බුකියේ මං
16 කවියාගේ මලගම | funeral of poet
Labels:
නොකියු කවි
මම හැමතිස්සෙම විශ්වාස කරපු දෙයක් තමයි හිතේ වේදනාව මිනිස්සුන්ව නිර්මාණශීලී කරනවා කියන එක.හැබැයි මම අලුතෙන්ම හොයා ගත්තා හිතේ වේදනාවට නිර්මාණශීලී මිනිහෙක්ව කළුගලක් කරන්න පුළුවන් කියන එක."මේවා ලියන්නේ කවුරුන් වෙනුවෙන්ද ?" කියන ප්‍රශ්නේ ලොකුවටම හිතට එනකොට,හිත ඇතුලේ පොපියන අදහස් අකුරු කරනවට වැඩිය ඒවා හිත ඇතුලේම මැරෙන්න ඉඩ අරින එකෙත් ආතල් එකක් නැත්තෙමත් නෑ.කවි හිත මැරුණම කවියා ජීවත් උනත් නැතත් ඒකෙ ලොකු වෙනසක් නෑ නේ.සංවේදී වචන ටිකක් එහාට මෙහාට කරලා වාක්‍යක් වචන වලට වෙන්කරලා ලියන කවියක් ඇරෙන්න මැරුණ කවි හිතකින් ඊට පස්සේ ඇත්තටම හිතෙන් උපදින කවි සිතුවිල්ලක් බිහිවේවි කියලා හිතන්න බෑ.
තරුද නොපිපුණ
අහසේ ඈතක
නුඹත් එක්කලා
ඇවිද යන්නට
පිරුව පෙරුමන්
මකාලා නුඹ
ඇයිද ගුලිවී
වෙන හිතක් ළඟ.
පෙර භවේදීත්
හමුවෙලා අප
වින්ද සෙනෙහස
අමතකද අද?
මගේ ලය මත
හිස තියා නුඹ
නොයිද ඇයි අද
වෙන හිතක් ළඟ.
සුසුම් හෙමිහිට
කඳුළු වන තැන
නැවතිලා මගේ
හිතත් එතනම
උරුම සෙනෙහස
මගේ ළඟ නොව
ඇයිද හෙව්වේ
වෙන හිතක් ළඟ.
නිමක් නැති දුක
විඳ දරාගෙන
මැරුණ දවසක
මමත් තනියම
අත්විදින්නට
මගේ මළගම
එන්න නොරැඳී
වෙන හිතක් ළඟ.
මම තව දුරටත් කවි නොලියන බලාපොරොත්තුවෙන් ලියන ලද අවසාන කවි පෙළ ඔබ සමග බෙදා ගමි.ස්තුතියි.
Subscribe to:
Post Comments (Atom)
//මම තව දුරටත් කවි නොලියන//
ReplyDeleteඅනේ මේ විකාරනං කතා කරන්න එපා
හෑ අන්තිම කවිය? අන්න අන්න බොරැවදානවා. :(
ReplyDeleteඔහොම කිව්වට ආයේ ලියාවි.. එහෙම ලියන්ඩ අප්පා. කවියා මරලා දාන එක පාපයක් අප්පා.
ReplyDeleteකවියෙක්ව මරනවා කියන්නේ රබර් බෝලයක් වතුර යට ගහන් හදනවා වගේ වැඩක්.. හරි බලමු... ^_^
ReplyDeleteකවීයා මරන්න එපෝ.. බලගතු පාපකර්මයක්.. :(
ReplyDeleteයුක්ති
අ.පේලිය
තුන් හතර පාරක් කියෙව්වා.. බුකියේත් දැම්මා.. :) මාර ලස්සනයි.. හිතට මාර විදියට් වැදුනා..
ReplyDeleteයුක්ති
අ.පේලිය
පද වැල් ලස්සණ යි. කවි ලිවිල්ල නතර කරන්න එපා. අපරාදේ :(
ReplyDeleteආවා ආවා ආවා.. ලකෆ්‍රෑන්ස් ආයෙමත් ආවා!!
ReplyDeleteඅන්තිම කිව්වට අන්තිමම නෙමේ නේ????
ReplyDeleteනිකමට නෙමේ කියන්නේ ඇත්තටම..කවියා මරන්න එපා මචෝ.
ReplyDeleteපව් වැඩ කරන්ඩ එපා යකෝ....ව්
ReplyDelete:O :O අන්තිම කිව්වෙ දුක ගැන ලියැවෙන අන්තිම කවිය?? :D තවදුරටත් දුක් ගී විරහ කවි ලියන්නෙ නෑ..???
ReplyDeleteමේ කවියා මරල අළුත් ශෛලියක කවියෙක් උපද්දවන්නද හදන්නෙ ?
ReplyDeleteපිස්සුද ? එක කවිය ගානේ ලියන්න. ලියනවනම් කවි පන්තියක් ලියපං.
ReplyDeleteකවියාව මරන්න එපා. අපරාදයක් එක... :)
ReplyDeleteකතාව ඇත්ත මානවක. ඔව් මමත් තේරුම් ගත්ත වේදනාව නිර්මාණශීලී කෙනෙක්ව නිර්මානය කරනව හැබැයි එකටත් සීමාවක් තියෙනව.එක පැනපු දවසට ඒ නිර්මාණශීලී හදවතේ තවත් කවි නැති වේවි. ලියන්න ඔන කියල අතට ගත්තත් පෑන නවතීවි. වචන එනකල් ගොඩක් වෙලා බලන් ඉදීවි.... කව්රුත් එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. (අත්විදීමෙන් කිව්වෙ)
ReplyDelete