බුකියේ මං

16 පිරිමි ඉබේම නරක් වෙනවද?(18+)

අද අහම්බෙන් අභීත ලොක්කගේ ගෑණු ඔක්කොම පත්තිනි අම්මලා.. පිරිමි අපි වලත්තයෝ..... කියන පොස්ට් එක දැකලයි මේක ලියන්න හිතුනේ...ලංකාවේ උන්ගේ ලිංගික කුහකත්වය කොහොමද කියල අර්ථ දක්වන්න යනවා නෙවෙයි . ඒ  මාතෘකාව ගැන කතා කරලා එක මාර්කට් කරලා පදිරි කරලා එපා කරලා තියන එකේ ඒවා ගැන මොන කතාද .

මේකත් නිකන් කිකිලිද  මුලින් ඉපදුනේ නැත්තන් බිත්තරේද  වගේ ප්‍රශ්නයක්.පිරිමි ඉබේම නරක් වෙනවද? ගෑනු පිරිමින්ව  නරක්  කරනවද? නැත්තන් පිරිමි ගෑනුන්ව  නරක්  කරනවද?.

ප්‍රශ්නේ ඒක... සටහනට  මුලපුරන්න කලින් ලගකදී බුකියේ දැකපු පින්තුරෙක තිබුන කතාවක් කියල ඉන්නම්කො.."ඔන්න ඒක කොල්ලෙක්ට කොහෙද අස්සක තිබිල අහුවෙනවා ලාම්පුවක්.ඉතින් කොල්ලොත් අතට අහුවෙන  ඕනෑම දෙයක් පිරිනදින්න බලාගෙනම ඉන්න එකේ මේ කොල්ලත් ඔය ලාම්පුව පිරිමැද්ද..මෙන්න මතු උනා බහිරවයෙක්..දැන් අපි දන්නවනේ කතාව බහිරවය වර තුනක් දෙන සීන් එක..ඉතින් අපේ කතා නායක කොල්ලත් වරමක් ගන්න හදනකොට බහිරවය මෙහෙම කියපි...මගේ දෙය්යෝ කොල්ලෙක්  අත නොගාපු කෙල්ලෙක් ඇරෙන්න ඕනෑම දෙයක් ඉල්ලාපන් කියල.."

මේක ගෑනු ළමයින්ට මඩ ගහන්න උපුටා ගත්තේ නෑ හැබැයි එකේ පොඩි තාර්කික ඇත්තක් තියනවා කියල තේරුනා.අපි කාටවත් පරිපුර්ණ  ජීවිත නෑ.අනිත් එක අද සමාජයේ ඉන්න ගොඩක් අය මේ ලේබල් එකට වැටෙනවා.එ අයව පහත් කරන්න නෙවෙයි කියන්නේ.මිනිස්සුන්ට ජීවිතේ එකම තැනකදී වරදිනවා.සමහරුන්ට එක හද ගන්න පුළුවන් තරම් පුංචි උනත් සමහරුන්ට එක හද ගන්න බෑ එ ගොල්ලෝ තමන්ගේ ජීවිත කාලය ගෙවනකන්ම.

හිතන කෙල්ලෙක් තමන්ගේ පලවෙනි ආදර වන්තයට තමන්ගේ දේවල් කුලුදුලේම පෙන්නනවා.සරලව කිව්වොත් තමන්ගේ ආදරවන්තය ඉස්සරහ නිරුවත් වෙනවා පළමුවතාවට.ඉතින් ආදර වන්තයත් තමන්ගේ පෙම්වතියගේ ශරීරය පාවිච්චි කරනවා යම් විදියකට.ඉතින් ඔන්න ටික කාලෙකින් කෙල්ලට දැනගන්න ලැබෙනවා තමන්ගේ කොල්ල විවාහකයෙක් කියල එහෙමත් නැත්තන් රැවටිලි කාරයෙක් කියල.ඉතැනින් සම්බන්දෙ ඉවරයි එත් කෙල්ලට බෑ තමන්ගේ හිටපු ආදරවන්තයාව අමතක කරන්න.එක හේතුවක් තමයි කෙල්ල ඇත්තටම ආදරය කිරීම අනිත් හේතුව තමයි අරූ මාව පාවිච්චි කරා කියන හැගීම.ඔය වගේ සිද්දි 
සමුදායකට   පස්සේ කෙල්ලෙක් ගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා.සමහරක් කලින් ආදරවන්තය ඉතුරු කරලා ගිය  හැගීම්  වලට වහල් වෙලා තව තවත් අගාදයටම යනවා.තවත් අය මට කරපු දේට වෙන කොල්ලෙක් ගෙන් හරි පලි ගන්න කියල හිතන් සම්බන්දතා අහි කරගන්නවා  එයාම   ඒක  බිදිනවා.හැබැයි ඔය අතරේ අතලොස්සක් දෙනා ඉන්නවා ඇත්තටම ආදරේ හොයපු ඒ ගොල්ලෝ උන් තැනම නතර වෙනවා තමන්ගේ ගමන යනවා  හැබැයි   හිතේ ආදරය කියන එක ඉස්සරහින් ලොකු පව්රක් බැදගෙන.ඒ වගේ අයට තමන්ට ඇත්තටම ආදර කරන කෙනෙක් උනත් පෙන්නේ තමන්ව පාවිච්චි කරන්න එන කෙනෙක් කියලයි.ඒ ගොල්ලෝ ගෙදරින් හොයල දෙන කෙනෙක් බලා සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා.එත් ඇත්තටම ආදරය කරන කෙනාව නැති කර ගන්නවා.  

ඒ වගේ අයට මම කලින් පොස්ට් එකක කියපු වැකියක් උපුටා දක්වන්නම්  .

"අපි තරු ගනන් කරල ඉවර වෙන කොට සමහර විට හඳ හැන්ගිල තියෙන්න පුලුවන්......." 

දැන් හිතමු කොල්ලෙක්ගේ පලවෙනි ආදරේ විදියට අහු වෙනවා අර කලින් කියපු විදියේ  ( මම අදහස් කරන්නේ පලවෙනි සහ දෙවෙනි කොට්ටාශ ගැන  ) කෙල්ලෙක්.කෙල්ලට කොල්ල බොක්කෙන්ම ආදරේ එත් කෙල්ලට ඕන වෙන්නේ වෙනදෙයක්.පලවෙනි කොට්ටාශේට  අහුඋනොත් කොල්ල ගොඩක් දේවල්  ඉගෙන ගන්නවා.එතනින් මදි වෙනවා එතකොට කොල්ල රැවටිලි කාරයෙක් වෙනවා.දෙවෙනි කොට්ටාශේට අහු උනොත් කොල්ල හිත රිද්ද ගන්නවා කෙල්ලොන්ගෙන් පලි ගන්න යනවා.එහෙම කොල්ලෙක් කෙල්ලෙක් ගේ පලවෙනි ආදර වන්තයා උනාම කලින් කිව්වා විදියේ මනසවල් සමාජෙට උරුම වෙනවා.

 අවංකව අපිට කියන්න පුලුවන්ද ඇත්තටම මුලින්ම පටන් ගත්තේ මොකක්ද කියල.එකයි මේකත් නිකන් කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක් කිව්වේ..  

දැන් කියන්න බලන්න මගේ ප්‍රශ්නෙට උත්තරේ..."පිරිමි ඉබේම
නරක් වෙනවද? ගෑනු පිරිමින්ව  නරක්  කරනවද?නැත්තන් පිරිමි ගෑනුන්ව  නරක්  කරනවද?.
Comments
16 Comments

16 comments:

  1. මමනම් මේ ගැන කටක් හොල්ලන්නේ නෑ... අත්දැකීම් මිනිසා සම්පූර්ණ කරයි...

    ReplyDelete
  2. අනේ මන්දා මේවට උත්තර දීලත් බෑ නොදීත් බෑ... රුව්ලයි වට්ටක්කයි දෙකම බේරෙන්න උත්තර දෙන්නත් එපායැ

    ReplyDelete
  3. මෙව්වා හරිම බැරෑරුම් ප්‍රශ්ණ අප්පා

    ReplyDelete
  4. අෆ්ෆා දරුණු සීන් එකක් නොවැ

    ReplyDelete
  5. ප්‍රධානම දේ තමයි අපි හැමෝම වලත්තයි එක වගේ ඒකට ගැණුද ?පිරිමිද ?කියලා වෙනසක් නැහැ ඒක තමා ඇත්ත හැබැයි මේක පුරුශාධීපත්‍යය කියන එක නිසා ගැනු වලත්තයි කියලා එලියට පෙන්නේ නැහැ පෙන්නේ පිරිමි වලත්තයි කියලා විතරයි .මට බස් වලදි ගැනු ජැක් ගහලා තියෙනවා පොඩි කාලෙදි , එතකොට ගැනු වලත්ත නැහැ කියලා කියන්න පුලුවන්ද? බැහැනේ .පිරිමි කෙනෙක් ජැක් එකක් ගැහුවොත් විරෝදය පල කරන්නේ ගෑනු කියෙන් කී දෙනාද ? දවසකට ලංකවේ අනියම් සම්බන්දතා කීයක් නම් පවත්වනවද කියලා හිතා ගන්නවත් පුලුවන්ද ? තනි අතින් අප්පුඩිගහන්න බැහැනේ?

    ReplyDelete
  6. gahanu kamathi salli walata ..pirimi kamathi walaththakamata aeka thamai aththa.....mona karannada??

    ReplyDelete
  7. අනේ අම්බෝ මම නං දන්නෑ..

    ReplyDelete
  8. අඩේ මේකේ ශුට්ටි හරි ඇත්තක් තීනවා .................

    ReplyDelete
  9. අඩේ අපි නොදන්න උඹේ වලත්ත කම...
    එතකොට අර කොස් ගහ උද ඉඳන් දහම් පාසල් යන 5 වසර පොඩි කෙල්ලෙක් නානවා බැලුවේ උන්ගේ වලත්ත කම් වලටද? :පී

    ReplyDelete
  10. ගෑනු ගැණුන් වත් නරක් කරල. ගෑණුම පිරිමින්වත් නරක් කරනවා..

    ReplyDelete
  11. මම මේ කවිය ඉගෙනගත්තේ මීට අවරුදු කට කලින් ඒ කියන්නේ බදින්න කලින්. බැන්දට පස්සේ එහෙම නැහැ ජිවිතේ ලස්සනයි කියලා හිතෙනවා. විහිලුවට වගේ ඒ කවිය type කොරන්නං පොස්ට් එකට ලගින යන හින්දා

    රුව කත ගුණ නැත
    ගුණ කත රුව නැත
    රුව ඇති ගුණ කත
    ළඟ පති වත නැත

    ReplyDelete
  12. ඔය 4 ම ඇති ලද ලග හිල නැත

    ReplyDelete
  13. hugak bonna wena prashnayak machoooooooooooooo

    ReplyDelete
  14. Addakimak ekka kiyanne mn. Me blog 1 kiyana kathawa 99% aththa sahodaraya.

    ReplyDelete

හිතුනේ මොනවද?