බුකියේ මං

9 තාත්තේ තාත්තා නම්.........

මේක ලියන්න හිතුනේ අද බොන්න කියල හැමදාම බොන සුපුරුදු තැනට යනකොට එතන හිටිය වේටර් අයියා කෙනෙක් අපිව පිළිගත්ත හැටි දැකල.නිකම් පලවෙනි දවසේ ඉස්කෝලේ ගිය පොඩි එකෙක් වරුවක් අඬල දවල් වරුවේ ඉස්කෝලේ අහවර උනාම තමන්ව ගෙදර එක්ක යන්න අම්ම ආවම මුනට එනවා වගේ හිනාවක් ඒ අයියටත් ගියා බොලන්.සිරියාවන්ත කමේ බෑ. ඉතින් අපි එච්චර බේබද්දෝ වෙලාද කියල දුක් වෙන ගමන් පරණ කතා දෙක තුනක් මතක් කරා....





ඔන්න දවසක් ( මීට අවුරුදු අටකට විතර කලින් ) මම ගියා යාලුවෙක්ගෙ මොකක්ද පාටියකට..මතක නෑ මොකක්ද කියල..මම හිතන විදියට ගෙපලක් කපන එකක් ද කොහේද...!..ඒ දවස් වල ඉතින් ඕව හොයාන යන්නේ ඉතින් .වෙන මොකටවත් නෙවෙයි.රහමෙර බොන්න මිසක් . ඒ දවස් වල ඉතින් මේ වගේ බ්‍රෑන්ඩ් හොයහොයා යන්නේ නෑ නේ .ජාතික පානේ තමයි ඉතින්.අර දොස්තරලත් බොන්න කියල නිර්දේශ කරන (අර බිව්වම සතියක් විතර සුවඳ ගහන ජාතිය ) අති විශිෂ්ට පානේ තමයි.ඒ දවස් වල රුපියල් 350 ක් වගේ තමයි උනේ බෝතලයක්ම.එත් එකෙක්ට බෝතලයක් තනියෙන් ගන්න තරම් වත් කමක් නෑ.කොලෙක්ෂන් තමයි ආයුබෝවන්ඩ.( කොහේද අපි මේ රට ගැන හිතල මාමව දිනවල කෙලව ගත්තනේ හඃ හඃ ...අර වල් රජා කියන්න වගේ රාජ සම්පතම ලැබෙන්න ඕන ඔය උත්තමයට ).ඒවායේ රස තාම මතක් වෙනවා....හඃ හඃ හඃ....


යකෝ මම කතාවෙන් පිට ගියානේ....


ඔන්න දවසක් ( මීට අවුරුදු අටකට විතර කලින් ) මම ගියා යාලුවෙක්ගෙ මොකක්ද පාටියකට..මතක නෑ මොකක්ද කියල..මම හිතන විදියට ගෙපලක් කපන එකක් ද කොහේද...!.


හෆොයි දැන් මතක් උනා කතාවම...ගෙපලක් නෙවෙයි දෙය්යෝ මගුලක්..ඔය මගුලට ගියාම මගුල් ගෙදර බොන්න නෑ.ඉතින් මාව අමුවෙන් තියන්න මගේ යාළුවගේ තිබුන අකමැත්ත හෙවත් කල්‍යාන මිත්‍ර ප්‍රේමය ඉස්මතු වෙලා අහල පහල ගෙදරක මට ඔන්න අනුමත වෙන්න අවස්තාව සලසල දුන්න තනියම නෙවෙයි තව උත්සවේට ආපු අදුරන අය්යල දෙන්නෙක් එක්ක.ඔන්න දැන් තමයි මම මම තුමත් අප්පිරියාවෙන් ලංකාවෙන් මත් රකුසා තුරන් කිරීමේ අවංක නිකැළැල් නොයිදුල් චේතනාවවෙන් යුක්තව ඔය බෝතලයක් එක්ක සටන් වැදුනේ.බෝතලේ ඉවර උනාම අර අය්යල දෙන්න සටන නවත්තල යන්න ගියා.එහෙම ගියෙත් නිකන් නෙවෙයි ඉවර වෙච්ච බෝතලේට එකක් ආදේශ කරලා හිස් පුටු දෙකට තව මම වගේම දේශප්‍රේමි කොල්ලෝ දෙන්නෙකුත් වාඩි කරලා තමයි.හඃ හඃ හඃ මම නැවතත් "මාගේ මේ ව්‍යායාමය හුදෙක් මත් වීම පිණිස නොව ලංකාවෙන් මත් උවදුර තුරන් කිරීම පිණිස" කියන තේමාව යටතේ අර බෝතලේට පාඩමක් ඉගැන්නුවා....


මම කලිනුත් කිව්වේ පස්සේ වාඩි වෙච්ච දෙන්න දේශප්‍රේමි ඩයල් දෙකක් කියල.උන් දෙන්නට එක බෝතලයක් නෙවෙයි තව බෝතලෙකින් පලිගන්න ඕන කිව්වා.තවත් එකක් ගෙනාව කියමුකෝ.මට කලින් දැනුවත් කරන්න බැරි උනා බොන්න තිබුන කට ගැස්ම ගැන මුල්ම බෝතලේට ආව කට්ලට්,මස්,පපඩම් සහ මුරුක්කු වගේ කට ගැස්ම සඳහා ලොව පිළිගත් කෑම වර්ග.දෙවෙනි බෝතලේ වෙනකොට පපඩම් සහ මුරුක්කු වගේ දේවල් ටිකක් ඉතිරු වෙලා තිබුන.තුන්වෙනි බෝතලේ වෙනකොට ඉතින් පිගානකට බෙදන් ආපු බත් එකක් තමයි ඉතින් .පලවෙනි උගුර බිව්වා අවුලක් නෑ.දෙවෙනි උගුරත් බිව්වා..........


හ්ම්ම්ම්ම් මම ඉතින් කටේ එකකුයි බඩේ එකකුයි තියන් ඉන්නේ නෑනේ. 


( අපේ ඔෆිසියට ගැලපෙන්න ඔන්න පින්තුරෙකුත් හොයාගත්තා  )

පොඩි කාලේ අම්ම පොවපු කිරි ඇරෙන්න උපන්දා සිට කාපුවයින් ලග තිබුන කොම්පෝස්ට් වලක් පුරවල,අමාරුවෙන් වැනි වැනී යාළුවා ලඟට ගියා. 


මචාන්.......................................................................




මතු සම්බන්ධයි......   





 හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
Comments
9 Comments

9 comments:

  1. අපොයි ඔක්කොම හොදයි දේශප්‍රේමිත්වය එල එත් අව්ල තම කබරයා

    ReplyDelete
  2. හරි... අදට කතාව ඉවරයි.. ඉතින් ඊට පස්සේ.. :-D

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තියෙන්නේ ගෙදර යන ටික

      Delete
  3. යකෝ මාවත් අල්ල ගන්නවනේ මේ කැත කතා වලට :-)

    මොනා උනත් බීපුවාම කුණු ආතල්..
    මතකනේ මේක - http://harshana-bc.blogspot.com/2012/05/wedding-like-pudding.html

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දන්නේ නැද්ද ඉතින් :D

      Delete
  4. කතාව පටන් ගනිද්දීම ඉවර වෙලානේ :(

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තියෙන්නේ ගෙදර යන ටික.මම මේ කතාවක් ලිව්වමයි මේකට

      Delete
  5. හපෝ උබට අරක්කු එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ.....බොට මොකද්ද අරක්කු කරපු වැරැද්දේ

    ReplyDelete
  6. අපෝ උබ බේබද්දෙක්නේ බන් බලාගෙන ගියහම

    ReplyDelete

හිතුනේ මොනවද?