බුකියේ මං

49 ෆයිනල් එකට ඇරියේ මාමද?



පරාජයේ දුක පහව යන්නේ කොදෙව්වෝ දින්න නිසාය.ලංකාවට හතර වතාවක් අනුශුරයෝ වීමට සිදු වුයේ ක්‍රිකට් හා සම්බන්ධකම් පවත්වන මිනිසුන්ගේ ක්‍රියා කලාපය නිසා මිස රාජ්‍ය නායකයාගේ මැදිහත් වීමක් නිසා නොවේ.




කණ්ඩායමක් අවසන් තරගය වෙනතෙක් තරගාවලියක් තුල ඉදිරියට එන්නේ එම කණ්ඩායමේ දක්ෂ තාවය අනිත් කණ්ඩායම් වලට වඩා ඉහල මට්ටමකින් ඇති නිසාය.එම නිසා එවැනි කණ්ඩායමක පරාජය සඳහා රාජ්‍ය නායකයා හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය වග කිවයුතු නැත.මාමා විසින් ක්‍රිකට් ක්‍රීඩාව විනාස කර ක්‍රීඩාව දේශපාලනීකරණය කර තිබුනා නම් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් විසි වන්නේ මුල් වටයේමය.කියන්න දෙයක් නැත.තරගයට මුහුණ දුන්නේ දක්ෂ තාවයෙන් ඉහල කණ්ඩායමක්  ය.පැරදුනේ උන්ගේ වරදින් මිස මාමාගේ වරදින් වත් මිනිසුන්ගේ වරදින් වත් නොවේ.



මාලිංග කිසිසේත්ම තරගය පවා දුන්නේ නැත. එකම වැරැද්ද නම් ඔහු සිටින්නේ තමන් ගැන අධි තක්සේරුවකිනි.ඔහුගේ ඔහුටම ආවේනික උන පන්දු යැවීමේ ඉරියව්ව නිසා ඔහු පන්දු යවන්නෙක් විදියට ඉහල මට්ටමකට පැමිණුනි.මාලිංග තමන් ගැන සිතා සිටින අධි තක්සේරුව නිසා ඔහු නව තාක්ෂණික ක්‍රම සමග යාවත් කාලීන නොවේ.එම නිසා ඔහුගේ පන්දු යැවීමට පිති කරුවන් දැනටමත් පරිණාමය වී ඇති අතර ළඟදීම ඔහුගේ පන්දු වලට එලව එලවා පිතිකරුවන් පහර දෙනු ඇත.තවද ඔහු ලංකාවේ ක්‍රිකට් ගසන්නේ යුතුකමක් ලෙස සලකා මිස තමන්ගේ වගකීමක් ලෙස නොවේ.ඔහු ඔහුගේ මාර්ගය සකසාගෙන අවසන් වන අතර ජාතික කණ්ඩායමෙන් විසි උනත් ඔහුට ඉහල ඉල්ලීමක් ඇත.IPL වලට පින් සිද්ද වෙන්න මාලිංග හත් මුතු පරම්පරාවටම උපයා ඇති අතර මෙය ඔහුට තවත් තරගයක් පමණකි.

කොදෙව්වන් දින්නේ ඔවුන්ගේ වාසනාව නිසාය.එසේ නොවුනද ඉන්දියාව පකිස්තානය ඔස්ට්‍රේලියාව එංගලන්තය වැනි කාලකන්නි රටකට කුසලානය ගියාට වඩා අවංක සතුටක් සිතට දැනේ.මම කොදෙව්වන් දිනිය යුතුය කියන මතයේ සිටි නිසාම නිවස තුලදීද පවූලේ  අය සමග තරගය නැරබීමෙන් වැළකී සිටියෙමි.මම ජාති ද්‍රෝහියෙකු හෝ   බලෙන් රැඩිකල් වීමට හදන ගොන් බැලයකු නොවේ.ලංකාව දින්නා වගේ නොවේය කොදෙව්වන් දින්නාම රටවල් ගොඩක් සතුටුකල හැක. 

මැච් එක පැරදීමට ලොක්කා වගකිවයුතු නැත.ලොක්කා වගකිවයුතු නම් මාලිංග අසාර්ථක වෙද්දී තවදුරටත් ඔහුව පන්දු යැවීමේ නිරත කල මහේලත්.අවසන් තරගය සඳහා ඛෙත්තාරාමය තෝරාගත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ හා සමානව නොව ඊට දහස ගුණයකින් වගකිව යුතුය.



මිනිසුන්ට ඕනෑම දෙයක් කිව හැක.ලොක්ක නිසා තරගය පැරදුනා යැයි කෑ ගසන බහුතරයක් බුකියේ සිටිනා හාල් කෑලිය.උන් "අනේ අපේ අම්මා මැරුණා" කිව්වත් ලයික් දාන උන්ය.

ලොක්කාගේ වැරදි අනන්තවත් ඇත.එහෙත් ලොක්කාගේ ආශ්චර්ය ගැන වද වන අයියලා ප්‍රේමදාස යුගය නැවත මතකයට ගන්නවානම් යහපති.එදවස මේ තරම් තොරතුරු තාක්‍ෂණය දියුණු මට්ටමක තිබුනේ නැත.තාත්තා අලියට දාන නිසා අලියට චන්දෙ දාන දුවරු සිටිනා,කැපුවත් නිල්  පුතුන් සිටිනා රටක මේවා සාමාන්‍ය සිද්දියක් ලෙස බැහැර කරනු මිස වෙන කුමක් නම් කරන්නද ?  .

ලංකාවේ මාධ්‍ය නිදහස නෑ කියා කෑගසනා හාල් කෑලි වලට තව දෙයක් මතක් කල යුතුව ඇත.මාධ්‍ය නිදහස නොවේ නම් තොපලාගේ කටවල්  බයිසිකල් පෝක් බස්සනු ඇත.බැස්සුවානම් තොපි මාධ්‍ය නිදහසේ සැබෑම අර්ථය දැනගනු ඇත.


ප.ලි - මම බුකියේ දැමු ස්ටේටස් එකද මෙතනම දමමි.

"මාමේ මාමේ ඩේලි ෆකින් නෝ චිල්රන් කියන්නේ මේකට තමයි."

මාමා කොච්චර හොඳ කලත් රටට නොපෙනේ.එහෙම බැලුවම ඉතින් මාමා තරම් කරුමක් කාරයෙක් වෙන කොහෙන් හොයන්නද?.
Comments
49 Comments

49 comments:

  1. මාලිංග යනු හුරුපුරුදු බඩුවකි. කටවහරට මරදානේ බඩුවකි. ෆයිනල් එකට එන කවුරු වුනත් හුරුපුරුදු බඩුවල කෙරුම ගැන හොදින් හොයා බලා එති. මේක සරළ කාරණයකි. අනිත් සරළ කාරණය නම් කොදව්වෝ වේග පන්දු හොදින් කියවති. මද වේග පන්දු සහ දග පන්දු වලින් අපිට වැඩි ප්‍රථිපල ලැබුනේ ඒ නිසාය.

    පිතිකරුවන්ට වඩා වේග පන්දු යවන්නෝ 'බඩු' වීම ඉතා සුලභය. පිතිකරුවන් තම ටෙක්නික් නිරතුරු වෙනස්කර ගනිති. ඒ එය ප්‍රායෝගික නිසාය. උදා. ඉතා ස්ලෝ බැට්ස්මන් කෙනෙක් උන සනත් මාස්ටර් බ්ලාස්ටර් විය. දිල්ශාන් කොහේදෝ සිට ඇවිත් පොරක් විය. නමුත් වේගපන්දු යවන්නන්ගේ විලාශය කවදාවත් සීග්‍ර පරිවර්තනයකට ලක් නොවීය. ඉතිං මාලිංග දැන් මරදානෙ බඩුවක් ලෙස නොදකින්නේ, පානම් පත්තුවෙ සිට එන සිම්බාබ්වේ, කෙන්යා වැනි රටවල් පමණි.

    මාලිංග නැවත නැවතත් කැදවීම කෙරෙහි මුලදී මගේත් කුතුහලයක් පැවතිණි. නමුත් මීට පෙර මහේල මෙවැනි තීරණ (වැටිච්ච් කටෙන්ම ගොඩ ඒම ) ගෙන සාර්ථක වූ අවස්ථා ඇති බව දැන් ගත් නිසා, මම ඒ ගැන කථා නොකළෙමි. කෙසේ වුවත් මහේලගේ ඒ තීරණය මෙවර නම් වැරදි බව ඔප්පු වී හමාරය.

    මට ඇත්තේ 'ලොක්කා මැච් එක බලන්න ආ නිසා පැරදුනා' කියන තර්කය නම් නොවේය. මේකත් ගොඩ ගියා නම් ඒක ලොක්කාගේ 'වාසනාවේ' ගිණුමට දැමීමට බලා සිටි බැලයින් ගැන විවේචනයකි.

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවට එකග වෙනවා.ගොඩක් අයට ඕක තේරෙන්නේ නෑ නේ.

      Delete
  2. ලොක්කාගේ ගමන් සහ ෆයිනල් පැරදීම අතර සම්බන්ධයක් නැත , නමුත් ලොක්කාගේ සිට බහුතර ලාංකිකයින් ඔවැනි විකාර දේ විශ්වාස කිරීමේ අමුත්තක්ද නැත ,

    මාලිංග දක්ශයෙකු වුවත් බුද්ධිමත් පන්දු යවන්නෙකු නොවේ , චමින්ද වාස්, මැග්‍රාත්, කලිස් සහ මැතිව්ස් වැන්නන් අඩු වේගයකින් වුවත් සාර්ථක ඵල නෙලා ගන්නේ බුද්ධිමත් ලෙස කටයුතු කිරීමෙනි . මාලිංගගේ යෝකර් ලෙන්ත් එක අඟලෙන් දෙකෙන් මිස් වූ විට ප්‍රහාරයට ලක්වීම පලමු වරට සිදුවූයේ මෙම තරඟයේ නොවේ , පහුගියායිපීල් තරඟවාලියේ දෝනි සහ බ්‍රාවෝ විසින් මාලිංගට එලව එලවා පහර දුන්නේද මේ ආකාරයේ වැරදුනු යෝකර් වලටය , නමුත් මාලිංග පාඩමක් ඉගෙන ගත්තේ නැත , දැවැන්ත ප්‍රහාරකයන් හමුවේදී නැවතත් නැවතත් ප්‍රහාරයට ලක්වන්නේ එයෙහිනි

    ලංකාවේ මාධ්‍ය නිදහස අරාබියට හෝ වෙනත් ඒකාධිපති රටකට සාපේක්ෂව ඉහලය , නමුත් කිසිසේත් සතුටු දායක මට්ටමට නොමැත . ලංකාවේ පවතින ප්‍රජාතන්‍රවාදී රාමුව තුල ෆේස්බුකියේ ශෙයා වෙන දේවල් මර්ධනය කිරීම ඉතා අපහසුය , ඒකාධිපතියන් ෆේස් සහ මුලින් තහනම් කරන්නෙ ඒ නිසාය , එසේ නොමැති නම් ෆේස් බුකිය ලවා තමන්ට අවශ්‍ය දෑ කරවා ගැනීමට තරම් ප්‍රභල වෙලඳ පොලක් තමා සතුවිය යුතුය (ඉන්දියා රජය ගසන්නෙ මේ තුරුම්පුවයි ) ඒ නිසා ෆේස්බුකියේ ඕනෑ දෙයක් ශෙයා කල පමණින් මාධ්‍ය නිදහසින් පරිපූර්ණයැයි කිව නොහැක . ප්‍රේමදාස (ලොකු ) සහ මහින්ද අතර ඇත්තේ සුලු සුලු වෙනස් කම් ය , ඕයිට හේතුව ........... නොකියා සිටීම වඩා හොඳය !

    ReplyDelete
    Replies
    1. "ප්‍රේමදාස (ලොකු ) සහ මහින්ද අතර ඇත්තේ සුලු සුලු වෙනස් කම් ය" සහතික ඇත්ත...

      Delete
    2. ප්‍රදාන කීපයක් ඇරුනම දෙන්නම සමානයි.ඔය නිදන් සීන් එකම ඇති සමාන කම හොයනවනම් ඉතින්.

      Delete
  3. //මාමා කොච්චර හොඳ කලත් රටට නොපෙනේ.එහෙම බැලුවම ඉතින් මාමා තරම් කරුමක් කාරයෙක් වෙන කොහෙන් හොයන්නද?//

    මෙක දැක්කේ දැන් නෙව , මොකෝ නොපෙන්නෙ , 60%කට කිට්ටුවෙන් කට්ටියකට තාම හොඳ පේනවා !

    ReplyDelete
    Replies
    1. ඒක පේන අයගෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන අය ගොඩාක් අඩුයි.නැත්තන් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කර ගන්න විදියක් නෑ.

      Delete
    2. එහෙම කෑ ගහන්න උවමනා නෑ. බලය නැති උන් තමයි බලය ලැබෙනකම් කෑගහන්නෙ බලය ලැබුනම ඒ අයත් ඔහොම තමා.

      Delete
  4. බොහෝ දෙනෙක් අන්ඳ විශ්වාසයෙන් සිටිද්දී නියමාකාරයෙන් දැස් අවධියෙන් තබා ගත් ඔබට ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි.

      Delete
  5. සුනාමියක් වැදුනා එදා මැච් එකට එච්චරයි මටනම් කියන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.සුනාමියට කලින් ගිය වෙළඳ දැන්වීම තමයි ඇදේට හිටියේ.

      Delete
  6. භෞතික වාදීන් බර ගාණක් නිමිති සාත්තරේ විස්වාස කරපු එකම මදෑ...:D

    ReplyDelete
    Replies
    1. හිනා වෙලා පන යනවා අයියේ.මොනවා තව කතා.සාදරයෙන් පිළිගන්නවා ඝනකම් අඳුරට..

      Delete
  7. ෆයිනල් පැරදුන එකට ලොක්කාගේ සම්බන්දයක් නැත.එය සිදුවූයේ සැමගේ අවාසනාවටය. මාලිංග ගැන කතාකිරීමට මම කැමති නැත.ලොක්කා උන දාට හැම එකාම ඔච්චරය. අද ඉන්න ලොක්කා කියා වෙනසක් නැත.ලිපිය හොඳය. එහෙත් දේශපාලනීකරණය වී ඇති ප්‍රතිශතය වැඩිය.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කියපුවා.....

      //එහෙත් දේශපාලනීකරණය වී ඇති ප්‍රතිශතය වැඩිය.....//
      පොඩ්ඩක් කඩේ ගියා කියලා ගෙවෙන්නේ නෑ... :D

      Delete
  8. මාලන් සැමුවෙල්ස් IPL වලට සහභාගී වූ ක්‍රීඩකයෙකි... ඒ නිසාම මාලිංග ඔහුට හුරු පුරුදුය... අවසන් තරගයේදී සැමුවෙල්ස් මාලිංගට දුවන්න ගැහුවත් මහේල මාලිංගවම පන්දු යැවීමට කැදවීම තමයි අපිට සිදු වූ අවාසිය...මාලිංග වෙනුවට තව කෙනෙකු ආදේශ කල යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.
    ඉතිං ඒවගේ දේවල් වලට මේ අහිංසක පළමු වැනි පර්සි රජතුමා මක්ක කොරන්නද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මහේල දඟ පන්දු යවන්නෙක් යොදා ගත්තනම් හොඳයි කියලා.

      Delete
    2. ඒත් කලින් තරඟයෙදි මාලන් සැමුවෙල්ස්ට පන්දු 9කදි ලකුනු 11ක් පමනයි මාලිංග දීලා තිබුනේ. සැමුවෙල්ස් ඒ තරඟයෙදි ලකුනු 50ක් ගත්තා පන්දු 35කදි. කලින් තරඟය සසදනවිට ඒ තීරනය වැරදියි කියලා කියන්න අමාරුයි. සිරාගේ යාලුවා කුලේට ඒ තරඟෙදි පන්දු 4කදි ලකුනු 16ක්ද ජීවන් මෙන්ඩිස්ට පන්දු 4කදි ලකුනු 10ක්ද සැමුවෙල්ස් ලබාගෙන තියනවා

      Delete
  9. ඒකට කොහෙවත් ඉන්න එයාට බැනලා වැඩක් නෑනේ... කොහොම වුණත් ජය පරාජය සමව විඳ දරා ගන්න ඕන...

    ReplyDelete
    Replies
    1. අර කතාවක් තියෙන්නේ පහත තැනින් වතුර ගලයි කියලා.

      Delete
  10. ....... අනිවාර්යයෙන්ම මාමාගේත් මැච් එක පැරදීමත් අතර සම්භන්දයක් නොවේ ....... එය මෙතරම් සීරියස් ගතයුතු දැයි මම නොදනිමි ( රාජ්‍ය නායකයාට අපහාසයක් බැව් පැහැදිය ) !!!! පාකිස්ථානු තරගයේදී ඩිල්ශාන්ගේ හැසිරීමත් මේතරගයේ මාලිංගත් ක්‍රියා කළ ආකාරය සියුම් ලෙස සැලකීමේදී යම් අවුල් සහගත තත්වයක් මොලයතුල ඇතිවන බව මාගේ පෞද්ගලික හැගීමයි .......... බුකියේ ලයික් බට්න් එකේ අරුත තවම නොදනිමි . මා නම් එය යොදාගන්නේ අදාල ස්ටේස් එක හෝ පින්තූරය දුටුබව දැනුම්දීම සදහාය

    ReplyDelete
    Replies
    1. ලයික් බටන් එක මම නම් භාවිතා කරන්නේ යමකට කැමති බව කීමටය. ඩිස්ලයික් බටන් එකක් නැතිවීම ගැන මම අනන්ත දුක්වෙමි.

      Delete
    2. ඇත්තම කියනවනම් ක්සැන්ඩර් ගේ කතාව හරිය. ඩිස්ලයික් බටන් එකක් නැතිවීම ගැන මමද අනන්ත දුක් වී ඇත.

      Delete
    3. ප්‍රථමයෙන් ලයික් බටනය ක්ලික් කරන්න... ඉන්පසු ඔබට අන් ලයික් බටනය දැකගැනීමට හැක..

      අන් ලයික් මෙන්ම ඇනෝ කොමෙන්ට්ද හඳුන්වා දිය යුතු බව මගේ මතයයි.. එවිට බොක චර්ජ් වෙන අනෝලා අපේ බ්ලොග් වල අදාල කාර්යය කිරීම තරමක් දුරට හෝ සමනය වනු ඇත

      Delete
    4. ඩිස්ලයික් බටනයක් තිබුනානම් මූනු පොත ඔයතරම් ජනප්‍රිය වීමට ඇති ඉඩකඩ අඩුයි

      Delete
    5. ලයික් නැති අයට කමෙන්ට් කල හැක.

      Delete
  11. කවුරු ජෝක් එකට මොනව කිව්වත් උබ ෆඉනල් මැච් එක ගැන කියන් දේ ඇත්ත මානවකයෝ....

    හැබැයි හීනියට මහින්දට සුදු හුණු ගාපු ගතියකුත් පේනවා... එයා මැච් ස්ටේඩියම් එකට ඇවිත් නෙවෙයි පිච් එක මැද ඉදන් බැළුවත් අපිට කමක් නෑ.. රටේ ඉතුරු වැඩ ටික හරියට කරනවනම්....
    අදටත් මට ඔය බුලත් කොලේ ඉස්සරහින් කතිරෙ ගහපු එක ගැන පසුනොතැවී ඉන්න තියෙන එකම හේතුව යුද්ධය ඉවර වෙච්ච එක විතරයි.. අනිත් හැම දේකින්ම මහින්ද කියන්නේ අසාර්ථක නායකයෙක්... කවුරු හරි කියනවනම් ප්‍රේමදාස අරක කලානම් මහින්ද මේක කලාම මොකද කියල මට ඌට කියන්න වෙන්නේ අනේ උබේ අ%*% %&*$(* &^%^& පුතා කියල.. අයි යකො එකෙක් රට කෑවයි කියල ඊලඟට එන උන් ඔක්කොම රට කන්න ඔනේ කියල කොහේ හරි ලියල තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. ඒක නම හරි ඉතින්.ඒත් කවුරු ආවත් මේ ටිකම තමයි.

      Delete
    2. එතනදී වෙන්නේ දැන් ඉන්න කෙනා කරාට වරදක් නෑ කියන එක නෙවෙයි. ඒක විවේචනය කරන කෙනාගේ දේශපාලන දර්ශණය පදනම් වෙච්ච් අය පාලනය කලත් වෙන්නේ ඒ ටිකම තමයි කියන එක. මොකද ඉදිරිපත් කරන විකල්පෙත් එකමනේ.

      Delete
    3. @සුදීක - ඔබ කියනා දර්ශනය අනුව කිසි දිනෙක රටක රාජ්‍ය නායකයින් මාරු කල යුතු වන්නේ නැත , මන්ද සියලු දෙනාම එකය . ප්‍රේමදාස හෝ ජේ.ආර් අද නැත , එජාපයේ කිසිදු නායකයෙකු හෝ ෆොන්සේකා මේ වනතෙක් රාජ්‍ය බලය දරා නොමැත ඒ නිසා , ඔවුන්ගේ පාලනය එජාපයේ කලින් පාලන යුග හා සැසඳිමේ සාධාරණත්වයක් නැත . විධායක ජනපති ධූරයක් පවතින රටක පක්ෂයක ප්‍රතිපත්ති ඒ තරම් වැදගත් වන්නේ නැත . චන්ද්‍රිකා සහ මහින්ද එකම පක්ෂයේ වුවත් අහසට පොලව මෙන් වෙනස්ය , කවුරු ආවත් එකයි යන්න වත්මන් රජයට කැත නැතුව කඩේ යාම සඳහා ඉදිරිපත් කරනා හේතුවක් පමණි , තමන් කැමති කෙනෙකුට කඩේ යැමේ අයිතිය ඔබට ඇති බව පිලිගත්තත් ඒ සඳහා අසාධාරණ තර්කයන් ඉදිරිපත් නොකල යුතුය .

      Delete
  12. මොනා වුනත් මචො උබ කියපු කතාව නම් ඇත්ත...

    ReplyDelete
    Replies
    1. එල එල....තේරුම ගන්න පුළුවන් මිනිස්සුත්
      ඉන්නවනේ .

      Delete
  13. සිරා ඈ..
    මටනං අවුලක් නෑ..
    කොදෙවුවෝ එල ඩයල්..

    ReplyDelete
    Replies
    1. සිරාවට බන් එකයි මේ හිත හදන් ඉන්නේ

      Delete
  14. T20 මැච් එක පැරදුනාම ඒකට වග කියන්න ඕනැ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ නොව මැච් එක බලන්න ගිය මහින්දයි කියල එජාපෙ සමහරක් අය පවසනවා.

    එතකොට මානුෂික මෙහෙයුමට මහින්ද රාජපක්ෂයන් සේනාධිනායකත්වය දෙද්දී, බැරි වෙලාවත් මානුෂික මෙහෙයුම පරාද වෙලා හමුදාව අනුරාධපුරයටම පසු බැස්සනම් මුන් මොනා නොකියාවිද?

    හැබැයි මානුෂික මෙහෙයුම දිනුවාම ඒකේ අයිතිය තියෙන්නේ ත්‍රිවිධ හමුදාවෙන් එක් කොටසකට විතරක් නායකත්වය දුන්න පොන්සේකලු. ඒ වගේම T20 දින්නත් ඒකේ වීරත්වයෙන් කොටසක් වැරදිලාවත් මහින්දට දීමට, අද මහින්දට බනින යූඇන්පී එකෙක්වත් කටයුතු කරන එකක් නෑ.

    නමුත් ජනතාව ඇත්ත දන්නව. බුකියෙ ඉන්න පරාජිත යූඇන්පී කාරයින් තමන්ගේ පරාජය වහගන්න දිව හැරෙන හැරෙන අතට මොනව හරි කිව්වට ඊළඟ ඡන්දෙනුත් උන් පරදිනව. යූඇන්පී කාරයින්ගේ මෙම කුහක කම නිසයි උන්ට කවදාවත් බහුතර ජනතාවගේ කැමැත්ත අරගෙන ඡන්දයක් දිනන්නවත් බැරි.

    ReplyDelete
    Replies
    1. නියමයි ඇනෝ නියමයි....

      ~හැබැයි මානුෂික මෙහෙයුම දිනුවාම ඒකේ අයිතිය තියෙන්නේ ත්‍රිවිධ හමුදාවෙන් එක් කොටසකට විතරක් නායකත්වය දුන්න පොන්සේකලු.~

      මට පේන්නම බැරි කතාව තමයි ඕක.

      Delete
    2. මෙන්න කොමෙන්ටුව

      Delete
  15. ඔබගේ අදහසේ මා ද පසුවේ..පැරදීම එක එකා පැටවීම සිංහල ගතියයි....
    මා නම් කියන්නේ මෙය අපේ කරුමේ කියාය..

    ReplyDelete
  16. එදා උන දේ නම් හිතාගන්න බැහැ අප්පා.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.තාම කල්පනා කරනවා අනිතිමට කෙලවගන්න එක සිංහල ජාතියේ හැටියක්ද කියල.

      Delete
  17. ඕකට කියන්නේ කාකතාලි ආභාෂය කියලා ලොජික් වල..

    ReplyDelete
    Replies
    1. අඩේ මම දන්නේ නෑ එහෙම සීන් එකක්.මට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් මොනවහරි සබැඳියක් එවන්න පුළුවන් නම හොඳයි.

      Delete
  18. මම ක්‍රීඩාව ප්‍රිය කරන්නෙක් නොවේ. ඒ නිසා ජය පැරදුම ගැන වැඩිය දැනේනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මම කියන්නේ ජය පරදුමට වැඩිය.පරාජයේ වේදනාව බෙදී යන හැටි අසාදාරණයි කියල.

      Delete
  19. මම මේ ගැන කෙලින්ම ලිපියක් නොලිව්වත්, මේ වගේ ලියවිච්ච පොස්ට් වලට කමෙන්ට් විදියට මගේ අදහස් එක් කළා. මාලිංගගේ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුගේ යෝකර් එකට අඩියක් පිටිපස්සට ගිහින් නෙලන්න පුළුවන් කියල දැන් හොයාගෙන තියෙන්නේ. ඒ නිසා ඒක යහමින් පාවිච්චි කරන්නේ. අනිත් ඒක එවන්නේ යෝකර්ම කියලා දන්නවනේ. මම නම් වැඩි වගකීම දානේ විකට් ඒක සකසන්නට. අපි දිනන්න විකට් සකසන්න උවමනා නෑ. ඒත් සමබර පිතිකරුවන්ට හිතකර තනතීරුවක් දුන්න නම් හරි. කාසියේ වාසිය 10% ක් වත් තියෙන තැන තීරු නරකයි කියන එකයි මගේ අදහස. රටේ නායකයා ආව ඒක වරදක් කියන්නේ බොහොම සුලුතරක් නිසා අපි ඒක ගණන් ගන්න අවශ්‍ය නෑ. ඒ කරුණු විද්‍යාත්මක නෑ.

    ReplyDelete
  20. කියන්න අමතක වුනා ඔබ මාලිංග ගැන කියන කතා වලට මමත් එකඟයි.

    ReplyDelete
  21. පිස්සු මුන්ට!! මාම ආවයි කියලවත් මාම පෙන්නුවයි කියලවත් මැච් පරදිනවද.... මැච් එක පැරදුනේ නායකත්වයේ වැරදී තීරණයි ක්‍රීඩකයින් ගේ වැරදී තමයි... මාලිංග ගැන කියපු කතාව හරි තරංග පාවාදීම් කොහොම වුනත් මාලිංග තමන් ගැන අධිතක්සේරුවෙන් තමා ඉන්නේ!!

    ReplyDelete

හිතුනේ මොනවද?