිය ඉඳලා හරි යන්නේ නෑ. "මම ජාතිවාදී නෑ" කිය කිය ඉඳලත් බෑ. අපි කීප දෙනක්ම දැන් අවු කීපයක ඉඳලා මුස්ලිම් කඩවලට යන්නේ නෑ. (අපේ සින්'ග'ලය්යලා අපිටම කෙලින අවස්ථා තියෙනවා.. ඔවා ඉතින් කොයි කා අතරත් තියෙනවා නේ.. ) උන්ගෙ රෙදි ගන්නෙත් නෑ. උන් රෙදෙ දාන සින්හල කඩවලට යන්නෙත් නෑ. ලංකාවෙ සින්හල නිමි ඇඳුම් වෙලෙන්දෝ ඉන්නවා. (මම මෙතන ඇඩ් දාන්න අදහසක් නෑ ) ඔයාලත් පුලුවන් නම් අපේ මිනිස්සුන්ගෙන්ම බඩු ගන්න. සින්හල ව්‍යාපාරවලට මුල් තැන දෙන්න. බැරි නෑ.. මේ මම කරන්නේ! මේවා කියන්න අනෙක් අයට. මොකද අපිවිතරයි එහෙම නොකරන්නේ.. මුස්ලිම් අය එහෙම කරනවා. ඉතින් මොන කෙහෙල් මලක්ද.. ? උන්ට විතරද ජාත්‍යාලය?

      හලාවත මාටින් (ඔව්.. ඔව්.. මාලු මාටින් තමයි... මොකෝ; වෙරල අයිනෙ ගොයන් වැවෙනව ඇයි?)

      Delete
  20. බලන්න ඕන මුස්ලිම් කෑල්ලකට අපි බැල්ම දැම්මොත් හම්බ හැත්ත කියන කතා..උන්ට මේ රටේ ඉතිහාසය අමතක වෙලා..අපිට උරුම රටට හම්බ හැත්ත ආවේ උන්ගේ වෙළදාම් කරන්න..අරාබියේ ඉඳලා..ඒ එනකොට ආවේ මුස්ලිම් පිරිමි එවුන් විතරයි..උන් ලංකාවේ සිංහල කාන්තාවෝ තමා කසාඳ බැන්දේ..ඒ නිසා හම්බ හැත්ත අමතක කරන්න එපා උඹලා ලංකාවේ පැතිරුනේ සිංහල කාන්තාවොන්ගෙන් කියන එක..නැත්නම් තව ටික දවසකින් කියයි ලංකාව මැව්වෙත් අල්ලා කියලා..@#$%

    ReplyDelete
  21. බලන්න ඕන මුස්ලිම් කෑල්ලකට අපි බැල්ම දැම්මොත් හම්බ හැත්ත කියන කතා..උන්ට මේ රටේ ඉතිහාසය අමතක වෙලා..අපිට උරුම රටට හම්බ හැත්ත ආවේ උන්ගේ වෙළදාම් කරන්න..අරාබියේ ඉඳලා..ඒ එනකොට ආවේ මුස්ලිම් පිරිමි එවුන් විතරයි..උන් ලංකාවේ සිංහල කාන්තාවෝ තමා කසාඳ බැන්දේ..ඒ නිසා හම්බ හැත්ත අමතක කරන්න එපා උඹලා ලංකාවේ පැතිරුනේ සිංහල කාන්තාවොන්ගෙන් කියන එක..නැත්නම් තව ටික දවසකින් කියයි ලංකාව මැව්වෙත් අල්ලා කියලා..@#$%

    ReplyDelete
  22. ස්ංහලුන්ගේ තියෙන ලොකුම වැරැද්ද තමයි හැම 'රෙද්දම' බුදුදහමෙ අරමයි මෙහෙමයි කියලා කරන්න යන එක. උදා: ත්ම්බියෙක් අල්ලපු ඉඩමේ පල්ලියක් හදන්න යනවා. සිංහල උන් ඉඩ දෙනවා. (මුන් පාන්දරට බෙරිහන් දෙන ඒවා අමතකයි. කාටත් මිත්‍ර ශීලීව උදව් කරන එක 'සිංහලයගෙ' ගතිය කියලා උදව් කරනවා) ඊට පස්සේ තමබී වැඩ අල්ලනවා. මේ කරදරේ ඉවස ගන්න බැරිව, ලෙබ්බෙට කිව්වම, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැම කෙනෙක්ටම නිදහසෙ ආගම් අදහන්න අයිතියක් තියෙනවා කියලා කියනවා. ධන් අර සද්ද නීතියත් නෑනේ. දැන් ඉතින් මේ අවට ඉන්න උන් ඔක්කොම පාන්දර 4.30ට ඇහැරෙනවා! මේවා තමයි 'පස්න'! ආගම, ජාතිය තමන්ගේ පෞද්ගලික දෙයක් වෙන්න ඕනා, බහු-වාර්ගික වෙනකොට. නැත්තන් ඉතින් සදා වලි තමයි! (මම නම් අනික් උන් හැදෙනකල්, ජාතිවාදී තමයි! බොරු ප්‍රේරෙමය පෙන්නන ගිහින් කිච වෙන්න මට නම් බෑ)

    - හලාවත මාටින් (ඔව්.. ඔව්.. මාලු මාටින් තමයි... මොකේ වෙරල අයිනෙ ගොයන් වැවෙනව ඇයි?)

    ReplyDelete
  23. මමත් මේ අදහසට එකයි, අපි විතරෙඅක් මේ ගැන කතාකරොත් ජාතිවාදී, හම්බයෝ කරන ඔක්කොම හොදයි, ලෙසිය හා ෂත් ගණනක ලබය නොබලා අද ඉදන්ම සින්හලහෙක්ගේ කඩේකින් බදු ගන්න, උන්ගෙන් අරියාදුවක් උනත් කමක්නෑ සිංහලයෙක්නේ කියල හිතන්න, ගස් හම්බයන්ගේ මුණට පෙන්වන හින2වත රැවටෙන්න එපා.. උන් අපි බදු අරන් ගියාට පස්සේ අපිට දෙකොනින් හිනාවෙන්නේ..

    ReplyDelete

හිතුනේ මොනවද?