බුකියේ මං

14 අරහත් මම දැන් | Nirwana

කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත් , දකින දකින හැම තැනම තියන ආතල් එක ඩබල් කරන ප්‍රවුත්ති නිසාත් ,හැම තිස්සෙම කියාගන්න කට කහන අදහසක් තමයි ඉතින් අකුරු කරේ.වැඩිය කියන්න ඕනේ නෑ.මම පොඩි ආතල් එකක් කට්ටිය ඒක දෙක කරලා  ලොකු කරලා මටත් වැඩිය ආතල් ගන්නවා.එහෙම තමයි ප්‍රසිද්දිය ලබා ගන්න ඕන.කට්ටිය මේක බලලා මට දෝෂාරෝපණය කරන්න එනවා නම් ඒක තමන්ට කර ගන්න ලොකු වැරද්දක් . අරහත් උතුමෙකුට දෝෂාරෝපණය කිරීම ලොකු පවක්.



පාරමිතා 
පිරුවෙත් නෑ 
ඇඟ මස් දන් 
දුන්නෙත් නෑ 

පස් මහ බැලුමක් නොබලම ඉපදිලානේ මං  

නළගන රූ 
දැක්කෙත් නෑ
ගිහිගෙය කල 
කිරුනෙත් නෑ 

සසර පෙරනිමිති ඉඳ හිට දැක්කා විතරයි. 


ගෑනිව බඩ 
කෙරුවෙත් නෑ  
කරන්න 
ගෑනියෙකුත් නෑ 

අම්බපාලි දැක්කා ඉතින් ඉඳලා හිටලා  

මට දිලිසෙන 
සිවුරක් නෑ 
කලිසම  මිස 
අඳනය නෑ 

ඒත් මහතුනේ අහන්න අරහත් මම දැන්  


මානවක භද්‍ර   
Comments
14 Comments

14 comments:

  1. සික් මිනිහා කියල තිබ්බේ මුන්ට කොනක් දුන්නම ඇතිය හරක් වගේ උඩ පනිනවා කියලා

    ReplyDelete
  2. ආරුක්කු කවිය යටට ගියා විතරයි මෙන්න බොලේ මෙයා රහත් වෙලා. :O

    ReplyDelete
  3. දැන් පඳුරකට ගැහුවත් රහතුන් විසිවෙන කාලයක්. එහෙනම් රහත් තුමෝ මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න.

    ReplyDelete
  4. එක පාරට නැතුව යන නිසාත්, කාලයක් නොපෙනි ඉන්න නිසාත්,, උබ රහත් වගේ තමා..

    ReplyDelete
  5. දැන් උඹ නිවන් යන්නේ පයින්ද පැජරෝ එකේද ලැම්බෝගිනියෙද O.o

    ReplyDelete
  6. අම්මට සිරි දැන් එහෙමද කියන්නේ?

    ReplyDelete
  7. උඹ මොකෝ බං අඩුවෙන් ලියන්නේ....දැන් ලියන්නේ හාවා හඳ දකිනවා වගේ...මේ ළඟදි බස් එකේ දි මලයෙක් ඇහුවා මගෙන් මානවක දැන් බ්ලොග් එක ලියන්නේ නෑ නේද කියලා. සිරාවට....

    ReplyDelete
  8. මොකෝ බන් ලියන්නේ නැත්තේ ...මාසෙකට එකක් ග්‍රී ලියන්න ...

    ReplyDelete
  9. මර්වින්ටවත් කියලා අල්ලලා ගහක බැන්දා නම් රහත්ද පහත්ද කියලා හොයා ගන්න තිබුනා. පිස්සු ශුක්‍රයෙක්!

    ReplyDelete
  10. බුදුන් වහන්සේ ලෝකෝත්තරව සිතා නිර්වානය අවබෝද කර ගන්නකොට,දෙව්දත් ලව්කිකව යම් යම් ද්යානයන් උපදවාගෙන හිටියා කියලා අහලා තියෙනවා....
    ඔය කියනා කෙනාද එසේ විය හැක.

    ඇතැම් විටක දේශනා කරනා දෙය වඩාත් උසස් අද්යාත්මක තත්වයක පවතී.
    තවත් විටෙක ගංජා හෝ යම් කිසිවක් පානය කල විලාසයකින් දේශනා පවත්වයි.
    ඇත්ත ලොවට එලි වීම කාලයට බාරයි.

    ReplyDelete
  11. සුපිරි ඕයි මේක!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. මානවක භද්‍ර.පට්ට සහෝ...

    ReplyDelete

හිතුනේ මොනවද?