බුකියේ මං

7 එන්න ජීවිතය බෝ කරන්න

මේ සමාජය පට්ටම කුරිරුයි. ඉල්ලන්නේම ඇසට ඇස ලෙයට ලෙය. සමාජය විතරක්ය, අපිත් එහෙම නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ ලේ උණුවෙනවා. ලඟම ඉන්න එකෙකුට පොඩි හරි කේස් එකක් වැටුනම අපි ගේම ඉල්ලනවා. එහෙම කරලා වතුර වලට වැඩිය ලේ ඝනකම් කියලා හිත හදා ගන්නවා.අපිට තියන ආදරේට අපේ අම්මලාගේ ලේ කිරි වෙනවා.. මචංලා පරණ සිංදුවක් තියනවා, අහලා තියේද මන්දා "ඔබේ ළය පැළුවත් තනිකර රතු ලේ මගේ ළය පැළුවත් තනිකර රතු ලේ" කියලා. එහෙම උනාට තමන්ගේ එකෙක්ගේ ලේ හෙල්ලුනාම අපේ ලේ කුපිත වෙනවා. කාගේ හරි ලේ හොල්ලන්නමයි හිතෙන්නේ. එතකොට කාටවත් මතක වෙන්නේ නෑ අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම පාට ලේ කියලා. අපි පක්ෂ වලට බෙදිලා පාට වලට බෙදිලා කියනවා 'අපි කැපුවත් කොළ', 'කැපුවත් නිල්' කියලා. ඒ උනාට එහෙම කියන උන්ගේ ඇඟවල් මදුරුවෙක් විද්දත් ඌ බොන්නේ රතුම රතු පාට ලේ. අපි මොන වංශේ උනත් මොන මොන කුලේ උනත් අපේ ලේ එක පාටයි. ඒ වගේම තමයි මොන සම්බන්ධෙටත් වැඩිය ලේ නෑකම් කියන එක මාරම ශක්තිමත්. අර කතාවටත් කියන්නේ "අම්මලා නැති දරුවන් ගැන මාමලාගේ ලේ කකියනවා කියලා". ඒවා විතරද තව කෙල්ලෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න ලේ බිංදු දෙක තුනකට කරන්න පුළුවන් හරිය කොහොමද කියලා දන්නවා ඇති නේ. දැන් මීටර් නේද සීන් එක. ලේ කියන්නේ මේ ලෝකේ මිනිස්සු සහයෝගයෙන් එකට බැඳලා තියන පට්ටම වටින ටොපික් එකක් නැත්තන් සුපිරියටම ඩිමාන්ඩ් සාධකයක්.


 කලබල වෙන්න එපා මම මෙච්චර වෙලා ලිව්වේ රචනාව දැන් කියන්න යන්නේ එකේ මාතෘකාව.

ඒ බන් උඹලට මතකද ඔබා මාමව. අර බ්ලොග් අවකාශේ හිටිය සුපිරිම බ්‍රැකට් එක. ඔව් ඔව්, ටියුලිප් අයියගේ ගෙදරටයි චාරුලතාගේ ගෙදරටයි අතරේ ගෙදර හිටිය මනුස්සයා තමයි. ඒ ඔබා මාමා කී දෙනෙකුට බ්ලොග් ලෝකය තුළ රැඳෙන්න උපකාර කෙරුවද.. මාමාගෙ කමෙන්ට් එකකින් දෙන හයිය අපි කී දෙනෙකුට ශක්තියක් උනාද.. බ්ලොග් ලෝකය බොහොම රසවත් තැනක් කෙරුව ඒ ආදරණීය මනුස්සයට අපේ හිතේ තියෙන ගෞරවය, ආදරය තාමත් ඒ විදිහමයි.. "අන්තිම පේළියේ අපි"  අපටත් බ්ලොග් ලෝකයේ බොහෝ දෙනෙකුටත් යාළුවෙක්, සහෝදරයෙක්, පියෙක් වෙලා හිටිය ඒ සරල, නිහතමානී මනුස්සයා අපිව සදහටම දාලා යන්න ගිහින් මැයි මාසෙ 13 වෙනිදට අවුරුද්දක් පිරෙනවා. ඉතින් ඔබා මාමාව මතක් වෙන්නයි (ඒ නම අමරණීය වෙන්නයි) අපිට මතු ආත්මෙක ඒ සුන්දර මනුස්සයා ඉපදුන රටක, ජීවත් වෙන කාලෙක, ඉපදෙන්න පින් ලැබෙන්නයි කියලා "අන්තිම පේලියේ අපි" මිතුරු හවුල සංවිදානය කරනවා ලේ දන් දීමේ කඳවුරක්.

මානවක

  ඒ මාතෘකාව...දැන් කියන්නම් මාතෘකාවයි රචනාවයි දෙකම එකට

 අපේ ඔබා මාමව මතක් කරලා
"අන්තිම පේලියේ  අපි" මිතුරු හවුල  සංවිධානය කරන
ලේ දන් දීම
බක් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම්
වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පැවැත්වෙනවා.
එන්න ජීවිතය බෝ කරන්න.
සතුට ආසාදිත ලේ බිඳක් අපේ ලඟ තියලා යන්න.
අපි ජීවිතය බෝ කරන්නම්.
  මානවක


පහල තියන ලින්ක් වලින් මෙතුවක් දවස් අපි මේ පණිවිඩේ දන්න දන්න අයට කියපු හැටි බලන්න පුළුවන්. වැදගත් කියලා හිතෙනවා නම් අපි නොදන්න උඹලා දන්න උන්ට දැනගන්නත් එක්ක ෂෙයාර් කොරන්න

 https://www.facebook.com/photo.php?fbid=581691195177150&set=a.212306378782302.59374.186163531396587&type=1&theater 
http://www.facebook.com/photo.php?fbid=493846190662888&set=a.420781897969318.89725.420734531307388&type=1&theater 
https://www.facebook.com/photo.php?fbid=581345328545070&set=a.212306378782302.59374.186163531396587&type=1&theater 
http://www.facebook.com/photo.php?fbid=494627693918071&set=a.420781897969318.89725.420734531307388&type=1&theater 
http://www.facebook.com/photo.php?fbid=494139787300195&set=a.420781897969318.89725.420734531307388&type=1&theater 
http://www.facebook.com/photo.php?fbid=494052683975572&set=a.420781897969318.89725.420734531307388&type=1&theater 
http://www.facebook.com/photo.php?fbid=495387187175455&set=a.420781897969318.89725.420734531307388&type=1&theater

ප.ලි - එන්න ජීවිතය බෝ කරන්න කියලා පොස්ට් කලින් වැටුනත් වචන සැට් එක මගේ නිසා මම ඒක පාවිච්චි කරනවා.අර හැලපීයා දකිනකොට මට ඔබා මාමව මතක වෙන්නේ මොකද දන්නේ නෑ.

මේ කලින් ඔබා මාම ගැන මම ලියපුවා.....


සබඳ නුබ නික්මුනිය...... 

  
Comments
7 Comments

7 comments:

  1. ලස්සන පොස්ට් එකක් පළ නොවීම ගැන පුදුම වෙනවා.. හිතට වැදෙන්න ලියලා තියනවා...
    යුක්තිය

    ReplyDelete
  2. බල්ලෝ බත් කන්නේ නැති ජරා 'බාසාවෙන්' (භාෂාවෙන් කියන්න තරම් වටින්නේ නැහැ) ලියපු අන්දෝ සංසාරයක් නැති විකාරයක්. සනත් විජේවර්ධන මහතා ඇගයීමට තමා සුදුසු නැත. පට්ටම කුරිරු නම් වෙන පට්ටමක් කම්මලකින් හදා ගන්නවා. සීන් මීටර් වෙන්නේ තමුන් වගේ භාෂා ඥානයක් නැති බාසා වෙල්ලන්ට තමා.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක වැටුන හේතුව හිතා ගන්න පුළුවන්.එහෙම උනත් ඔය ඇනෝ මහත්තයා මීට කලින් මේ වෙනුවෙන් ප්‍රචාරය කරපු දැන්වීම් තුන බැලුවා නම් හොදයි....

      //සනත් විජේවර්ධන මහතා ඇගයීමට තමා සුදුසු නැත//
      මෙතන අපි කතා කරන්නේ බ්ලොග් අවකාශේ හිටිය සුන්දර මනුස්සය ඔබා මාමා ගැන මිසක් සැබෑ ලෝකේ හිටිය සනත් විජේවර්ධන මහත්තයා ගැන නෙවෙයි.අනික ඔබා මාමා ගැන කියවෙන තැනක ඔහුට කිසිම අපහාසයක් වෙලා නෑ.මේ ලිපියට පාදක වෙලා තියෙන්නේ ඔබා මාමාගේ භාෂා ශයිලිය මිසක් සනත් විජේවර්ධන මහත්තයාගේ භාෂා ශයිලිය නෙවෙයි.මුල් ජේදෙට භාවිතා කරපු සමහර වචන උනත් පළමු සහ අවසාන වතාවට ඔබා මාමත් එක්ක කතා කරපු සංවාදෙන් මට මතක තිබුන ඒවා."භාෂා ඥානයක්" ගැන කතාකරනවා ඔබා මාමාට ඇහුනා නම් ඔය මහත්තයට හොදට අහ ගන්න තිබ්බා.මහත්තයෝ පොදු වැඩ වලදී පෞද්ගලික දේවල් අමතක කරන්න.

      මට අන්තිමට කියන්න තියෙන්නේ ඔය ඇනෝ මහත්තයා ඔබා මාමා ගැන මෙලෝ හසරක් නොදන්නා බාසා වෙල්ලෙක් කියලා තමයි.

      Delete
    2. ඔබාට ඒ කාලෙත් මම කියන්න ඕනා දේවල් කිව්වා හලෝ. උත්තර දෙන්න අද එයා නැති නිසා එයාට කරන අසාධාරණයක්. ඔබාගෙ පිහිටෙන් තමුසෙගෙ බාසා හෙළුව වහගන්න හදන්න එපා හලෝ.

      Delete
    3. කැමති කෙනෙක් කියවයි අකමැති කෙනෙක් නොකියා ඉඳියි.. කෙනෙක්ට රහ දේ තව කෙනෙක්ට තිත්තයි. හැමෝම එකම මිම්මෙන් මනින්න බෑ. අනික මචන් මානවකයෝ මම නම් සිරාවටම මේ ජාතියේ ලිවිලි වලට ආසයි.ඒ අතරේ අකමැති අයත් ඉඳීවි. අපිට හැමෝම සනසවන්න බෑනේ. අපිට හැමදාම රාමුවකට කොටු වෙලා ඉන්න බෑනේ. කෙනෙක් ලියන බ්ලොග් එකක ලිපියක් සුද්ද සිංහලෙන් ව්‍යාකරණ නිවැරදිව අක්ෂර වින්‍යාසය නිවැරදිව ලියන්න කියලා නීතියක් දාලා නෑනේ තමන් කැමති දෙයක් තමන් ලියනවා. කැමති අය බලනවා අකමැති නම් නොබලනවා. බලහත්කාරකමෙන් ලියන එව්වා කියවපන් කියලා කියන්නේ නෑනේ.

      මේ පිංකම ගොඩක් අගය කරනවා. සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

      Delete
  3. මං එනෝ....
    ඔබා මාමව මටනං ආස්සරේ කරන්න ලැබිලා නෑ...

    ReplyDelete
  4. පබ්ලිසිටිය පට්ටයි.. මචන්. !!! ඔබ්සවර් මාමා වෙනුවෙන් කෙරෙන වැඩක් නිසා.. අනවශ්‍ය තර්ක ඕනේ නෑ මචං.. වැඩේ නියමයි !!!!

    ReplyDelete

හිතුනේ මොනවද?