බුකියේ මං

43 බඩු පොට් නීතිගත කිරීම (18+)

කට්ටිය ඔක්කොම කියන්නේ ලංකාවේ සදාචාරයට මේක හරියන්නේ නැත.ලංකාව වනාහි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකි.ලංකාවේ ලිංගික අපරාද වැඩිවීමට මේක හේතුවක් වනු ඇත.වැඩට යන මැදි වයසේ  තාත්තලා හවස වැඩ ඇරී ගෙදර එන විට  ඕවාට රිංගලා තමන් හම්බ කරන දේවල් වියදම් කර ගනීවිය.ඊට පස්සේ වැරදීමකින් හෝ බඩු පොට් එකක ඉන්න ගිරවා ගෙදර ගෙනාවම ඌ "අලුත් බඩු තුනක් ඒත් පරණ කස්ටමර් කෙනෙක් "  කියලා කිව්වම ගෙදර ප්‍රශ්න ඇති වී අවුල් ජාලාවක් වනු ඇත කියාය.ඇත්තටම හේතුව එය නොවේය.


සමාජය විසින් දක්වන තවත් සංකල්පයක් නම් ලාංකීය සංස්කෘතිය තුල  රෑ සමනළියන්ට ගෞරවයක් නැත කියාය.එසේත් නැත්තම් ඔවුන් සමාජ ගත කිරීමට අපහසුය කියාය."අම්මපා මෙහෙමත් ගජබින්න".මෙය තනිකරම යුඇන්පී කාරයන්ගේ මතවාදයකි.මක්නිසාදයත් බදු පොට් නීතිගත කිරීමෙන් නැතිවන්නේ ඒ සම්බන්ධයෙන් වන යුඇන්පී එකාධිකාරයි.දැන් ඔය කියන සමාජගත කරන්න බැරිනම් දෝසි මැඩම් ලා,කුරේ   මැඩම් ලා,බබා අක්කලා එහෙම දේශපාලනයේ යෙදෙන්නේ කෙසේදැයි මාරම ප්‍රශ්නයකි.නීතිගත කර නොකරා වෙනසක් නැත.තත්වය දැනටම එසේමය.  

මාගේ මතය නම් නීතිගත කලයුතු නැත යන්නය.මක් නිසාද යත් නීතිගත කලාක් හා සමානව මෙම ව්‍යාපාරයට  පාරිභෝගිකයන් ඇති නිසාය.සමාජය මෙම ක්‍රියාවලියට එරෙහි වීම සඳහා දක්වන්නේ කිසිදු පදනමක් නැති හේතුය.ඇත්තෙන්ම සැබෑම වෙනත් හේතු ගණනාවකි, ඒවා එකින් එක උපුටා දක්වමි.    

තව මතයක් නම් සමාජ රෝග පැතිරීම ඉක්මන් වනු ඇත කියාය.ඒ කියන්නේ දැන් යෙදෙනවාට වැඩිය ඔය කර්තව්යේ කට්ටිය යෙදීම නිසා සමාජ රෝග වැළදීම ඉහළයනු ඇති කියාය.එහෙම කියන විට මට පරණ කතාවක් මතක වෙන්නේය.එක ඈත අතීතේ දවසක රෑ සමනලියක් සමග හදි ගැසෙන්නට ගිය පුද්ගලයෙකුට සැනින් මතක වුයේ තමන් තමන් සතුව ආරක්ෂාවට කිසිදු උපක්‍රමයක් නැත කියාය.(එකල මාරයා මැති සඳ පැරණි ලිපියක දක්වන්නට යෙදුනු  ලන්ච් ශීට් නම් ආම්පන්නය සුලභ නොවීය).එහෙයින් ඔහු විස්සෝප වන අතරෙහි පුද්ගලයාට ගණදෙවි නුවන පහල වන්නේය.එවිට ඔහු අසල කඩයකින් මිලදීගත් දෙහි බෑයක් ඔහු ඇසුරු කිරීමට බලාපොරොත්තුවන අවයවයේ උලන විට ,දැවිල්ලක් ඇති වූ  රෑ සමනලිය ඔහුට පවසන්නේ "මහත්තයා %$#%$#% ආවනම් %$#%$# මෙතන සම්බල් හදන්නේ නැතුව" කියාය.එම කතාවට අනුව දැනුවත් කිරීමකින් තොරවම පාරිභෝගිකයා තමන්ගේ ආරක්ෂාව පරිසර හිත කාමී ලෙස සලසාගෙන ඇත.නීති ගත කිරීමෙන් වන්නේ ලෙහෙසියෙන් දිරාපත් නොවන රබර් වැනි ද්‍රව්‍ය පරිසරයට මුහුවීම වැඩිවීමක් පමණි.

බඩු පොට් නීතිගත ව්‍යාපාරයක් කලවිට ඉන්පසු මේවා සල්ලි මතම ක්‍රියාත්මක වන දෙයක් වනු ඇත.එවිට එය සිංහල සාහිත්‍යයටද මරු පහරක් වනු ඇත.මක්නිසාද යත් අපට කිසිදිනක "මට මොටෝ සල්ලි අයියා නොව මහන්සි උනේ" වැනි සුන්දර වැකි අසන්නට අවස්තාවක් නොලැබෙනු ඇත.ඒ මුදල මතම මෙය ක්‍රියාත්මක වන නිසාය. 


මේවා ව්‍යාපාර කිරීමෙන් එම කර්මාන්ත අතර තරග කාරිත්වයක් ඇතිවනු ඇත.එවිට ඔවුන් එම ව්‍යාපාර ස්ථාන ඉදිරිපිටම තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරනු ඇත.සමහර විට එම සේවකයින් ව්‍යාපාර ස්ථානයේ ඉදිරිපස ඉඳ ටෙලි නාට්‍යක ලියුවාක්‌ මෙන් "එන්න සල්ලි දීලා %$#%$% එන්න" කියනු ඇත.එසේත් නැත්නම් කතරගම මල් විකුණන්නන් මෙන් පාරිභෝගිකයා අද ගැනීමට "අනේ අපිටත් %$#%$#% කෝ " කියා කියනු ඇත.එයින් හානි වන්නේ කතරගම මල් සංස්කෘතියටයි.   


තවත් කරුණක් නම් නීතිගත කල විට සේවකයන්ගේ රැකියාද නීති ගත කලයුතුවේ.එයින් අදහස් වන්නේ ඔවුන්ට තනතුරු නාම ප්‍රධානය කිරීමට අනිවාර්යෙන් සිදුවේ.අලුතින් රැකියාවට එකතු වන අයට ට්‍රේනි පට්ටම්ද.පුහුණු අයට ජේෂ්ට පට්ටම්ද යනාදී වශයෙන් නොයෙකුත් තනතුරු දීමට සිදුවනු ඇත.තනතුරු වලට අමතරව ඔවුන්ට වේතන පපිපාටියක් ඇති කල යුතු වේ.සමහර විට එය කෑලි ගන්නට හෝ මුලික වැටුපක් සහ දක්ෂතාවය අනුව වැටුපක් දෙනු ඇත.විරැකියාවට මෙය මහත් පිටුවහලක් වියහැකි යැයි කෙනෙකුට උප කල්පනය කල හැකි උවත් මෙයින් අතුරු පල ලෙස ව්‍යසන කාරී දේවල් ඇතිවිය හැක.කොල්ලුපිටියේ ව්‍යාපාරයක නිරතවන සේවිකාවකට ගෙවන වැටුප ඉල්ලා මරදානේ සේවිකාවන් වර්ජනය කලොත් ඇතිවන තත්වය සිතාගත හැකිය කියා විශ්වාස කරමි.මෙය රජය ඉල්ලගෙන අහක යන නයි රෙද්ද පල්ලේ දා ගැනීමකි .තවද දැනට රුපියල් 300 ක් තමන්ගේ විනෝද බද්ද ලෙස වෙන්කර ඇති කෙනෙකුට එය රුපියල් 600 ක් කිරීමට සිදු උවහොත් අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "බඩු  මිල පහත දමනු" කියා දැන්වීම් රැගත් පෙළ පාලි අපට දැක ගත වනු හැක.    
            


ප.ලි - කට්ටියට මේක අවුල් වගේ නම් අමාරුවෙන් ලිව්වා කවියක් ඒක  කියවන්න      
Comments
43 Comments

43 comments:

  1. අපොයි..... ගණිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහා සද්දෙන් කෑ ගහලා නීති ගත කල යුතුමයි කියන අය මොනවා කියයිද මේ පොස්ටුව කියවලා...

    //තවද දැනට රුපියල් 300 ක් තමන්ගේ විනෝද බද්ද ලෙස වෙන්කර ඇති කෙනෙකුට එය රුපියල් 600 ක් කිරීමට සිදු උවහොත් අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "බඩු මිල පහත දමනු" කියා දැන්වීම් රැගත් පෙළ පාලි අපට දැක ගත වනු හැක. //

    එහෙම වෙයිද නැත්තම් ගණිකාවක් ලඟට ගිහින් අහවල් එක කරා ගෙන බඩගින්නෙ මළත් සැපයි කියලා කරබාගෙන ඉදියිද දන්නේ නෑ...ඇයි අප්පේ මේක ලංකාවනේ...:P

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මේක ලංකාවනේ...

      Delete
  2. තනි තනිවම කතා කරන එකේ දැනටමත් යන එහෙකට
    ඇවිත් මතය ප්‍රකාශ කර නම් හරි බන්..
    අපිත් ඔහොම පොස්ට් 5 විතර කරුණු කමෙන්ට්
    විදිහට දාල තියෙනවා...
    මේක අපි අපි තනිව කියවන් වැඩක් නැහැ ..
    පොදු තැනක ( දැනටමත් කතා බහ යන බ්ලොග් එහෙක .. සරාගේ එක වගේ )
    කතා කරන්න වත් බැරි නම් කොහොම මේ ප්‍රශ්නේ විසදගන්නද බන්...

    ReplyDelete
    Replies
    1. මන්දා...මම මේකෙන් බලාපොරොත්තු උනේ උපහාසය විතරයි...ඇත්තටම කට්ටිය ගොඩක් එකතුවෙන තැන්වල මම මගේ මතය දක්වලා තියනවා...හැබැයි එහෙම සීරියස් කතාවක් යන තැනක මගේ ජෝක් වලට ඉඩ තියේද දන්නේ නෑ එක තමයි ප්‍රශ්නේ.....

      Delete
  3. කතාව ඇත්තය.. පසු කලෙක රේඩියෝ නාලිකා වලින් ප්‍රශ්න අසා නිවැරදි පිලිතුරු දුන් විට තෑගි ලෙස ගණිකා මඩමක රැයක් ගතකිරීමට අවස්ථාව ලබා දීමටද, රූපවාහිනී නාලිකා මඩම් පිලිබද වෙලද දැන්වීම් බැලීමටද හැකිවනු ඇත..

    ReplyDelete
    Replies
    1. තව ට්‍රැවල් පැකේජ වගේ මේ පැකේජ විකුණන සමාගම් ඒවි....

      Delete
  4. තර්කාන්විතව උඹ කියන දේවල් හරි වගේ පේනවා මචං, නමුත් මේක නීතිගත කළයි කියලා ඒ පිළිබදව තිබෙන පිළිකුල් සහගත සමාජ පිළිගැනීම නැතිවෙයි කියලා කියන්න බෑ නේද ??ඒ නිසාම මිනිස්සු මේ දේවල් නීතිගතයි කියලා ප්‍රසිද්ධියේ කරන්න යන්න නැතිවෙයි කියලා මම හිතනවා .

    ReplyDelete
    Replies
    1. උබ කියන දේට සියයට සීයක් එකගයි.මේක නීතිගත කරනවා කියන්නේ නැති ප්‍රශ්නයක් අගේ දා ගැනීම විතරයි.ප්‍රසිද්ධියේ යන එකක් නෑ ඒත් අතවශ්‍ය නෑ.මෙච්චර කල ලංකාවට ආව සුද්දෝ ඔය දේ නොකර හිටියේ නෑ නේ.

      Delete
  5. මේ හැම දෙයක්ම දැනටත් හැමතැනම සිදුවෙනවා. ඒත් පන්ති බේදය මත ඒවාට එක එක නම් ලැබිලා තියනවා. වෙනස එපමණයි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. එකම තමයි මම කොල්ලුපිටියයි මරදානයි උදාහරණයට ගත්තේ....

      Delete
  6. යාන්තම් ඇති බන්...පහු ගිය දවස් ටිකේම ගණිකාවො හොඳයි...ගණිකාවො නරකයි...ගණිකා වෘත්තිය නීති ගත කරන්ඩෝනි.. තහනම් කරන්ඩෝනි.. ගණිකාවො එක්ක යන උන්ගෙ අහවල් එක කපන්ඩ ඕනි..ගණිකාවො සහ ගණකයො එලවන්ඩ ඕනි කිය කියා බෙරිහන් දීපු එව්වො හිතන් ඉන්නෙ ඕක උන්ගෙ අම්මගෙ තාත්තගෙ බූදලේ කියලායි එහෙම හිතලයි එච්චර ඕකට නැට්ට උස්සන් කෑගහන්නෙ කියලයි මන් නම් පුද්ගලිකව හිතන් උන්නෙ උන් කවුද බන් එහෙම ජජ්මන්ට් දෙන්න ???..නැත්නම් ගණිකාවො විකුණන්නෙ උන්ගෙ එක..අපි හම්බ කරන සල්ලි වලින් අපි ගිහින් සතුටු වෙලා සල්ලි ගෙවන්නෙ.. යකෝ සමාජෙ ඉන්න උන්ට අපිටත් නැති අර ගනිකාවන්ටත් නැති අහවල අමාරුවක්නෙ තියෙන්නෙ මේක ගැන.මට හිතුනෙ එහෙමයි...උඹේ පෝස්ට් එක කියවලා පොඩ්ඩක් ඔළුව හෑල්ලු කර ගත්තා බන්...ඒ අතින් එළ !

    ReplyDelete
    Replies
    1. මෙතැනදී අපිට පේන සදාචාරය සංස්කෘතිය කියන සාදක වලට එහා ගිය ප්‍රශ්න කීපයක් පන නගිනවා.වෙනි අයියා කියනවා වගේ මේක අපිට නවත්තන්න බෑ.මොකද ඒක මිනිසුන්ගේ මානව අවශ්‍යතාවයක්.

      Delete
  7. හ්ම්ම්... මම කොහොමත් ගණිකා වෘත්තිය නිතී ගත කරනවට විරැද්දයි. හේතු නම් ගොඩයි එත් කියන්නෙ නෑ. මොකද නිකන් ලේ පුච්ච ගන්න ආසවක් නැති නිසා. හ්ම්ම්....

    ReplyDelete
    Replies
    1. ලේ පිච්චෙනවා ඉතින් මේවා ඇහුවම.....

      Delete
  8. කියන්නෙ මොනාද කියලා හිතුවේ. මමත් අකමැති බඩු පොට් නීතිගත කරනවට.

    ReplyDelete
    Replies
    1. අනිවා..මට හිතෙන්නේ මේක ගැන සේරියස් ලිපියක් ලියන්න වේවි..

      Delete
  9. මෙහෙ නම් සුපර්මාකට් වල වැඩියෙන් විකිණෙන හොඳ අයිටම් එකක් තමා කොන්ඩම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන. ලංකාවේ කොන්ඩම් ඉල්ලලා ගන්නේ නෑ නේ. අර සැරයක් ලියන්නා කීවා වගේ ඇහැක් ගහල ඉල්ලන්නේ.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක නම් මතක උනා...ඒ පොස්ට් එකේ හැටියට ඇස් ගහපු තරමට ලියන්නට ලොකු පෙට්ටියක්ම ලැබුනා කියල තමයි කියන්නේ.....

      Delete
  10. මෙව්වා ඉතින් සම්මතව හරි අසම්මතව හරි ලොකෙ තියනකල් මිනිස්සු ඉන්නකන් වෙනවා නිති ගත කලත් එකයි නොකලත් එකයි

    ReplyDelete
    Replies
    1. නීතිගත කලාම පොඩ්ඩක් බාහිර ප්‍රශ්න ටිකක් වැඩි වෙනවා මම කිව්ව වගේ රැකියා ප්‍රශ්නය.සේවකයන් සොයා ගැනීම වගේ දේවල්...

      Delete
  11. ජිනාගෙ පොට් එකේ ඉදලා පොලීසිය එද්දි පැනලා ගිය ඇමතියත් යූ ඇන් පී එකෙක්ද බන්...

    ReplyDelete
    Replies
    1. ඒ බන් කස්ටමර් කෙනෙක් නේ......

      Delete
  12. සිරා පෝස්ට් එක.

    ReplyDelete
  13. අඩේ සිරාතර්ක ටික ඕයි..... බඩු පිල පහත හෙලනු හඃ හඃ හා............

    අර දෙහි සීන් එකේනම් මම අහල තියෙන්නේ රතු ලූණු ගෙඩියක් කියලා.. අදාල සේවිකාව ඇහුවළු.. ඇයි මහත්තයා රතුලූණු ගෙනාවේ @#$තේ බිස්ටේක් දාන්නද කියලා

    ReplyDelete
    Replies
    1. හා කියපන් වැරදිද කියලා.....අහ්හ්...ඔව රතු ලුණුත් හොද විෂබීජ නාශකයක්...

      Delete
  14. මෙය නීති ගත නොකර ලංකාවේ අසහන කාරයොන්ට කුමක් හෝ දෙයක් කල යුතුයි..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බන් උන් හැම තැනම ඉන්නවනේ..

      Delete
  15. ඔය දෙහි බෑයේ සීන් එකේ විද්‍යාත්මක පැත්ත ඇවිල්ලා අම්ල ගතිය වැඩි උනාම ශුක්‍රාණු විනාශ වෙන එක කියලා මට මතකයි මං කොහෙ හරි කියෙව්වා... ඕකට හොඳම දේ විනාකිරි ලු... ඒක උපත් පාලන ක්‍රමයක්... ඒත් සමාජ රෝග වැළැක්වීමක් ඒකෙන් වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ....

    හරි ඒක සිරා කිව්ව එකක්...

    හැබැයි මේක නම් නියම ලිපියක්... ළිහිණියා කියනවා වගේ අපේ උන් බඩට නොකා හරි ඕවට යයි කියන එක නම් ෂූවර්... හි හි..

    ReplyDelete
    Replies
    1. අඩේ විනාකිරි කතාව දන්නේ නෑ නේ මම....හොයල බලන්න ඕනෑ ඕව ගැන ටිකක්....

      ඔව් ලිහිණියා කියන්න වගේ මේක ඉතින් ලංකාව නේ...

      Delete
  16. හත් ඉලව්වේ පට්ටයි ඈ..........

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ............

      Delete
  17. මෙම වෘත්තිය නීතිගත කළත් තිබෙන සමාජ පිළිගැනීම අඩුයි. ඒක ලංකාව, ඉන්දියාව, බංගලිදේශය වගේ තෙවන ලෝකයේ රටවල විතරක් නෙමෙයි. බටහිර රටක වුනත් පොදු දෙයක්. ඔබ බලලා තිබේ නම් 2003 දී Charlize Therone ට ඹස්කාර් සම්මානය පවා ලබා දීමට ඉවහල් වූ Monster චිත්‍රපටියේදී එම වෘත්ති‍යේ සේවාව ලබා ගත්තා හො නොගත්තා වුනත් ඇමරිකානු සාමාන්‍යයෙන් වැදගත් ජීවිතයක් ගත කරන අය අතර පහත් කොට සලකන්නක්.කෙසේවෙතත් වෘත්තීයේ තත්ත්වය උස්පහත් වීම කෙසේවෙතත් සෞඛ්‍යමය ගැටළු සහ අසහන‍ය උග්‍රවූ මිනිසුන් නිසා ඇති වන අපචාර ආදිය නිසා සහ වෘත්තීයේ කැමැත්ත මත හෝ දිළිදුකම මත හෝ නියැලෙන අයවළුන්ගේ ජීවිත සුරක්‍ෂිතභාවය පිණිස යම් ක්‍රියාමාර්ගයක් ගැනීම හොද වේවි. මෙන්න මේ තොරතුරත් ඔබට ඇහැ ගැහුනේ නැති නම් බැළුවාට වරදක් වෙන එකක් නැහැ

    Australia Woman injured while having sex on overnight work trip can sue employer
    Australian court rules that woman, who was hurt when light fitting fell on her during sex in a motel, is entitled to compensation - http://www.guardian.co.uk/world/2012/dec/17/woman-injured-sex-work-trip

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ මේ පැත්තේ ආවට

      මට මුලින්ම පෙනුනෙ ඔය ශ්‍රමිකයන් හොයා ගන්නා ප්‍රශ්නෙම තමයි.මොකද ඉන්දියාවේ වගේ රටවල සංස්කෘතියත් එක්ක බද්ද වෙච්ච දෙයක් තමයි ගණිකා වෘත්තීය.ඔය දේවදාසි කියන සංකල්පය නිසා වසරකට සියගණනක් ගණිකා වෘත්තීය සඳහා යොමු වෙනවා.ලංකාවේ එහෙම දෙයක් නෑ නේ.අනිත් ඒක තමයි ඕක නිතීගත කිරීමෙන් වෙන්නේ අපරාධයකට අනුබල දුන්න වෙන එක.මොකද ව්‍යාපාරයකට වෙළඳපොල වටිනාකමක් තියෙද්දී ඒකෙ ඉල්ලුමට සරිලන සැපයුම දෙන්න මානව සම්පත් නැත්තන් ,ව්‍යාපාරයේ යෙදෙන්නන් බලහත්කාරයෙන් මානව සම්පත ලබා ගන්න යාවි.මතක තිය ගන්න මේක බොහොම අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයක්.

      Monster චිත්‍රපටිය බලන්න ඕනෑ.බොහොම පින් චිත්‍රපටිය ගැන කිව්වට.

      Delete
  18. උපහාසය ඇතිව ලියල තිබ්බට බොහොම හොඳ ලිපියක් මානවක.. කවුරු කොහොම කිව්වත් ඔය තර්ක විතර්ක ඕනේ නැහැ .. ඕක නීති ගත කොරන්නයි අරවයි මේවයි කියන්න දෙයක් නැහැ .. කොරන උන්ට කොරන්න දීපල්ලා කියල නේ උබ කියල තියෙන්නේ

    ReplyDelete

හිතුනේ මොනවද?