බුකියේ මං

28 අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්........


මට ගීතයක් ringtone විදියට දාන්න පුළුවන් ජංගම දුරකතනයක් ගත්ත දවසේ ඉඳං මේ වෙනකොට අවුරුදු 6 කට ලංවෙන්න කාලයක් පුරා මගේ ringtone එක විදියට භාවිතා කරපු තවමත් භාවිතා කරන මම ආසම කරන ගීතයක තේරුම...........හ්ම්ම්ම් ඇත්තෙන්ම ව්‍යංගාර්තයෙන් අදහස් කරන දේ දවස් කීපයකට කලින් දැනගන්න ලැබුනා.සංවේදී ආදර ගීයක්  කියල හිතන හිටියට ඊට වඩා ගොඩක් හෘදයංගම සැගවුණු ආදරණීය කෙදාන්තයක් ඒ වචන වල තියනවා කියලා තේරුණා නිසා සහ මම ආසම කරන ගීතයක් නිසා මේගැන කෙටි සටහනක් ලියන්න හිතුනා.

මෑත  කාලයකදී තෝරාගත් පුද්ගලයෙක් නිසා එම පුද්ගලයාට පමණක් විශේෂ උන නාද රටාවක් දැම්මත් බොහෝ වෙලාවට දැන් නම් සෑම විටම මට දුරකතන ඇමතුමක් එනකොට ඇහෙන්නේ මම මේ කතාකරන ලැස්ති වෙන සින්දුවේ මාවිසින් සකසාගත් මුල් පද කීපය.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .



ඇත්තෙන්ම මම හිතාන හිටියේ මේ සින්දුවෙන් කියවෙන්නේ පෙම්වතුන් යුවලක, පෙම් කරන ඒත් බාහිර බලපෑම් නිසා හමුවෙන්න බැරි පෙම්වතුන් යුවලක පෙම්වතාගේ සංවේදී ආත්ම කථනය කියලා.ඒත් අහම්බෙන් මගේ දුරකතනයකට ඇමතුමක් එන වෙලාවක මගේ ලගින් හිටපු මිත්‍රයෙක් අහපු පැනයකින් (උඹ දන්නවද සිරාවට ඕකේ තේරුම ?) මම මේ සින්දුව ගැන තවදුරටත් හිතන්න ගත්තා.මදු විතින් හිත සැහැල්ලු කරපු වෙලාවක මෙම ගීතයේ පද වැල් වල  ගැඹුරට ගැඹුරටම ගිහිල්ලා මේ වචන ටික පෙළ ගස්ස ගන්න මට පුළුවන් උනා.   

මේක අසම්මත ආදරයක් ගැන එහෙමත් නැත්තන් තේරෙන බාසාවෙන් කිව්වොත් කොට්ටක් පනින එකක් ගැන කියවෙන ගීතයක්.ඒත් මේ වචන ඇතුලේ ලිංගිකත්වය කියන දේට වැඩිය ලොකු අර්ථයක් කැටි වෙලා තියන හින්දා ඒවා එකින එක මම තේරුම ගත්ත විදියට කරුණු ලෙස ගොනු කරනවා.  

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .

ගීතයේ මුල් කොටසින්....පෙම්වතා....හ්ම්ම්ම්ම් මේ චරිතෙට මට දෙන්න වෙන හැඳින්වීමක් නෑ.කතාවේ පෙම්වතා පෙම්වතියට කියනවා ."ඔයා අමතක කරන්න හැමදේම හැගීම වලට විතරක් ඉඩ දෙන්න අවට ලෝකයේ තියන හැමදේම අමතක කරලා මම ගැන විතරක් හිතන්න.අපිට තියෙන්නේ පුංචි වෙලාවයි.හැමදේටම."තේරුම ගන්න පුළුවන් වුන විදියට මේක සමාජ සම්මත නොවන හමු වීමක්.පෙම්වතා පෙම්වතියට කියනවා අමතක කරන්න හැමදේම දැන් මම ගැන විතරක් හිතන්න.සමහර විට පෙම්වතා පෙම්වතියගේ කසාද සැමියා ගෙදර නැති වෙලාවක ඇයව හමු වෙලා වෙන්න පුළුවන්.නැත්තන් නගරයෙන් ඈත පිහිටි නවාතැනක හමුවෙලා වෙන්න පුළුවන්.පෙම්වතිය හිතනවා අපිව කරුවත් දැක්කද?මම මගේ ස්වාමි පුර්ශයාට ද්‍රෝහී වෙනවා නේද මේ කියන වගේ හැගීමකින් ඇය විදවනවා.පෙම්වතා  කියනවා ඔක්කොම අමතක කරන්න අපි දැන් අපේ ලෝකේ අපිට වැඩි වෙලාවක් නෑ කියලා. "ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . ." කියන දෙයින් අදහස් වෙන්නේ කාලය මදි කියන අර්ථය.     

හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
අත් පටලා යමු ආයේ . . .

මේ පද වැල් වලින් ගීතයේ මුල් කොටසට අර්ථයක් විතරක් නෙවෙයි ගීතය පුරාවටම යම් දෙයක් එකතු කරනවා.ඒ පුරෂයාගේ තියන ලිංගික ආත්මාර්ථකාමී භාවය. "හඳ පානේ . . මඳ අඳුරේ . . " මේ වචන වලින් කියවෙන්නේ කිසිම සැකයක් නෑ ලිංගික සංසර්ගයක් ගැන.කෙලින්ම කියනවනම් පෙම්වතා කියනවා ඔක්කොම අමතක කරලා එන්න අර වැඩේ කරන්න අපිට වෙලාවක් නෑ කියලා.නොපුරුදු නොවුන අත්දැකීමක් කියලා තමයි "අත් පටලා යමු ආයේ . . ." කියන වචන වලින් කියන්නේ.

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .

මම කලින් විස්තර කරපු විදියට පලවෙනි අන්තරා කොටසේ තේරුම කාටත් තේරුම ගන්න පුළුවන් ලේසියෙන්ම.පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් මේ විදියට 'ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී- මම මගෙ හෙවනැල්ලෙන් මිදී' වචන වලින් කියන්නේ ,ඔයා ඔයාගේ සැමියා අමතක කරන්න මම මගේ බිරිඳ අමතක කරන්නම්.දැන් මම ඔයාගේ සැමියා ඔයා මගේ බිරිඳ ඉතින් එන්න හඳ පානේ මඳ අඳුරේ අත් පටලගන්න.
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...

පෙම්වතා මොනවා උනත් පෙම්වතියට සැබෑ ලෙසම ආදරෙයි.ඔහු දන්නවා ඇය කසාද සැමියා එක්ක ඉන්නේ තමන් වගේම කරන්න දෙයක් නැති නිසා කියල.කයි ඔහු කියන්නේ දුක අමතක කරන්න එන විදියකට මුහුණ දෙමු.පුළුවන් තරම් සතුටින් ඉමු කියලා.ඒ අදහස  "හිරකර හසරැල්ලෙන් හැඬුම්...අපි හිනැහෙමු සපුරා පැතුම් . . " කියන වචන වලින් මොනවට පැහැදිලි වෙනවා.

මේ ගීතය විශේෂිත වෙන්නේ දෙවෙනි අන්තරා කොටසේ අන්තිම පද දෙකෙන්."මතු ආත්මයේ හමුවෙන පැතුමින්...යමු වෙන්වී හිමිදිරියේ ...".මෙතැනදී ව්‍යංගාර්ථයක් බොහෝ ප්‍රබල ලෙස ඉස්මතු වෙනවා.අපිට මුලින්ම හිතෙන්නේ ආත්මීය ආදරයක් මේ ආත්මේ බැරිඋනත් ලබන ආත්මේ හරි ලැබෙන්න කියල පතන පැතුමක්.ඒත් ඇත්තටම ඔය පද වලින් කියවෙන්නේ තවදවසක අපි මෙහෙම ආයෙත් හමු වෙමු මේ වැඩේ(සංසර්ගය) ඉවර උනාම ඉක්මනට අපි යන්න යමු කියන අර්ථ.මම කලිනුත් උලුප්පා පෙන්නුවා මෙම සිද්දියේදී කාලය කියන එක බොහොම වැදගත් සාදකයක් කියලා."හඳ පානේ . . මඳ අඳුරේ . . " මේ වචන වලින් කියවෙන්නේ කිසිම සැකයක් නෑ ලිංගික සංසර්ගයක් ගැන."යමු වෙන්වී හිමිදිරියේ" කියන්නේ සඳ පානත් මඳ අඳුරත් දෙකම ඉවර උනාම එන්නේ හිමිදිරිය නේද?....    

මේ ගීතය ගැන කියනවනම් මෙහි ගේය පද රචනය ප්‍රවීණ ගේය පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා.මෙහි සංගීතය තනු නිර්මාණය වගේම ගායනය හදබැඳි ගාන්දර්ව වික්ටර් රත්නායකයන් විසින්.මෙහි සංගීතය උද්දීපනය සඳහා සිතාරයක්,වයලීනයක්‌,සර්පිනාවක් වගේම ශේකර් එකකුත් පාවිච්චි කරනවා.ගීතය තවත් හිතට වදින්න හේතුවක් තමයි "අත් පටලා යමු ආයේ . . ." වචන එක්ක ඇහෙන ශේකර් නාදය .


ප.ලි - මම කියපුවා බොරුය කියලා හිතෙනවනම් "අත් පටලා යමු ආයේ . . ."  වචන ටිකත් එක්ක ඇහෙන සංගීතයේ රිද්මය ගැන හිතන්න.






Comments
28 Comments

28 comments:

  1. අපූරු විස්තරයක්! මම ඕක අහල තිබුනෙ නැහැනෙ අප්පා.. :/

    ReplyDelete
    Replies
    1. සින්දුවද නැත්තම් තේරුමද?

      Delete
  2. සින්දුව අහද්දි මටනම් තේරුනා මේ යන්නේ කොටු කොටු සීන් එකක් කියලා..... මට හිතෙන විදියට මේ යුවලගෙ පළමු මෙම.. නමුත් කාන්තාව විවාහ වෙලා වෙන කෙනෙක් සමග.. එම පුද්ගලයා රත්‍රී වැඩ මුරයක නියලෙන දවස්වලට මේ තහනම් ආදරයට පන එනවා

    ReplyDelete
    Replies
    1. එහෙමම නෙවෙයි.රැයක වෙන සිද්දියක් වගේ පෙනුනට රාත්‍රිය උපමා රූපකයක් විදියට තමයි ගැනෙන්නේ.

      Delete
  3. මාවත් පිස්සූ වට්ටපු සින්දුවක්...
    ඒත් මේකේ මෙච්චර ලොකු ගැබුරු අර්ථයක් කියලා තේරුම අරන් හිටියට මෙහෙම එකක් කියලා දැනගෙන හිටියේ නැ...
    හුගක් ස්තුතියි යාලු මේ විස්තරේ දැන ගන්න සැලස්සුවට...

    ReplyDelete
    Replies
    1. මම මේක ගැන හිතන්න පෙලබුනේ අහම්බෙන් අවුරුදු හයක් විතර තිස්සේ ලග තිබුනට තේරුම දැනන් හිටියේ නෑ හරියටම.

      Delete
  4. මුලින් කියවගෙන එද්දිම හිතුනා මේක ප්‍රේමකීර්තිද අල්විස් ලියපු එකක්ද කියලා.. නියම සිංදුවක්

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති ද අල්විස් සින්දු ලිව්වේ තමන්ගේ ජීවිත අත්දැකීම් වලින්.සඳ කැන් වැසිලා සින්දුවත් ප්‍රේමකීර්ති ද අල්විස්ගේම ජීවිත අත්දැකීමක්

      Delete
  5. නියමයි සහෝ...! මට ජීවිතේට හිතෙන්නේ නෑ ඔහොම දෙයක් නම්. දැන් හිතුවම තමයි තේරෙන්නේ. ස්තුතියි බෙදා ගත්තට...

    ReplyDelete
    Replies
    1. තනියම කනවට වඩා බෙදන් කනකොට රසේ වැඩියි සමහර දේවල් :D

      Delete
  6. ඔය සිංදුව මාත් වැඩිය අහලා නැහැ ඔයාගේ උත්සාහය හොඳයි සහෝ!

    ReplyDelete
    Replies
    1. අහන්න කොච්චර ඇහුවත් එපා වෙන එකක් නෑ

      Delete
  7. Replies
    1. උඹ දන්නවද සිරාවට ඕකේ තේරුම ? එහෙම අහපු එකා... :D

      Delete
  8. මමත් ආසම සිංදුවක්. නමුත් තේරුම හරියටම දැන ගත්තේ අද..
    නියමයි සහෝ..

    ReplyDelete
  9. අඩෝ සින්දුව පැත්තකින් තියමුකෝ ඉස්සෙල්ලම කියපන්කො තොපි දෙන්නා මට හොරෙන් චියර්ස් ගියා නේද ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බොල.මේ කෝඩේ චියර්ස් යන්න........

      Delete
  10. හපොයි .. අදනේ දන්නේ මෙහෙම කතාවක් ..

    ReplyDelete
    Replies
    1. හැමදේකම පේනවට වැඩ දෙයක් අතුලාන්තෙන් තියනවා................... :D

      Delete
  11. මටත් හැබැයි තේරුනා මොකක් හරි තියනව කියල! මොකද කොල්ලො කෙල්ලො හඳපානෙ යනව මම නං දැකල නෑ! (except පැනල ගියොත්!)

    ReplyDelete
    Replies
    1. මමත් මෙච්චර කල් හිතන් හිටියේ ඔහොම තමයි

      Delete
  12. මම හිතුවෙ මේ සින්දුවෙ ඉන්නෙ මේ ආත්මෙදි එකතු වෙන්න බැරි ආදරේ කරන කපොල් ජෝඩුවක්‌ කියලනෙ.. :(

    ReplyDelete
    Replies
    1. හැමදේකම පේනවට වැඩ දෙයක් අතුලාන්තෙන් තියනවා කියලා තමයි ආයෙත් කියන්න වෙන්නේ.....

      Delete
  13. ම්ම්...අදම තමා මේ සින්දුව ගැන ඇහුව්වේ...

    ReplyDelete
  14. මගේ ප්‍රියතම ගායකයා වික්ටර් . .
    ඔහුගේ ගීත වලින් මම වැඩියෙන්ම කැමති ගීතය තමා මේ . . .

    ReplyDelete
    Replies
    1. ඝනකම් අඳුරට සාදරයෙන් පිලිගන්නවා දුකා අයියව.

      මමත් මේකට මාරම ආසයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී එකක්.

      Delete

හිතුනේ මොනවද?