බුකියේ මං

17 සදහටම සමු ගනිමි


ඝනකම් අඳුර යනු මාගේ සිතිවිලි වල දුක්ඛ දායක ස්වරූපයයි.මට මාගේ සිතුවිලි පිට කල හැකි පහසුම ක්‍රමය වූ කවිය මගින් මා සිතුවිලි පිට කලෙමි.කුමක් නම් කරන්නද.මා පල කරන ලද සෑම ලිපියකින්ම මා අවට ඇති අයගේ සිත මා නොදැනුවත්වම තුවාල කර ඇත.පව් පුරවා ගැනීමට තවත් කිසිම අදහසක් නැත.

මම ඝනකම් අඳුර  ආරම්භ කරේ හුදෙක් ආත්ම තෘප්තිය උදෙසාය.මම මගේ ඝනකම් අඳුර ට ආදරය කලෙමි.නමුදු ඝනකම් අඳුර  ලියන්නට ජීවත් නොවෙමි.ජීවත් වීද මට ලියන්නට යමක් ලැබෙනු ඇත.කෙසේ නමුත් බ්ලොග් ලෝකයේ සුන්දර මිනිසුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට ලැබීම ගැන තුටු වෙමි.මීට වැඩ අටුවා ටීකා පවසන්නට නොහැකිය.මින් පසු මෙහි කිසිම සටහනක් නොතැබෙනු ඇත.සදහටම සමු ගනිමි.සහෘදයන්ගේ සටහන්  සටහන් කියවමි.ඒවා ගැන මාගේ අදහස්ද ප්‍රකාශ කරමි.නමුදු අදින් පසු ඝනකම් අඳුරේ කිසිවක් පල නොවනු ඇත.."මානවක" යන නාමය අතීතයේ මතක සමග මුහුවනු ඇත.

(පැරණි කවියකින් සොඳුරු යුගයක මතක ඈවර කරමි)

පෙරදිනක පිපි මලක්
සිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට

සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට

තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට…. 

මා සමග රැඳී සිටි ඔබට ස්තුතියි.
Comments
17 Comments

17 comments:

  1. ලියන එක නවත්තන එක නෙවෙයි ඔහොම වෙලාවල් වලට කරන්න ඕන . තව තව ලියන එකයි කරන්න ඕන . පිස්සු නොකර ලියපිය .

    ReplyDelete
  2. මචං හොදට හිතලා බලලා හරියි කියලා හිතෙන දේ කොරපන්.ඉස්කෝලේ කාලේ යාලුවෙක්ට කියලා මේ බ්ලොග් අවකාශේ හිටියේ උඹ විතරයි මට ...

    ReplyDelete
  3. ලොකු දෙයක් බන්.... අඩන්නෙ නැතුව පලයන් අද වත්....

    ReplyDelete
  4. එතකොට ඔක්කොම හරිද ?

    ReplyDelete
  5. මගුලේ යන්ඩද ඔන්න ඔහොම හිටපිය

    ReplyDelete
  6. ඒක නම් මහා අපරාධයක් ඈ.. වදින තැනකට වදුනාවේ කියලා, ඕනේ කෙනෙක් ඕනේ බෝලයක් අහුලගත්තාවේ කියලා අපි ඔන්න ඔහේ බැට් කරමු සනා

    ReplyDelete
  7. උඹ ආයෙ එනවා මම දන්නවා...

    උබෙ හැකියාව හිරකරගෙන ඉන්න බැ බොට..

    ජය !

    ReplyDelete
  8. අනේ මේ නිකන් හිටින් බන් රට්ටු හිනස්සන්නැතුව...

    ReplyDelete
  9. පිස්සු අයියා ඔයාට... අනේ මන්ද......

    ReplyDelete
  10. මම හිතුවේ උඹව අනිත් අයට නටවන්න බැරි ශක්තිමත් චරිතයක් කියලා. දැන් බැලුවම අනිත් අය වෙනුවෙන් උඹ උඹේ අත කපා ගන්නවා ?

    ReplyDelete
  11. හා හා පස්සේ වරෙන්...

    ReplyDelete
  12. අඩෝ පිස්සු කෙලින්න එපා බන්... අඩේ අනුන්ට රිදෙනව කියන්නෙ උබ නියමෙට ලියනව කියන එකනෙ බන්... තව ලියපන්.... පිස්සු කෙලින්නෙ නැතුව...

    ReplyDelete
  13. ආයෙ ඊලඟ පෝස්ට් එකෙදි එන්නම් අයියෙ කම්න්ට් එකක් දාල යන්න :)

    ReplyDelete
  14. ඉක්මනට එන්ඩෝ.....
    කොහෙද බොල යන්නේ....

    ReplyDelete
  15. පලානොයන්න.මුහුණදෙන්න.

    ReplyDelete

හිතුනේ මොනවද?