බුකියේ මං

18 පිළුණු කවියකට උණු පෙරවදනක්

ජීවිතේට ආවටත් වඩා ඉක්මනින් මාව ඔයාගේ ජීවිතෙන් පිටමන් කරන්න ඔයාට පුළුවන් උනාට මට ඒක ඒක පාරටම විශ්වාස කරන්න බැරි වෙච්ච එකයි දුක . මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නවා දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි...ඊයේ ඔයා ගැන හිත හිත බොනකොට...අනුකම්පාවක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ...මාව අයෙත් ජීවිතේට ගනීවි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ...කවුරුවත් මේක දැකලා දුක වෙන්න ඕනත් නෑ (මේ සටහන නිකන්ම නිකන් සත්‍ය වටහාගත් සන්තෝසෙට ලියපු එකක්)...





එක අරක්කු බින්දුවකට
පුලුවන්නම්
අමතක කරන්න
ඔයාව
මට….
එකම එක
මොහොතකට
සත්තමයි
මට බොන්න පුලුවන්
අරක්කු ගඟක්
උනත්
මට මාවත් අමතක
වෙනකන්ම………
ඒත්…ඒත්…
සමහර වෙලාවට
එනවා එක
පුන්චි හිතුවක්කාර
හැඟීමක්
දුක අමතක කරනවට
වඩා
ඒක විදවන එකේ
සියුම් රසයක්
තියනව කියලා…..



ප.ලි - කලකට පෙර අන්තිම පේලියේ පලකල කවියකි.... 


ප.ප.ලි  - එකම දුක 100 ෂොට් එකක්වත් දාන්න අතේ සල්ලි නැති එක.... :'(



Comments
18 Comments

18 comments:

  1. අධර්ශමත් කවක් :P

    ReplyDelete
  2. 100ක් නම් මොනවා හරි කරගන්න බැරිය ..

    ReplyDelete
  3. සැහ් ලංකාවෙ හිටියනම් උබත් එක්ක සැට් වෙලා අඩියක් ගහල දුක බෙදාගන්න තිබ්බා

    ReplyDelete
  4. සල්ලි තමා කේස් එක???????

    ReplyDelete
  5. ආදරේ නිසා බීලා වැඩක් නැහැ .මොකක් හරි වැඩක් එක්ක බිසී උනා නම් හරි!

    ReplyDelete
    Replies
    1. බොන එකත් එක්ක බිසී වෙන එක හොද නැද්ද මන්දා.... :D..කොහොම උනත් ඒක සිරා අදහසක් වෙන වැඩක එක්ක බිසී වෙන එක...

      Delete
    2. ඔය කියපු කතාව නම් සහතික ඇත්ත... කෙල්ලො අපිට ආදරේ නිසා කරන්න තියෙන එකම දේ ඕක තමයි ඉතින්...මොකෝ බොන්න කියලද :)

      Delete
    3. මේ කතාව නම් ඇත්ත බව අත්දැකීමෙන්ම දන්නවා.වැඩ හොය හොයා කරන්න ගත්තම හිතේ අමාරුව ගැන හිතන්න වෙලාවක් නැති වෙනවා.

      Delete
  6. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :)

    ReplyDelete
    Replies
    1. මොකද රජා දෙබස් අඩුවෙන්? :D

      Delete
  7. අනේ මන්දා කොකෝ...මේ ටිකේ වෙච්ච දේවල් නිසා......අනේ මන්දා ඉතිං ..

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ ..මේ ටිකේ මොකෝ උනේ

      Delete
  8. ඒ සියුම් දුක සෑහෙන්න කලක් විඳින්න පුළුවන් ජීවත් වෙලා හිටියොත්... ජීවිතේ කියන්නේ හරිම ඉක්මනින් වෙනස් වෙන දෙයක් නිසා ඒකට ලෑස්තිවෙලා ඉන්න.වෙනස් කමක් බලාපොරොත්තුවෙන් ඉන්නකොට දුක අඩුවෙයි

    ReplyDelete
    Replies
    1. එකම ප්‍රශ්නේ හැමදාම දුක විතරක් ඉතුරු වෙන එක තමයි...

      Delete
  9. ජීවිතේ කවදාවත් එකම විදියට ගලාගෙන යන්නෙ නෑ.හැමතිස්සෙම වෙනස් වෙනවා.දුකයි සතුටයි දෙකම තාවකාලිකයි.අනාගතේ ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරගන්න.ඒවාට ලඟා වෙන්න කොහොමහරි උත්සහ කරන්න.වැටුනම නැගිටින්න දන්න මිනිස්සුන්ව කවදාවත් වට්ටන්න බෑ.

    ReplyDelete

හිතුනේ මොනවද?