බුකියේ මං

27 මමත් හීනියට බෞද්ධයෙක් | I am thin Buddhist

මා උපතින් බෞද්ධයෙකි.කුඩා කල පටන් මා  ජාතිය ලෙසින් සඳහන් කලේ සිංහල බෞද්ධ යන්නයි.නමුත් පාසල් වියෙහි පටන් උදෑසන පුරුද්දට වඳිනා පන්සිල් පද පහත් දහම් පාසලේදී  සල්ල හුක වුත්ති තිබෙන නිසා ආසාවෙන් කියූ කරණීය මෙත්ත සුත්‍රයත් හැරෙන්නට මා දන්නේ , මා බොහෝවිට රාත්‍රී කාලයේ ගමන් කිරීමට කැමති  නිසා ආරක්ෂාවට ඉගෙන ගත් ඉතිපිසෝ ගාථාව පමණි.ඒ අනුව බලන විට මා සතුව ඇත්තේ අසු කෙළක් ධර්ම ස්කන්ධ වලින් තුනක් පමණකි.එහෙයින් මා ධර්ම කරුණු ගෙනහැර පෑමට ඉදිරිපත් නොවන්නේ මාගේ නොදැනුවත් කම පමණක් නිසාම නොව දැනට ලංකාවේ වෙසෙන බොහොමයක් ගිහි බෞද්ධයන් වඳුරන්ගෙන් බණ අසා  පිරිත් සිංහලෙන් අසා කලිසම් කිලිටි නොවන සේ හතර පෝයටම සිල් රකින , කිසිම සැකයක් නොමැතිව ඉදිරියේදී පැවැත්වෙන ධර්ම සංගායනාවකට උවද සහභාගී කරගත හැකි තරම් ධර්ම කරුණු වලින් සන්නද්ධ නිසාය.


ශ්‍රී ලංකාව යනු ආශ්චර්යයෙන් සපිරුණ රටකි.ගිහියන් සිල් රකින විට බුද්ධ ශ්‍රාවකයන් වීදි බසිනා තරමටම ලංකාවේ ආශ්චර්ය මොනවට පරිණාමය වී ඇත.නමුත් එදා සිට පැවතගෙන එන සම්ප්‍රදාය අනුව නම් ගිහියා සෑම විටම පැවිදි පාර්ශවයෙන් තමන්ගේ ජීවිතය පහසු කර ගැනීම සඳහා උපදෙස් ගත යුතුය.සංස්කෘතිය සම්ප්‍රදාය හා සදාචාරය යන එකිනෙකට එකක් වෙනස් නමුත් එකිනෙක මත රඳා පවතින සාධක තුන කාලයත් සමග  පරිණාමනය වී ඇත.එවැනි තත්වයක් යටතේ ගිහියෙකු පැවිදි අයකුගෙන් ගන්නා උපදෙස් කොතරම් දුරකට සාදාරණ දැයි ගැටළුවක් පැන නගී.උදාහරණයක් ලෙස බුද්ධ කාලීන සමාජයේ සසුන්ගත වුයේ කුඩා දරුවන් පමණක් නොව  වයසින් පරිණත ගිහි සමාජය ගැන දැනුමක් ඇති පුද්ගලයින් යන කොට්ටාශ දෙකම බව පැරණි බෞද්ධ ග්‍රන්ථ පරිශීලනයේදී පෙනී යයි.එහිදී පරිණත වයසේ පැවිදි වුවන් හට තමන්ගේ අත්දැකීම් අනුසාරයෙන් ගිහියන්ට උපදෙස් දීමට හැකියාවක් තිබුන බව සන්සුන් මනසකින් කරුණු විශ්ලේෂණයේදී පෙනී යයි.උදාහරණයක් ලෙස ජන කතාවක් ගනිමු.

ඒකමත් එක කාලයක සිරි ලංකාවේ ගම්බද  විහාරස්ථානයක දර්ශනයකි.

ලඟදි නව යොවුන් වියට පත්වූ දැරියක් ඉතා කෙටි ඇඳුමකින් සැරසී  විහාරස්ථාන භුමියේ ක්‍රීඩාවේ නිරත වේ.මෙය දකින එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ  නමක් (ඔබ සිතුවා නිවැරදියි ඔහු පරිණත වයසේ සසුන් ගත වූවෙකි) දැරියට කතා කොට තරුණ දැරියක් එලෙස වස්ත්‍ර පැළඳ සිටීමේ ආදීනව කියාදී ,අවවාදයට වඩා ආදර්ශය උතුම් ය යන්න මොනවට පසක් කරමින් ඇයට මුදලක් දෙන්නේ (මුදල රුපියල් 50ක් යැයි උපකල්පනය කරන්න) දැරියට වීනිත වස්ත්‍රයක්  තම මවට කියා සකස් කර ගැනීමටය.දැරිය නිවසට ගොස් තතු ඇති ආකාරයෙන්ම තම මවට පවසයි.බොහොමයක් පෘතග්ජන මිනිසුන් ලෙසම වැඩිහිටි කාන්තාවගේ සිතට තෘෂ්ණාව ඇතුළු වේ.තම දියණියට මෙලෙස සැලකුවා නම් පැවිද්දා තමන්ට කොහොම සලකනු ඇත්දැයි බැලීමට ඇය තරයේ ඉටා ගනී.එම සිතුවිල්ල කුටප්‍රාප්තියට පත්වන්නේ  අදාළ ස්වාමින් වහන්සේ මග වඩින විට ඇය ඔහුට පෙනෙන්නට ඇඳිවත උනා දැමීමෙනි.එම විට සන්සුන්ව ඇය වෙත එන ස්වාමින් වහන්සේ ඇයට මුදලක් ලබාදී පවසන්නේ 

"උපාසක අම්මේ මේකෙන් රේසරයක් අරන් ගිහිං මවිල් ටික බා ගත්ත නම්" කියාය.

සමාජීය දැනුමක් ඇති පැවිද්දා තරුණියට සංවරව අඳිනා ආකාරය පිලිබඳ දැනුම දීමටත් විවාහක කාන්තාවකට තමන්ගේ සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගැනීමට උවදෙස් දීමටත් පෙළඹෙන්නේ තමන්ගේ සාමාජීය යුතුකම නිසි ලෙස ඉටු කරමිනි.නමුත් මෑත කාලයක් තුල සසුන්ගත වුවෝ කුඩා දරුවන්ය.මදක් සිතන්න ගිහි ජීවිතය ගැන අත්දැකීමක් නැති අයෙක් ගිහියෙකුට උපදෙස් දීම කොතරම් ප්‍රායෝගිකද?.ලෝකෝපකාරයේ කවියක් සිහියට නැගේ.

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට,දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් දෙසන බණ වැනි   

කිසිදා මත් පැන් නොබිව් කෙනෙකු මත් පැන් වල ආදීනව තවත් කෙනෙකුට පැවසීම කොතරම් සදාචාරාත්මකද?


පුර්විකාව අවසන් කරන්නේ කතාවේ මුලික හරයට පැමිණීම සඳහාය.පසු ගිය දින කීපයේ ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් සහ දෙරණ නාලිකාවේ නිවේදිකාව අතර සිදුවූ සංවාදයේ කොටස් බොහොමයක් විවිද වූ සමාජ ජාල තුල විවිධ වූ මතවාද සමග පළවනුයේ මා මුලින් පැවසුවාක් මෙන් ලාවට බෞද්ධයෙකු  වීම ගැන කලකිරීමක් ඇති කරමිනි.අයෙකුට ඤාණසාර හිමියන් පාහරයෙක් සහ නිවේදිකාව "ජාතියේ අභීත දියණියයි".තවත් අයෙකුට ඤාණසාර හිමියන් වීරෙයෙකු ලෙස පෙනේ.කොන්ඩම් දැන්වීම් දැමීම වෙනම කතාවකි.විවාදයට තුඩු දුන් නඩු වාර්තාවෙන් කොටසක් උපුටා දක්වමි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නො 615 සද්දර්ම රාජිත විහාරය නාවල පාර යන ලිපිනයේ පදිංචි ගලගොඩ අත්තේ ඤාණසාර ට එදිරිව පවරන ලද නඩුව අනුව (නඩු අංකය 6315 / 2000 ) ගලගොඩ අත්තේ ඤාණසාර විසින් 2000 / 4/ 14 දින 6 ශ්‍රී 5444 වාහනය රාත්‍රී 2.00ට පමණ රියදුරු බලපත්‍ර නොමැතිව සේදවත්ත පාරේ දී පදවා ත්‍රීවිල් රථයක් හැප්පීම මගින් නො 245 / ඒ කොටුවිල වැල්ලම්පිටිය යන ලිපිනයේ පදිංචි මොහොමඩ් රිෆයි රවීන්ද්‍ර කුමාර් තුවාල ලබා තිබේ. අනතුර සිදුකිරීමෙන් පසු රියදුරු ගලගොඩ අත්තේ ඤාණසාර වාහනය නොනවත්වාම ධාවනය කොට ඇත. පසුව පොලිසිය විසින් වහනය නවතා ගලගොඩ අත්තේ ඤාණසාර ස්වසනාල පරීක්ෂණයට ලක් කිරිමෙන් පසුව ගලගොඩ අත්තේ ඤාණසාර අනතුර සිදු කල අවස්ථාවේ මත් පැන් පානය කොට සිටි බවට සනාථ විය.   

ඤාණසාර හිමියන් වැරදි කරුවෙකු ලෙස ගනිමු.ඔහු වැරදි කරුවෙකු වූ පමණින්ම ඔහුගේ ක්‍රියා සමාජයෙන් බැහැර කලයුතුද?.එසේනම් අංගුලිමාල තෙරණුවන් ගෞරවයෙන් සිහිපත් කිරීමත් , එම තෙරණුවන් විසින් වදාළ අංගුලිමාල පිරිත ගැබිණි මව්වරුන් වෙනුවෙන් නැවත සජ්ජායනය කිරීමද නතර කල යුතුය.හැබැයි මෙතන ප්‍රශ්නයක් තියනවා අංගුලිමාල හාමුදුරුවෝ නරක වැඩ කලේ පැවිදි වෙන්න කලින් හැබැයි මේ යෝධයා ඒවා කරන්නේ සිවුර දාගෙනමයි  .මිනිසෙකු පරිණත වන්නේ තම අත්දැකීම් මගිනි.එකම වෙනස ඤාණසාර හිමියන්ට අවස්තාව ලැබුනේ ප්‍රමාද වී වීමයි.

සන්සුන් මදක් සිතන්න.මා ලිපියේ මුලින් මතු කල කරුණු ගැන මදක් සිතන්න.කෙනෙක් තව කෙනෙකුට උපදෙස් දෙනවා නම් ඔහුට ඒ ගැන තමන්ගේම අත්දැකීම් තිබිය යුතුය.එම කරුණ ඤාණසාර හිමියන් ගේ විෂයෙහි ලා ගත කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොමයක් පැවිදි යතිවරුන්ට වඩා මත් පැනෙහි ආදීනව ගැන දේශනා කිරීමේ අයිතියක්  ඤාණසාර හිමියන්ට ඇත.එය සරලව පවසනවානම් ,

මත් පැන් බීමත් , මත් පැන් බී රථ වාහන ධාවනය කිරීමත් , මත් පැන් බී රථ වාහන ධාවනය කර මිනිසෙකු අනතුරට පත් කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බව තමන්ගේ අත්දැකීම් වලින්ම තමන්ගේ ශ්‍රාවකයන්ට පැවසීමට  ඤාණසාර හිමියන්ට සදාචාරාත්මක අයිතියක් ඇත.   


‘යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තෝ පරේසං ධම්මෝ දේසේති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්වාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යුං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති (අං.නි. කස්සප සංයුත්තය)

මහණෙනි, යම් භික්ෂුවක් මෙවැනි සිතින් දහම් දෙසයි ද මාගේ ධර්මය ඇසුවහොත් හොඳ ය, අසා පැහැදුණහොත් හොඳ ය. පැහැදීමෙන් යුතුව සත්කාර උදව් උපකාර කළහොත් හොඳය යන අදහසින් කැරෙන ධර්ම දේශනාවක් වෙත්නම්, එය අපිරිසුදු දේශනාවකි. 
Comments
27 Comments

27 comments:

  1. හීනි ටොක්කක් බර සාර විදිහට ඇනලා තියෙනවා දෙපැත්තටම.. හැබැයි කරුණු වැඩිපුර හිතට ආව නිසා ගලප ගන්න බැරි උනාද නැත්නම් හදිසියද මන්දා කරුණු සම්පීඩනය කරපු ගතියක් දැනුනා...
    කෝම නමුත් සිද්ධිය ගැන සම්මා දිට්ඨියට එන්න හදපු උත්සහය අගයනවා...

    ReplyDelete
    Replies
    1. හදිස්සියේ ලිව්වේ.මම කල්පනා කරේ හීනියට බෞද්ධයෙක් වෙන එක කෝකටත් ඇඟට ගුණයි කියලා.

      Delete
  2. මමත් ඔය සාකච්ඡාව එහෙන් මෙහෙන් බැලුවා..
    මට ආව මුල්ම හැඟීම වෙනත් පුද්ගලයෙක් බේරගන්න මේ හාමුදුරුවො බුදුදහම පාවල දීල නේද කියන එක​.. හැබැයි ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ 'අරමුණ යහපත් නම් තමන්ගෙ අම්මා තාත්ත මැරුවත් කමක් නෑ' කියලා හිතන බෞද්ධයො එක්ක වාද කරලා පලක් නැති නිසා..

    දැනුත් ඤානසාර හිමියන්ගේ සදාචාරාත්මක අයිතියට හිස නමමින් නිහඬ වෙමි..

    ReplyDelete
    Replies
    1. \\\\හැබැයි ඒ ගැන වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ 'අරමුණ යහපත් නම් තමන්ගෙ අම්මා තාත්ත මැරුවත් කමක් නෑ' කියලා හිතන බෞද්ධයො එක්ක වාද කරලා පලක් නැති නිසා..\\\

      ++++++++++++++++++

      Delete
    2. මෙතන ආතල් එක තියෙන්නේ කට්ටියක් කියනවා අර රුපවාහිනි වැඩසටහනේ නිවේදිකාව හාමුදුරුවෝ පජාත කරාම ඒකි "ජාතියේ අභීත දියණිය" ලු.තව කට්ටියක් කියනවා ඒකි වෙසියක් ලු.අවුල තියෙන්නේ දෙගොල්ලොම බෞද්ධයෝ වෙච්ච එක.ලොකුම අවුල මම බලපු හාමුදුරුවෝ පජාත වෙන වැඩසටහනේ වීඩියෝව ෂෙයාර් කරලා තිබ්බේ මුස්ලිම් ශ්‍රීලංකා කියලා පේජ් එකකින්.

      Delete
  3. ඥාණසාර හිමි වැරදි වලින් පාඩම් ඉගෙන ගත්ත පාඩක් පේන්ඩ නෑ. වැරැද්ද පිළිගන්නවා වෙනුවට උන්වහන්සේ කියන්නේ තමන් හමුදා නිලධාරියෙක්ව බේරන්ඩ වැරැද්ද බාරගත් බවයි. නමුත් බොරුව අතේ පත්තු උනේ උන්වහන්සේට බැලුම් පරීක්ෂාවක් කළහම බීලා කියලා ඔප්පු උනා කියන වෛද්‍ය වාර්තාව ගැන දිල්කා කිව්වහමයි. තමන් බිව්වා දැන් ඒක ගැන කණගාටු වෙනවා කියන්නේ නැතුව බිව්වේ නෑ නමුත් රණවිරුවෙක් බේරන්ඩ වැරැද්ද බාරගත්තා කියලා හෙන බේගලයක් කියන මනුස්සයෙක්ව සත පහකට විශ්වාස කරන්ඩ පුළුවන්ද? අනික ඒ වාගේ නොකළ වැරැද්දක් බාර ගත්තානම් ඒකත් වැරදියි. මොකද එයින් සමස්ත සංඝ සමාජයම අවමානයට පත් වන නිසා. ඒ නිසා කියන්ඩ තියෙන්නේ මේ ඥාණසාර හිමිත් එදා 2000 හිටපු ඥාණසාර හිමි (හෝ ඊටත් අන්ත) බවයි. උන් වහන්සේ පසු පස යන අය ගැන ඉතිං කතා කරන්ඩ දෙයක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා කියන්ඩ තියෙන්නේ මේ ඥාණසාර හිමිත් එදා 2000 හිටපු ඥාණසාර හිමි (හෝ ඊටත් අන්ත) බවයි.

      මම නම් හිතන්නේ අන්තයි කියලා.එයාට එයාගෙම න්‍යාය පත්‍රයක් තියනවා භික්ෂුවකගෙන් ඔබ්බට ගිය.හැබැයි මම හිතන්නේ නිවෙදිකවට සදාචාරයක් තියෙන්න තිබුනා හාමුදුරුවන්ව මේ ගැන දැනුවත් කරන්න.අපි උනත් අපි ජීවිතේ වැරැද්ද ගත්ත තැනක් ආයේ මතක් උනාම අසරණ වෙනවා.

      හැබැයි ලංකාවේ දැනට තියන ආවේගාත්මකම භික්ෂු චායරුපය තියෙන්නේ ඥාණසාර හිමියන්ගේ.අර බස ඒකෙන ඔළුව එලියට දාන් ඉන්න එක.හිතාගන්න පුළුවන් නේ පුද්ගලයා මොන වගේද කියලා

      Delete
  4. මාත් ඕක මහ ළොකුවට ගන්නෙ නැත්තේ. අද ගොඩාක් හාමුදුරුවරු ඩ්‍රින්ක් එකක් දාන උදවිය නිසා. අපි පොඩි කාළේ නම්, එයාලා තනියෙන් බිව්වේ. අද නම් හිතවත් දායකයෝ එක්කත් සෙට් වෙනවා. ඔය අති පන්ඩිත. මහා සිල්වත් ඔක්කෝම හොඳට ඩ්‍රින්ක් එක දාන උන්නාන්සෙලා.. මම නම් ඒකේ වරදක් දකින්නේ නෑ.. අර චක්ක්‍රවර්ති හාමුදුරුවෝ කිව්වේ රජවරු පොඩ්ඩක් බිව්වට අවුලක් නෑ කියලා. දැන් ඉතින් මොඩර්න් බුද්ධාගමේ, සුරාමේරය මජ්ජ පමා දඨ්ඨානා කියලා දේශනා කරලා තියෙනේ මද පමනින් ගත්තට අවුලක් නෑ කියලා දේශනා කරන එකයි තියෙන්නේ. හරක් මස් පව් උනාට මාළු පව් නෑනේ ආටිබෝවංඩ....

    ReplyDelete
    Replies
    1. ඉස්සර පන්සලේ ලොකු හාමුදුරුවෝ දවල් දානේ ගන්න කලින් පන්සලේදී පොල් අරක්කු බෝතලයක් තියන් ලාවට ෂොට් එකක් දා ගන්නවා.ඒක ඇත්තටම දායකයෝවත් වැරද්දක් විදියට දැක්කේ නෑ.

      හරක් මස් පව් උනාට මාළු පව් නෑනේ ආටිබෝවංඩ....

      ඒක කිව්වම මතක උනේ ඔන්න අපේ ආත්තම්මා ඉන්නවා.හැම පෝයටම සිල් ගන්නවා.කොයිවෙලෙත් රේඩියෝ එකේ බන අහන්නේ.මස් කන්නේ නෑ .බිත්තර කන්නේ නෑ.අඩුම තරමේ කේක් කන්නේත් නෑ බිත්තර දාන නිසා .හැබැයි මාළු කනවා ඕසෙට.කරවලත් කනවා හාල්මස්සොත් කනවා...

      Delete
  5. වාහනේක මනුස්සයෙක් හැප්පුනාම නොනවත්වා ධාවනය කිරීමයි, වාහනේ නවත්තලා ඒ මනුස්සයව ඉස්පිරිතාලෙට අරන් යන එකයි වෙනස්ද?
    වැරැද්දක් කළා කියලා ඔප්පු උනාම ඔව් මං එහෙම කළා කියන එකයි, තමන් වැරද්දක් කළා කියලා තේරුම් අරන් ඒක හදාගන්න එකයි දෙකක්ද..?

    මං මේ හාමුදුරුවෝ ගැනම නෙවෙයි කිව්වේ... ඔය අංගුලිමාල කතාව මෙතන තියෙන නිසා...

    ReplyDelete
    Replies
    1. ~මිනිසෙකු පරිණත වන්නේ තම අත්දැකීම් මගිනි.එකම වෙනස ඤාණසාර හිමියන්ට අවස්තාව ලැබුනේ ප්‍රමාද වී වීමයි.~

      මම නම් හිතන්නේ නෑ පොර අවස්ථාවෙන් ප්‍රජෝජන ගත්ත කියලා.මට කේන්ති හාමුදුරුවෝ පජාත කරපු එක ගැන නෙවෙයි.ඔය වැඩසටහනට එන්න කිව්වේ හාමුදුරුවන්ගේ බෝ.බ.සේ දායකත්වය ගැන කතා කරන්න මිසක් හාමුදුරුවන්ගේ අතීතය අවුසන්න නෙවෙයි නේ.වැඩසටහනේ හරය එකක් වෙලා තියෙද්දී පෞද්ගලික පහර ගැසීම් හරි කුජීතයි.ඒකෙන වැසි ගන්නේ කොහෙවත් ඉන්න අන්තවාදී හැත්ත.

      Delete
  6. හාමුදුරුවොත් සුටිටං ඩ්‍රින්ක් එකක් දැක්කම මොකෑ වෙන්නේ. හීනියට සෙක්ස් පාරක් දැම්මත් කමක් නෑ අප්පා.. රේසරේට 50 ට අඩු ගානක් දෙන්න ඇත්තේ. බේබදු බොදු බල සේනාව (බේබොබසේ) ගැන කියල වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම දේවල් කරනවා නේ කට්ටිය.මම අහලා තියන විදියට මහා ධර්ම කථික ඔරෙන්ජ්ඩවුන්ටත් පව්ලක් ළමයි ඉන්නවා.

      රේසරේට 25 ද කොහෙද?

      ~බේබදු බොදු බල සේනාව (බේබොබසේ) ගැන කියල වැඩක් නෑ..~

      බේබොබසේ විතරක් නෙවෙයි අනිත් පාර්ශවේ ගැනත් එච්චරයි.එකයි හීනියට බෞද්ධයෙක් වෙමු කියන්නේ.

      Delete
  7. අනේ අප්පේ එයාලත් මනුස්සයෝනේ පොඩ්ඩක් ගත්තට අපිට මක්කැයි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා...පොඩ්ඩක් ජොලි කරාම මොකෝ වෙන්නේ...අනික අහාර ජීර්ණ පද්දතිය හොදට වැඩ කරන්න අරක්කු ටිකක් බිව්වම හොඳයි.

      Delete
  8. //‘යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තෝ පරේසං ධම්මෝ දේසේති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්වාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යුං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති (අං.නි. කස්සප සංයුත්තය)

    මහණෙනි, යම් භික්ෂුවක් මෙවැනි සිතින් දහම් දෙසයි ද මාගේ ධර්මය ඇසුවහොත් හොඳ ය, අසා පැහැදුණහොත් හොඳ ය. පැහැදීමෙන් යුතුව සත්කාර උදව් උපකාර කළහොත් හොඳය යන අදහසින් කැරෙන ධර්ම දේශනාවක් වෙත්නම්, එය අපිරිසුදු දේශනාවකි.//

    ReplyDelete
    Replies
    1. මේක කියලා තියෙන්නේ භික්ෂුන් ගැන......... :D

      Delete
  9. කෙටියෙන් කියනවා නම් කියන්න තියෙන්නේ මේ පිරිස කරන්නේ අමූලික ප්‍රෝඩාවක් බුදු දහමට මුවා වෙලා..පැහදිලිවම මේ වෙන්නේ ඒක...මෙවැනි ප්‍රෝඩාකාරී පිරිස් දුටු තැන හෙළා දැකිය යුතුයි... යම් කිසිවෙක් සුදු හුණු ගාන්න යනවා නම් ඔහු හෝ ඇයද කරන්නේ ශාෂණයට විශාල අගතියක් ..

    මම නම් දුටු තැන ගාණට බෙහෙත් දෙනවා කව්රු මොනවා කිව්වත් හිතුවත් කරන්න දෙයක් නැහැ..කපටි මිනිහෙක්ව අඳුන ගන්න මහා ලොකුවට ත්‍රිපිටකය අවුස්සන්න දෙයක් නැහැ හැරෙනකොට කියතැකී මූ මොකාටද එන්නේ කියලා.. සාසනය මේ තරම් ජරා ජීර්ණ වෙලා තියෙන්නෙත් බොරුව රකින්න අනුබල දෙන මිනිස්සු නිසා...

    මම නම් කියන්නේ එක් ප්‍රෝඩාකාරී මිනිහෙක්ට බෙහෙත් දෙද්දී ඒක දකින තව දාහක් හැදෙයි...( හා හා පින්වතුනි කේන්ති ගන්න එපා හරක්ට තේරුම් කරන්න නම් කෙවිට ගන්නම වෙනවා.. හරක් ගාල දොක්ක වන්න එපැයි ගොපළු කොලුවෙක් ලව්වා හරි )

    ReplyDelete
    Replies
    1. මෙතන අවුල තියෙන්නේ සහන් බො.බ.සේ ගැන තියන සමාජ මතය විතරක් නෙවෙයි.මොඩර්න් බෞද්ධයන් සහ එයට විරුද්ධ නුවණැති බෞද්ධයන් අතර තියන ඝට්ටනේ ගැන පොඩි ඉඟියක් මේකෙන් එනවා.

      බුදුදහම රක ගන්න ඕනේ නම් ගලගොඩ අත්තේ ගොයියා එලවනවා වගේම කිරිබත්ගොඩ උන්දැත් එලවන්න ඕනේ.අවදානමේ ස්වරුපය අරන් බැලුවම කිරිබත්ගොඩ උන්දැ ගොඩක්ම භයානකයි.

      Delete
    2. ඇත්ත 100%ක් එකඟයි.

      Delete
  10. බඩගෝස්තරය රැක ගන්න සිවුර උකස් කර දේශප්‍රේමී අමුඩය ගැසීම

    ReplyDelete
    Replies
    1. ~බඩගෝස්තරය රැක ගන්න සිවුර උකස් කර දේශප්‍රේමී අමුඩය ගැසීම~

      අමුඩේ ත් නෑ මචං...ඔක්කොම දේවල් කරලා මම හොඳයි මම ඇඳන් ඉන්නේ කියලා රෙද්ද උස්සනකොට පෙන්නේ තුන්සුත්තරේ විතරයි.

      Delete
  11. ඥානසාර කරපු ජල්තර වැඩ සාක්ෂි ඇතුව ඔප්පුවෙලත් තාම උන්නාන්සේට දොහොත් මුදුන් දීල සාදු..සාදු..කියන පොල් බූරුවො ටිකකුත් ඉන්නවා.බොදු බල සේනාවෙ facebook එකේ තිබ්බ දිල්කා ඇසූ ප්‍රශ්ණ් වලට නොබියව ඇයව නිරුවත් වෙන පිලිතුරු ලබා දුන් හිමියනි ඔබයි අපේ විරුවා"හැබයි අපි දැකපු වී ඩියෝ එකේනම් දැක්කෙ හාමුදුරුවන්ට උත්තරේ දීගන්න බැරුව පරංගියා කෝට්ටෙ ගියා වගේ කතාව වටේ ගෙනිච්චා.අන්තිමේදී "අපි වෙන ප්‍රශ්නෙකට යමු"කියල ප්‍රශ්නෙන් පැනලා ගියා.එතන හාමුදුරුවො නිරුවත් උනා මිසක් නිවේදිකාව නිරුවත් උනේ නෑ.ඩෝපර් කෙනෙක් බව ඔප්පු වෙලත් ඥානසාර සිවුර ඇදගෙන ඉන්න එකයි පුදුමෙ.ඥානසාරට දොහොත් මුදුන් දී සාදු..සාදු, කියන බූරුවො ටිකකුත් අපේ රටේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ~බොදු බල සේනාවෙ facebook එකේ තිබ්බ දිල්කා ඇසූ ප්‍රශ්ණ් වලට නොබියව ඇයව නිරුවත් වෙන පිලිතුරු ලබා දුන් හිමියනි ඔබයි අපේ විරුවා".හැබයි අපි දැකපු වී ඩියෝ එකේනම් දැක්කෙ හාමුදුරුවන්ට උත්තරේ දීගන්න බැරුව පරංගියා කෝට්ටෙ ගියා වගේ කතාව වටේ ගෙනිච්චා.අන්තිමේදී "අපි වෙන ප්‍රශ්නෙකට යමු"කියල ප්‍රශ්නෙන් පැනලා ගියා~

      මමත් ඒක දැක්කා ඒක තමයි ඇනෝ සිද්ධියේ ආතල් එක මෙතන තියන අවුල් සීන් එක තමයි මේවා නිසා රණ්ඩු වෙන්නේ බෞද්ධයෝ වෙච්චි එක.ඒකෙන් බෞද්ධයන්ට කෙලින්න බලන් ඉන්න අන්තවාදී හැත්ත ආතල් ගන්නවා.ලොකුම අවුල මම බලපු හාමුදුරුවෝ පජාත වෙන වැඩසටහනේ වීඩියෝව ෂෙයාර් කරලා තිබ්බේ මුස්ලිම් ශ්‍රීලංකා කියලා පේජ් එකකින්.අපි ආගමික සහජීවනය ඇති කරන්න කලින් අපේ ආගම ඇතුලේ සහජීවනය ඇති කර ගන්න ඕනේ.

      ~ඩෝපර් කෙනෙක් බව ඔප්පු වෙලත් ඥානසාර සිවුර ඇදගෙන ඉන්න එකයි පුදුමෙ.ඥානසාරට දොහොත් මුදුන් දී සාදු..සාදු, කියන බූරුවො ටිකකුත් අපේ රටේ ඉන්නවා.~

      ඇනෝ ඕක තමයි අපේ තියන අවුල . ඩෝපර් කියලා හංවඩු ගැහුනේ නැති උනාට ඊට වැඩිය දහස ගුණයකින් කුජීත උන්ට අපි හුරේ කියන වදිනවා.එහෙම බැලුවම ඥානසාර ට වදින උන විතරක් නෙවෙයි බූරුවො

      Delete
  12. මට හිතෙන්නේ ඉරි ගහලා කපලා තියෙන කෑලි තමයි ගොඩක්ම වටින්නේ කියලා.

    ඔය හාමුදුරුවෝ ගැන නම් මට කිසිම පැහැදීමක් නෑ. දෙරණ නාලිකාව ගැන තියෙන්නේ ඊටත් වඩා එහා ගිය අප්‍රසන්නතාවක්. රටේ කෙල්ලෝ ටිකයි, පොඩි උන් ටිකයි නාස්ති කරන ගමන් අනිත් උන්ගේ සදාචාරය ප්‍රශ්න කරන්න යන නාලිකාවක් විතරයි. මාධ්‍ය මාකටින් තමයි ඉතින් ඔව්වා.

    දිල්කිට පුළුවන්නේ රටේ කුඩු ප්‍රශ්නේ ගැන, ස්ටොක් මාකට් එකේ අත යට හැසිරවීම් ගැනත් ඔය වගේම රැඩිකල් සංවාද මෙහෙයවන්න? හැබැයි ඉතින් ඊළඟ දවසේ වෙන ජොබ් එකක් හොයාගන්න වෙනවනේ. ඉතින් බත් පත රැකගන්න තමන්ගේ සීමාවේ ඉඳන් පොර ටෝක් අත අරිනවා.

    ReplyDelete
  13. ඔව් මේ අවස්තාවේදී පිටියේමදක් ස්තාවර වූ මානවක හතරදික් බාගයටම පිටිය සිසාරාපහර එල්ල කරනවා

    ReplyDelete
  14. ඥානසාර කියන්නේ අමුම අමු නපුංසකයෙක් .
    මේ වගේ පිස්සු වාහෙලාගෙන් අපේ ආගම බේර ගන්න ඕනේ .
    හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන් මොකද ..
    දැන් ගොඩක් උන් මේ පිස්සු පකයා ගණන් ගන්නේ නෑ ..

    ReplyDelete

හිතුනේ මොනවද?