බුකියේ මං

20 දඩුමොනර තාක්ෂනය පරසුද්දා අතට ( වීඩියෝ දර්ශන සහිතයි )

දඩු මොනරය කියන්නේ හෙලුවන්ගේ මහා නායක රාවන රජුගේ වාහනය බව කවුරුත් දන්නා කරුණක්.දඩු මොනරය යන්නෙහි තේරුම තමයි යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන මොනරෙකු වන ගුවන් යානය කියන අදහස.ඇත්තටම මට වඩා එය ගැන විචාරයක් මා ප්‍රිය ගුරු  ආචාර්ය මීවනපලානේ ජයරත්නයන්ගෙන් විමසා දැනගත හැක. නැති වූ  හෙලුවන්ගේ ආශ්චර්ය ගැන වැලපෙන හදවතින් යුතුව මා ඉදිරිපත් කරන්නේ  රාවන ඉතිහාසය ගවේෂණයේදී මා සොයාගත් පර සුද්දා විසින් අපගේ දඬුමොනර තාක්ෂනය සොරකම් කල බව කියන සාක්ෂි නැත්නම් කරුණු කීපයක් පමණකි.







ඉහත චායාරුපය මම උපුටා ගත්තේ නිව්ගොට්ටාලන්ඩ් වෙබ් අඩවියෙන් වන අතර බ්‍රසීලයට අයත් කතාවක් එහි කියවේ.මෙතනින් ගිහින් කතාව කියවන්න


නමුත්.නමුත් මම හද කම්පා කරවන හදවත පුරාවට  ඉච්ඡාභංගත්වයක් ගෙන ආ කරුණ වනුයේ ,පර සුද්දා වර්තමානයේද දඩු මොනර තාක්ෂනය අත්හදා බලන බවයි.තවත් අකුරු කෙටීමට හිත හදා ගැනීමට නොහැකි නිසා අසීරුවෙන් උවත් පහත වීඩියෝව ඉදිරිපත් කරමි. 


|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

ආචාර්ය මීවනපලානේ ජයරත්නයනි මේ ඔබේ අවධානය පිණිසයි. 
Comments
20 Comments

20 comments:

  1. මීවනපලානයෙනි...
    මේ පිලිබද ඔබේ අදහස කුමක්ද?????
    මටනං පරදේසක්කාරයන් දකින විට යක් ලේ කැකෑරෙයි..
    එම නිසා ඔබම කියන්න.
    ජය ශ්‍රී!!!!!!

    ReplyDelete
    Replies
    1. මී ජයා තවම නැත

      Delete
    2. මෙම අගනා ලිපිය මා නෙත ගැ‍ටුනේ අහම්බෙන්., තව පොඩ්ඩෙන් මෙය මගහැරිල හරිම අපරාදයක් වෙන්නෙ.

      වෛමානික ශ්‍රාස්ත්‍රය යනු රාවණා රජතුමාගේ ගුවන් යානා නිෂ්පාදන අත් පොතයි. අරිසෙන් අහුබුදුවන් පවසන පරිදි ඒක බමුණන් විසින් සොරාගෙන ඉන්දියාවට ගෙනිහිල්ල තියෙනව., එනිසා අපි ඒ ගැන ප්‍රශ්න නොකරම පිළිගන්නව. ඉන්දියානුවන්ගෙන් සුද්දන් ඒක කොපි කරගත් අතර ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන දැන් ඔවුන් අත්හදා බලනව.

      ඔවුන්ට යාන්ත්‍රිකව දඬුමොණරයේ ආකෘතියක් හැදුවත් ඒක ගුවන් ගත කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය මන්ත්‍ර ජප කිරීමට නොදන්නා නිසයි. ඉහත වීඩියෝවේ දඬුමොණර ආකෘතිය ගුවන් ගත නොවෙන්නේ "වේද බල ගැනිවිම් පද්ධතිය" මගින් ජප කර නැති නිසයි.

      Delete
  2. ඌ දඬු කුකුලෙක් වගේ බං මට පෙනුනේ.... හෙ හේ බලමු බලමු ජයා උන්නහේ මොනාද කියන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ........

      Delete
  3. වරිගපූර්ණිකාවේ නොලියවුණු කතා දැන් මේකෙද ලියවෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. නැත දරුව නැත.රවනාගේ නැගිටීම සටහන් වී ඇති බව කියන වර්ගපූර්නිකාවට අමතරව. රාවණාගේ යලි උත්ථානයට යම් භාදාවක් ඇති උනොත් ක්‍රියා කලයුතු පිළිවෙල අඩංගු (backup plan) වර්ගපුර්නිමාව නම් පුස්තකයක් ඇත.මා පල කරන්නේ වර්ගපුර්නිමාව අනුසාරයෙන් මා සොයා ගන්නා හළු ඉතිහාසයයි.

      Delete
  4. අලුත් විදිහට ලියන මේ පෝස්ට් හරි අගෙයි සහෝ..:)

    ReplyDelete
  5. නඩුවක් වත් ෆයිල් කරන්න වෙයි වගේ!

    ReplyDelete
  6. මම පරක්කුයි වගේ. හළු ඉතිහාසය කියන්නේ ප්ලෑන් බී වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. එය හෙලු ලෙස වෙනස් විය යුතුයි.

      Delete
  7. මූ උඩින් යන්නේ නැති හින්දා අවුලක් වෙන එකක් නැහැ බන්

    ReplyDelete
    Replies
    1. තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ........

      Delete
  8. ඇඬෙනවා බන් :( ආචාර්ය මීවනපලානේ ජයරත්නයනි මේ ඔබේ අවධානය පිණිසයි.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ජය!!

    ReplyDelete
  9. මල හත්තිලව්වයි ඕයි!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. අර වීඩියෝවේ ඇති කුකුලා දඩු කුකුලා ද?
    යාන්ත්‍රිකව ඇවිදින මෙනරා ගෙ මොනවා කොපිකරන්නද? ඇයි රාවනාගෙ දඩුමෝනරය මේවගේ කකුල් තියල ඇවිද්ද කියන්නද හදන්නෙ...

    ReplyDelete
  11. මට හිතෙන්නේ..
    උන් දඩු මොනරෙක්ට නෙමෙයි ට්‍රයි ඒක.ඔය කුකුලගෙන් බිත්තරයක්..
    බලන්න ඕකෙ PART 2..ශුවර් එකටම ඕක බිත්තරයක් දානවා ඇති..

    ReplyDelete

හිතුනේ මොනවද?