බුකියේ මං

10 ඉසදියට අඩන සඳ......(20+)


ඔබද මා
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......

සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......

පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......
Comments
10 Comments

10 comments:

  1. එකම සයනත
    රෑ පහන් කල
    ඔබත් මමත්
    දෙතැනක අද

    පාලු තනියහන මත
    විඳවන විට ජීවිතය මම
    දස්කොන්ගෙ පපුව මත
    විඳියි නුබ ජීවිතය

    ReplyDelete
  2. සුපිරි කවියක් මචං... සිරාවටම එල... Heart Piercing

    ReplyDelete
  3. අඩේ දැන් ලුක් එක නං පට්ට ඈ....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. රුධිරය කොහොමද අනිත් කෙනාගෙන් වෑහුනේ?

    ReplyDelete
  5. @රොබින් http://ganakamadura.blogspot.com/2012/05/18.html කරන්න ගිහින් තමා

    ReplyDelete
  6. //මම බින්ද
    මලේ නුබේ
    මකරන්ද
    තලන්නේ
    වෙනකෙනෙක්
    අනේ මොන
    හිතකින්ද...... //

    නියමයි... නියමෙටම ගලපලා තියනවා..

    ReplyDelete
  7. තේරුමක් තියන ලස්සන දෙයක්.. බ්ලොග් එකට එනකොටම හරිම ලස්සනයි ක්‍රියේට් කරලා තියන විදිහ යාළු..:)

    ReplyDelete
  8. harima lassanata liyala thiyenawa yalu aththatama godak lassanai

    ReplyDelete

හිතුනේ මොනවද?