බුකියේ මං

73 වැලන්ටයින් සහ අපි (18+)

වැලන්ටයින් තමයි පැටියෝ...ඒ උනාට මට නම් බෑ ආයේ එදා ගිය තැන් වලට වගේ තැන් වලට යන්න...මතකනේ එතන හිටිය උන්ගේ හැටි...හතර පහක් එකතුවෙලා ඔයාට ගහල මට මොනවා හරි කරොත් මොනවා කරන්නද?...එහෙම උනොත් මම මොනවා කරන්නද?

ඒ වචන ටිකට පපුව කීරි ගැහුවා වගේ උනා...ඒ කෙල්ලට කරදරයක් වේවි කියලා නෙවෙයි...වැලන්ටයින් මුවාවෙන් කෙල්ලව රූම් එකකට එක්ක ගෙන යන්න තිබ්බ චාන්ස් එක අල වේවි කියලා හිතුන නිසා ...කලින් දවසෙත් ඒකි මට අතකවත් තියන්න දුන්නේ නෑ හරියට...අනික ඒක රූම් එකකුත් නෙවෙයි රෙද්දේ දිය ඇල්ලක්...ඒකත් බදා ගෙන ඉම්බ එක විතරයි...කෙල්ලට එදා තැනට බය හිතෙන්න ඇති...


නෑ සුදු....මම ඔයාට එහෙම වෙන්න දෙනවද?...ඔයාට බයනම් අපි මෙහෙම කරමු...අපි යන් අපි දෙන්නා විතරක් ඉන්න තැනකට..... 

ඒ කිව්වේ අයියා....

කෙල්ලට වැඩේ තේරුනේ නෑ වගේ.ගෑනු ඔහොම්මමයි.වැදගත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.  

වස්තුවේ අපි දෙන්නා විතරක් ඉන්නවා කියන්නේ අපි දෙන්නා විතරයි කියන එක...හිතන්නකෝ ඔන්න ඔයාලගේ ගෙදර කවුරුවත් නෑ මේ වෙලාවේ...මම එනවා...ඔයයි මමයි ඔයාගේ කාමරේ තනියම.අන්න ඒ වගේ

මම ඉතින් එදා මෙදා තුර දකුනු අතේ ඇඟිලි ගානට එකක් අඩුවෙන් කියලා තිබුන මගේ පණ්ඩිත හෑල්ල ඒකිට අතෑරියා...මේකිට මොලයක් තියේනම් ඒකවත් තේරුම ගනීවි නේ.

ඉතින් අපේ ගෙදර කට්ටිය ඉන්නවනේ...අපේ අම්මා බෙහෙතකටවත් ගෙදරින් එලියට යනවද?..ඔයත් කියන්නේ මාරම කතා තමයි....

හයියෝ සල්ලි...ඔය තේරිලා තියෙන්නේ කාටද වගේ.අම්මපා මෙහෙම එකියක් නේ මමත් දා ගත්තේ...  

හ්ම්ම්ම් ඒකත් එහෙමද...එහෙනම් අපි ඔයාලගේ ගෙදර නොවෙන අපි දෙන්නට තනියම ඉන්න පුළුවන් වෙන කාමරේකට යන්...මම දන්නවා පැටියෝ අපි යාළුවෙලා ගොඩ කාලයක් නෑ කියලා.ඒත් මමත් ආසයි මගේ ජීවිතේ මම සමරන පලවෙනි වැලන්ටයින් එක මට හැමදාම මතක හිටින එකක් වෙනවට.මට ආදරේ ගැන ලොකු අත්දැකීම් නෑ කියලා ඔයා දන්නවනේ.ඉතින් මම කැමතියි මම ජීවිතේ හාහාපුරා කියලා ලංකර ගත්ත කෙනත් එක්ක ආදරේ උතුම්ම දවස ගත කරන්න.කියන්න එක වැරදිද කියලා.          

හ්ම්ම්ම්ම්...ඒත්..ඒ වගේ තැනකට යන්න බයයි මට...මම කවදාවත් ගිහිල්ලා නෑ එහෙම තැනකට ඔයා දන්නවනේ...අනික මම පිරිමියෙක් එක්ක එහෙම තනි වෙලාම නෑ...දන්නවනේ අඩුම තරමේ ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ කියලා මම.

ඔය අහගත්තෙ හොදට පත්තිනි වන්දනාව.අනේ මගෙයි ඔයාගෙයි පතිවත.මම දන්නවනේ නටපු නැටුම් ඔක්කොම.මමයි වියදම් කරන්නේ.මමමයි අන්තිමට මහන්සි වෙන්නේ මේකිගේ තියන ගනකම.මෙහෙම දෙබස් මේකිට දීල යරියන්නේ නෑ වගේ පුතා..දෙන්න ඕන හර බර දෙබසක්   

මෙහෙමයි පැටියෝ මට ඔයාට තඩි චොක්ලට් තව මම වෙනුවට රෑට බදාගෙන ඉන්න පතරංග ටෙඩියෙකුයි අරන් දෙන්න පුළුවන්.ඔයාට ඒ ටෙඩියව ගෙදර ගෙනියන්න පුලුවන්ද.ඔයාට අරන්දෙන චොක්ලට් එක හැමදාම තියන් ඉන්න පුලුවන්ද? ඔයාට ඕනෑම නම ඔන්න ඊයම් කොලේ පොතක් ඇතුලේ දාලා ඉස්ටිකරේ ඒ පොතේම කවරේ අලවන්න පුළුවන් වැලන්ටයින් මතක් වෙන්න.ඔය සිහිවටන නෙවෙයි හලෝ හැමදාම හිත්වල තියෙන්න ඕන මතක.දෙයක් බැලුවම මතක් වෙන දේවල් වලට වැඩිය ඉබේම මතක් වෙන දේවල් වල තියන ගතිය ඔයාට තේරෙනවනේ.

හරි හරි මම එන්නම්...හැබැයි වැඩි වෙලා බෑ රත්තරන්...බය හිතෙන තැනකටත් බෑ ඔන්න..ලස්සන රොමැන්ටික් තැනක් වෙන්න ඕන...

පුහ්හ් රොමැන්ටික්.මම රොමැන්ටික් පෙන්නන්නම් කෝ හෙට වැලන්ටයින් වල ඔතලම.                             

එහෙනම් බබා මම තියනවා .ආදරෙයි මම රත්තරන්.බුදු සරණයි..උම්මා උම්මා උම්මාහ්හ්.මතකනේ හෙට අපේ සුපුරුදු තැනට නමය වෙනකොට එන්න  

උම්මා උම්මා උම්මාහ්හ්..බුදු සරණයි මගේ සුදු මහත්තයට........

ගෑනි ෆෝන් එක තිව්වා,දැන් වහාම කලිසමක් ටී එකක් හෝදන්න ඕන නැත්තන් මගේ හඩු ගදට ඕකි ලගට එන්න දෙන එකක් නෑ.  


---------------------------------------------------------------------------------

ගඟ අද්දර කියලා තාප්පේ ලොකුවට ගහල තිබුන අකුරු දැකලා හිතට අමුත්තක් ආවත් මම කේන්තියෙන් වගේ අශේන් පැත්තට හැරුනේ අපි ආපු ටුක් ටුක් එක නතර කරපු තැන දැකලා.

මේකද අශේන් ඔයාගේ රොමැන්ටික් සප්‍රයිස් එක.ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද..ඔයා හිතන්නේ මම මේ කාමර ගානේ යන කෙල්ලෙක් කියලද.අනික මේ වගේ මුසල තැනකට.අපි ආපහු යන්.මට නම් බෑ ඔන්න මේකට රිංගන්න.

මම හිතේ තිබ්බ කේන්තිය හිතේ හැටියට නැති උනත් මම එවලේ පිට කර ගත්තා.

කෑ ගහන්න එපා මනුෂි  බබා..ලැජ්ජ කරන්නද හදන්නේ මට.මම ඔයාට ඊයේ රෑත් කිව්වනේ අපි දෙන්නා විතරක් ඉන්න තැනකට යන්නේ කියලා.දැන් ඉතින් ඇයි කෑ ගහන්නේ බොරුවට දන්නේ නෑ වගේ.මම ඔයාට ආදරෙයිනේ බබා විශ්වාස නැද්ද.මම ඔයාට වැරද්දක් කරනවද මනු.

මගේ තරහ ටිකක් නිවුනත් මම මට හදා ගන්න පුළුවන් නපුරුම මුණ හදාගෙන අශේන් දිහා බලලා ටුක් එකෙන් එලියට බැස්සා.කෝල් එකක් දුන්නම එන්න අයියා කියලා අශේන් කියන කොට මට නිකමට ටුක් එකේ ඩ්‍රයිවර් දිහා බැලුනා.ඒ මනුස්සයත් මගේ දිහා බැලුවේ නිකන් මරණෙට නියම වෙච්ච කෙනෙක් දිහා බලනවා වගේ අනුකම්පාසහගත බැල්මකින්.මට ඒ බැල්ම දරාගන්න බැරි නිසාම මම අශේන්ට ලං වෙලා ඉක්මනට යන් කිව්වා.               

පුස් ගඳ ගහන මලානික කොරිඩෝවක් මැදින් ගිහිපු අපි දෙන්නා ඇතුල් උනේ පොඩි කාමරේකට.ඇතුලේ තිබුන ලානිල් පාට රෙදි ඩබල් ඇඳේනුයි ඩ්‍රෙසින් ටේබල් එකයි නිසා කාමරේ පිරිලා තිබුනේ.හරියට එන මිනිස්සුන්ට ඇඳේම ඉන්න කියලා වගේ.එකෙන් උනේ මගේ හිතේ තිබ්බ අවුල තවත් වැඩි වෙන ඒක විතරයි.මම අශේන් දිහා බලල මුලින්ම කිව්වේ මේ ඔයා මම අකමැති දේවල් එහෙම මට කරන්න කියන්න එපා හොඳද..

මොනවද ඔයා අකමැති දේවල්ද..ඒවා කරන්න මම..ඔයාට පිස්සුද පැටියෝ..ඔයා මොනවා කියනවද මන්දා.මම කලිනුත් කිව්වා නේ අපේ පලවෙනි වැලන්ටයින් එක අපි දෙන්නට කවදාවත් අමතක වෙන්නේ නැති මතකයක් කරනවා කියලා.මට ඕන උනේ ඔයාව තුරුල් කරන් ඉන්න විතරයි.ඔයාට මගේ උම්මා එපාද?

එහෙම කියලා මට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට අශේන් මාව බාදා ගෙන ඉම්බා.මන්දා කියන්න තේරුනේ නැති ආශ්වාදයක් හිතට ආවත් ඒක ආපු ඉක්මනට නැති වෙලා ගියේ ඒ තොල් වලින් ආපු සිගරට් ගඳ හින්ද වෙන්න ඇති කියලා හිතුනා.ඉවසන්න බැරිම තැන මම එහා පැත්තට

ඔයා සිගරට් බිව්වා නේද..ගන්දස්කාරේ බෑ..ඔයා දන්නවා නේ මම සිගරට් බොනවට කැමති නෑ කියලා.

එහෙම කියලා මම මගේ අකමැත්ත ප්‍රකාශ කරත් එයා දුන්න උත්තරෙන් මම කැරකිලා ගියා වගේ උනා

ඔයා දන්නේ නැති උනාට මනු බබා..සිගරට් බීපු තොල් වලින් කිස් කරනවට කෙල්ලෝ කැමති කියලයි.මම මේ හැමදේම කරන්නේ ඔයා සතුටින් තියන්න නේ.අනික මම දන්නවා සිගරට් බිව්වම වෙන දේ.ඔයා හිතනවද කවමදාවත් ඔයාට ඕන දේවල් මට දෙන්න බැරි වේවි කියලා.

එහෙම කියලා හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට මාව තුරුල්ලට ගත්ත එයා අයෙමත් අතොරක් නැතුව මාව ඉඹින්න පටන් ගත්තා.මට ඈතට වෙන්න ඕන උනත් මගේ කන්පෙති කම්මුල් බෙල්ල පුරාවට දැනෙන ඒ සැනසීමට නැවතුමක් දෙන්න මගේ යටි හිත ඉඩ දුන්නේ නෑ.ඒත් එයාගේ ඇඟිලි තුඩු මගේ ඇඟ පුරාම දුවනකොට කොට මා ඈතට උනේ එයාවත් තල්ලු කරලා දාලා.

ඔයා මගේ ඇඳුම පොඩි කරනවා අයියා.මම කොහොමද ආයේ ගෙදර යන්නේ පොඩි වෙච්ච ඇඳුමක් ඇඳන්.                      
 
එකම තමයි මමත් කියන්නේ මොකටද ඇඳුම් පොඩි කරන්නේ.ඕක ගලවලා දාන්න අනේ.එතකොට හරි නේ.

බෑ මට ලැජ්ජයි.මම කවදාවත් කෙනෙක් ඉස්සරහ එහෙම ඉඳලා නෑ.

මේකයි පැටියෝ හැම දේටම පලවෙනි වතාවක් තියනවා.ඔයා තේරුම ගන්න ඕනා අද නෙවෙයි අනාගතයේ කවදාහරි දවසක ඔයාට මගේ ඉස්සරහ එහෙම ඉන්න වෙනවා.අනේ මන්දා ඔයා කියන කතා අපි හනිමූන් ගිහින් බූරුවෝ ගහන්නද ?.හිතන්නකෝ මේක අපේ හනිමූන් රියසල් එක කියලා.

ඒ බිඳින්න බැරි තර්කෙත් එක්කම මම ලැජ්ජාවට ඇස් දෙක වහගෙනම  ඇඳන් හිටිය ටොප් එක ගලවලා ඇඳේ පැත්තකින් තිව්වා.මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් එපයි.ඒත් ඒ අවසරෙන්ම මට දැනුනේ අශේන්ගේ ඇඟිලි වල උණුසුම විතරයි.


---------------------------------------------------------------------------------

ඔයා මොනවද කරන්නේ ඔයා දන්නේ නැද්ද වැඩිපුර ඇල්ලුවම ලොකුවෙනවා කියලා.

ලොකුවෙන්න තමයි රත්තරන් අල්ලන්නේ දන්නේ නැද්ද අර මුහුදේ මාළු වැඩි වෙන්නේ අහවල් ඒවා පොඩි වෙන්නෙයි ඇල්ලුවේ නැති උනාම කියලා කියන කතාව.කාටද ආඩම්බර ඕවා ලොකුවට තියනකොට.

කෙල්ලගේ ටෝක් කැපිලා යන්න දෙබසක් දැම්ම අතරේම 
මම මගේ ඇඟිලි තුඩුවල වේගෙත් වැඩි කරා.       


---------------------------------------------------------------------------------

ඒයි මට කුචියි පැටියෝ.....

මට එහෙම කෑ ගැහුනේ පපුවෙන් ආව ආශ්වාද ජනක උනත් දරන ඉන්න බැරි කිතිය නිසා.අශේන් මගේ දිහා බැලුවේ අමුතුම විදියට.එයාගේ ඇස් දෙක අඩවන් වෙලා කියන්න තේරෙන්නේ නැති මොනවහරි දෙයක් දොරේ ගලනවා වගෙයි.මමත් දැනගෙන හිටියා ඒ වෙනකොට මගේ ඇසුත් අඩවන් වෙලා මට මාවම පාලනේ කරගන්න බෑ කියලා.

ඔයා අහල තියේද බබී ඉස්සර රජ කාලේ හිටියා දුක්ගන්නා රාළ කියලා කෙනෙක්.එයාගේ ජොබ් එක තමයි රජ්ජුරුවන්ට හදන කෑම විස තියේද බලන එක.දැන් මම කරන්නෙත් ඒකමයි.

 ඒ මොකක්ද ඒ... මම එහෙම ඇහුවේ අද දවසේ පලවෙනි වතාවට හිනා වෙන ගමන්

දැන් බබා මේකනේ...කවද හරි ඔයාට මම බබෙක් හැදුවම බබාට පාවිච්චියට සුදුසුද කියලා තමයි දැන් මේ බබාගේ තාත්ති චෙක් කරන්නේ.

එහෙම කියලා එයා ආයෙත් දුක්ගන්නා රාළ උනා.

---------------------------------------------------------------------------------

ඒ යි ඔයා ඔය මොකද කරන්නේ...කැත නැද්ද ඔයාට පැටියෝ..අනික මට ඉන්න බෑ එහෙම කරන කොට..

මම කෙල්ලත් අල්ලපු අඩව්වට ඒකිට හුස්ම ගන්නත් බෑ මට හුස්ම ගන්නත් බෑ වගේ.ආයේ ඉතින් පොරොන්දුවක් උනාම කඩ කරන්න පුලුවන්ද.කවදාවත් අමතක නොවෙන වැලන්ටයින් එකක් නේ.ඒත් මේකි කෑ ගහනවනේ.

තමන් ආදරේ කරන කෙනා කැත වෙන්නේ කොහොමද.අනික ඔයාට ඉන්න බෑ කියන්නේ ඔයා සතුටු වෙනවා කියන එකනේ.දැන් හොද පැටියා වගේ මගේ බෙල්ල තද කරලා මාව මරන්න හදන්නේ නැතුව  නැතුව ඉවසගෙන ඉන්න.මට ඔයාව කැත නෑ කොහෙත්ම.මතක තියා ගන්න ඒක.

හ්ම්ම්ම්..ටිකකින් මට දැනුනා  අතිකින් මගේ ඔලුව හෙමිහිට පිරි මදිනවා.

---------------------------------------------------------------------------------

මට බෑ කියන්නේ මට බෑ..ඔය දන්නවනේ අශේන් මට මගේ දාඩියත් අප්පිරිය එකේ මම කොහොමද ඔයා කියන දේ කරන්නේ.අනික මම දන්නෙත් නෑ කරන්න.

මම එහෙම කිව්වේ එයා මගෙන් ඉල්ලුව දේ කරන්න මගේ හිත කොහොමටවත් හැදුනේ නැති නිසා.ඒත් එයා පරාජය බාර ගන්නේ නෑ වගේ.

මොනවද බබී කැතයි කියලා කියන්නේ.මමත් ඔයා ගැන කැතයි කියලා හිතුව නම්.තමන් ආදරේ කරන කෙනා ගැන කැතයි කියලා හිතන්න බෑ නේද..දන්නේ නැත්තන් බලාගන්න.

එහෙම කියලා එයා ෆෝන් එකේ තිබ්බ  වීඩියෝ එකක් දැම්මා.මට ඒ දේ ගැන යම් අදහසක් ආවත් එහෙම කරන්න නම් මැරුවත් හිත හදාගන්න බැරිවේවි.

සැරයක් උත්සාහ කරන්න බබී ඔයාට බෑ වගේනම් නතර කරන්න.

මෙයාගෙන්  නම් බේරෙන්න වෙන්නේ නෑ.

  
---------------------------------------------------------------------------------

ඔයා බරායි රත්තරන් ......

අහ්හ් බර ගතිය ටිකකින් ඇරිලා යාවි.


---------------------------------------------------------------------------------

මාව බඳිනවා නේද මගේ රත්තරන් අශේන්....

මම එහෙම කිව්වා නෙවෙයි ...මට කිය උනා 


---------------------------------------------------------------------------------

සීග්‍රගාමී රංගනයකට පස්සේ මම පැත්තකට ඇල උනා.ඒකත් ඉවරයි එහෙනම්.ලැයිස්තුවට තවත් එකක්

සමහර විට මගේ වැඩේ කෙරුණ නිසාද නැත්තන් වෙන හේතුවක් නිසාද දන්නේ නෑ.මට කරන්න වැඩ ගොඩාක් මතක් උනා.ඒ කියන්නේ ඉක්මනට මෙතනින් යන්න ඕන කියන හැගීම.මම මනුශිට කතා කරේ ඉක්මනට යන්න ඕන කියන දේ කියන්න බලාගෙන.ඒත් ඒ දුඹුරු පාට ලොකු ඇස්වල තිබ්බ හැගීම දුකද සතුටද කියලා හිතා ගන්න බැරි නිසාම ඒ කඳුළු ඇවිත් තිබ්බේ දුකටද සතුටටද කියලා තේරුම් ගන්න බැරි උන නිසාම මම මට වචන පිටි උනේ නෑ.

තව ටිකක් වෙලා තුරුල් වෙලා ඉඳල අපි යමු සුදු මහත්තයෝ.

කෙල්ලට මගේ හිත තෙරිලාද මන්ද එහෙම කිව්වේ..ඒත් ඒ ක්ෂනිකෙන් එකී ඇදෙ පැත්තකින් තිබුන ටේබල් එකෙ උඩින් ඒකිගේ බෑග් එක අතට ගත්තා.

මේක මේ වැලන්ටයින් එක මාව සතුටින් තිබ්බට මට දෙන්න පුළුවන් පුංචි තෑග්ගක් කියලා ඇස් දෙකින් හිනාවෙලා කිව්වම මම හිතන්න ගත්තේ ඒ ලියුම් කවරේ ඇතුලේ මොනවා තියෙයිද කියලා.ඒක ඇතුලේ තිබුනේ මම ජීවිතේ දැකපු ලස්සනම හෑන්ඩ් මේඩ් වැලන්ටයින් කාඩ් එකක් , ඒ කාඩ් එක ඇතුලේ ලස්සන පුංචි කවියකුත් එක්ක යටින් ලියල තිබුන මෙහෙම වචන ටිකක් .


ජීවිතේ ලබන හැම දවසම ඔයාගේ ලඟින් ඉන්න ඕන විරාජ්....ඔයාගෙම මනුෂි 

පිදුම - කතාවක් ලියන්න ඕන කිව්වම මෙහෙම එකක් ලියපන් කියලා කිව්ව සැගියට 

ප.ලි -මේකේ චරිත තුනක් තියනවා කියලා හිතලා ආයෙත් කියවන්න.. 
Comments
73 Comments

73 comments:

  1. සැහ්...
    ඇඩෙනවා ඈ...
    එහෙම කෙල්ලෙක්ට අරූ ඔහොම කළේ මොන හිතකිංද මංදා....
    අඩේ මටනං හෙන කාලෙකට පස්සේ දුක හිතුනා ඈ....

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ තියන චරිත තුනම ගැන හිතන්න..දුක හිතෙන එකක් නෑ...

      Delete
    2. Ade ganga addara???mmmmmmm ahala purudu thanakda manda... ammata hudu may aruu wathda???

      Delete
  2. මේ කතාවේ තියෙන දේ ඇත්තටම අද ගැනු ළමයි කී දෙනෙකුට සිද්ද වෙන්න ඇද්ද? හැම දෙයක්ම හැගීම්වලට යට වෙලා. හැගීම් සල්ලි වලට යට වෙලා. අනේ මන්දා.... නිර්මාණාත්මක කතාවක්. ගොඩක් හිතට දැනුනා. ජය....!

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..ඒ උනාට ප්‍රදීප් කතාවේ ඇත්තම අර්තේ තේරුම් අරන් නෑ වගේ....

      Delete
  3. අපෝ බං...මේක කථාවක් වුණාට මේ වගේ සිද්ධි අද දවසෙම කීයක් වෙන්න ඇතිද බං..
    සමාජ (අ)සම්මතය....

    ReplyDelete
    Replies
    1. තව පාරක් කියෙව්වොත් කතාවකට එහා දෙයක් හොයා ගන්න පුළුවන් වේවි...

      Delete
  4. මෙව්වා ඉතින් මේ අහස යට සිද්ධ වෙන ඇත්තම සිද්ධිනෙ...අනේ මංදා වැලනටයින්..........

    කතාව හොදයි අයියෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා මේ වගේ දේවල් දහස ගානක් අද වෙන්න ඇති.....

      Delete
  5. මොහොතක හැඟීම් වලට වහල් වීමෙන් ජීවිතය නාස්තියක්ද..එහෙමත් නැත්තම් දැන් පැෂන් එක මේක නිසා එහෙම උනාද....නොතේරේ..

    ලියවිල්ල මරු..

    ReplyDelete
    Replies
    1. ඒක අර්ථ දක්වන්න අමාරුයි...හැබැයි මෙතන අපිට පේන කතාවට වැඩි යමක් තියනවා...

      Delete
  6. කතාව නොසිතු විදියට ඉවර වුනේ.

    කතාව ලස්සනට ලියල තියෙනවා මචං..

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක ලිව්වේ...අනික ජීවිතේටම ලියපු පලවෙනි කතාව........

      Delete
  7. කෙල්ලගේ පැත්තෙනුයි කොල්ලගේ පැත්තෙනුයි දෙපැත්තෙන්ම හිතලා ලස්සනට ලියලා සහෝ.

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වම වින්දනාත්මක ගතිය වැඩි වේවි කියලා හිතුනා...

      Delete
  8. මේකි ලියුම ලියල තියෙන්නේ වෙන කොල්ලෙකුට නේද විරාජ් කියන... ඒ කියන්නේ එයත් බඩ්ඩක්ම තමා කියන එක නේද/

    ReplyDelete
    Replies
    1. ලියුම නම් ලියල තියෙන්නේ විරාජ් ටම තමයි ලියුම බැලුවෙත් විරාජ්...බඩ්ඩක් කියන එකේ නම් කිසිම සැකයක් නෑ

      Delete
  9. මචන් සුපිරියි!! කිව්වත් වගේ පේනවට වඩා සැහෙන දෙයක් තියනවා. කෙල්ලත් මරු බැලුව ම!

    ReplyDelete
    Replies
    1. තැන්කු ඇනෝ...මගේ පලවෙනි කතාවට මෙච්චර ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ..

      Delete
  10. මොකද්ද බං ඒ හරුපේ තේරුම!!!! ඔන්න අද වැලන්ටයින්!

    ReplyDelete
    Replies
    1. මේක තමයි අද දවසේ සිද්දිය.......

      Delete
  11. නියමෙටම ලියල තියෙනවා මචං..
    කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. ඒක මොනවට අහනවද?

      ආන් පිදුම උඹට දැම්මා

      Delete
  12. නියමයි බං...සභ්‍ය සීමාව තුල සිදුවීම කදිමෙට විස්තර කරලා තියෙනවා...විරාජ්...මනුෂි....අශේන්....සමකෝණී ත්‍රිකෝණයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් බන් වැඩි උනොත් වැල කතාවක් වෙනවා......

      Delete
  13. මචං....ආයෙත් නෑ සුපිරියි...උඹ ගැන ආඩම්බරයි..අද කොච්චර පෙට්ටි කැඩෙන්න ඇත්ද...(චොක්ලට්)...කතාවෙ අවසානෙත් එක්ක තව කොටසකට ආරම්භයක් හිතෙනවා. කතාව අනුව තේරුම් යන දේ..අනිත් පැත්තට හරවන්නත් පුළුවන්. ටිකක් හිතල බලපං. කෙල්ලගේ රගපෑම සුපිරියි නේද.. අපේ සමාජයේ අමු ඇත්ත.

    මේ වගේම සප්‍රයිස් එන්ඩිං එකක් තිබ්බ මෑතකදී කියවපු ලස්සන කතාවක් මතක් වුනා.

    (අ)සම්මතය @ කළුවර හීනය

    ReplyDelete
    Replies
    1. මගේ පලවෙනි කතාවට මෙහෙම ප්‍රතිචාර ලැබෙන ඒක නම් හිතා ගන්න බෑ

      (අ)සම්මතය @ කළුවර හීනය කියෙව්වා ඒක පට්ට...

      Delete
  14. හත්ඉලව්වට ගහපූ කලාබරේ කිව්වලු..... වැලන්ටයන් කාඩ් එක අනිත් එකාට හදපු එක නේද......!!!!! කොල්ලා කතාව ගින්දර වගේ ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. තැනකුයි මචන්...මේකේ අවසානය වෘත්තාන්තයක් කියලා හිතුනා...කට්ටියට ඒක ලගින යන අර්ථකතන ගොඩක් ආපු නිසා

      Delete
  15. මේකනම් සුපිරියි අයියේ...මම කිවුවේ මේකෙන් කියවෙන දේ ගැන.....ගෑනු කියන්නේ මහා චපල ජාතියක්ම තමා අයියේ..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.......චපලම තමා...හැම කෙනාම නෙවෙයි හැබැයි

      Delete
    2. //ගෑනු කියන්නේ මහා චපල ජාතියක්ම තමා අයියේ...// අන්න අන්න Generalize කළා!

      Delete
  16. සින්ඩි TLRFebruary 15, 2013 at 12:40 AM

    නියමෙට ලියල තියෙනවා ඒත් කව්ද විරාජ් කියල පැහැදිලි මදි.කෙල්ල වෙන කොල්ලෙකුට කියපු කාර්ඩ් එකක් ද? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අනේ.
    (ඔන්න ෂගිය නම ලියපු විදියම කොපි කර අව්ලක් නැ නෙහ් :D )

    ReplyDelete
    Replies
    1. අ.පේ අය ගොඩක් නම ලියන්නෙ මෙහෙමයි සින්ඩියෝ

      Delete
    2. විරාජ් කියන්නේ කතාව කියන කොල්ලා..අශේන් කියන්නේ කෙල්ලගේ පරණ කොල්ලා..කෙල්ල කියන්නේ පහුගිය වැලන්ටයින් එකේ කතාව...

      Delete
  17. එක හුස්මට කියෙව්වා , නියමයි

    ReplyDelete
    Replies
    1. කියවල වෙන මොකුත් කරේ නෑ නේ

      Delete
  18. කතාවනම් නියමයි . චරිත තුනක් , ඒ කියන්නේ අශේන් එක්ක ඉදලා අවට පස්සෙද විරාජ් එක්ක ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. ඔහ්.. හරි කමෙන්ට් කියෙව්වට පස්සේ තේරුම් ගත්තා. පරණ කොල්ලා අශේන් කියලා.

      Delete
    2. මේක ඇතුලේ කතා ගොඩක් තියනවා කට්ටියට ඒක ඒක විදියට හිතා ගන්න පුළුවන් වෙන්න....

      Delete
  19. happoi deviyane comment tika okkoma kiyawala iwara unamai parana kolla ashen kiyala therune ada kale inna kolloi kelloi degolloma ekawage hamoma nemei samahara aya

    ReplyDelete
    Replies
    1. අනිවා හැබැයි ඒවාට කාටවත් වැරද්දක් කියන්න බෑ.....මිනිස්සුන් කරන්නේ තමන් කැමති දේවල් නේ....

      Delete
  20. Replies
    1. මොකද මේ කට ඇද කරන්......

      Delete
  21. ලැජ්ජයි යකෝ මේක කියවද්දි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට ලැජ්ජයි...ආයේ කියපන් බලන්න........

      Delete
  22. සැහ් මානවක මල්ලිගෙන් කතාවක් මරු ඈ, උඹේ බූට් වසන්ගංතේ කියෙව්වේ නැතිවට මේක නම් කියෙව්වා ඈ. මරු ඈ. අනික දැන් කෝම හරි ලක්ස දෙකක් හොයාගත්තා නම් වැඩිමට ටික දොහකට කලින් රෙපයාරින් පාර දාගන්න එකනේ බොල. උඹලට අපිට අගේ උනාට දැන් ඔව්වා කෙල්ලන්ට අගේ නෑ බන්

    ReplyDelete
    Replies
    1. එච්චර යන්නේ නැද්ද මන්දා?

      Delete
  23. තව ටිකෙන් කියන්න අමතක වෙනවා මේක ලිව්වේ බෙලිලස් එකා ඈ

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමත් එකක්ද ?

      Delete
  24. මම තේරුම් ගත්ත එක වැරදිද දන්නේ නැහැ...තුන්වෙනි චරිතේ නිසා කතාව කෙලින්ම කනපිට ගහනවා නේ...මරු..

    ReplyDelete
  25. මට මේකට මොනවද කියන්නේ කියලා හිතා ගන්න බැරි උනා බං. මේකේ යටි අරුත් ගොඩක් තියනවනේ. රටේ ලෝකේ සාමාන්‍යෙයන් වෙන දෙයක් තවත් අර්ථයක් විදිහට අරං ලියලා. ඇත්තටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නිකන් ලිව්වනම් මේකත් එක්තර විදියක වැල කතාවක් වෙනවා

      Delete
  26. එල ඒකි පට්ට බැල්ලියෙක් බලද්දි දෙන්නට දෙන්න ‍රැවටිලා

    ReplyDelete
  27. කතාකරන්න වචන ඉතිරි නොකරපු පෝස්ට් එකක්.....

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු..පලවෙනි කතාව මෙච්චර සාර්ථක වේවි කියල හිතුවේ නෑ..

      Delete
  28. //සීග්‍රගාමී රංගනයකට පස්සේ මම පැත්තකට ඇල උනා.ඒකත් ඉවරයි එහෙනම්.ලැයිස්තුවට තවත් එකක්//

    මෙන්න මේ වචන ටික නිසා කතාව පස් පාරක් විතර කියෙව්වා එක්කෝ අමන කොල්ලෙක්ට අහුවුනු අහිංසක කෙල්ලෙක්
    නැත්තම් අමන කෙල්ලෙක්ට අහුවුණු විරාජ් කියන අහිංසක කොල්ලෙක්

    හිතාගන්න බැරි දැන් කොහෙ ඉඳන්ද මේ කාඩ් එක විරාජ්ට දෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. කතාව කියන කොල්ල තමයි විරාජ්

      Delete
  29. කෙල්ලයි කොල්ලයි දෙන්නම එක ජාතියේ නේ... හ්ම්ම්.. නියම කථාව හොඳේ...

    ReplyDelete
  30. මරු නේද කතාව...අයියෝ ඇයි 18+ දැම්මේ අපරාදෙනේ

    ReplyDelete
  31. $#^%$%^$&^%&*%^*(&*()%*&ඌ^&^%*&$&^$&$ඹ්ඛ්ණ්:ළ්ඕ‍ය්*&%&^$%&ඊඌ*&ඨ් අම්මට &^%^$&*^

    ReplyDelete
  32. අයියෝ බොස්....ඔයා අපිව ලස්සනට abandoned කලානේ....? අනේ මන්දා මටනම් මේකේ හරි Accommodating ගැන දාන්න තේරැමක් නැතො....! පහලට පහලට ස්ක්‍රෝල් කරගෙන (අනිත් අයගේ commend කියවගෙන)එත්දි නං කතාව පොඩ්ඩක් විතර unds උනා.....! ඒත්..... අනේමන්දා.......

    ReplyDelete
  33. Ane machan kathawa 4parak kiyewwa therum gandama baa.. poddak hodata therum karala deepanko

    ReplyDelete
  34. Ali hu#ai api thaley.......
    Patta kathawa bn

    ReplyDelete
  35. ado patta bn.. mulin kella gena duka hituna eki paw kiyala passe tamai seen 1 terune. patta bn... e wesi ta oka karala madi :p terune neti eun aye kiyawapalla.. kella( මනුෂි)awe අශේන් ekka antimata anith kollata(විරාජ්) denna genawa card eke weradeemakin maru wela අශේන් ta dunna.

    ReplyDelete
  36. කෙල්ල මානුෂි ආවේ හිටියේ විරාජ්.... කලින් එක අශේන්...කතාව යන විදියට නිෂ්පාදකයාගේ වගකීම් මුද්‍රව ඉවත් කර තිබෙන්නේ ඔහුයි

    ReplyDelete

  37. Violet fairy:
    ආදරේට වටිනාකමක් නැති... ආදරේට ගරහන... කෙල්ලන්ට කොල්ලන්ට හොඳම පාඩමක්..
    ලස්සනයි සිතුවිලි.. ඔයාට GuD LuCk

    ReplyDelete
  38. සුපුරුදු ලෙස ඔළුව මාඤ්ඤන් වීම නිසා තුන්වෙනි පාර කියවනකම් තේරුන් නෑ, ලෙසටම ලියලා තියේ, හෙට සෙනසුරාදා මේ වගේ කතා තිහ හතලියක්වත් හෙට කුරුණෑගල සිද්දි වේවි අයියෝ සල්ලි තමා ඉතින්.

    ලව් ස්ටෝරිත් එක්කම රහස් පරීක්සක කතාත් බොට ලියන්න පුළුවන් වගේ ගතියක් පෙනේ.

    ReplyDelete
  39. කෙල්ලට මෙහෙම උනාට වැරැද්දක් නෑ...

    ReplyDelete

හිතුනේ මොනවද?