බුකියේ මං

37 දුෂ්ටයා හමුදාව විතරද? | The battle for water

සැබෑ ජන අරගලයක් යනු කුමක්දැයි? මා සෑම විටම කල්පනා කල මාතෘකාවකි.අද දින වන වන විට වැලිවේරියේ සිද්ධිය ජන අරගලයක් ලෙස ලේබල අලවා එයට වෙනම අර්ථකතනයක් දී ඇතුවාක් මෙන් මාද ඉහත සිද්දියට වෙනම අර්ථකතනයක් දීමට තැත් කිරීමක් ලෙස මෙම ලිපිය හදුන්වමි.

රතු පස්වල සිද්ධිය සැබෑ ජන අරගලයක්දැයි මදකට විමසා බලමු.ඇත්තෙන්ම එහි ආරම්භයද සියලුම සැබෑ ජන අරගල යක් මෙන්ම සාධාරණ හේතුවක් මත ඇතිවූ බව සිතා ගැනීමට ඉතා පහසුය.යම් කර්මාන්ත ශාලාවක් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ ඉතා වටිනා මානව අයිතිවාසිකමක්‌ උල්ලංඝනය වේ.ඔවුන් රැල්ලක් ලෙස නැගී සිටින්නේ ඔවුන්ගේ සාමකාමී ඉල්ලීම් වලට කන නොදුන් තැනයි.මධ්‍යස්ත මතධාරියෙක් ලෙස ඔවුන්ගේ නැගීසිටීම අධි සදරනීකරණය කරන්නේ එබැවිනි.ඔවුන් ඔවුන්ගේ සටන තරමකට ජයග්‍රහණය කරන ලදී.වගකිවයුතු අංශ වල අවධානය ඔවුන්ට යොමු වීම සහ අනිත් මිනිසුන්ගේ සහ යෝගය ලැබීම, එකම අරමුණක් වෙනුවෙන් කැපවුන ජන පදනමක් නිර්මාණය වීම  තරමක ජයග්‍රහණයක්‌ නොව සුවිසල් ජයග්‍රහණයක්‌ ලෙස දැක්විය හැක.  

එහෙත් ඔවුන්ගේ සටන ඔවුන් මුහුණ දුන් අසාදාරණය වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වූ කල ඔවුන්ගේ හැසිරීම සාදාරණයැයි කිව හැකිද?.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින විට,කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන බවට පොරොන්දුවක් දී තිබියදීත්,භූගත ජලයේ ඇති අධි ආම්ලික තාවයට වග කිවයුත්තේ කර්මාන්ත ශාලාවෙන් පිටවන අපිරිසිදු ජලය යැයි විද්‍යාත්මක පරීක්ෂණයකින් විමසා බලා එකී වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොවී තිබියදීත් වග කිව යුත්තන් ඔවුනට  සාදරනයක් ඉටුකරන බවට ප්‍රසිද්ධ සහ ලිඛිත පොරොන්දු දී තිබියදීත්  ඔවුන් අත්තනෝමතිකව පාවිච්චි කරන්නේ ඔවුන් සැබෑ අරගලයෙන් දිනාගත් නිදහස නොවේද?.එවිට එය සාදාරණ ජන අරගලයක් ලෙස අර්ථ දැක්විය හැකිද?.

පුද්ගලයකු සටන් කරන්නේ යම්කිසි අරමුණක් ඉටු කර ගැනීම සඳහාය.සටන මෙහෙයවන්නන් වැඩි වූ කල සටනට අදාළ වන අරමුණුද කිහිපයක් වීමද සාදාරනීකරණය කල හැකි තත්වයකි.රතුපස්වල මිනිසුන්ගේ සැබෑ අරමුණ කුමක්දැයි මා හට දැනටත් ඇති ගැටලුවකි.යම්කිසි විදියකින් ඔවුන් බලා පොරොත්තු වුයේ භූගත ජලය ආම්ලික වීමට හේතු වී යැයි සැලකෙන (තවම ඔප්පු කර නැති නිසා ) කර්මාන්ත ශාලාව වසා දමා භූගත ජලය පිරිසිදු කර ගැනීමද?එසේත් නැතිනම්  විනාශ වී ඇති ඔවුන්ගේ භූගත ජලය ප්‍රභව වෙනුවට රජයෙන් ඔවුනට වෙනත් ක්‍රම මගින් ජලය ලබා ගැනීමද.මා දැක්වූ අරමුණු දෙකම එකිනෙකට පරස්පර සහ කෙටිකාලින විසදුම් ලබාදිය නොහැකි ඒවා ලෙස සැලකිය හැක.මක්නිසාදයත් අවට ප්‍රදේශයේ භූගත ජලයට සිදු වූ හානිය යතාතත්වයට පත කිරීමට විශාල කාලයක් ගතවන බව විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත.බොහෝවිට එය පරම්පරා කීපයකට සිදු නොවිය හැක.තවද ඔවුනට විකල්ප ජල ප්‍රභව ලෙස නල ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමද දිනකින් දෙකකින් සම්පුර්ණ කිරීමද ප්‍රායෝගිකව කල නොහැකි කාර්යයකි.පාලනාධිකාරියට දිය හැකි ඉක්මන්ම විසඳුම නම් දැනටමත් ඔවුන් විසින් පවත්වාගෙන යන පිටතින් ජලය ගෙනගොස් බෙදාහැරීමේ ප්‍රමාණය ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන පරිදි වැඩි කිරීමය.එසේනම් ජනතාව ක්ෂණික විසදුම් ඉල්ලා අසාධාරණ ලෙස මාර්ගය හරස් කිරීමත් තමන්ට පිරිසිදු ජල පරිභෝජනය කිරීමේ අයිතිය නැති කල අයට දඩුවම් ලබාදී තමන්ට සාධාරණය ලබා දෙන්නයි ඉල්ලීම එකම අරගලය ලෙස අර්ථ දැක්විය හැකිද?

වර්තමානයේ ලාංකීය ජනතාව තුල අරගල වලදී භාවිතා කරන අලුත්ම විලාසිතාවකි.එනම් මාර්ගය හරස් කිරීමයි.ඇත්තෙන්ම එය සාර්ථක ක්‍රමයකි.සාදාරණ ජන අරගලයකට මාර්ගය හරස්කිරීම යනු සිතු පැතූ දේ දෙන කප්රුකක් වැනිය.එහෙත් රතුපස්වල ජනතාව නව නුවර මාර්ගය හරස් කිරීම සාධාරණද?.මදක් සිතන්න ඔවුන් අහිමි කරනු ලැබූ මානව අයිතිවාසි කමක් ලබා ගැනීම වෙනුවෙන් අහිමි කරන්නේ තවත් පිරිසකගේ මානව අයිති වාසිකමක් නොවේද?.අනාරක්ෂිතව සිටින තම දරුවා වෙත යන මවක හෝ පියෙකු , තම පෙම්වතිය මුණ ගැසීමට යන පෙම්වතකු.අසාධ්‍ය රෝගියෙකු එසේත් නැතහොත් පමාව නිසා තම ජීවිතයේ වටිනාම අවස්තාවක් අහිමි කර ගත් මිනිසෙකු හෝ ගැහැනියක , පමා කරනු ලැබූ පිරිසට අයත් නොවී යැයි පැවසිය හැක්කේ කාහටද?.මහමග ගමන කරන්නන් පමා කිරීමට රතුපස්වල ජනතාවට සදාචාරාත්මක අයිතියක් තිබේද?

නැවතත් අවධාරණය කරමි වැලිවේරිය සිදු වීම යනු අන්තවාදී ජන කොට්ටාශයක වල්බූරු නිදහස නිරුපණය කිරීමක් මිස කිසිසේත්ම සැබෑ ජන අරගලයක් නොවේ.

හැම දේටම කාලයක් තියනවා.කාලේට කලින් කරත් අසාර්ථකයි කාලේට පස්සේ කරත් අසාර්ථකයි.මේක තව සතියකින් කරානම් මීට වැඩිය සාර්ථකව සහ ශක්තිමත්ව කරන්න තිබුනා නේද?.විසඳුමක් දෙනවා කියලා තියෙද්දිත් විසදුම දෙනවා කිව්වා කාල සීමාව ඉක්මෙන්නට කලින් උපවාස කොච්චර සදාරණද.(පසුව එකතු කරන ලදී)

ලිපියේ මාතෘකාවට අදාලව යමක් ලිවීමට මෙය අවස්තාව කර ගනිමි.වැලිවේරිය සිද්ධිය පිලිබඳ රුපවාහිනි පුවත් මගින් දැනගත් විගස මා සිතට පැමිණි අදහස වුයේ "පාර හරස් කරන් අනිත් උන්ට කරදර කරන වේසිගෙ පුතාලට පොලිසියෙන් පැනලා ගහන්නේ නැහැනේ අම්මප" කියාය.රතුපස්වල අරගලකරුවන් නීතිවිරෝධී ක්‍රියාවක නිරත වේ.ඔවුනට දඩුවම් කල යුතුය.එහෙත් එය කිසිවිටකත් මරණ දඩුවම හෝ වෙඩි පහර කා තුවාල වීම නම් නොවේ.පහරක් කා තුවාල වීම පොලීසිය අතින් මිස යුධ හමුදාව අතින් නම් නොවේ.හදිසි නීතිය ක්‍රියාත්මක නොවන රටක කැරලි මර්ධනයට යුධ හමුදාව යොදා ගැනීම කෙතරම නීතිවිරෝධී සහ සදාචාරවිරෝධි දැයි ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැත.සිවිල් රාජකාරි ඉටුකීරිම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යනුවෙන් නම් කරන ලද ආයතනයක් ශ්‍රී ලංකා රජයේ පාලනයට අවනත අතර සියලුම සිවිල් කටයුතු වලට මැදිහත් වීම සඳහා ඔවුන්ට ව්‍යවස්ථාවෙන් අවසර ලබා ඇත.කැරලි මර්ධනය සඳහා යුධ හමුදාව කැඳවීම ලාංකීය පොදුජන හදවතෙහි(සුළු ධනේශ්වර අවස්ථාවාදීන්ගේ නොවේ) යටපත් උන එහෙත් සුවපත් නොවුන තුවාලයක් නැවත පෑරීමක්‌ බඳුය.මාර්ගය හරස් කල වරදට ඔවුන්ට උරුම දඬුවම මරණය නම් පාලන තන්ත්‍රයේ  ගරු කටයුතු යැයි කියා ගන්නා බොහොමයකට දියයුතු මරණයට එහා දඬුවමක් සිතා ගත නොහැකි වීම කනගාටුවට කරුණකි.




ලිපිය අවසන් කිරීම සඳහා නන්දා මාලිනියගේ "පවන" ගීත සමුච්චයේ එන රණ දෙරණේ ගිනි අවි ගත් ගීතය උපුටා දක්වමි.මා වචන සහසකින් පැවසිය යුතු දේ එහි පද කීපයකින් ඔබට පසක් වනු ඇත. 

රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබළුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය ...
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව ...

ඉලක්කයට නතු වන විට රුදු මරණයෙ ඉරණම් කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට හිමි මරණ ගනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පළදින තරු

මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලක කට අද දින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් ජනන් මරතොත් නුඹ සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය ...       



Comments
37 Comments

37 comments:

  1. හ්ම්.... රටකට ගිය කල.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්............... :/

      Delete
  2. නීතිය බල්ලට ගිය රටක තවත් මොන කතාද

    ReplyDelete
    Replies
    1. නීතිය බල්ලට ගියා නම් ඒකත් එකක්, බල්ලා හොරෙක් දැක්කම අඩුම තරමේ බුරනවා

      Delete
  3. මචන් උබ කරල තියෙන්නේ එක ප්‍රශ්නයක් දිහා බලල ඒකට අදාළ වටේ හේතුසාදක කිරල මැනල උබම කියන ක්‍රමේකට මේ ප්‍රශ්නේ සාදාරනීකරය කිරීමක් . හැම ප්‍රශ්නෙටම මොලෙන් කිරල උත්තර දීල හරි යන්නැහැ බන්. මිනිස්සු විදියට අපිට පපුවෙන් හදවතින් උත්තර හොයන්න ඕනේ ප්‍රශ්න තියනව. උබට නොපෙනිච්ච ලොකු ප්‍රශ්නයක් මිනිස්සු අරගල කරන්න පාරට බැසීමේ තියනව .මේ රටින් පිට වෙලා වෙන රටක ඉඳං ලංකාවේ දේවල් ගැන සංසන්දනාත්මකව බලද්දී රටේම ඉඳං බලනවට වැඩ වෙනස් විදියට ඒ ප්‍රශ්න පෙන්න ගන්නව. ඒ කියන්නෙ දූපත් මානසිකත්වෙන් මිදිලා රට බලලන්න පුළුවන් වෙනව. මේ රටවල ප්‍රශ්න විසඳන්න ආණ්ඩු වැඩ කරන විදිය දැක්කම පුදුම හිතෙනව.
    මෙහෙ ඔහොම ප්‍රශ්නයක් උනා මම මෙල්බර්න් ඉද්දි. කම්හලකින් එන දුම නිසා ස්වසන ආභාද එනවා කියල මිනිස්සු පාරට බැස්ස. එවෙලේම එතනට රටේ අගමැති ඇවිල්ල මුළු ගමම සති ගානකට එතනින් ඉවත් කරලා ප්‍රශ්නෙ විසඳුවා සති කීපයකින්.
    රටක ආණ්ඩුවකට පොදු ප්‍රශ්නයකදී මේ ක්‍රියා කරන විදිය දුර්වල මෝඩ පාලකයෙක් ඉන්න ආණ්ඩුවක අදක්ෂ විසඳුම් දීමක්. කටුනායක ප්රෝටෙස්ට් එකක් කළා.. එකේ කොල්ලෙක් මැරුව. මීගමුවේ ප්රෝට්ස්ට් එකක් කළා .. එකේ කොල්ලෙක් මැරුව. වැලිවේරියේ ප්රෝටෙස්ට් එකක් කළා,. එකේ කොල්ලෝ දෙන්නෙක් මැරුව,. රජය මේ කරන්නෙ සමාජයේ තරුණයා කියන එකාව ආණ්ඩුවට විරුද්ද උනොත් කතා කලොත් අරගල කරොත් උබලව මරනව කියන ලේසිම ක්‍රමේට ප්‍රශ්න විසඳීමක් . අත් බැඳලා කට මහල වෙඩි තියල ආණ්ඩුව කරන මේ තුප්පහි ප්‍රශ්න විසඳීම ගැන කතා කරනව වෙනුවට උබ මේ පොස්ට් එක දාල කරලා තියෙන්නෙ ඇන්ඩ කියනව වගේ පොඩි ගරිල්ලා මාකටින් එකක් .. පවත්නා ප්‍රශ්නෙ හිල් වලින් උබේ බ්ලොග් ඒකට එළියක්‌ ලබා ගැනීම. මට නං මේ සීන් ඒකට.. කාගේ උනත් අහිසකයක කොල්ලෙක්ව මරපු ඒකට තියෙන්නෙ පුදුම තරහක් . මේක දැක්කම උබත් එක්කත් මල පැන්න ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. මචන් උගුවෝ

      "එවෙලේම එතනට රටේ අගමැති ඇවිල්ල මුළු ගමම සති ගානකට එතනින් ඉවත් කරලා ප්‍රශ්නෙ විසඳුවා සති කීපයකින්"

      ඔන්න ඔතන ගැන තමයි මම කතා කරන්නේ..මම කිව්වේ වත කොහෙවත් කියලවත් නෑ වතුර වෙනුවෙන කරපු සටන අසාධාරණයි කියලා.ප්‍රශ්නේ තියෙන්නේ මේ වැලිවේරියේ පාර හරස් කරපු එක රතුපස්වල ජනතාවගේ සැබෑ අරගලයට එහා ගිහිපු උන්මාදයක් තිබුන හින්දා.මෙතන උනේ මේ මිනිස්සු වෙනස්ම විදියකට සටන් කරා.මහජන අවධානය ,පාලකයන්ගේ අවධානය ගත්තා.දැනටම අධිකරණයේ නඩුවක් තියනවා.රජය කියනවා නල ජල ව්‍යාපෘතියක් ලබා දෙන්නම් කියලා.ෆැක්ටරිය තාවකාලිකව වැහුවා.ප්‍රශ්න වලට විසදුම් දෙන්න කාලයක් යනවා අඩුම තරමේ සතියකින් ප්‍රධාන සාකච්චාවට පස්සේ සතියකින් මේ පිස්සුව තිබ්බා නම් මේක සාදාරන වෙන්න තිබුනා.මෙතන උනේ හේතුවක් නැතුව බලය පෙන්නපු එක.හිතපන් උඹම කියන විදියට මෙල්බර්න් වල ප්‍රශ්නේ සති කීපයකින් විසදුවා නම් ලංකාවේ ඒක ඒක දවසින් විසදන්න ඕනද?

      මම මේ අහිංසකයෝ දෙන්නා මැරිච්ච ඒක සාදාරනී කරණය නොකරනවා වගේම හමුදාව සදරනී කරණය කරන්නෙත් නෑ මම කියන්නේ මේ මිනිස්සු පිස්සුවෙන් වගේ පාර හරස් කරපු ඒක වැරදියි.එතන වතුර පිලිබඳ අරගලය නෙවෙයි තිබුනේ.උන්මත්තකයන් පිරිසක් ප්‍රජාතන්ත්‍ර වාදය වල් බූරු විදියට පාවිච්චි කිරීමක්.

      මේක මධ්‍යස්ථ ලිපියක් අනිත් එක ඔක්කොම කාරණා බැලුවම "කටුනායක ප්රෝටෙස්ට් එකක් කළා.. එකේ කොල්ලෙක් මැරුව. මීගමුවේ ප්රෝට්ස්ට් එකක් කළා .. එකේ කොල්ලෙක් මැරුව. " ඒවා සැබෑ අරගල.මේක නිකන් පිස්සුවක්.මොකුත් ඕනේ නෑ මම මතු කරන කරුණු වැරදි නම් ඒ වරදී තැන කියන්න.

      Delete
    2. මේ මචං අහිංසක පොදු ජනතාව පාර හරස් කරන එක වැරදි.. එතකොට නයිට් රේස් තියන්න පාරවල් වාහන එකට උබ මොකෝ කියන්නේ?? එකත් සාදාරණිය කරපංකෝ!!! අනික මචෝ සති තුනක් ඔයවගේ ග්‍රවුන්ඩ් එකක කැම්ප් ගහන් හිටියම උන් හම්බකරන්නේ කොහොමද?? පොඩ්ඩක් ඒවා ගැනත් හිතපන්කෝ.. අනික මම පිටරට පාරට බහින හැමෝටම මෙහෙමද සැලකුවේ?? මචං වතුර ඉල්ලා පාරට බහින මිනිස්සුන්ට පිස්සු නම්.... ???? කවර කථාදනේ???
      යුක්ති
      අ.පේලිය

      Delete
    3. පාර වහනවා කියලා කලින් දැනුම් දීලා නයිට් රේස් යන එකෙයි.ඇමති කෙනෙක්ට පෙළපාලියක් තියන්න පැය දෙකකට පාර වහන එකෙයි..පෙරහරකට කලින් දැනුම් දීලා පාර වහන එකෙයි.කලින් මොකුත් නොකියා උදේ ඉඳං හවස් වෙනකන් පාර වහන එකෙයි සමානත්වයක් පේනවනම් ඉතින් මට ඊට එහා කතා කරන්න දෙයක් නෑ.

      උඹ කියන විදියට අසරණ මිනිස්සු (ඔවුන් ඇත්තෙන්ම අසරණයි,අසාදාරණයට ලක් වෙලා) තමන්ගේ අයිති වාසිකම් දිනා ගන්න මහමග අතරමං කරපු,රස්තියාදු කරපු මිනිස්සු අසරණ නැද්ද?.ඇමතිලට යන්න පාර වහන නිසා මේක සාදාරනයි කියන ඒක මහා බොළඳ තර්කයක්.

      Delete
  4. Ow. Lankaawe aluthma udgoshana trend eka wela thiyanne Rail paarawal, maha paarawal haras karagena karana udgoshana. Ewata saadaarana hethu athi eth ehemayi kiyala thawa keepa daahakage ayithiwaasikam (samaharawita jeewath weemata athi ayithiya wennath puluwan.) kadana eka yuthuda?? Methana thamayi mata thiyana gataluwa.

    ReplyDelete
    Replies
    1. ඒක පිලි ගන්නවා...පාර හරස් කකරන ඒක මහා වදයක්...රජයට රිද්දන්න තමන් වගේ අහිංසක මිනිස්සුන්ට රිද්දන්න හොද නෑ...මෙතන ගැටලුව තියෙන්නේ පාර හරස් කරන එකම නෙවෙයි...ඔවුන්ට විසදුමක් සදහා කාලය ඉල්ලා සිටියදීත් ඔවුන් උද්ගෝෂණය කරන එකයි වැරැද්ද...

      Delete
  5. brother if u carefully read the news u can realize that the court case is a hoax , the judge has said that he can not issue an order to temp shut the factory as the case has not been filed by the police properly ( asp they it has to be put under some 98 thingy) and when u can see the government is trying to cover up the issue what else can they do, im also very much against closing down the roads as i myself has gone thru shit when JVP guys closed down fort few times. with out knowing wat is there we cant make any judgement ,please open ur eyes

    ReplyDelete
    Replies
    1. every event has a cause and unique time period.before or after from that time section,event may be failure.

      Delete
  6. බොහෝ කාලයක සිට රජරට මිනිස්සු මේ පානිය ජල ගැටලුව සම්බන්ධයෙන් මුහුණ දි සිටින ප්‍රශ්ණයක්. ඒත් ඔවුන්ගේ අරගලය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.කිසිවෙක් ලණන් ගන්නේ නෑ. අනුරාධපුරය පදවිය, හොරොව්පතාන වැනි රෝහල් වකුගඩු රෝගීන්ගෙන් පිරිලා. ඇහැක් ඇර බලන්න කවුරුත් නෑ

    අනුරාධපුරෙන් බස්නාහිරට ඒ ප්‍රශ්නෙම මෙහෙම එන කොට මෙවන් දෙයක් ඔවුන් බලා පොරොත්තු වුනේ නෑ.තමන් කිරිපොවා ඇතිදැඩිකළ ආණ්ඩුව මේ විදියට උත්තරදෙයි කියල ඔවුන් හීනෙන්වත් හිතුවෙනෑ. ඒක තමයි ආ‍ශ්චර්ය.

    අනික් එක තමයි පාරවල් අවහිර කරලා පිටකොටුවේ ස්ටේෂම ඉස්සරහ ආණ්ඩුවෙන් සංවිධානය කරන උද්ගෝෂණ ජනතාවට අවහිරයක් වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට ඒක තමයි ඊළඟ ආශ්චර්ය

    ReplyDelete
    Replies
    1. "අනික් එක තමයි පාරවල් අවහිර කරලා පිටකොටුවේ ස්ටේෂම ඉස්සරහ ආණ්ඩුවෙන් සංවිධානය කරන උද්ගෝෂණ ජනතාවට අවහිරයක් වෙලා නැතුව ඇති මෙච්චර කාලෙකට ඒක තමයි ඊළඟ ආශ්චර්ය"

      ඒ ටිකට ඇරෙන්න අනිත් ටිකට 100% එකඟයි.ඒ ටිකටත් යම තරමකට එකඟයි.හැම දේටම කාලයක් තියනවා.කාලේට කලින් කරත් අසාර්ථකයි කාලේට පස්සේ කරත් අසාර්ථකයි.මේක තව සතියකින් කරානම් මීට වැඩිය සාර්ථකව සහ ශක්තිමත්ව කරන්න තිබුනා නේද?.විසඳුමක් දෙනවා කියලා තියෙද්දිත් විසදුම දෙනවා කිව්වා කාල සීමාව ඉක්මෙන්නට කලින් උපවාස කොච්චර සදාරණද.

      ඔතන උනේ..මොකවත් නෙවෙයි..මුලින්ම අරගල කරා පොලීසිය ආවා...පොලීසිය නැවුනා...ෆැක්ටරිය වට කරා...මර්වියා ආවා...පොරත් නැවුනා...එතකොට කට්ටියට ආතල් උනා...දැන් හරි අපිට ඔක්කොම බයයි.හෙට පාර හරස් කරාම බෙල්ලේ රතු රෙද්දක් දාගෙන ඉන්න මහා එකත් ඒවි..ඌත් අපිට නැවේවි කියලා..කට්ටිය බලයෙන් උදං උනා..තමන්ගේ අරගලයේ මුලික පරමාර්ථය අමතක උනා..එච්චරයි..පව් මැරුණේ කොහෙවත් ඉන්න අහිංසක පොඩි එකෙක්...




      Delete
  7. lol ooi.thamuse nam awassthaawadhie chater blogger kenek.eththa quwata samaweyan kollo.

    ReplyDelete
    Replies
    1. මේකයි මහත්තයෝ සීන් එක...මම අවස්ථාවාදී වෙන්නේ නෑ නේද රතුපස්වල මින්ස්සු 100% හරි කියලා හමුදාවට බැන්න නම්.

      මම කතා කරන්නේ මේක මීගමුවේ සිද්ධියටවත් කටුනායක සිද්ධියටවත් සමාන කරන්න බැරි විකාරයක් නිසා.රජයේ ඉන්න සක්කිලි තමන්ගේ හෙළුව වහ ගන්න හමුදාව දාලා වෙඩි තිව්ව එක අසාදාරණයි.ඒක යටාර්ථය.මෙතන තියන ප්‍රශ්නේ මිනිස්සු ඊයේ පාර හරස් කරපු එක සාදරණද කියන එක...

      මැරිලා තියෙන්නේ පන්ති ගිහින් ආපු පොඩි එකෙක්.ප්‍රවුත්ති වල පෙන්නුවා වැඩියත්ම ගුටි කාල තියෙන්නේ පාර හරස් කිරීම නිසා ගමනාගමනය කර ගන්න බැරුව හිර වෙච්ච මිනිස්සු.මම දැක්කා මිය ගිය පොඩි එකාගේ ආච්චි කියනවා පල්ලියේ ෆාදර් ටත් ගැහුවා කියලා.ඔබ තුමා දැන් මට කියන්න සිද්දියට අදාළ නැති මිනිස්සු ටිකකට මරාලයක් ගෙනල්ල දාපු මේ අකාල අරගලේ සදාරණද?

      Delete
    2. Palliye father th okata sabmandayi ban, e yaka udgoshakayo 100 kata withara arakshawa dunna kiyanawane!!! Ane ban me, law eka hariyata thyena rataka nam company eke director board eka usawiyata gennanna one!

      Illeem dina ganna aragala nokara nam baha! Specially me wage ratawal wala!

      Delete
    3. Illeem dina ganna aragala nokara nam baha! Specially me wage ratawal wala!

      අනිවා.අරගල කරන්න ඕනේ..මම කියන්නේ හැම දේටම වෙලාවක් තියෙන්න ඕනේ කියලයි.ෆැක්ටරිය නිසා පසට වෙච්ච හානිය ඉක්මනට විසඳන්න බෑ.තියන ලොකුම ප්‍රශ්නේ තමයි වතුර නැති එක.ෆැක්ටරිය වැසීම සුලුවේලාවකට පැත්තකට දාලා මුලින්ම කරන්න ඕන බට ලයින් එකකින් හරි වතුර ගන්න හදන එක.අන්න කඩිනමින් නල ජලය දෙන්න හැදුවේ නැත්තන්..ෆැක්ටරිය වහන්න හැදුවේ නැත්තන්...එතැනදී වැලිවේරිය අරගලය තමයි එකම විසඳුම.රතුපස්වල මිනිස්සුන්ගේ වේදනාව ජාතික ප්‍රශ්නයක් වෙලා තිබුන වෙලාවක අනවශ්‍ය දෙයක් කරලා එකේ තිබුන වටිනාකම නැති කර ගත්තා කියලයි මම හිතන්නේ....

      Delete
  8. ado umba wage amana niwatayo thamai wadaapu amma naanakota horen balanne.

    ReplyDelete
    Replies
    1. දුකයි මහත්තයෝ...හිතන විදිය ගැන නම්...

      Delete
    2. අවංකව කණගාටුවෙනවා ඇනෝ කෙනෙක් විදියට ඇවිත් නිවට කතා කියනවට
      යුක්ති
      අ.පේලිය

      Delete
  9. Replies
    1. සිද්ධිය ගැනද නැත්තන් ලිපිය ගැනද?

      Delete
  10. මචං, මං මේ කියන්න යන දේවල් මමත් හරියටම දන්න දේවල් නොවේ, අහපු දේවල්.

    පොලීසිය අධිකරණයට වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයන් වෙලා තියෙනවා ලු. කර්මාන්ත ශාලාවත් අයිති ලංකාවෙ ලොකුම සල්ලිකාරයට වෙච්ච එකේ, පහුගිය ටිකේ "අධිකරණයෙ" නඩු ඇහිච්ච හැටිත් මිනිස්සු දැක්ක එකේ, අධිකරණය ගැන ඇයි මිනිස්සු විශ්වාස කරන්න ඕනේ?

    අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සු ඔය වෙනුවෙන් කෑ ගහල තියෙනවා. ඔය මුලු කාලයේදිම උඹ කියන විදියේ "පොරොන්දු" මේ මිනිස්සුන්ට ලැබිල තියෙනවා. ඉතිං ගිය සෙනසුරාද ලැබිච්ච පොරොන්දු ඊට වෙනස් වෙයි කියල මිනිස්සු හිතන්න ඕන ඇයි?

    ඔලුවට වෙඩි වැදිච්ච දුමින්ද සිල්වා ආපහු එන රඟ දැකපු මිනිස්සු, ෆැක්ටරිය හෙට ඇරෙන එකක් නැහැයි කියල ඇයි විස්වාස කරන්න ඕනේ?

    කියන්න ලේසියි මචං. ගෙදර ටැප් එකේ/ලි‍ඳේ වතුර පාවච්චි නොකර සතියක් ඉඳල පෙන්නපං ජන අරගලයකට ‍එ‍හා ගියපු "උන්මාදයක්" ඇති වෙනවද නැද්ද කියල බලන්න. මට නං එහෙම ඉන්න සිද්ධ වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව 100% ඇත්ත ඇනෝ.මම කියන්නේ අරගල කරන එක වැරදියි කියලා නෙවෙයි.වැලිවේරියේ අරගලය කරපු වෙලාව වැරදියි කියල විතරයි.

      මුල්ම දවසේ අරගලයෙන් පස්සේ ආණ්ඩුවේ අවධානය ප්‍රශ්නෙට යොමු උනා..ඊට පස්සේ ෆැක්ටරිය වට දැම්මම රටටම තේරුනා ආණ්ඩුවට කර ඇරලා ඉන්න බැරි තැනට ප්‍රස්නේ ඇවිල්ලා කියලා.ඔය වැලිවේරියේ පියවර ගන්න තිබුනේ අර අදාළ වාර්තාව ඇවිල්ලත් ෆැක්ටරිය ස්ථීරවම වැහුවේ නැත්තන්,ගම වල මිනිසුන්ට නල ජලය දෙන්න කානු හාරන්න පටන් ගත්තේ නැතුව හිටිය නම් පෙරිදා නෙවෙයි තව සතියකින් විතර...

      මට මේක කියපන් ලිප පත්තු කරලා,ලිපෙන් රස්නේ දැනෙනවා කෙතලේ රත්වෙනකන් ඉන්නවා මිසක් ඉක්මනට රත්වෙන්න කියලා ලිපට ලාම්පුතෙල් දාල වැඩක් තියේද?

      Delete
    2. මචං, මම උඩින් ඇනෝ කමෙන්ට් එක දාපු එකාම තමයි. AnonymousAugust 3, 2013 at 12:07 AM

      ගොඩක් අය විරුද්ධව අදහස් පළ කරලා තියෙනවා කමෙන්ට් වල. උඹ ඒවට දීපු උත්තර වල පොදු සාධකේ තමයි "ටයිමින් වැරදියි" කියන එක.

      මටත් උඹට කියන්න තියෙන්නේ එච්චරයි. උඹේ පෝස්ට් එකේ "ටයිමින් වැරදියි".

      මනුස්ස ජීවිතේ වටිනාකමක් නැති වීම, අත්තනෝමතික පාලනය, පශ්චාත් යුධ ආතතියෙන් පෙළෙන හමුදාවක් පුනරුත්ථාපනය කරන්න වැඩපිලිවෙලක් නැති වීම කියන දැවෙන ප්‍රශ්න අපි හමුවේ තියෙනවා.

      ඒ ප්‍රශ්න වල ඍජු ප්‍රතිපලයක් විදියට ඉස්කෝලෙ යන කොල්ලෙක් ඇතුලු කීප දෙනෙක් මැරිලා ති‍යනවා. බඩදරු අම්මලාට පොලු වලින් ගහලා තියෙනවා. වයසක මිනිස්සුන්ව කපා කොටා තියෙනවා‍.

      ඒ ම්ලේච්ඡත්වයෙන් හැමෝගෙම හිත කීරි ගැහිල තියෙද්දි, මිනිස්සු වරද්දගත්ත තැන ගැන බණ දෙසන්න මේ වෙලාව නෙවෙයි.

      "ටයිමින් වැරදියි"!

      Delete
    3. මම තාමත් කියනවා එතැනදී තිබ්බේ(වැලිවේරියේදී) තමන්ගේ පොලවට ,බොන වතුර උගුරට වෙච්ච හානිය ගැන හිතේ ඇතිවෙන සාදාරන ආවේගයට වැඩිය පිරිස් බලය නිසා ඇති උන උන්මාදයක් කියලා.ඒක ඒ වෙලාවේ නෙවෙයි වෙන්න තිබුනේ ..

      දැන් මම විතරක් නෙවෙයි අර උපවාස කරපු හාමුදුරු ගොයියත් කියන්නේ..

      * උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නෑ
      * කඩාකප්පල්කාරී පිරිසක් ගම්මුන් අතර ක්‍රියාත්මක වෙලා
      * පහර කෑ අයට නායකත්වය දුන්නේ කවුරුන්දැයි දන්නෙ නෑ
      * හමුදාව-පොලිසිය අප සමඟ සහයෝගයෙන් ක්‍රියා කළා

      එතකොට අර ඩලස් කියන හාදයා කියන්නේ

      "කඩවත සිට ජලය ලබාදෙන්න නළ එළීම පටන් ගෙන තියෙනවා. එම නිසා මීට වඩා අවබෝධයෙන් ක්‍රියාකරන්න කියා සියළුම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා." කියලා..

      තව ප්‍රවෘත්ති දෙනවා

      රතුපස්වල ජල ප්‍රශ්නය ඉවරයි
      අමතර බවුසර් 6කින් ජල ටැංකි 300කින් ජනතාවට ජලය

      මම අනතුරු අඟවපු විදියටම හැම දේම සිද්ධ වෙනවා.පාලනේ ඉන්න කාලකන්නි හැත්ත දැන් ලේසියෙන්ම මිනිසුන්ගේ පිට වරද පටවලා අර ෆැක්ටරියේ ප්‍රශ්නෙන්, වතුර ප්‍රශ්නෙන් ,භූමියට වෙච්ච හානිය ගැන වගකීමෙන් කර අරිවී.සරලවම කියනවා නම් සැබෑ ජන අරගලයක් මිනිස්සුන්ගේ මෝඩකම නිසා හෑල්ලුවට ලක් උනා.

      එතකොට උපවාසකරුවන්ට හමුදාවෙන් ගැහැව්වේ නැත්තන් උන් තනියම වෙඩි තියාගෙනද?..ශික් අපිට තරම් වත අමාරුවක් මුන්ට නෑ නේ.

      Delete
  11. මචං මිනිස්සු තම මුලුක අවශ්‍යතා වෙනුවෙන් කතා කරන නැතුව වෙන් මොන වෙනුවෙන් කතා කරන්නද.......අධ්‍යාපනය,ජලය,අහාර,සාමය වෙනුවෙන් සටන් නොකර, වෙන් මොනා වෙනුවෙන් වත් කතා කරලා මොකටද.......ප්‍රශ්නයක් සාධාරණී කරනනය කරලා වැඩක් නැහැ, අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රශ්නය විසදීම......

    "මෙතනත් මම මාතලන්ගේ පොස්ට් ඒකෙ දැමු කමෙන්ට් එක දමමි"

    අප තවමත් තුන් වන පන්තියේ දුප්පත් රටක් බව......ශ්‍රී ලංකා රජය නැවත ලොවට කියා අවසනය....

    අප නායකත්ව පුහුණුවට එක වරක් හමුදා පුහුණු පාසැලකට යැවූ විට එහි ප්‍රදාන පාලකයා වරයා කිවේ.....

    "අපිට උබල වගේ ඉගෙන ගත්තු උන් වැඩක් නැහැ. අපිට ඕනේ අණක් දුන්න ගමන් හරිද වැරදිද කියල බලන් නැතිව ඒ අණ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉගෙනගත්තු නැති උන්....උබලට මොනහරි අණක් දුන්නම උබල හිතනවා ඒ නිසා ඉගෙන ගත්ත උන්ගෙන් හමුදවකට වැඩක් නැහැ"

    ඒ බව රතුපස්වල ප්‍රහාරයෙන් මොනවට පැහැදිලි විය. මේ වන්නි මානුෂිය මෙහෙයුමේදී ලොව විශලතම මානුෂිය මෙහෙයුම දියත් කල වීර හමුදා සෙබලුද......

    නලින්ද සංජිව කියන විදිහට තම හදවතකට එකගව තම රැකියාව කිරීමට නොහැකි ඕනෑම මනුස්සයෙකු මහම කාලකන්නියෙකි. ඒ බව උද්ගෝෂණයක් අවසාන බොහෝ විට හමුදා, පොලිස්, කැරලි මර්දන අදින් හොදට දැකිය හැකිය. ඔවුන්ට අවශ්‍ය මිනිස්සුන්ට පහ දීම නොව තම දරු පවුල රැක ගනු වස් පඩියක් වෙනුවෙන් තම ඉහල නිලදරියගේ අණ ක්‍රියාත්මක කිරීමටයි. මේවා හමුදා සෙබළුන්ට වඩා නිලදාරීන්ගේ තක තීරු පාලනයේ නිර්දය පාලනයයි....2/3 දීලා ආණ්ඩු පත් කලේ ජනතව නිසා ගොන්නු කවූරුත් නොව ජනතාවය....

    flying fish අපට රුප රාමුවල දැකීමට අවශ්‍ය නැත මින්ස්සු ඒක සජීවීව රතුපස්වලදී ඉතා හොදට නරබන ලදී.......සිංහල මිනිසුන් වතුර වෙනුවෙන් උද්ගෝෂණය කලවිට මෙහෙම් සැලකුවෙනම්, දෙමල මිනිසුන් තම රටත් වෙනුවෙන් සටන් කරද්දී මොඋන් කොහොම සලකන්න ඇත්ද.....

    ආපස්සට හිතන්න එපා එහෙම උනොත් අපිට ආයේ අවංක හමුදා සෙබලෙක් වෙනුවෙන් අසුනක් වත් දීමට නොසිතෙවී......

    වතුර වෙනුවන් හඩ නගන රටක.....ආශ්චර්යමත් පාලනය......දුකයි......

    ReplyDelete
    Replies
    1. මචන් වැරැද්ද ගන්න එපා...මෙතන මම කියන්නේ මිනිස්සු මේ අරගලය නොකළ යුතුව තිබුනා කියන එක මිසක්.වැරදි අරගලයක් කරපු නිසා හමුදාවෙන් ගහපු එක/ගහලා මරපු එක හොඳයි කියලා නෙවෙයි.හමුදාව 100% වැරදියි.ජනතාව 100% නිවැරදියි කියන්න බෑ..

      Delete
  12. හඩ්සන් සමරසිංහ,ඩලස් අලහප්පෙරුම ඔයාගේ අහලින්වත් තියන්න බැහැනේ.ලැජ්ජයි යාලුවා.

    ReplyDelete
    Replies
    1. මම මෙච්චර වෙලා කියපු හැමදේම මේ කාලකන්නි රජය මේ මිනිස්සුන්ට විරුද්දව පාවිච්චි කරනවා..ඒක එච්චරයි."අපි කරන්න හැදුවා අපිට කරන්න දුන්නේ නෑ උඹලා කරානේ අරගල ..හා දැන් කර ගත්තද?" ඔන්න ඕක තමයි වෙන්නේ.

      අරගලයට සම්බන්ධ නායකයෝ ටික පොලිස් අත්අඩංගුවට ගනීවි.අරගලය ගැන පරීක්ෂණ පවත්වාවි.ඒ පිට දාලා අර ෆැක්ටරිය වහන එකයි මිනිස්සුන්ට වතුර දෙන එකයි කල් දමාවි.අන්න එතකොට කට්ටියට තේරේවි අනවශ්‍ය වෙලාවක කරපු අනවශ්‍ය දෙයක අතුරු පලය..

      අන්න එතකොට මම හඩ්සන් කෙනෙක්ද? ඩලස් කෙනෙක්ද? කියලා කියන්න

      Delete
  13. මචෝ ආණ්ඩුවේ ඇමතිවරු, ජනාධිපති ගමනක් යද්දී පාර වහන්නේ??? නයිට් රේස්?? හරි සාදාරනයිනේ??? යුද්ධය කරේ ජෙනරාල් සරත් ෆොන්සේකා හිටපු නිසා අනිත් ඔක්කොම පොරොන්දු හුටස් නෙමෙයිද?? එතකොට උබ ඔය කියන විදියට ඉවසලා මොකෝ වෙන්නේ?? අනික සති ගණන් ඉවසන් ඉන්න උන්ට රජයෙන්වත් ඔය ජනතාව වැරදි කියන උබලවත් කන්න බොන්න දෙන්නේ නෑ නේ?? පොඩ්ඩක් ඒ පැත්තෙනුත් හිතපන්.. අනික මචෝ උපවාස කරපු වතුර ටැංකි උඩ නැගලා විරෝදයපාන ඒවාට උත්තර කිදෙනෙක්ට ද උත්තර හම්බ උනේ?? සමාවෙන්න මෙහෙම කථා කරන්න වෙච්ච එක ගැන සහෝ...
    යුක්ති
    අ.පේලිය

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සු ඒ වෙනකොටත් දිනලා තිබුනේ.රතුපස්වල ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් වෙලා රටම ඒ ගැන ඇහැ ගහන් හිටියේ.එහෙම තියෙද්දී තමයි මේ බලය පිලිබඳ උන්මාදය ඇති උනේ..

      ඔතන උනේ..මොකවත් නෙවෙයි..මුලින්ම අරගල කරා පොලීසිය ආවා...පොලීසිය නැවුනා...ෆැක්ටරිය වට කරා...මර්වියා ආවා...පොරත් නැවුනා...එතකොට කට්ටියට ආතල් උනා...දැන් හරි අපිට ඔක්කොම බයයි.හෙට පාර හරස් කරාම බෙල්ලේ රතු රෙද්දක් දාගෙන ඉන්න මහා එකත් ඒවි..ඌත් අපිට නැවේවි කියලා..කට්ටිය බලයෙන් උදං උනා..තමන්ගේ අරගලයේ මුලික පරමාර්ථය අමතක උනා..එච්චරයි..පව් මැරුණේ කොහෙවත් ඉන්න අහිංසක පොඩි එකෙක්...

      Delete
  14. මේකත් අර 6% වගේ නිකම්ම අමතක වෙලා යාවි. අතීතයට එකතු වුනු තවත් එක සිද්ධියක් වේවි. මම කියන්නේ බොරුද බලන්න.

    ReplyDelete
  15. "සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින විට,කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන බවට පොරොන්දුවක් දී තිබියදීත්,භූගත ජලයේ ඇති අධි ආම්ලික තාවයට වග කිවයුත්තේ කර්මාන්ත ශාලාවෙන් පිටවන අපිරිසිදු ජලය යැයි විද්‍යාත්මක පරීක්ෂණයකින් විමසා බලා එකී වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොවී තිබියදීත් වග කිව යුත්තන් ඔවුනට සාදරනයක් ඉටුකරන බවට ප්‍රසිද්ධ සහ ලිඛිත පොරොන්දු දී තිබියදීත් ඔවුන් අත්තනෝමතිකව පාවිච්චි කරන්නේ ඔවුන් සැබෑ අරගලයෙන් දිනාගත් නිදහස නොවේද?.එවිට එය සාදාරණ ජන අරගලයක් ලෙස අර්ථ දැක්විය හැකිද?" මේක මටටත් තිබුන ලොකුම ප්‍රශ්නයක්... මම මේ දවස් ටිකේම මේ ගැන විස්තර ඇහුව, සිද්දිය ගැන අවදානය යොමුවෙලා තියෙද්දිත් මේ වෙච්චදේ ප්‍රේහේලිකාවක්

    ReplyDelete
  16. "පාර හරස් කරන් අනිත් උන්ට කරදර කරන වේසිගෙ පුතාලට පොලිසියෙන්
    පැනලා ගහන්නේ නැහැනේ අම්මප"

    මේ නිවුස් එක අහපු ගමන්ම මගෙ හිතටත් ආවෙ ඕකම තමයි මේ පාරවල් වහන එක දැන් ලංකාවෙ මාර ෆැශන් එකක් වෙලා තියෙන්නෙ දැක්කනෙ ගිය මාසෙ වල්පොල බටුවත්තෙ උන් රේල්පාරට පැනල උද්Gඕශනයක් කලා නුවර හයිවේ එකට උන්ගෙ ඉඩම් යනව කියල දවසක්ම අනිත් මිනිස්සුන්ගෙ වැඩ පාඩුකලා..බැලුවහම ඒක ඒ පැත්තෙන්වත් යන්නෙ නෑලු කාගෙ හරි ලනුවක් කාල මුන් කරපු වැඩේට මොකක්ද අනිත් මිනිස්සු කරන්න ඕනෙ..
    ඒත් අර වැලිවේරියෙ වෙඩි තියපු සිද්දියෙන් පස්සෙ තමයි ඇත්තටම මටත් මේ මිනිස්සු ගැන දුකක් ඇත්වුනේ..

    ReplyDelete
  17. machan aththa kathawak umbage blog post eka. lankawe ape ewun hoya gaththa aluthma illim dinaganime krama keepaya thama wahaleta nagima, sariyapitin wahaleta nagima, gas walata nagima, mahapaara haras kirima, kochchi para haras kirima, upawasa. udgoshana kiyana eketh watinakama nathiwenawa oka nikam hama ekatama pawichchi kaloth. waliweriye army eka gahuwe ape aya polu aragena udgoshanaya waradi paththakata genichcha nisa. udgoshanaya sanwidanaya karapu ayage olugedi athule, yati hithe thibune mona adahasak da? kiyana eka danne udgoshane sanwidayakayoma thama. oya ape lankawe aluth udgoshana trend ekata sahabagi ena ape duppath asarana minissunta kiyanna ona lankawe hama udgoshanedima sanwidayakayo, loku lokko, usiganwapu aya panala duwanawa kiyala. udgoshana kiyana ewata ahinsaka minissuntath wagakiyanna una kiyana ekath padamak. army eka wedi thibba eka hari na. habayi umbala lankawe koti parayinta gahala gahala lankawa bera gaththa ewunta polu ussanna yannath epa. mokada army eke ewun polu parawal kanna tharam napunsaka ewun newene. ekath therum ganna. e witharak newe udgoshana nathiwa prashna hondin wisada ganna kramath thiyenawa. oya prashne madde deshapalakayao, samahara madya ha madya wediyoth awasthawadin una. madyata udgoshanaya thiyenawa kiyanne palaweni news eka, udgoshane wisiruwahariya kiyanne dewani prawuththiya, minissu dennek maruna kiyanne 3 prawirthiya, 4 weni prawurthiya ithin wena kohe hari aluth udgoshanayak. mewath therum ganna ona.

    ReplyDelete

හිතුනේ මොනවද?