බුකියේ මං

21 එන්න අනාවැකි කියන්න



ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකේ රටක පවතින්නා වූ වර්තමාන සමාජ ව්‍යුහය තුල මිනිසාගේ උපරිම ආයු අපේක්ෂාවේ අගයන් තුලනය වීමත් සමග ඇතිවන නොයෙකුත් සංකුලතා මග හැර වීම වස්....මේ මොනවද?%#%$^#%@%^$#%$@% 

සැර වැඩියි...එකෙන්ම සැර වැඩියි....මම මේ කියන්න ගියේ ඉතින් මේ දවස් වල බොක්ක ඇතුලේ බුර බුරා නැගෙන හද සන්තානයේ ඔඩු දුවන පට්ටම සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නයක් ගැන...මෙහෙමයි....අපි කන බොන විදියට (අහ්හ්...මම ඒකෙන් අදහස් කරේ වෙළඳ පොලේ ඇති ගුණාත්මක භාවයෙන් අඩු ආහාර,තෙල් කෑම වැඩිපුර ගැනීම වගේ දේවල්  ) අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මේ රට යන විදියට අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මට කෝච්චියේ කතරගම යන්න පුළුවන් වේවිද?.ලංකාවෙ තෙල් වලින් මට වාහනයක් දුවන්න පුළුවන් වේවිද?.තව ෂඃ මේ සීරියස් හද කකියවන කතාවක් අස්සේ තව කතාවක් මතක්  උනා නේ...සොරි වෙන්න ඕනේ ඒක කියලම ආයේ සීන් ඒකට එන්ටර් වෙන්නම් ආයිබෝවන්ඩ. 


ඔන්න එකමත් එක කාලෙක ඒ කියන්නේ අම්මබානෙකට ඉස්සර කාලෙක දෙවියන් වහන්සේ තිව්වලු පොඩි බෝඩ් මීටිං එකක්...ඒ කිව්වේ ඔය රට රටවල නියෝජිතයෝ කැඳවලා ඒ ඒ රටවලට දෙයියොන්ගෙන් වෙන්න ඕනේ මොනවද?කලබල වෙන්න එපා ඉතින් සමහර පලාත්වල දෙය්යන්ගෙන් වෙන්නේ ඔය තරුණ  උපාසක අම්මලා දිව්‍ය ලෝකේ අරින එකනේ..මාව දිව්‍ය ලෝකෙට ගෙනියන්න මයේ දෙය්යෝ ආහ්හ්හ්හ්හ්..  මම කියන්නේ ඒක ගැන නෙවෙයි.උදාහරණයක් විදියට මොන කාලෙටද වැස්ස ඕනේ.දෙවියන්ගේ මොන අවුට්ලට් එකටද දේවාලේටද වැඩියෙන් වදින්න ඕනේ.ඔය වගේ එදිනෙදා ප්‍රශ්න ඉතින්.ප්‍රශ්න අහන්නේ නියෝජිතයෝ පෝලිමක් දාලා..නෑ නෑ කලබල වෙන්න එපා එහෙම පෝලිමක් නෙවෙයි  .ප්‍රශ්නේ ඇහුවා ඒකට උත්තරේ ලැබුණාම යන්න ගියා.ඔන්න හැම රටකම නියෝජිතයෝ ප්‍රශ්න අහලා ඒවාට උත්තරත් අරගෙන ගියා.පෝලිමේ අන්තිමට ඉතුරු උනේ තුන් දෙනයි ඔන්න.ඒ පිලිවෙලින් ඇමරිකාවේ ඒජන්ට් කෙනෙක්.ජපානේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කෙනෙක්,ලංකාවේ පොරක්...

දැන් ප්‍රශ්නය අහන අවස්තාව තියෙන්නේ ඇමරිකාවේ ඒජන්ට් ට ... ඇමරිකන් කාරය ඉතින් කොහොමත් අලුත් අදහස් වලින් පිරිච්ච කෙනා නේ.මිනිහට හිතුනා අනිත් අය අහන ප්‍රශ්න නෙවෙයි අලුත් ප්‍රශ්නයක් අහන්න..ඉතින් ඒජන්ට්කාරයා දෙය්යොන්ගෙන් මෙහෙම...

ඒජන්ට් - ස්වාමිනි අපගේ රට දියුණු වීමට කොච්චර කාලයක් ගතවේවිද?    
දෙයියෝ - නරය අවුරුදු පනහක් පමණ .....

එහෙම කිව්වා විතරයි ඇමරිකන් කාරයා ගෑනි මැරිච්ච මිනිහා වගේ හුල්ලන්න ගත්තලු...මේක දැකපු දෙයියොන්ටත් අප්සැට්ලු සීන් එකට...ඉතින් අර ඇමරිකන් කාරයාගෙන් ඇහුවලු මොකද හුල්ලන්නේ කියලා..එතකොට ඇමරිකන් කාරයා කියනවා එතකන් මට ජීවත් වෙන්න විදියක් නෑ ඒකයි මම දුක් වෙන්නේ කියලා හැබැයි මගේ දරුවෝ ජීවත් වේවි ඒක බලන්න ඒ නිසා හිත හදා ගන්නවා කියලා....

ඔන්‍න‍ මා ප්‍රිය ක්‍රීඩා ලෝලී පින්වතුනි දැන් පැමිණියේ ජපනාගේ ප්‍රශ්න ඇහීමේ අවස්ථාවයි..ජපනා වනාහි අනෙකුත් ජාතීන්ගේ අදහස් අනුකරණය කර ඒවා දියුණු කරන බුද්ධිමත් ජාතියකි..අහෝ ඛේදයකි ඉරකි තිත් පේලියකි අලි තුන්දෙනෙකි කොටි දෙන්නෙකි ..ජපන්  රාජ්‍ය තාන්ත්‍රිකයාද දෙවියන් වෙත යොමුකළේ කලින් ඇමරිකන් කාරයා යොමුකළ පැනය මයි..එහෙත් ඔහුට උත්තරය ලෙස ලැබුනේ අවුරුදු පනහකි.එය ඇසුවෙලේ පටන්...........මොන පටන්ද දෙයියා ඒක කියලා ඉවර උනා විතරයි අරු ඕසෙට අඬනවා...දෙයියොන්ට දැන් උරු ජුවල්..බලන් ඉන්න බැරි තැනම දෙයියා අහනවා ජපනගෙන් ටිකක් සැරෙන් 

මොකද නර හුයන්නෝ අඩන්නේ.........    

අනේ දෙවියනි එතකන් මම ජීවත් වෙන්නේ නෑ මගේ ළමයි වත් ජීවත් වෙන එකක් නෑ කියලා 

එහෙම කියාගෙනම ඔන්න ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයා යන්න ගියා..දැන් ඔන්න ඉතුරු වෙලා තියෙන්නේ ලංකාවේ පොරගේ චාන්ස් එක..ලංකාවේ උන්ගේ තියෙන්නේ ඉතින් අනිත් උන කොපි කරන ක්‍රියාවලියනේ...අපේ එකත් නිකන් හිටියේ නෑ..කෙලින්ම ඇහුවා දෙවියන්ගෙන්............

පස්වහන් දහසකට බුදුවෙන්න බය බෝයි ලංකාව දියුණු වෙන්නේ මොන කාලේද?   

එහෙම කිව්වා විතරයි....................දෙවියෝ තමන්ගේ කොපුල් තෙමා වැටෙන කඳුළු මැදින් ඉකිගහන කටහඬකින් ලංකාවේ එකාට කියනවා.......

එච්චර කල් මන්වත් ජීවත් වෙන්නේ නෑ සුදු මල්ලි............   

එහෙම කියලා දෙවියොත් යන්න ගියාලු......

මතන්ලා අපි ආයෙත් පරණ ටොපික් එකට එමු...අපි කොච්චර කල් ජීවත් වේවිද?..තව අවුරුදු පනහකින් මොනවා වේවිද?..මට තියන ප්‍රශ්න දෙක තුනක් මම මෙතන දාන්නම්......ඒවාට උත්තරයි...මේක කියවනකොට උඹලට ඇතිවෙච්ච ප්‍රශ්නයි මෙතැන දාන්න ආයිබෝවන්ඩ...........



  1. ජාතියේ පියා කවුද? (දැනට ඩි.ඇස්. සේනානායක මහත්තයා)   
  2. හෙළයේ මහා  ගාන්ධර්වයා කවුද? (දැනට නම් අමරදේව මහත්තයා)
  3. හෙළයේ මහා ගත්කතුවරයා කවුද? (දැනට නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා)
  4. අර ගිනිතියාගත්ත හාමුදුරුවෝ ජාතික වීරයෙක් වේවිද?
  5. හොඳම සිනමා නළුවෝ කවුද?(මෙහෙම කියමු සිනමා සක්විති කවුද?)   
  6. ලංකාවෙන් තෙල් ගනීවිද?
  7. නුවරට ගුවන් තොටුපොළක් ලැබේවිද?    
තව පුරශ්ණ තියේනම් කොමෙන්ට් එකක් විදියට දාන්න...........අපි ගියා  
Comments
21 Comments

21 comments:

  1. apita nude beach ekak labenne kawadda deyyooo :(

    ReplyDelete
    Replies
    1. අන්න මතං දැවෙන ප්‍රශ්න...මේ යන විදියට කඹුරුගමුව පැත්තේ එහෙම එකක් හදාවි........

      Delete
  2. මම ඉස්කොලේ 5 පන්තියෙදිත් ශ්‍රි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්
    උසස් පෙල ඉවර කරනකොටත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්
    දැන් 2013ත් වෙලා ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් තවමත්
    ඉතින් මට කියන්න සතුටුයි
    ශ්‍රි ලංකාව වනාහි සදා සංවර්ධනය වෙමින් පවතින රටක්මිස කිසිදා සංවර්ධනයවි අසවන් වන රටක් නොවෙ :D

    ReplyDelete
    Replies
    1. සිරාම කතාව....ඒ දවස් වල සන්වර්දනේ වෙච්ච වේගෙට සංවර්ධනේ උනා නම් මෙලහකට අපි ඇමෙරිකාවටත් නය දෙනවා......

      Delete
  3. විපක්ෂය ශක්තිමත් වෙන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. තව 50 ක් නෙවෙයි 100 ක් ගියත් දැන් විපක්ෂයේ ඉන්න ගොයියලා ඉන්නකං කවදාවත් ශක්තිමත් වෙන්නේ නෑ

      Delete
    2. බත් පැකට් එකට අරක්කු බෝතලේට කතිරේ ගහන සෙට් එකගේ කවදා මොලේ පෑදෙයිද ?

      Delete
  4. මචෝ...මට තියෙන ප්‍රශ්නේ තමයි.....ශ්‍රී ලංකාවේ නම මොකක්ද කියන එක...:P

    ReplyDelete
    Replies
    1. ශ්‍රීකිස්තානය හරි ශ්‍රිරානය හරි වගේ නමක් තියේද දන්නේ නෑ...

      Delete
    2. මේ යන විදියට එහෙම එකක්වත් තියේවිද බං....

      Delete
  5. සෑහෙන්න හිතන්න වෙනවා මචන්..මොකද තව අවුරුදු 50 වෙද්දී නාමල්ටත් 70 ව පැනලනේ..නාමල්ගේ පුත්තු තවම නිළ වශයෙන් ඉපදිලා නැති හින්දා හරියටම කියන්න බැහැ තව අවුරුදු 50 කින් කොහොම වේවිද කියලා..

    ReplyDelete
    Replies
    1. //නාමල්ගේ පුත්තු තවම නිළ වශයෙන් ඉපදිලා නැති හින්දා//

      කවුද දන්නේ...

      Delete
  6. දේයියන්ගෙනුත් ඇඩෙන්න ප්‍රශ්න අහපු අපේ ඇත්තන්ට(ඇ=හු දියුණු වෙන්න තව මහ කාලයක් ගත වෙන එකක් නැහැ........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සංවර්ධන වේගය දරාගන්න බැරුව ආර්ථික යාන්ත්‍රනේ දැති රෝද ගැලවිලා තියෙන්නේ......

      Delete
  7. මම නම් ආඩම්බරයි ආසියාවේ ආශ්චර්‍ය කියන රටක,
    අපූරු රජ පවුලක් ඉන්න රටක,
    තව අවුරුදු 50ක් යනකම් ඒ රජ පෙලපතම රජ කරන රටක... ජීවත් වෙන්න ලැබිලා තියෙන එකට :D

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අඩේ මේක අදම කළු ගලක් ගෙනත් මේ ටික ගලක කොටලා දාන්න ඕනේ. මගේ පොඩි එකාගේ පොඩි එකාට බලා ගන්න පුළුවන්නේ එතකොට.

    ReplyDelete
  10. මින් ඉදිරියට ලංකාවේ නම රාජපක්ෂ දිවයින විදියටත්, අගනුවර හම්බන්තොට විදියටත් සලකන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ කවද ද?

    ReplyDelete
  11. ජාතියේ පියා- මහින්ද රාජපක්ෂ

    ReplyDelete
  12. ජාතියේ ඕනි නෑ මාවත් ඔය මොහොක හරි පියෙක් කියලා ගලක කොටහන්කෝ බං අයියේ ;)

    ReplyDelete

හිතුනේ මොනවද?