බුකියේ මං

7 සැබෑ ආදරේ හීනයක්ද ?


ජීවිතය හරිම පුදුමාකාරයි තමන්ට  ආදරේ   කරන කෙනාට තමනුත් ආදරේ කරන අය ඉන්නේ ගොඩක් සීමිත ගණනක්.එහෙම නැති  හැම කෙනාගෙම  හිතේ ජීවත් වෙනවා හීන කුමාරයෙක් නැත්තන් කුමාරියක්.ඒ අපිට ආදරෙඅ කරනවා තිය අපි ගැන  හිතන්නේ  වත් හිතන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්.සමහර විට අපිව කරදරයක් කියල දැනෙන එහෙමත් නැත්තන් අපිට වෛර කරන කෙනෙක් වෙන්න පුළුවන්.මිනිස් සිත හරි පුදුමාකරයි කියන්නේ එකනේ.තමන්ට නොලැබෙන දේටමයි ආසා කරන්නනේ.   


"අපි තරු ගනන් කරල ඉවර වෙන කොට සමහර විට හඳ හැන්ගිල තියෙන්න පුලුවන්......."

හඳ කියන්නේ අපිව හීතලට ගුලි කරන්නෙත් නැති රස්නෙට පුච්චන්නෙත් නැති අපිට පාර කියන අපි යනකොට අපිත් එක්කම යන (සමහරුන්ට මතක ඇති අපි පොඩිකාලේ හඳ දිහාව බලන් ඇවිදිනකොට හඳ අපිත් එක්කම ඇවිද්දා.) අපේ පෙරමග ලකුණ.

තමන්ගේ ආත්මීය හවුල් කාරයා හඳක් වගේ වෙන්න ඕන කියන්නෙ එකයි.එත් ගොඩක් කට්ටිය තමන් මුලින්ම දකින එලියට හඳ කියල රැවටිලා...දුක් වෙනවා..විඳවනවා.එ එලිය බොහෝවිට මැරිච්ච තරුවක් වෙන්න පුලුවන්...ඒ එලියට හඳ කියල රැවටිලා හඳ ඉල්ලලා අඬන එකේ තෙරුමක් නෑ නේද?


මේක  කවියකින්ම ඉවර කරන්නම් මම 

ලං කරගන්න
බැරි
හීන වලට
ආදරෙ
කරන්න එපා
කියලා
මනස
කොච්චර
කිව්වත්
හිත
අහන්නෙම
නැති
හැටි......


Comments
7 Comments

7 comments:

  1. මේ හිත යන්නෙම ලං කරගන්න බැරි හීන වලට නේ...... කොච්චරනම් හදාගන්න හැදුවත් කරන්නෙම එපා කියන දේමයි....

    ReplyDelete
  2. තව ලියමු මචං.. ජයවේවා

    ReplyDelete
  3. ඒ අපිට ආදරෙඅ කරනවා තිය අපි ගැන හිතන්නේ වත් හිතන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්.

    මේක නම් හදවතේ ගැඹුරුම තැනට වැදුනා අප්පා... :(

    ReplyDelete
    Replies
    1. එක තමයි සදා කාලික ඇත්ත

      Delete
  4. mata wela thiyana wena demai,matath meka ananthwath hithila thiyanawa.adare hinayakda??????

    ReplyDelete

හිතුනේ මොනවද?