බුකියේ මං

22 රොමැන්ටික් කවි තුනක්......



මානවක කවිය 
අනේ
සිඹින්න
හිතත්
නුඹෙ
දෙතොල
ඒත්
මැකේවිද
කියල
ඔය හිනාව
මොහොතකට
හරි
බයයි
මට



මානවිකා කවිය 
ඇත්තටම
ඔයාට
හිතෙනවනම්
සිප ගන්න
මාව..
හිතන්න එපා
හිනාව ගැන
ඒ මොහොතට ..
දකින්න පුළුවන්
පසුව
ඔයාට
දෙගුණ වෙලා
ඒ හිනාවම..


ප.ලි 
තෙමන්න
පෙර
ඔය දෙතොල
චුම්බනයකින්
ආසයි
මට
තිලකය
තියන්න
හාදුවකින්
නුඹේ
නළලත
ඉතින්
වහගන්න
ඔය
ඇස්
මොහොතකට


ප.ප.ලි - ප.ලි කොටසට කට්ටිය කැමති වගේ නිසා එකේ හදපු පින්තුරයක් දානවා.මුණු පොතේ දාගන්න.   


හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
Comments
22 Comments

22 comments:

  1. දැන් හැමතැනම කවිනේ :)

    ReplyDelete
  2. කවුද බොලේ මේ මානවිකාව..? :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒවා රාජ්‍ය රහස්.........

      Delete
  3. කවි තුනටම පට්ට ලයික්.. කොහොමත් උබේ කවි වල අමුතු ගතියක් තියනවා

    ReplyDelete
    Replies
    1. මේක කලින් ලිව්ව එකක් බන්....නොදා ඉන්න හිතුනේ නෑ...

      Delete
  4. මාරම ලස්සනයි සහෝ! :)

    ReplyDelete
  5. ආදරේ දොර ගලනවා හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. දොරේ ගලනවා කියන්නේ ගිලිලා මැරෙන තරම්.........

      Delete
  6. හා හා බලාගෙනයි ....!!!!

    ReplyDelete
    Replies
    1. මොනවා බලන්නද?පේන්න ගන්නවා මිසක් ......

      Delete
  7. හයියූ..... කවි...අපි නන් දන්නෑ ඕං....

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයා.............බබා... :D

      Delete
  8. මට මේකෙ ප.ලි කෑල්ලට හිත ගියා....... මම මේක මේ ලින්ක් එකත් එක්කම මගෙ මූනුපොතේ දැම්ම... මගෙ යාලුවොත් තරයේම අවවාද කලා අලිය ඉන්නෙ අවදානං කලාපෙක බව.. ;)

    ලස්සනයි.. හදවත අැතුලටම වැදුන! :)

    ReplyDelete
    Replies
    1. https://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-snc7/306769_4256806978445_519386491_n.jpg

      Delete
  9. අදයි මෙහාට ආවෙ.. එක්තරා බ්ලොග් එහෙක තිබුනු සාධාරණ, බුද්ධිමත් කමෙන්ට් එකක් හරහා තමා ආවෙ..:)

    මේකට හිත ගියා මගේ පුදුම විදියට!!!! හුඟාක්ම ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ඝනකම් අඳුරට.........

      Delete
  10. පලවෙනි කවියයි ප.ලි. කවියයි තමයි මගේ හිතට ඇල්ලුවේ ගොඩාක්ම...

    ReplyDelete
  11. එතකොට දෙවෙනි කවිය. :/

    ReplyDelete
  12. හරිම ලස්සනයි.හිතට වදිනවා.
    ප.ලි.එක තමා වැඩියම ලස්සන.

    ReplyDelete
  13. අන්තිම එක තමයි හොදම :)

    ReplyDelete

හිතුනේ මොනවද?