බුකියේ මං

9 මොබයිල් නම්බර් එක ප්‍රසිද්ද වෙලාද?(Girls Special)

මේ කෙටි සටහන ලියන්න හිතුනේ මම දන්නා කියන මම ගොඩක් ගරු කරන ගෑනු ළමයෙකුට (යාලුවෙක් නම් නෙවෙයි)  වෙච්ච සිදුවීමක් නිසා.මම තුමා අහම්බෙන් බාගත කරා pdf  ෆයිල්  එකක්.ඒක මම කලින් සදහන් කල යුවතියගේ කාර්යාලයෙන් කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා  නිකුත් උන එකක්.එකේ තියනවා අර ගෑනු ළමයාගේ නම ජීමේල් ලිපිනය සහ මොබයිල් නම්බරය( මම ඉස්සර ඉඳලම ඔය කෙල්ලගෙන් නම්බර් එක ඉල්ලුවට ඒකිගේ තියන හිතුවක්කාර කමට දුන්නෙම නෑ.අහ්හ් මට හොඳයි.හැබැයි මම ඒක සේව් කර ගත්තේ නෑ.මට මොකටද.ඒකිට ඕන නම් මට දේවිනේ කවදාක හරි :/  ) .මම ඒ වෙලාවේම ඒ කෙනාව දැනුවත් කරා. ඒවෙනකොට එයාවත් දැනන් හිටියේ නෑ ඔය ගැන.


මේකයි කාරණේ යම් යම් අතපසු වීම් වලින් ගැණු ළමයෙක් ගේ  මොබයිල් නම්බරය ප්‍රසිද්ද වෙන්න පුළුවන්.මොකක් හරි පොදු ක්‍රියාවකට සහබාගීවෙමේදී.නැත්තන් මිතුරෙක් අතින් හෝ මොනයම් විදියකින් හරි එහෙම උනාම අපි නොදන්නා ඇමතුම් අපිට එන්න තියන ඉඩකඩ වැඩි වෙනවා.මොකද අද සමාජේ ඉන්නවා නොයෙකුත් මානසික රෝග වලින් පෙලෙන පිරිමි සහ ගෑනු..හැබැයි පිරිමින් අතර මේ තත්වය ටිකක් වැඩියි .එහෙම දෙයකට මූන දෙන්න උනොත් ගෑනු ළමයෙක් විදියට වහාම ගන්න ඕනා ක්‍රියාමාර්ග සහ අනතුරක් වලක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කීපයක් ලැයිස්තු ගත කරන්න  හිතුවා .(Girls Special)         

ඉක්මනට කරන්න

  • ප්‍රති චාර දක්වන්න යන්න එපා.( එතකොට ඇමතුම් එන්න තියන සම්බාවීතාවය වැඩි වෙනවා
  • තමන් පෙම්වතියක් නම් වහාම තමන්ගේ පෙම්වතාව දැනුවත් කරන්න.මොකද පිරිමි කියන්නේ මහා පුදුම ජාතියක් නිසා. එකට සිටිනා වෙලාවක එන නොදන්නා ඇමතුම් කියන්නේ ලොකු ප්‍රශ්නයක්.සැකයට ඉඩක් තියන්නවත් හොද නෑ.නැත්තන් පස්සේ වෙලාවක ඒවායින් තමන්ටම පහර දෙන්න පුළුවන්.( පෙම්වතෙක්  නැත්තන් ඒ කෑල්ල අදාළ නෑ.)
  • අනිවාර්යෙන්ම ගෙදර අයව දැනුවත් කරන්න ( පෙම්වතෙක් හිටියත් නැතත් මේ දේ නම් කරන්නම  ඕන
  • තමන්ගේ යාලුවන්ට දන්වන්න නොදන්නා අංක වලින් තමන්ට ඇමතුම් ගැනීම සීමා කරන ලෙසට.(එතකොට වැදගත් ඇමතුමක් මග ඇරෙන්න තියන සම්බාවීතාවය අඩු වෙනවා.)
  • අන්තිමටම එන ඇමතුම් කරදරයක් නම් වෙනත් දුරකථන  අංකයකට තාවකාලිකව මාරු වීමට තියන ඉඩකඩ සොයා බලන්න. ( දන්නවා කට්ටිය තමන්ගේ අංකයට කොච්චර ආදරේද කියල. :) ඉක්මනට මතක තියා ගන්න පුළුවන් නම්බර් :p )

කවදාවත් කරන්න එපා 

  • කාර්යාලීය කටයුතු සදහා තමන්ගේ පෞද්ගලික ඊමේල් ලිපිනය භාවිතා කරන්න එපා.
  • ඒ වගේම ඊමේල් සිග්නේචර් එකේ තමන්ගේ පුද්ගලික දුරකථන අංකය යොදන්න එපා (මගේ ඊමේල් එකේ නම් තියනවා අවුලක් නෑ මට කවුරු කතා කරන්නද? :P
  • ඒ වගේම තමන්ගේ  පුද්ගලික දුරකථන අංක කාර්යාලය තුල  හෝ වෙනත් තැන්වල  සංසරණය වෙන්න තියන ඉඩකඩ වැඩි කරන්න එපා.(ඒක නම් තම තමන් මත වෙනස් වෙනවා)   
ඔන්න ඔහොමයි කරන්න ඕනා කියලයි මට නම් හිතෙන්නේ...කොහොම උනත් අපි මේ කතා කරපු වගෙ දෙයක් හතුරෙකුටවත්  වෙන්න එපා කියලා මේක ඉවර කරනවා.  

Comments
9 Comments

9 comments:

  1. වෙලාව නැති වුනත් ඇවිත් බැලුව, ගෑල්ළමයින්ට වැදගත් කියල හිතුන.

    ReplyDelete
  2. හ්ම්ම්.. වටිනා උපදෙස් ටිකක්..:)

    ReplyDelete
  3. කොල්ලෙක් කෙල්ලෙක්ට හිතගිහින් නම්බර් එක හොයාගෙන කතාකරන එකනම් කමක් නැහැ ඒ උනට අර මානසික ලෙඩ්ඩුන්ට නම් බුරුලක් දෙන්න හොද නැහැ උන්ට නම් නිසි ප්‍රතිකාර දෙන්න ඕන.......

    ReplyDelete
  4. @ඔබා මාමා බොහොම තැන්ක්ස්
    @අභීත අය්යේ තැන්ක්ස්
    @හිතුවක්කාරී තැන්ක්ස් තැන්ක්ස්
    @පැංචි තැන්ක්ස් බොහොම තැන්ක්ස්
    @රොබින් බොහොම තැන්ක්ස් සහ කියමුද බලන්න ප්‍රතිකාරයක්

    ReplyDelete
  5. වටින උපදෙස් ටික!
    //මගේ ඊමේල් එකේ නම් තියනවා අවුලක් නෑ මට කවුරු කතා කරන්නද?// මානසික ලෙඩ තියන කෙල්ලොත් ඉන්නවා පිරිස්සමෙන් ඈ

    ReplyDelete
  6. @චූටි පුතා අපොයි එහෙම අයට කරන්න ඕන දේ මම දන්නවා...හැබැයි කොල්ලොන්ට වැඩ කෙල්ලෝ තමයි භයානක.........:P

    ReplyDelete
  7. ගැහැණු ළමයින්ට විතරක් නෙමේ මේකේ තියෙන සමහර සමහර කොටස් කාට කාටත් අදාළයි

    ReplyDelete
  8. මේකේ ගැනු ළමයි කීදෙනෙක් කියවලා ඇති ද?

    ReplyDelete

හිතුනේ මොනවද?