බුකියේ මං

14 රැකියාවට සමු දීම හෙවත් තීන්ත බාස් නියතය ......

හිතන්න කොහොමද කියල සති අන්තයක අතේ සතයක් වත් නැතුව ගෙදරින් ඈතක තනි වෙන්න උනාම..කීයක් වත් ඉල්ලා ගන්න අහල පහලක අදුරන කෙනෙක් නැති උනාම..කන්න විදියක් නෑ සල්ලි නෑ කියන හැගීම එක්ක බඩගිනි උනාම කොහොමද? .දවස් දෙක අමාරුවෙන් ගොඩ දාල සදුදා කාර්යාලයට ගියාම මගේ පඩිය නවත්තල කියන ආරංචිය ආවම කොහොමද හිතට දැනෙන ෆන් එක.


පඩි පත නවත්තන්න හේතු දෙකක් කාර්යාලයෙන් ඉදිරිපත් කරනවා

1. මගේ අක්‍රමවත් පැමිණීම.
2. මම වැඩ කරන්නේ නෑ කියන ලොක්කගේ මතය.


පලවෙනි එකට මම කිසි කතාවක් නැතුවම එකග වෙනවා.ඇත්තම කියනවනම් මම රැකියාවට හරියට ගියේ නෑ හේතු දෙකක් නිසා.එකක් තමයි මගේ දකුණු අත සම්බන්දව තියෙන ස්නායු ප්‍රශ්නය.දෙවෙනි එක තමයි මට දැනට රැකියාව කරන කාර්යාලය එපා වීම් හේතු කොටගෙන.සමස්තයක් විදියට ගත්තම මම තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක් කරත් මගේ ඉහල නිලදරුවන් තොරතුරු තාක්ෂනය ගැන දැනුමක් නොමැති වීම තමයි ප්‍රදානම හේතුව.( ලොක්ක හිතන් ඉන්න ලොක්ක හීනෙන් දැකපුව මට කිව්වම ඒවා හදන්න පුළුවන් කියල මට සහ මගේ රැකියාවේ ස්වභාවය ගැන තේරුමක් නැති වීම )


දෙවෙනි කරුණත් එක්ක තමයි මේ පොස්ට් එකේ මාතෘකාවට අදාල කරුණු ටික එන්නේ.මම වැඩ කරන්නේ නෑ කියන එක.දැන් හිතාවි මු IT ජොබක් කරානම් මොකද මේ තීන්ත බාස් කෙනෙක් කියල.මෙහෙමයි සීන් එක දැන් හිතන්න හදල ඉවර වෙච්ච ගෙයක බිත්තියක් දිහා බැලුවම මුලින්ම මතක් වෙන්නේ තීන්ත ගාපු බාස් නෙවෙයිද?..බැම්ම බැඳ කෙනා කපරාරු ගැහුව කෙනා මතක් වෙන්නේ නෑ නේ එතකොට.මම ගැනත් ඉතින් එකම තමයි.


අපේ ඔෆිසියේ ඉන්නවා වෙබ් අංශයේ දෙන්නෙක්.දෙන්නගෙම රැකියා නාමය web developer එත් ඇත්තටම developing කොටස කරන්නේ මම විතරයි.අනිත් කෙනා කරන්නේ අපි හදන වෙබ් අඩවියක පරිශීලකයාට පෙනෙන කොටස හදන එක ඒ කියන්නේ front end එක.මම කරන්නේ ඒ හදල දෙන front end එකට අනුව කේතනය නැත්තන් code කරන එක.එත් අන්තිම ප්‍රතිපලය ලොක්කන්ට පෙන්නන්නේ අනිත් කෙනා.ඔන්න ඕකයි ප්‍රශ්නය.කොහොම පොලවේ හැපිලා කිව්වත් ලොක්කට ඕක තේරෙන්නේ නෑ.


ඔය අතරේ ඉතින් කේලම් කාරයොත් නැතුව නෙවෙයි ....හඃ හඃ හඃ   


මොනවයින් මොනවා උනත් මම රැකියාවෙන් සමු ගන්න තීරණය කරා...ලග දීම මමත් විරැකියාවෙන් පෙලෙන කෙනෙක්.( දුකක් තිබුනත් හිතේ අමතක කරලා දානවා.මුල්ම රස්සාව උනත් ඉතින් මොනවා කරන්නද? )


 ප.ලි : රස්සාවල් කිපෙකටම දැම්ම අයදුම්පත්.මොකක් වේවිද දන්නේ නෑ. 


 ප.ප.ලි : මම මගේ හීනයක් වෙලා තිබ්බ ජොබටත් ඔන්න අයදුම් පතක් දැම්මා.සුභ පතාපල්ලා මට....හඃ හඃ හඃ ......
Comments
14 Comments

14 comments:

  1. අයියෝ අයියෝ මැට්ටොත් එක්ක වැඩ කරන්න ගියාම තියෙන අමාරුවක් :(

    …ඉක්මණින් රැකියාවක් ලැබේවා

    ReplyDelete
  2. බොක්කෙන් ම සුභ පතනවා අලුත් රැකියාවකට :D

    ReplyDelete
  3. බය නැතුව හිටින් job එකක් හරියයි, උඹ වැඩ්ඩෙක් නම් ඕනතරම් job තියනවා.. back-end language එක මොකද්ද?

    ReplyDelete
  4. අළුත් රැකියාවක් ඉක්මනට ලැබේවා ඈ...

    ReplyDelete
  5. ඕක සාමාන්‍යෙයන් පොදු ගැටළුවක්. මටත් තියෙනවා. මංනම් කරන්නේ ගණන් ගන්නැතුව ඉන්න එක. මොකද රජයේ නිසා ලොක්කට මාව අයින් කරන්න බෑනේ.

    ReplyDelete
  6. වැඩ කරුවන්ට ජොබක් හොයගන්න අමාරුවක් නෑනේ බන් සතියක් දෙකක් විරැකියාවේ ආතල් එකක ගනින්, ඕක හැමදම නෑ හැමතැනම නෑ, අනික IT දන්නේ නැති එකෙක් යටතේ වැඩ කරනවාට වඩා හොදා වෙන තැනකට මාරු වීම.

    ReplyDelete
  7. ඔයා ඉන්න තත්වෙ හරියටම මේ මටත් තේරුම්ගන්න පුළුවන්...අද වෙනකොට මමත් රැකියා විරහිත..මම එක්ක ට්‍රේනින් හිටි 20 දෙනාම ස්ථිර වෙද්දී නිකන් නෙවෙයි ලොකු පඩියකට,මට වඩා අඩුවෙන් වැඩ කළ උන් ඇතුලට යද්දී මම විතරක් එලියට විසික් උන හැටි හීනයක්‌ වගේ..ආසාවෙන් ගොඩක් බලාපොරොත්තු මැද ගිය මගෙත් පළවෙනි ජොබ් එක...ඔන්න ඉතින් දැන් මාත් ගෙදර..බයවෙන්න එපා...ඔයා ගැන දන්න අය දන්නව ඔයා කව්ද කියල...අනිත් එක තමන් දන්නවනේ මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ කියලත්...දිගටම උත්සහ කරන්න..හිටියටත් වඩා හොඳ රස්සාවක් ලැබේවි, ලැබෙන්නත් කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි !!!

    ReplyDelete
  8. ගණන් ගන්න එපා . අලුත් ජොබක් ඉක්මනින් ලැබේවා කියල ඔන්න මාත් කිව්වා හොඳේ...

    ReplyDelete
  9. සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! රැකියාවක් ලැබේවා!!!

    ReplyDelete
  10. කැපිලිකාරයොත් එක්ක වැඩකරනවා කියන්නේ හරිම අමරුවැඩක්

    වෙන තැනක ජොබක් ඉක්මනින් සෙට්වේවා...!!!!!

    ReplyDelete
  11. ජොබක් සෙට් වේවා !!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  12. ඕවා නම් මොනාද යාළු.. ඉක්මනටම ජොබ් එකක් හම්බ වෙයි ඔයාට..දුක් වෙන්න එපා.. :)

    ReplyDelete
  13. machn akamatthen ennaepa .yanawanam padiya aran bahapan . hoda jobak labewa

    ReplyDelete
  14. ස්නායු ප්‍රශ්නය ගැණ සැලකිලිමත් වෙන්න. ඉක්මනින් සුවවේවායි පතමි

    ReplyDelete

හිතුනේ මොනවද?