බුකියේ මං

42 බුදු ගුණ බලන ගමන් පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න

සිද්ධාර්ථ ගෞතම ලිබර්ටියේ පෙන්නනවා කියලා කවුද කියනවා ඇහුනා.එතකොටම මට කල්පනාවට ආවේ වෙනදට චිත්තර පටියක් පටන් ගන්න කලින් ලිබර්ටිය ඉස්සරහ ඉන්න නොයෙකුත් විදියට ඇඳ පැළඳ ගත්ත තරුණ තරුණියෝ පෝලිම.සමහර දවස වලට රණ්ඩු වෙනවත් ඇහෙනවා කට්ටිය කලින් බුක් කරලා පස්සේ ආපු උන්ට චාන්ස් එක නැති වෙලා.මොලේ කොලොප්පන් වගේ නේද?මම මේ මොකාටද එන්න හදන්නේ කියලා?.මේකයි සිද්ධිය ගොඩක් කට්ටිය අහල ඇති කතාව ලංකාවේ සිනමාහලක බොක්ස් වලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ලිබර්ටි සිනමා හලේ බොක්ස් වලට කියලා කියන එක.ඒ කතාව පැත්තකින් තියමු දැන්.


තරුණ යුවලක් ඇයි බොක්ස් එකකට යන්නේ.කෙනෙකුට කියන්න පුළුවන් නිදහසේ ඉන්න.එහෙමත් නැත්තන් ආදරය තුල තියන රාගය යම්  සීමාවකට කොටුකරලා ආදරයට විවිධත්වයක් දෙන්න.මුලින්ම මේකත් කියන්න ඕන ජෝඩුවක්‌ බොක්ස් එකකට යන්නේ චිත්‍රපටිය බලන්න නම් නෙවෙයි කියලා.දෙය්යනේ මිනිස්සු ඔක්කොම හැදිලා තියෙන්නේ ලේ මස් වලින් නේ.අනික කාමරයකට යනවට වැඩිය බොහොම විදිවලින් බොක්ස් එකකට යන එක ආරක්‍ෂිත ක්‍රමයක් කට්ටිය කියන විදියට ආදරේ ගැන සහ හැගීම් ගැන ඉගෙන ගන්න.ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන කියනවානම් ඉතින් කොටු තමයි දාන්න වෙන්නේ.මෙහෙමයි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බොක්ස් එකකට යන ඒක මම කොහොමවත්ම ප්‍රතික්ෂේප කරන්නේ නෑ.දෙන්නගෙම කැමැත්තෙන් නේ යන්නේ ඉතින්.ආයේ මොනවට එපා කියන්නද ?

දැන් ආපහු මාතෘකාවට එමු.මේ දවස්වල ලිබර්ටියේ සහ අනෙකුත් ප්‍රසිද්ධ සිනමාහල් බොහොමයක පෙන්නන්නේ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටිය.ඔන්න එතකොට ප්‍රශ්න පත්තරයක්.ඒ සිනමාහල්වල බොක්ස් මේ චිත්‍රපටිය තිරගත වන කාලය ඇතුලත විකුනන්නේ නැද්ද.නැත්තන් විකුණනවද?.ඒ චිත්‍රපටිය බලබල බොක්ස් එකක ඉඳං කොල්ලෙක් කෙල්ලෙක් එක්ක සතුටු වෙනකොට ඌට පව් සිද්ධ වෙන්නේ නැද්ද.බුදු ගුණ බලන ගමන් ආදරේ කරන එකෙක්ට හිතෙන්නේ මොන විදියටද?           

ඒ අතරේ තව ප්‍රශ්නයක් එනවා.ඔය චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේ ඇඳුම් විලාසිතාවන්ට අනුකුලව.රඟපාන නිළියන්ගේ ශරීරයේ සමහර තැන් නිරාවරණය වෙලා.එතකොට කට්ටිය කියාවිද මේ චිත්‍රපටිය නිසා පිරිමින්ගේ අසහනය වැඩිවෙනවා.ඒක නිසා මේක හොඳ නෑ කියලා.හැබැයි ඒ ඇඳුම් දකිද්දි බොක්ස් එක ඇතුලෙ කෙල්ල එක්ක ඉන්න කොල්ලත් කෙල්ලගෙ ඇඳුම් එහෙ මෙහෙ කරලා ඒ විලාසිතා තමන් ගෙ කෙල්ලට ගැලපෙනවද කියල බලන්නත් ඉඩ තියෙනවා.. :D .ඔන්න මට තියන ප්‍රශ්න.   

ඔය ඔක්කොම කතා පැත්තකින් තියමු.බොක්ස් පහසුකම් තියනවා නම් , පොෂ් විදියට හිතන උන්ට මේක අනගි අවස්තාවක්.ඔන්න දැන් උඹලට තියනවා "බුදු ගුණ බලන ගමන් සහකාරයගෙ/සහකාරියගෙ පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න" අවස්ථාව.  

පහල කවිය ලිව්වේ නිකන් මම ඇත්තටම දන්නේ නෑ මේ චිත්‍රපටිය තිරගත වන කාලය තුල බොක්ස් පහසුකම් සපයනවද නැද්ද කියලා.

අහෝ !
දැක ගතිමි
ලිබර්ටියේ
බුදු ගුණ බලන්න
යන
බොක්ස් පෝලිම
නෙත් පුරා
මම



ප.ලි - බුදු ගුණ බලන ගමන් සහකාරයගෙ/සහකාරියගෙ පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න සීන් එක එච්චර අමාරු නැත...සරල ජනකතාවකින් උපුටා ගත් කොටසකින් ලිපිය අවසන් කරමි.

බෙර ගසන්නට බෙරකරුවකු නැති උවද තරුණයාට "ධාතු වඩිනවා" යන්නත්,නැති උන හරකෙකු සෙවීමට කෙනෙකු නැති උවද තරුණියට "මට දැන් තුන් ලෝකෙම පේනවා" වැනි බෞද්ධ වචන භාවිතා කල හැක.    
Comments
42 Comments

42 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්... බොක්ස් -_- ඕකට ගිය කිසිම දවසක මං ෆිල්ම් බලලම නෑනෙ. . ඉතිං පව් නෑ

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඔය තියෙන්නේ තරුණ අදහස්...........

      Delete
  2. box ගිහින් box කඩා ගත්තු උන්ට මොන පව් පිං ද බං !!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බලාගෙන යනකොට......

      Delete
  3. තාම බොක්ස් එකකට ගිහිං නෑ..
    යන්නෝනා දවසක අනුෂ්කත් එක්ක..
    (ටිකට් ගන්න ලැජ්ජයි අප්පා... බුක් කරලා යන්නෝනා :ඩී)

    ReplyDelete
    Replies
    1. ඈ බන් අනුෂ්කා ඒවිද ඔහොම ප්‍රසිද්දියේ....

      Delete
  4. මම කල්පනා කරන්නේ මෙහෙම චිත්‍රපටයක් කලේ ඇයි කියල???

    ReplyDelete
    Replies
    1. සල්ලි ටිකක් සොයාගැනීමේ පරම උදාරතර චේතනාවෙන්. හැම ෆිල්ම් එකම එහෙම තමයි. ඉතින් මේ අධ්‍යක්ශක තුමා හොඳට මාකට් කරන්න පුලුවන්, මාකට් කරන්න වැඩිය සල්ලි වියදම් වෙන්නෙ නැති මාතෘකාවක් හොයාගෙන තියනව

      Delete
    2. මතකනේ කුස පබා විකුන්න හැටි

      Delete
  5. මම නම් තාම බොක්ස් වලට ගිහින් නෑ, යන්න වෙන්නෙත් නැති වෙයි.. හැබැයි ගියොත් නම් අවම ඉඩක් තුල රඟපෑ හොඳම චිත්‍රපටියට ලැබෙන ඔස්කාර් සම්මානෙ ගන්න පුළුවන් වෙන විදිහෙ පිටපතක් ලියාගෙන තමයි යන්නෙ :ඩී
    මම දන්න තරමින් නම් බොක්ස් වලට යන කපල් තමන්ගෙම චිත්‍රපටිය රඟපානවා මිසක් තිරගත වෙන චිත්‍රපටිය බලන්නෙ නෑ.. ඒ නිසා පව් සිද්ධ වෙන්නෙ නැති වෙයි

    ReplyDelete
    Replies
    1. උඹට මොටෝ බොක්ස්...යකෝ ගෙදරටම යන එකනේ........ :P

      Delete
  6. box walata gihin na,yanna uwamana wena ekakuth na..
    Hamadetama simaa mayim thiyenawane,ewa thula idn thamange thathwayata galapena widiyata wada kaloth hodai ne..

    ReplyDelete
    Replies
    1. බොක්ස් යන එකේ වැරද්දක් නෑ..මේක පෙන්නන උන්ගෙයි වැරැද්ද?

      Delete
  7. ට්‍රෝජන් බෝයි TLRFebruary 2, 2013 at 7:41 PM

    පෙම් රැඟුමට ඉඩ නැති කළ එළියේ
    සිනමා හලකට රිංගමු ජොලියේ
    හිටියත් පැය ගනනක් බැල්කනියේ
    නමවත් නොදනිමි චිත්තරපටියේ....

    ReplyDelete
  8. e film ekata bow ticket dena untanam sadahathi sitin paw anumodan wenawa athi..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඕක හිතන්න ඕන යන උන් නෙවෙයි ඕක පෙන්නන උන්..

      Delete
  9. බොක්ස් ගැනනම් නොදනිමි, චිත්‍රපටයනම් අසාර්ථක බව කිව යුතුය.

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. මමත් තැන් කීපයකම දැක්කා ෆිල්ම් එක අල කියලා............

      Delete
  10. හරිහාමන් කොමෙන්ටුවක් දාන්න බෑ මනවකොයෝ

    1. මම තාම බොක්ස් එක්ස්පීරියන්ස් එකක් අරනං නෑ ( සිරාවටම )
    2. "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ෆිල්ම් ඒක බලන්නත් බැරි උනා

    ඉතින් කොහොමද කමෙන්ට් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවට ආවම පලයන් . ඊට පස්සේ කොමෙන්ට් කරපන් , පස්සේ කොමෙන්ට් කරන්න මේක බුක්මාර්ක් කරන් තියාන හිටපන්...

      Delete
  11. අපේ මහත්තයා මාව තාමත් ෆිල්ම් එකක් බලන්න එක්කන් ගිහිල්ලා නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. දැං මොකට ඕවට අරං යනවද

      Delete
    2. ඒවා ඒ දවස් වල කරන්න තිබ්බ දේවල්.හොඳ වැඩේ මෙයා ඒ දවස්වල "අපේ මහත්තයට" ගණන් උස්සන්න ඇති...

      Delete
  12. අනේ ඇත්තට බොක්ස් එකකට ගිය කාලයක් මතක නැ දැන්නං

    ReplyDelete
    Replies
    1. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕකට තමයි....

      Delete

  13. රම්‍ය, සුරම්‍ය, සුභ නැති කොට, බොක්ස් එකත් මාළිගාවක් වෙලාවකට, අනික, සසර විඳවීමක් බව දැනෙනකන්, සසර විඳින එක වරදක්ද, වැදගත්ම දේ, සසර විඳින්නම ඕන, වින්ද හැම දේම විඳවීමක් බව දැනෙන්න ..
    අපොයි පව් නෑ ..
    සිදුහත් කුමාරයත් ගිහි ගෙයින් නික්මෙන්න කලින්, නිළියන්ගේ විප්‍රකාර බැලුවලුනේ ... !!

    පෝළිම දිහා බලාගෙන
    ලේ පුච්ච ගන්නේ නැතුව
    ලිබටියට ගිහින්
    එක්කෝ බුදු ගුණ බලන්න
    නැත්නම්
    සුදුසු කරුමාන්තයක් කරන්න
    ඒ දෙකම හොඳයි
    එලියෙන් ඉඳන්
    පෝළිම දිහා බලාගෙන
    හූල්ලනවට වැඩිය ... :P

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත
      ඒත්
      මම තාම
      කල්පනා කරන්නේ
      සල්ලි දීලා
      නළගනකගේ
      විකාර
      බලන්න ඕනද
      කියලා.... :D

      මට මුලින්ම කැට උත්තර නැති උනත් දැන් නම් ජාමේ බේරා ගත්ත වගේ....

      Delete
    2. අපොයි දෙයියනේ
      බොන වතුර ටිකටත්
      සල්ලි ගෙවන්න ඕන කොට
      නිළියන්ගේ විප්‍රකාර
      නිකන් පෙන්නන රටක් තියේවිද ...
      අනික..
      ශ්‍රි ලංකන් ඒවට වඩා ගනන්
      ඉන්දියන් එක .. !!

      Delete
  14. මාත් දැක්කා යකෝ බුකියේ පොටෝවක්!

    “බොක්ස් පහසුකම් ඇත“

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ් . කෝ පොටෝ .. කොහේද කියපන්...

      Delete
  15. මම ඔය ෆිල්ම් එක බලපු ගෑනු ලමයෙක්ගෙන් ඇහුව කොහොමද ෆිල්ම් එක කියල. ඒකි දුන්න උත්තරේ "අනේ සිද්ධාර්ත කුමාරය මාර හැන්ඩ්සම්, යශෝදරත් මාරම ලස්සනයි."

    ReplyDelete
    Replies
    1. මටත් කිව්වා කෙනෙක් දෙවිදත්තරට ඉන්නේ නපුරු පෙනුමක් තියන ස්වීට් කොල්ලෙක් කියලා...

      Delete
  16. අන්න එතැනටත් ගිහින් බොක්ස් එකෙත් දෙන්න ඉඳගෙන සීරියස් එකෙ චිත්තරපටිය බලන්න පුලුවන් නම් ඔන්න නියම සද්දාව.. මානවක එහෙම කලාද ?
    අපේ කාලෙ සිංහල පෙම්වත්තු ජාතිබේදයෙන් තොරව ගියේ පාමංකඩ ඊරොස් එකට.. ඊරිසියාකරයින්ගෙන් කරදරයක් නැතුව පෙං කරන්න පුලුහං තැන..

    ReplyDelete
  17. මම අර Lucky Rose අක්කිගෙ කවියට , මානවක අයියාට කට උත්තර නැති වෙනකම් බලන් හිටියෙ... :p ශැහ්හ්හ්!! ඒකට +++ දාන්නත් මම පරක්කු වුනානෙ :/

    ඔය ෆිල්ම් එකේ ,ලංකාවෙ මම ආසම නළුවෙක් ඉන්නවා.. <3 :D බලලා ඇවිල්ලාම විස්තරයක් කියන්නම්කො ;)

    ReplyDelete
  18. මමත් අපේ කාලයේ බොක්ස් ගිහින් නෑ. ඒවයේ මොනවද වෙන්නෙ කියලා දන්නෙ නැ ඕං. ඒවුණත් බුදුගණ මෙනෙහි කරමින් පංචස්කන්ධය ගැන අනිත්‍ය මෙනෙහි කරන්නට හැකි පහසු තැනක් වෙන්ටැති.

    ReplyDelete
  19. උඹටත් මාර දේවල් නේද හිතෙන්නේ.

    ReplyDelete
  20. මට කවි බැරි බව දන්න නිසා මෑතකදී චන්දන එල්ලාවල කියන බුකි මිත්‍රයා සදහන් කරපු නිසැදක් දෙකක් මෙතන කොටන්න හිතුවා..

    1.
    සතර පෙර නිමිති
    -----------------------------
    ඒයි ....
    අනේ මාව
    බොක්ස් එකේ තියාන
    ශ්‍රී සිද්ධාර්ථ පෙන්නන්නකෝ....................!

    අම්මේ, හෙට උදේ 10 මට ක්ලාස් .............!

    2.ඇඩ්ඩ්‍රස් නැ ....
    සිර්ධාර්ථ ගෞතම
    අන්න ටවුමේ හොල් එකේ ..................

    කාතාකරල බලන්න
    දානෙකට එක්කං එන්න හැකිවෙයි

    ආ..... 100 ක් වත් අරං යන්න
    ගැලරියටවත්

    ReplyDelete
  21. බොක්ස් එකකට ගිහිල්ලාම නෑ බන්...හැම ලව් එකක්ම පටන් ගන්න කලින් අහවර උනා.

    ReplyDelete
  22. අපේ ඔපිසිය ගාව එකේ 10.30 එකට 8.00 ඉදන් පෝලිම. :D

    ReplyDelete
  23. ෆිල්ම් එක අන්තිමයි, දෙව්දත්ට ඉන්න කොල්ල නම් මාරම cute :D

    ReplyDelete

හිතුනේ මොනවද?