බුකියේ මං

17 පොළඟකට පෙම් බැඳ | Love With Female Viper

බ්‍රහස්පතින්දා 


දැන් අපි නිදාගමු අයියා .... මට හොඳටම නිදිමතයි.අනික හෙට උදෙන්ම වැඩට යන්නත් ඕනේ . ඊට පස්සේ ක්ලාස්.අනේ මම දවසම ඉන්න වෙනවා නේ.මම පව් නැද්ද ?

ඉතින් අපි විනාඩි දහයක් වත් කතා කරේ නෑ නේ බබා...ඔයා මෙච්චර වෙලා හිටියනේ මට ගන්න...

අනේ සොරි පොඩි චැට් එකකට අහු උනා නේ...අනේ අද බෑ හෙට රෑට කතා කරමු අනිද්දා කොහොමත් නිවාඩුයි නේ...බුදුසරණයි.පරිස්සමින් ඉන්න...

හ්ම්ම්ම්.බුදු සරණයි..වෙන මොනවා කියන්නද ඉතින්...

ඔයා නපුරුයි අයියා...දැන් මම දොයි...



සිකුරාදා 

අනේ අයියා අද නම් කලින්ම නිදා ගමු මට හෙට උදේම යන්න තියනවා ගමනක්...

ඔයා කිව්වේ අපි අද කතා කරමු කියලා.ඔයාට ගමනක් යන්න තියන කතාවක් මට කිව්වේ නෑ නේ.

අහ්හ් මට එක මතක් උනේ නෑ නේ.ඔන්න මම ගිහින් ටක්ගාල එන්නම...හෙට රෑට කතා කරමු...සොරි ඉතින් ඕක ඔච්චර හිතට ගන්න ඕනෙද?

ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද?

ඔයා නපුරුයි අයියා..ඔයා මාව රිද්දනවා

සෙනසුරාදා 

දවසෙම ඇවිදලා හරිම මහන්සියි අයියා...මම ටිකක් කලින් නිදා ගන්නවා කමක් නෑ නේද?.....

කමක් නෑ.බුදුසරණයි.ආදරෙයි 

ඔන්න ඔන්න මම කිව්වද තියන්න කියලා?..ඔයා හෙනම නපුරුයි...ඔයා මාව රිද්දනවා..මම තරහයි 

ඉරිදා 

දැන් අපි නිදාගමු අයියා .... මට හොඳටම නිදිමතයි.අනික හෙට උදෙන්ම වැඩට යන්නත් ඕනේ . ඊට පස්සේ ක්ලාස්.අනේ මම දවසම ඉන්න වෙනවා නේ.මම පව් නැද්ද ?       

හ්ම්ම්ම්...බුදුසරණයි 

නපුරා..............      


නුඹ සර්පයෙක් !!!
චෝදනා කරයි ඈ 
බොහෝ විට 
පසක් වේගෙන එන විට 
මට සත්‍ය ....................

දරණ ගසා ගනිමි 
ක්ෂණිකව මම 
සුස්මමින් අහෝ ප්‍රේමය !  ....................

වෙලෙයි ඈ මා හා 
නැවතත් ආදරයෙන් 
හපාකයි මා සියොලඟම
දැනුන  
පසක් වූ බව සත්‍ය මට
නැවතත් කියයි   
නුඹ සර්පයෙක් !!! ......................

මිදෙනු වස් දරණයෙන් 
අවට විමසිලිමත් වන කල්හි 
දැඩිවන 
ඇගේ ග්‍රහණය 
පසක් කරයි යතාර්ථය ...................

පොළඟකට 
පෙම් බැඳී 
ගැරඬියෙකු බව 
මම ............... 

Comments
17 Comments

17 comments:

  1. අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි...

    ReplyDelete
  2. මේක මචන් ඇත්ත කේස් එකක්ද??

    තව එකක් උබගෙ උඩ වදන් ටික නම් සහතික ඇත්ත.....

    ReplyDelete
  3. ඕක ඉතිං අනිත් පැත්තටත් වෙනවා... හි හි...

    ReplyDelete
  4. කෙල්ලෝ ඔහොම්මමයි ;)

    ReplyDelete
  5. me kathawa dakkma punchi satahanak thiyanna hithuna macho.. ube satahana hama sambandayakatama podui...
    me mata ahunu dewal : hithuna dewal:
    "ubalata bandama kathakaranna deyak nathiwei ohoma kathakarala" samahara yaluwo kiyanne eka mata- sanniwedanaya thama onama sambandayaka base eka . sanniwedanaya durwala unama onama sambandayak gilihila yanawa. apita api amuththo wenwa.. danna dennek amuththo unama ethana maha hiskamak athiwenawa.. ekata para kapanna hodanaha machan.. yaluwek, nayek onma akaraye relationship ekakta meka walangui..
    "ubala monawada oyahati kathakaranne?" " man mage 1kata kathakaranne yuthukamak widiyata witharai ban" oka thawa yaluwek kiwe..- yuthukamak widiyatada kathakaranna ona api onama ekkenekta? yuthukam, wagakim, minis sambandathawa, hagim, manushiya badim,hariyata aduna noganimak..
    "1st annivasarytath call karanakota eki doi. ra 12 ta kathakare uba kiwa hinda..ude ahnawa aye oyata eye ra ninda giye nadda kiyala?"meka hariyanne na ban..e mage bachek eka parak kiwa kathawak.. - un dennanage adareth ehemamma nawathun masa 2, 3kin. man ehati puduma une na.. thani athin athpudi gahanna baha.. sambandaya rakaganna punchi udawuwak karath wadak unena..
    "ochchara alila adare karanna epa, nathiunu kaleka daraganaa bariwei, dennagen kawuru unath vidawai.." giya awurudu ganatama ape amma kiyanne eka.. amma alila adare nokara kala hinda wenna athi ape ammawa nathiwa inne dawasak wath inne komada kiyala appachchita kiyawenne..
    "Thamath kathakaranna dewal ithiri apita. issarahatath ithiri wei..anthima husma watenakalma.. Hama hamuwimakama eyage rupaya mata aluth..nawum.. hama kathawakma me awurudu 07ta aluth..
    nathi unu kaleka e smaranyan ekka jivathwenna puluwan wei apita..kathakaranna kenek nathi unath smaranyan ekka..api paya ganan kathakarapu dewal ekka, mathakayan maha godak ekathuwei....dennagen ekkenek meloke thaniwei samaharawitaka,api kawuruwth sadakalika nowana hinda..edata hithapura dukak thibunath punchima punchi sathutak itiriwei.. jivath unu kale pasuthawenne nathiwenna adare karapu hinda."- e api adare,ape sambandakama dakina hati.. vidina hati machan..

    karya bahula wima thula amma,thaththa,sahodarayo, kella, wife,1kathiyena sambandaya awalangu karoth, adukaloth nathiunu daka maha dukak danei.. amuththowage jivathwela.. amuththowage miyagiyama..aththatama api anthimata wada godak kalata paya ganak..api wenuwen jivathwenawai hithana eyalage hithata santhosayak denna wachana kipayak kathakaranna kapakaranna bariunu vinadi gana gana pasuthawillak ithiriwei. jivathwela inna keti kale thula adareta adare karanna..jivithe jivath karanna.mokada maranaya gana apita anawaki kiyannath, hariya danagannath bari hinda.."


    -Madusanka-

    ReplyDelete
  6. හරියටම ලියවිලා තියෙනවා බං

    ReplyDelete
  7. පට්ටය හිත රිද වුවත් ඇත්ත!!

    ReplyDelete
  8. Ath dutu , prathyaksha kathaawa!!! :)

    ReplyDelete
  9. මගේ කතාවද නැත්තම් එයා අත්විදපු කතාවද මන්දා. ඒත් මේ සිද්දිය උණා ඇත්තටම

    ReplyDelete
  10. වලිග කෙටියෙන් අල්ලලා පුරුක් පනින්න ගස්සපන්..ඊට පස්සේ පරණ සෙල්ලම් බැහැ පොළොන් පැටික්කිට...

    ReplyDelete
  11. වාසනාවට මට නම් මෙහෙම අත්දැකීමක් ලබන්න වෙලා නෑ

    ReplyDelete
  12. දෙපාර්ශවයට ම පොදු කතාවක් මේක! හොඳින් තේරුම් ගත්ත දෙන්නෙක්ට ලොකු ප්‍රශ්නයක් නොවුණත් හුඟක් දෙනෙක්ට ලොකු ප්‍රශ්නයක් . . .

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත හොඳට තේරුම් ගත්ත දෙන්නෙකුටනම් මේක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. (මේ මගේ අද්දැකීම )

      Delete
  13. හෙලෝ අයියා කොහොමද ඔයාට? මොකෝ කරන්නේ?
    හ්ම්ම්...මම....
    මට හරි මහන්සී වැඩට ගිහින් ඇවිත්....මෙච්චර වැඩ කරන්න පුළුවන් කාටද අප්පා
    ......... ...............
    හෙලෝ හෙලෝ, අනේ අයියා ඔය අහගෙන නෙවෙයිද ඉන්නේ???? ඔයා මොනවා කරනවද මන්ද
    ......... .......
    මම තරහයි. බුදුසරණයි!
    හෙලෝ හෙලෝ නෑ නෑ මම අහගෙන හිටියේ...
    හරි ඉතින් කියන්නකෝ අද අයිය මොකෝ කලේ?
    ........ ........

    ReplyDelete
  14. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete

හිතුනේ මොනවද?