බුකියේ මං

18 මාධ්‍ය සදාචාරය නම් කුජීතයි.එතකොට අපේ ?

සැබෑ සදාචාරයක් තිබිය යුත්තේ මාධ්‍ය කරුවන්ට පමණක්ද?.අප විසින් සමාජජාල වල පලකරන සෑම චායාරුපයකින්ම සෑම වචනයකින්ම අපද නිතැතින්ම යම තරමකට මාධ්‍යකරුවකු නොවන්නේද?.පෞද්ගලික දේශපාලන මතවාද ව්‍යාප්තිය උදෙසා මෙවැනි පුවත් විකෘති කිරීමේ ක්‍රියාවලින් සිදුවන්නේද රජය විසින් සත්‍ය වසන් කිරීමට යොදා ගනු ලබන පහත් අධම මාධ්‍ය භාවිතයම නොවේද?.


ගමටම බනිනකොට අපේ රෙදිවලත් තුත්තිරි තියනවා කියලා අමතක කරනවනේ අම්මපා.ඔය පින්තුරේ මම මුලින්ම දැක්ක තැනින් ගත්ත ඉස්කිරින් ෂොට් එකක් තමයි ඔය උඩින්ම තියන්නේ.ඊට පස්සේ පින්තුරේ මුල් ප්‍රභවය තියන තැන ලින්කුව සහ එතන   ඉස්කිරින් ෂොට් එකක් පහල තියනවා.


මෙන්න ලින්කුව 

ඔන්න පහළින්ම දැම්මා පින්තුරේ බලලා හදවත සසල වෙච්ච කෙනෙක්ගේ නිර්මාණයක්.අපේ උන්ටත් වලිගයක් දැක්කම කාගේද කියලා ඕනේ නෑ පාගන්නමයි හිතෙන්නේ. 



ප.ලි - වැරදියට හිතන්න එපා මම මේ මිනිස්සුන්ව මරපු එක සාදාරණය කරනවා කියලා.ම  තියන එකම ප්‍රශ්නේ කට්ටිය සංවේදී වෙලා "බොන්න වතුර ටිකක් ඉල්ලපු වරදට අපිට දඩුවම මරණයද" කියලා දාගෙන හිටියට ඇත්තටම මැරුණේ වතුර ඉල්ලපු අයද? නැත්තන් වතුර ඉල්ලපු අයගේ බාධා කිරීම නිසා මග හිරවෙච්ච අයද කියන එක.
Comments
18 Comments

18 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. වෙනස් විදියකට හිතන එක හොඳයි. පින්තූරේ දැක්ක ගමන් පේනවා අපේ නෙමෙයි කියලා. නමුත් සිඳුවූ දේ එකමයි. මගේ පෝස්ට් වලත් ඊට සම්බන්ධ ඡායරූපයක් දානවා මිසක් කිසි දිනක නියම ඡායාරූපය දාන්නේ නෑ. ඔය වගේ ඡායරූප ළෝකයටම පොදු ඡායාරූප.

    තර්ක ගොඩනගලා සත්‍ය යටපත් කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. "මගේ පෝස්ට් වලත් ඊට සම්බන්ධ ඡායරූපයක් දානවා මිසක් කිසි දිනක නියම ඡායාරූපය දාන්නේ නෑ."

      බුකිය පුරා සිද්දියේ ඇත්ත ඡායරූපය ඕනා තරම් තිබුණා.ඒ හින්දා ඒ කතාව කියන්න බෑ.තව දෙයක් මාතලන් මධ්‍යස්ත උනාට බහුතරයක් අන්තවාදියෝ.ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මාධ්‍ය මිනිස්සු අතරමං කරනවා.(උදාහරණයක් විදියට ඇල්පිටියට පොඩ්ඩක් එහා තියන අවිත්තාව ප්පත්තට පෙන්නේ නයි ටි එන් විතරයි.ඒ මිනිස්සු දන්නෙත් එකේ කියන පච විතරයි.).මිනිස්සුන්ට ඇත්ත තොරතුරු දැන ගන්න තියෙන්නේ විකල්ප මාර්ග විතරයි.ඒවත් කියන්නේ බොරු නම්.බහුතරයක් දෙනා හිතන ඉන්නේ මේ චායාරූපය ලංකාවේ එකක් කියලා.

      පලවෙනි පින්තුරයේ යටින් තියන අකුරු ටික කියවන්න.ඕක ෂෙයාර් කරලා තිබුනේ ලංකාවම පිළිගත්ත බ්ලොග්කරුවෙක් සහ චායාරුප ශිල්පියෙක්.මම කියන්නේ නෑ පොලිසිය හොදයි කියලා.ඒත් වැලිවේරියේදී පොලිසිය අතේ වරදක් නෑ.මිනිස්සු රවට්ටන එක හරිද?

      අපේ යුතුකම වෙන්න ඕනේ ජනතාවට ඇත්ත කියලා ඔවුන් අතර පිබිදීමක් ඇති කරන ඒක මිසක් ඔවුන්ට බොරු කියලා රවට්ටන එක නෙවෙයි.

      Delete
  3. සාමාන්‍යයෙන් මාධ්‍ය මර්දනයක් ඇතිකරගත්තාම ඕනෑම පාලනයකට තමන්ට රිසි සේ ජනතාව හසුරුවන්න හැකි වෙනවා.විශේෂයෙන්ම දකුනු ආසියාතික රටවල මේ තත්වය දකින්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අපි දන්නේ නැති උනාට මට හිතෙනවා ලංකාව ඇතුලේ ලොකු මාධ්‍ය මර්ධනයක් තියනවා කියලා.ඒත් ඒක ඉස්මතු නොවෙන්නේ කලින් මාධ්‍ය ලෝකේ හිටිය පතාක යෝධයෝ NGO කාක්කන් කියලා මිනිස්සුන්ට අහුවෙච්ච නිසා මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය කරුවන් ගැන මිනිස්සුන්ට දැන් තියන පිළිකුල නිසා කියලා.

      Delete

    2. මේ මොකක්ද කියන්න උත්සාහ කරන්නේ?මාධ්‍ය මර්ධණයක් තියෙනවා කියලා කවුද නොදන්නේ?අද මුලු ලෝකෙම ඒක දන්නවා.අද ඒක 100% ක්‍රියාත්මකයි.

      Delete
  4. වෑරද්ද කවුරුකලත් කොතන කලත් එකම තමයි.මම දෑක්ක බුකියෙ සමහරු කියනව මෙක 88/89 කලෙ වෙච්චතරම් ලොකු නෑ කියල.

    ReplyDelete
    Replies
    1. "වෑරද්ද කවුරුකලත් කොතන කලත් එකම තමයි.". මිනිස්සු කීදෙනෙක් ලේ පුච්චගන්න ඇත්ද? ඔය පින්තුරේ බලලා.

      "මම දෑක්ක බුකියෙ සමහරු කියනව මෙක 88/89 කලෙ වෙච්චතරම් ලොකු නෑ කියල."

      ඒක අවස්ථාවාදය.මම හිතන්නේ රජයේ ඉන්න බල්ලෙකුත් ඕක කිව්වා.

      Delete
  5. වැරදියට හිතන්න එපා මම මේ මිනිස්සුන්ව මරපු එක සාදාරණය කරනවා කියලා.
    ඔබ ලෙම්බර්ග් වලට නම් යන්නෙ ඒ බව කියන්නේ ඇයි.මෙය සිග්මන්ඩ් ෆ්රමරොයිඩ්ගේ ප්රැසිද්ද කියමනක්.
    ඔබ මිනීමැරීම සාදාරනය නොකරනවා නම් පුන පුනා ඒ ගැන කියන්නේ නැහැ.නමුත් ඔබ පුන පුනා ඒ ගැන කියන්නේ ඔබේ යටි සිතේ සැබෑ අවශ්යතාවය එය නිසයි

    ReplyDelete
    Replies
    1. ඒ නිසා නම් නෙවෙයි.මම කලින් පොස්ටුව දැම්මම ඔක්කොම මට කිව්වේ මම අවස්තාවදියෙක් රජයට කඩේ යනවා කියලා.ඒත් දැන් වෙනකොට ඒ සිද්ධිය සම්බන්ධයෙන් මම කිව්වා දේවල් ඔක්කොම ඇත්ත වෙලා.කලින් ලිපිය නොබැලු කෙනෙක් මේක කියවනකොට කියවන්නේ අනිවාර්යෙන්ම මාත් එක්ක තරහින්.

      මතකද දන්නේ නෑ ඉස්සර තිබුණා සිංහල කාමුක චිත්‍රපට උන්මාදයක්.ඒත් ඉල්ලුමට සරිලන සැපයුම තිබ්බේ නැති නිසා දකුණු ඉන්දීය කාම චිත්‍රපට වල ලංකාවේ පෙනුමට සමාන නිලියන් ඉන්නවනම් ඒකට සිංහල කෙල්ලෙක්ගෙ නමක් දාල පසුබිම් ශබ්ද අයින් කරලා සිංහල සින්දුවක් දාලා එව්වා.මේකත් නිකන් ඒ වගේ.

      ආයෙත් කියන්නම් වැරදියට හිතන්න එපා මම මේ මිනිස්සුන්ව මරපු එක සාදාරණය කරනවා කියලා.මම ඒ කොටස දැම්මේ සිද්ධි ඒ මරණ වලට වැරදි අර්ථකතන දෙන්න හදන ඒකට මම අකමැති නිසා.හමුදාවෙන් බලු විදියට වෙඩි තිව්වා.පාරේ හිටිය අහිංසකයෝ මැරුණා.ඒ වතුල ඉල්ලන සාදාරණ අරගලේ ලේබලේ අලවලා වැරදි තැනක වැරදි වෙලාවක කරපු අසාදාරන අරගලයක් නිසා.රතුපස්වල මිනිස්සු මොනවද ලබා ගත්තේ.තියන ටිකත් නැති කර ගත්ත මිසක්.

      Delete
    2. ඔබ සමග තරහ ගැනීමේ කිසිදු අවශ්යතාවයක් මට නැත.මා සිදුකලේ මා දන්නා දෙයක් යොදා ඔබගේ ලිපිය විශ්ලේශනය කිරීම මගින් ලැබුන පිලිතුර පලකිරීම පමනි.
      එලෙස කරන්නේ ඇයි?
      කිසිදු මිනිසකු තමන් වැරදි බව ප්රනකාශ කරන්නේ නැත.මිනීමරුවකු වුවද ප්ර්කාශ කරන්නේ තමන් නිවරදි බවයි.එවිට ඔවුන් කියන කරන දෙය කිසියම් මූලදර්මයක් ඇසුරින් පැහදිලි කරගත යුතුයි.
      තව දුරටත් මෙය ගැන විස්තර කලොත්
      මිනී මැරීමට ඇති කැමැත්ත මිනිසාගේ යටිසිතේ පවතින පොදු දෙයක්.නමුත් ශිශ්ටාචාර ගත වීමත් සමග එය යටපත් වනවා.නමුත් ශිශ්ටාචාරගත වීම නිවැරදි ලෙස සිදු නොවුනු මිනිසකු මිනීමැරීමක් විස්තර කරන්නේ කෙසේද?මෙහෙමයි
      මම මිනීමැරීම් වලට කැමති නැහැ.නමුත්......
      මෙවැනි ලිපි ලිවීමට හේතුව ඔබ නිසි ලෙස ශිශ්ටාචාර ගත නොවීමයි.
      මිනිසුන්ගේ කතා සහ ක්රිුයා විශ්ලෙශනයට මනොවිද්යාව යොදාගැනීම හින්දි චිත්රීපටි වලට සින්හල සින්දු යෙදීම වගේ යැයි කීමත් ඔබේ මේ අර්ද වනචාරී ගතිගුන වලම කොටසක් පමනි

      Delete
    3. මම හිටහ්න්නේ ඔබ තුමා මම දුන්න උදාහරනේ අහ්රියට තේරුම අරන් නෑ.අපේ මිනිස්සුන්ට රට පොල්පරාලේ ට වැඩිය ලංකාවේ පොල කෙන්ද තරම් ඔපාදුපේ වටිනවා.

      "සිංහල කාමුක චිත්‍රපට උන්මාදයක්.ඒත් ඉල්ලුමට සරිලන සැපයුම තිබ්බේ නැති නිසා දකුණු ඉන්දීය කාම චිත්‍රපට වල ලංකාවේ පෙනුමට සමාන නිලියන් ඉන්නවනම් ඒකට සිංහල කෙල්ලෙක්ගෙ නමක් දාල පසුබිම් ශබ්ද අයින් කරලා සිංහල සින්දුවක් දාලා එව්වා.මේකත් නිකන් ඒ වගේ."

      එහෙම කිව්වේ ගොඩ දෙනෙක් ඒවා ලංකාවේ එකක් කියල හිතලා නරඹපු නිසා සහ තැන තැන ඒක ගැන කියවන නිසා.අඩෝ මම පට්ට සිංහල එකක් බැලුවා.ඒකයි මම කියන්නේ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව ඇත්ත දේවල්ම දෙන එක අපෙ යුතුකම සහ වගකීම කියලා.කොටින්ම කියනවනම් වතුර ඉල්ලුවා කියන ලේබලේ ගහල අර අහිංසකයාගේ මිනිය විකුණනවට කැමති නෑ.මොකද එය ඒ අරගලයට අදාළ කෙනෙක් නොවන නිසා.පහල Black Pumaගේ කොමෙන්ට් එකම මෙතනත් ආයෙම දාන්නම්.අපි හැම වෙලාවෙම ලබා ගන්න දැනුමට සාපේක්ෂව තමයි මේක නිගමන වලට එන්නේ. අපිට ලැබෙන දැනුම වැරදි නම් අපි අපි ගන්න නිගමනත් වැරදියි තමා.

      මට මේ දේට උත්තර දෙන්න මේ චායාරුපයේ ඉන්න පොලිස්නිලදරුවා සුදු හමක් ඇත්තෙක් වෙලා දරුවා කළු හමක් ඇත්තෙක් උනා නම්.මෙන්න රතුපස්වල මිනිස්සුන්ට පොලිසියෙන් ගහපු හැටි කියල දානවද?.මෙතන ඇත්තටම වෙන්නේ පෙනුමේ තියන සමානත්වය උපයෝගී කරගෙන මිනිස්සුන්ව රැවටීමක් නෙවෙයිද?

      Delete
    4. මානවක,
      මට අවශ්ය වුනේ ඔබේ ලිපියේ හරි වැරදි පෙන්වීමට නොවෙයි.මෙවැනි ලිපි ඔබ අතින් ලියැවෙන හේතුව පෙන්වාදීමටයි.එය ඔබ නොදැනුවත්වම එම වැකියේ ලියැවී තිබෙනවා.(දැනුවත්ව ෆේස් බුක් එක තුල සෙව්වොත් මෙවැනි අවස්තා සිය ගනනක් සොයා ගැනීමට පුලුවන්.වරක් බී බී සී එකෙන් එල් ටී ටී ඊ කියලා මුජහඩීන් ගරිල්ලන් පෙන්නුවා) ඔබට ඇත්තටම අවශ්ය වුනේ හරි වැරැද්ද පෙන්වා දෙන්නට නම් ඔබ ඉහත වැකිය ලියන්නේ නැහැ. රතුපස්වල ගැන ඔබේ ලිපිය ගැන කියනවානම්,
      වගකීමක් ඇති පුරවැසියකු රතුපස්වල සිද්දිය ගැන කතා කරනවා නම් ප්රයදාන කරුනු 2ක් සැලකිය යුතුමයි
      1.වතුර යනු මූලික මිනිස් අව්ශ්යතාවයක් බව
      2.කිසිම අවස්තාවක අවි රහිත මනුශ්යකු මැරීමට නොහැකි බව
      තමා අවට අයකු ඔහුට මූලික අවශ්යතා නැතැයි බොරුවට හරි කියනවානම් ඔහුට ඇති වන්නේ ලජ්ජාවක් පමනයි.එවැනි අව්ස්තාවක කල හැකි වන්නේ ඔහුට සහය දීම හො නිශ්ශබ්දව සිටීම පමනයි.එන සතියේ කලානම් හරි,බොරුවක්,පාර වහන එක වැරදියි කීම වැනි දේ පුරවැසියකු කරන්නේ නැත.
      වැඩි පඩි ඉල්ලා කරන අරගලයකත් මූලික මිනිස් අවශ්යතා ඉල්ලා කරන අරගලයකත් ඇති විශාල වෙනස ගැන ඔබට කිසිම අදහසක් නැති බව ද පෙනේ

      Delete
    5. //ඒ වතුල ඉල්ලන සාදාරණ අරගලේ ලේබලේ අලවලා වැරදි තැනක වැරදි වෙලාවක කරපු අසාදාරන අරගලයක් නිසා.රතුපස්වල මිනිස්සු මොනවද ලබා ගත්තේ.තියන ටිකත් නැති කර ගත්ත මිසක්.//

      ඔබ කියන විධිහට ඒ අරගලයට (නොව උද්ඝෝෂණයට) "හරි තැන කොහේද? හරි වෙලාව කුමක්ද?

      ඒ මිනිස්සු මොකවත් දිනා ගෙන නැහැ කියන්නෙ, ඒවා දියියුතු බලධාරීන් තමුන් අමනයින් බව තවදුරටත් ඔප්පු කරමින් සිටින බවයි.

      Delete
  6. අපි හැම වෙලාවෙම ලබා ගන්න දැනුමට සාපේක්ෂව තමයි මේක නිගමන වලට එන්නේ. අපිට ලැබෙන දැනුම වැරදි නම් අපි අපි ගන්න නිගමනත් වැරදියි තමා

    ReplyDelete
  7. පව් අහින්සකයා මොනවා උනත්...............

    ගොඩක් වෙලාවට වෙන්නේ බොරුව උලුප්පන එක තමයි ඉතින්

    ReplyDelete
  8. (සෑහෙන කාලෙකින් බලොග් එකක් කියවන්න හරි ලැබුනෙ.)
    ඇත්ත මොක්ද බොරුව මොකක්ද කියල බේරුමක් කරගන්න බැරි තත්වෙකට පත්වෙලා තියෙන්නෙ. ලංකාවම මාධ්‍ය කැම්පෙන් එකක් උඩ දුවන්නෙ. වත්මන් පාලකයන් පාලනයට ගෙන ඒමේ සිට සියල්ල මාධ්‍ය කැම්පේන් එකක්. මාධ්‍ය සධාචාරයක් තියෙන්න ඕන. මෑත කාලීන වෙන්න වෙන්න මාධ්‍යකත තියෙන බලය සෑහෙන්න ප්‍රෙයෝජනයට ගන්න බව පේනව. බලය ලබා ගැනීමට අවශ්‍යය මූලික සාධකයක් දක්වා මාධ්‍යය පත්වෙලා. සනුහරේටම මාධ්‍ය ආයතන තියෙන තරමට පැවැත්ම වැඩි ත්තවෙට අද පත්වෙලා. මානවක කිව්ව කතාව ඇත්ත අවිත්තාවට විතරක් නෙවෙයි බෙහෝ තැන් වලට පච වාහිනි පමණයි. මට දැනෙන්නෙ දැන් තියෙන්නෙ දේශපාලනයකට වඩා මාධ්‍ය කැම්පේන් එකක්. ඇත්ත මතය පැතිරීමම මුලින්ම බිදින එකයි අද ක්‍රෙම් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  9. ෆේස්බුක් එකේඩිත් අපි කතා උනා බන් . .

    මම නම් දැක්ක ගමන් තේරුම් ගත්තා මේ අපේ රටේ පින්තූරයක් නෙමෙයි කවියට ගැලපෙන්න නෙට් එකෙන් හොයලා දාපු එකක් කියලා.

    අපේ රටේ පොලිස් කාරයින්ව ආමි කාරයින්ව නොදැකපු උන් ඉන්නවද බන්?

    එහෙව් එකේ දැකපු උන් දන්නවා නිල්පාට යුනිෆොර්ම් තියෙන ආමි පොලිස් කාරයෝ අපිට නෑ කියලා.

    නිල්පාට යුනිෆොර්ම් තියෙන්නේ සික්කන්ට . .

    උන් යකෝ වෙඩි තියන්න නෙමේ රතිඥ්ඥ සද්දයක් ඇහුනත් නැට්ට පුකේ ගහගෙන දුවන සෙට් එකක් . . හිකිස්

    ReplyDelete

හිතුනේ මොනවද?