බුකියේ මං

10 සිකුරු තරුව

බලාපොරොත්තු හීන බිඳ වැටෙනවා කියන්නේ කිසිම කෙනෙක් කවදාවත් කැමැත්තෙන් බාර ගන්න කැමති ඉරණමක් නෙවෙයි.ඒත් හිතන්න අපි හිත ඇතුලේ ගොඩනගාපු හීන මාලිගා අපිට හිතාගන්න බැරි වේගෙන් සුන්බුන් වෙලා යනකොට , අපිට ඒවා රැකගන්න කිසිම දෙයක් කරන්න බැරුව අසරණ වෙනකොට හිතට මොන වගේ හැගීම් සමුදායක් ඒවිද?.මේකත් "යලි එන්න වසන්තය" කාව්‍ය සංග්‍රහයේ තිබ්බ අවුරුදු දහයක් පරණ කවියක්.මේක මුලින්ම අන්තර්ජාලයේ පලකරේ අන්තිම පේලියේ.ඒ මීට බොහොම කාලයකට කලින්.ඒත් කවියේ අන්තර්ගතය සර්ව කාලීනයි කියල හිතුන නිසා ආයෙමත් පල කරනවා.මම මහා ලොකු කවියෙක් නෙවෙයි , ඒත් මම ලියපු කවි වලින් මට හිතට වැදිච්ච ඒවා තමයි ඉතින් මේ.(ඇත්තම කියනවනම් මේ වගේ ඒවා දැන් ලියා ගන්න බෑ).මේකත් ඉතිං බොහොමයක් අයගේ පොදු අත්දැකීමක්.        


පහන් තරුව විය
ඔබ මට….
අරුණැල්ලට….
ඉරබටු තරුව විය
ඔබ….
ගොම්මනේ තනියට…
සිකුරු තරුවම…
විය මගෙ මුළු…
දිවියටම….
එනමුදු නුඹ තරුවක්….
නොවන බව…. 
දැනගත් දින….
හැඬුවා කවදාවත් 
නැති තරමට…
මම….

Comments
10 Comments

10 comments:

  1. //ඒත් හිතන්න අපි හිත ඇතුලේ ගොඩනගාපු හීන මාලිගා අපිට හිතාගන්න බැරි වේගෙන් සුන්බුන් වෙලා යනකොට , අපිට ඒවා රැකගන්න කිසිම දෙයක් කරන්න බැරුව අසරණ වෙනකොට හිතට මොන වගේ හැගීම් සමුදායක් ඒවිද?.//

    වචනයෙන් විස්තර කරන්න බැරි තරම් .......:( :( හොදම දේ වැඩිය හීන මාළීගා නොහාද ඉන්න එක, නැත්තම් හීන හැබෑ වෙන්නෙ නෑ කියලා තේරුම් අරන් හීන දකින එක. මම නම් එහෙමයි ;) :p

    ලස්සනයි අයියේ කවිය , හැමදාම වගේම... ඇත්තටම හිතට වදිනවා... !!!

    ReplyDelete
  2. අන්තිමට තරුවක් උනේ
    තරුවා වූ මා
    පමණයි... ;) ;)

    ReplyDelete
  3. පව් මූ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. අඩෝ උඹ එහෙම කිවුවට උඹේ හැකියාවක් තියෙනවා.පහුගිය දවස් වල උඹ ලියපු කවියක් හැම තැනම ෂෙයාර් වුනා.

    ReplyDelete
  5. තරුවක් නෙමේනං එයා කරුවක්ද???????
    නැත්නං පරාල ඇනයක්ද????????

    ReplyDelete
  6. අපාදෙ මේවගේ හැකියාවන් මගහරින්න සිදුවෙන්නෙ වෘත්තිය කටයුතු හේතුවෙන්. එහෙමත් නැත්නම් හොඳ ප්‍රතිචාර නොලැබිම හේතුවෙන්.ඒත් දිගටම මේවගේ ලිව්වා නම් තමයි හොඳ

    ReplyDelete
  7. ඇත්තටම මම කැමති මෙකේ තෙරැමට අයියා. පද ගැලපිමත් නියමයි.

    ReplyDelete
  8. ඇයට නොව
    ඇය තුල දුටු
    තරුවට ..
    පෙම් බැන්ද වරදට
    ඔහොම වෙලා මදි
    ඇත්තට ... !!

    ReplyDelete
  9. හැමදාම වගේ ලස්සනට ලියල තියෙනවා!

    ReplyDelete
  10. තරුවක් සමග වරුවක්...

    ReplyDelete

හිතුනේ මොනවද?