බුකියේ මං

15 රමණය සහ ලේ | Intercourse then Blood






සත්තයි 
ගලාවි ලේ 
හොඳටම - 
පිස්සුවෙන් වගේ 
රමණය කරොත් -
|
|
|
|
- විදුරුමහින්..... 
- දත් සමග.....
-දැහැටි කූර ......

32 ඔබ දෙවිදුන්ගේ මනමාලියයි | Bride of God

විරහව කියන්නේ මහ පුදුමාකාර අත්දැකීමක්.ඒ අත් දැකීම මිනිස්සු අතරට එන්නෙත් ඒ වගේම මහ පුදුමාකාර හිතා ගන්නවත් බැරි විදියට.විරහව විඳින කෙනාට යම් තරමකට හෝ තමන්ගේ වේදනාව අඩු කරගන්න විරහ ගීත වලින් ලැබෙන්නේ ලොකු උපකාරයක්‌ පිටුවහලක්.ලිපියේ මාතෘකාවට අදාළ ගීතය බොහෝම ප්‍රසිද්ධ විරහ ගීතයක්.අද කියන්න යන්නේ ඒ සිංදුව ඇතුලේ හැංගිච්ච සැබෑම කඳුළු කතාව.  

61 ඔයා බඩුවක් (18+) | Harlotry (18+)

ආදරණීය මැණික

මට සමාවෙන්න වස්තුව.....මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර ඉක්මනට කැඩිලා බිඳිලා යාවි කියලා.ඒත් ඔයා නරකයි.ඔයාගේ චරිතේ හොඳ නෑ තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔයා බඩුවක් කියලා දැන දැනම මම කොහොමද? ඔයාට ආදරය කරන්නේ.මම පරමාදර්ශී මිනිහෙක් නෙවෙයි.පාරේ නටන්න ඕන හැම නැටුමම නටපු බඩ්ඩක්ව ඔක්කොම දේවල් අමතක කරලා කර ගහ ගන්න තරම්.එහෙම කරත් මට ඔයාගේ ඔය නරක ඇබ්බැහිවීම ගැන මම අමතක කරන්නේ කොහොමද?  

17 පොළඟකට පෙම් බැඳ | Love With Female Viper

බ්‍රහස්පතින්දා 


දැන් අපි නිදාගමු අයියා .... මට හොඳටම නිදිමතයි.අනික හෙට උදෙන්ම වැඩට යන්නත් ඕනේ . ඊට පස්සේ ක්ලාස්.අනේ මම දවසම ඉන්න වෙනවා නේ.මම පව් නැද්ද ?

ඉතින් අපි විනාඩි දහයක් වත් කතා කරේ නෑ නේ බබා...ඔයා මෙච්චර වෙලා හිටියනේ මට ගන්න...

අනේ සොරි පොඩි චැට් එකකට අහු උනා නේ...අනේ අද බෑ හෙට රෑට කතා කරමු අනිද්දා කොහොමත් නිවාඩුයි නේ...බුදුසරණයි.පරිස්සමින් ඉන්න...

හ්ම්ම්ම්.බුදු සරණයි..වෙන මොනවා කියන්නද ඉතින්...

ඔයා නපුරුයි අයියා...දැන් මම දොයි...


27 මමත් හීනියට බෞද්ධයෙක් | I am thin Buddhist

මා උපතින් බෞද්ධයෙකි.කුඩා කල පටන් මා  ජාතිය ලෙසින් සඳහන් කලේ සිංහල බෞද්ධ යන්නයි.නමුත් පාසල් වියෙහි පටන් උදෑසන පුරුද්දට වඳිනා පන්සිල් පද පහත් දහම් පාසලේදී  සල්ල හුක වුත්ති තිබෙන නිසා ආසාවෙන් කියූ කරණීය මෙත්ත සුත්‍රයත් හැරෙන්නට මා දන්නේ , මා බොහෝවිට රාත්‍රී කාලයේ ගමන් කිරීමට කැමති  නිසා ආරක්ෂාවට ඉගෙන ගත් ඉතිපිසෝ ගාථාව පමණි.ඒ අනුව බලන විට මා සතුව ඇත්තේ අසු කෙළක් ධර්ම ස්කන්ධ වලින් තුනක් පමණකි.එහෙයින් මා ධර්ම කරුණු ගෙනහැර පෑමට ඉදිරිපත් නොවන්නේ මාගේ නොදැනුවත් කම පමණක් නිසාම නොව දැනට ලංකාවේ වෙසෙන බොහොමයක් ගිහි බෞද්ධයන් වඳුරන්ගෙන් බණ අසා  පිරිත් සිංහලෙන් අසා කලිසම් කිලිටි නොවන සේ හතර පෝයටම සිල් රකින , කිසිම සැකයක් නොමැතිව ඉදිරියේදී පැවැත්වෙන ධර්ම සංගායනාවකට උවද සහභාගී කරගත හැකි තරම් ධර්ම කරුණු වලින් සන්නද්ධ නිසාය.

10 ඉන්ද්‍රරතන , රතන සහ තන


සමහරු කියන්නේ මම හෙනම අන්තවාදී දේශප්‍රේමී පොඩ්ඩ ඇත්තන් ලේ රත් වෙන එකෙක් කියලා.ලේ රත්වෙනවා තමයි දෙයියෝ.ඒ සාදාරණ හේතුවක් නිසා මිසක , වීරයෙක් වෙලා කෑගහන්න ඕනේ නිසා නෙවෙයි.ඕනේ එකෙක් ඕනේ දෙයක් හිතා ගනිල්ලා......මට පාන්ය ?   




21 එන්න අනාවැකි කියන්න



ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකේ රටක පවතින්නා වූ වර්තමාන සමාජ ව්‍යුහය තුල මිනිසාගේ උපරිම ආයු අපේක්ෂාවේ අගයන් තුලනය වීමත් සමග ඇතිවන නොයෙකුත් සංකුලතා මග හැර වීම වස්....මේ මොනවද?%#%$^#%@%^$#%$@% 

සැර වැඩියි...එකෙන්ම සැර වැඩියි....මම මේ කියන්න ගියේ ඉතින් මේ දවස් වල බොක්ක ඇතුලේ බුර බුරා නැගෙන හද සන්තානයේ ඔඩු දුවන පට්ටම සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නයක් ගැන...මෙහෙමයි....අපි කන බොන විදියට (අහ්හ්...මම ඒකෙන් අදහස් කරේ වෙළඳ පොලේ ඇති ගුණාත්මක භාවයෙන් අඩු ආහාර,තෙල් කෑම වැඩිපුර ගැනීම වගේ දේවල්  ) අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මේ රට යන විදියට අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මට කෝච්චියේ කතරගම යන්න පුළුවන් වේවිද?.ලංකාවෙ තෙල් වලින් මට වාහනයක් දුවන්න පුළුවන් වේවිද?.තව ෂඃ මේ සීරියස් හද කකියවන කතාවක් අස්සේ තව කතාවක් මතක්  උනා නේ...සොරි වෙන්න ඕනේ ඒක කියලම ආයේ සීන් ඒකට එන්ටර් වෙන්නම් ආයිබෝවන්ඩ. 

14 නොලියු ලියමන


ආදරණීය සුදු නංගි වෙත 

මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන් ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.