බුකියේ මං

11 අවසන් සටහන | last post

දුෂණය කර 
මරාදමමි 
අවංක කම...
සඟවමි මිහිදන් 
කොට 
හිතේ පතුලේම...

ඇනගනිමි සැතකින් 
හදවතට 

නැගිටිනු රිසින් 
නැවත මරණයෙන් 
ආත්මයක් රහිත 
අමනුස්සයෙක් ලෙස 

මම................

කවියාගේ මළගමට පෙර ලියන ලද්දකි. 
Comments
11 Comments

11 comments:

  1. කමක් නැ
    මරාපං මා
    වලලපං ඉතින්
    හදවත පතුලේ

    ඕන වෙන දවසක
    ආයෙත් උලුප්පන්ට
    පහසුයි උඹට
    හදවත පතුලෙන්

    ReplyDelete
  2. මේ දවස් වල කාලගුණය අවුල්.

    ReplyDelete
  3. අනුන්ගේ වංක කම එක්ක තමන්ගේ අවංක කමට සටන් කරන්න බරි නම් ඒක දූෂණය කර මරා දැමීඅම් නෙමෙයි කල යුත්තේ අවංක කමට තැනක් එන දවස වෙනකම් ඉවසා සිටීම.

    ReplyDelete
  4. මිල මුදල් එක්ක අවංක කම දැන් කාලේ එකට පෑහෙන්නෙ නෑ. මිල මුදල් අබියස මිනිස්සු අමනුස්සයෝ වගේ..

    ReplyDelete
  5. මරාපං..
    නැති කරාපං...
    දුෂණය කරපං..
    හැබැයි බලහත්කාරකම් නොකර රැක ගනිං අවංකකම.

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  6. මමත් ඕක කරන්න දැන් කීප සැරයක් උත්සහ කලා. හැම සැරේම මැරිල කියල හිතං හිටපු එකා දවස් කීපෙකට සිහි නැතිවෙලා විතරයි. කරුණාව, අනුකම්පාව කියන පිණි බිංදු කීපෙකින් ආයෙත් පණ ගහල එනවා. අවංකයා මරන්න උඹට බැහැ. නිකං බොරු වැඩ නොකර හිටහං.

    ඌ මැරුවහම උඹ හිතුවට දින්නා කියල, අන්තිමට කාලෙකින් පස්ස හැරිලා බැලුවහම උඹ පරාදයි.

    ReplyDelete
  7. ඉවරයක්.....
    නෑ
    පටන්ගැන්මක්....

    ReplyDelete
  8. එතකොට අමනුසයන් අතරට තවත් අමනුස්සයෙක් එකතුවීමක් විතරයි නේද වෙන්නේ

    ReplyDelete
  9. එතකොට මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑ බන්.

    ReplyDelete
  10. අයිටී එං එකේ විමසුම ලියන එකාත් දවසක ඔය කයියම කියයි.

    ReplyDelete
  11. ආත්මයක් නැති
    අමනුස්සයෙක් වෙසින්
    නැගිට ඇති පල කිමද
    ඇනගන්න එකක්
    නැවත නොනැගිටින්නම
    ඇනගෙන
    යන්න යනවා මිස
    සදහටම ..
    මනුස්සයෙක් ලෙසටම ..

    ReplyDelete

හිතුනේ මොනවද?