බුකියේ මං

43 වර්ගපුර්නිකාව බොරුවක්........ රාවණා දැනටමත් පිබිදී ඇත.


රාවණා රජතුමා ගැන ගොඩක් කතාකරන යුගයක.ඇත්තෙන්ම කියනවා නම් රාවණාගේ නැවත නැගිටීම ගැන බොහොම සංවාදශීලි ලෙස කතා කරන යුගයක රාවණා ගැන මම අහපු කතාවක් මතක් උනා.ඇත්තෙන්ම ආචාර්ය මී ජයරත්න මහත්මයා දැනට පුරාවෘත හා වර්ගපුර්නිකාව ඇසුරෙන්  ගොඩනගාගෙන යන බොහොමයක් තර්ක මේ නිසා බිදෙන්න පුළුවන්.මම මේ කතාව මුලින්ම අහන වෙලාවේ ප්‍රෝඩාවක් කියලා බැහැර කරත් දැන් හිතෙනවා ඇත්තක් වෙන්න ඇති කියලා.මම මේ කතාවේ වටිනාකම නොදැන බොහොම කලකට පෙර අන්තිම පේලියේ පලකරා.ඒත් මට හිතුන හින්දා මේක දැන් තමයි වඩාත් ගැලපෙන්නේ කියලා.මම මේක ලියල තියෙන්නේ මගේ යාළුවා මීට අවුරුදු 7 කට විතර කලින් කියපු කතාව මගේ වචනයෙන්.  
මේක මගෙ යාලුවෙකුට උන ඇත්තම ඇත්ත සීන් එකක්…ඒ කියන්නේ ඇත්තම කතාවක්...
මේකයි කතාව…මගෙ යාලුවා ගියාලු ට්‍රිප් එකක්…මේක ට්‍රිප් එකක් කිව්වට ට්‍රිප් එකක්මත් නෙවෙයි….පොඩි හයික් එකක්….ගියේ රාවනා කන්දට…
දැන් අපේ මෑන්ස් නගිනවලු කන්ද මුදුනට…දැන් පට්ටම මහන්සිලු පොරට…පොඩ්ඩක් ගිමන් අරින්න කියලා වාඩි උනාලු ගලක් උඩ…මේන් එක පාරටම කජ්ජෙ කජ්ජෙ ගාලා සද්දයක් එනවලු…අපේ එකාට සැරටම බය හිතුනලු….මේ පාලු කැලේ එන සද්දෙ මොකක්ද කියලා…මේන් ඒ පර ඇහෙනවලු පෙපර්මින්ට් පෙපර්මින්ට් කියලා..අපේ මෑන්ස් බය ඇතෑරල පොඩ්ඩක් විපරම් කරල බැලුවලු සීන් එක මොකද කියලා…(ආතල් නෙ මෙයා කැලේ මැද  පෙපර්මින්ට් පෙපර්මින්ට් කියලා ඇහෙනකොට ) ….

ඔන්න අපේ එකට පේනවලු හැඩිදැඩි මිනිහෙක් තමන්ගෙ පැත්තට එනවා…පොඩි වෙලදාම් තට්ටුවකුත් කරේ තියාගෙන(අර බස් වලට එහෙම නගින්නෙ තිබහට කූල් වතුර එකක් කියාගෙන..ආන් ඒ වගෙ තට්ටුවක් තමා)…
ඔන්න ඒ මනුස්සයම කතාවට මුල පිරුවලු...
මල්ලි පුතා මොනාද ගන්නේ රස්නෙට හි කූල් එකක් ද නිකන් ඉන්න වෙලාවට හපන්න ටේස් කඩල එකක්ද? 
මගේ යාලුවට දැන් නම් ෆුල්ම මඤ්ඤන් ලු.ඇයි දෙය්යනේ මේ මාසෙකට මිනිහෙක් එන්නේ නැති පළාතේ මූ මොන කැහිල්ලට මේ කඩයක් කරනවද කියලා.අපේ එකාත් පෙපර්මින්ට් එකක් එහෙම අරගෙන…මේ පාලු කැලේ මෙ යෝධයා මොනවද? කරන්නේ කියලා ටෝක් කරනවලු….(සමහරවිට කෙල්ල පන්නගෙන ඇවිල්ල කන්ද උඩ කඩයක් දාගෙන් ලුනුයි බතුයි කන කොල්ලෙක්ද දන්නෑනේ) ..   
අයියා ඔයා කව්ද?
මල්ලි මම රාවනා
(අපෙ මෑන්ස් පුල් කර්ප්ට්ලු.. ඇයි දෙවියනේ රාවනා හිටියේ ගල් යුගේටත් යුග දෙකකට විතර කලින්නේ.මටත් ඔය ටික ඇහුවම බකස් ගාල හිනා ගියා.)
නෑ අයියා ඔයා රාවනා වෙන්න බෑ…
නෑ මල්ලි මම රාවනා
අපේ එකාට සීන් එකට අවුල්ලු….
හරි අයියා ඔයා රාවනා නම් කෝ ඔයාගේ ඔලු දහය…
මල්ලි කන්න බොන්න විදියක් නැතුව ඒවා ඔක්කොම medical student ලටයි කට්ටඩියන්ටයි විකිනුවා…මේක දුන්නොත් මම මැරෙන හින්දා තියන් ඉන්නවා ඕයි ….
එතකොට කෝ අයියේ දඩුමොනරෙ?

ෆිනෑස් ඇරියස් වෙලා ඒක සීස් කරානෙ මල්ලියො…..
(කියලා බොහොම දුක හිතෙන විදියට කිව්වලු….අපෙ මෑන්ස්ටත් අප්සට්ලු….කොහොමට හිටිය මිනිහෙක්ද ?)
අයියා ඔයාට ඇත්තටම මොකද  උනේ…(ටිකක් වෙලා මගේ යාළුවගේ මුණ දිහාව බලන් හිටිය රාවණා බිම බලාගෙන මෙහෙම කිව්වලු)…
බලන්න මල්ලි ඉන්දියාවෙන් බඩුවක් උස්සන් ආවත් හරි කිසිම වගතුවක් නෑනේ….
Comments
43 Comments

43 comments:

  1. කාලා වරෙන්කෝ... :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. හික්ස් අඩේ පට්ට මචන්

    ReplyDelete
  3. මේ ගැන මා ගවේශණය කර බලන්නම්,. ඇත්තෙන්ම ඔබ කියන සිද්ධිය සිදුවීනම් එය සිදුවී ඇත්තේ සමානතර කාලයක් තුලදීයි. නමුත් දැන් ඔබ පූර්ව කාලයට පැමිණ ඇති නිසා ඔබට ඔය සිද්ධිය විහිළුවක් සේ හිතෙන්න පුළුවන්.

    මේ ඔක්කොම සිදුවුණේ කුණ්ඩලීනී යෝගයට සමවැදුන එකතරා පුද්ගලයෙක් අතීතයට ගොස් තම සීයාව මැරීමෙන්, එතකොට තාත්තා ඉපදිලා නෑ, එතකොට ඔහු ඉපදෙන්න විදියකුත් නෑ. ඒ අනුව විශ්වයේ සියල්ලම වෙනස් වුණා, එදා සිට පාරඩක්සයක් සිදුවී කාලය සමාන්තරව පලිට වුණා.

    ඉතින් මගේ නිගමනයනම් ඔබගේ යාළුවා රාවණා කන්දේදී ලිස්සා වැටී ඔහුගේ මන සමතුලිතත්වය ධෝරණය වී වෙනත් කාලයට ගමන් කරන්නට ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. විය හැකිය ආචාර්ය තුමනි.සමාන්තර කාල සමාන්තර විශ්වයන් පිලිබඳ මතය මා තරයේ විශ්වාස කරමි.නමුදු මා මෙම කතාව තෝරා ගත්තේ රාවණා රජු ගැන වචනයකදු කතා නොකරන ඉතා ඈත කාලයක මාගේ ප්‍රිය මිතුරු තෙම මා විසින් ඉහත දක්වා ඇති අත්දැකීම් සමුදායට මුහුණ දීමයි.........

      Delete
    2. ආතල් කෝටියයි

      Delete
    3. රාවණා uncle මී උන්නැහේට nokia ම නැගිට්ට දුකට ද කොහේදෝ අර රැ නිදි මර මර ලියපු වර්ගපුර්නිකවත් නවත්තල තියෙන්න. අනේ පව් නේ ජයරත්න uncle. මොනවා උනත් මෑන්ස් ඔයාට nokia නග්ගිට්ට එක සව්ත්තු වැඩක් නේ. ගණන් ගන්ඩ එපා රාවණා මුදියන්සේ ටත් ආර්ථික ප්ප්‍රශ්න නේ.

      Delete
  4. දුමි අයියගේ පෝස්ට් එකක හිටිය සීතව දැක්කම නම් මටත් හිතුනා මොන මගුලකට ඒකිව උස්සගෙන ආවද කියලා... හි හි ඒ තරම් සුන්දර මයිල්කල්‍යාණයක් මම දැකලම නෑ...

    ReplyDelete
    Replies
    1. අඩේ අපිටත් බලා ගන්න ලින්කුව දැම්මනම් මෙතන

      Delete
  5. Replies
    1. ලොවෙත් නෑ කියන්නේ මේක රාජ්‍ය රහසක්...

      Delete
  6. අෆ්ෆා... දැන් එතකොට මේකද ඇත්තම ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. නැතුව....කතාවේ හැටියට පව් නේ.

      Delete
  7. අපි එකනේ මේඩ්න් ච්යිනීස්ම පාවිච්චි කරන්නේ ....

    ReplyDelete
    Replies
    1. තායි ඒවා එහෙම නැද්ද?

      Delete
  8. මීවනපලානයෙනි..
    මේ මොකැයි මේ වෙන්නේ..
    එහෙම උනොත් රාවනාට කඩේ ගිය අපිට පොල් කඩන්නැයි වෙන්නේ???

    ReplyDelete
    Replies
    1. නැත දරුව නැත.රවනාගේ නැගිටීම සටහන් වී ඇති බව කියන වර්ගපූර්නිකාවට අමතරව. රාවණාගේ යලි උත්ථානයට යම් භාදාවක් ඇති උනොත් ක්‍රියා කලයුතු පිළිවෙල අඩංගු (backup plan) වර්ගපුර්නිමාව නම් පුස්තකයක් ගැන අසන්නට ලැබී ඇත.එය කියවා නුඹට පිළිතුරු දෙන්නෙමි.එතෙක් විස්සෝප නොවී සිටුව.

      Delete
  9. හේ හේ.... :)

    ReplyDelete
  10. ghanakam andurama thama. meke melo deyak penenne nehe.

    ReplyDelete
    Replies
    1. මේ කිව්වම මමත් හොදට බැලුවා..පේනවනේ :/

      Delete
  11. ඇත්ත ඇත්ත ඉන්දියාවෙන් බඩුවක් උස්සන් ආව කියන්නේ තමන්ගේ වත්තෙ තමන් අතින්ම හූනියමක් වලල ගත්ත වගේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මෑත කාලින රජවරුන්ටත් උනේ ඕක.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අත කිව්වෙ ඉස්සරහ කකුඅලටද නැත්තම් හොඬවැලටද

      Delete
  13. හික්ස්.. මං මේ සිරා කතාවක් අහන්න ලැස්ති උනේ.... හරි සෝක් ඇ....

    ReplyDelete
  14. කොල්ලෝ උබ ඔහොම පලයන් වැඩි කාලයක් නෑ රාවණා එනවා උබව හොයාගෙන..............

    ReplyDelete
    Replies
    1. ප්‍රීති දරුවා ප්‍රීති . රාවනා පිබිදුන වහාම මා සොයා එනවා නම් යහපති.....

      තැන්කුයි හොදේ කොමෙන්ට් එකට..අදමද මන්ද ආවේ.

      Delete
  15. උඹව රාජ්‍ය රහස් එළිකලා කියලා අරගෙන ගියොත් අපි දන්නෑ ඕන්
    ආතල් කෝටියයි
    ජය!!!

    ReplyDelete
    Replies
    1. මම අහිංසකයි මගේ පැල්පතේ....:)

      Delete
  16. ලොවෙත් නෑ. මමත් කුන්ඩලනියට සමවැදුන වෙලාවකට ඔය සිද්ධිය ස්ථිර කරගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මේක සිරාවට ඇත්ත කතාවක්.... :D

      Delete
  17. නෑ නෑ අර බාල පැට්ටෝල් ගහලා මගේ දඬු මොනරේ බෙරේ වැවට කඩන වැටුනා කොල්ලෝ !! (ජයියා )

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක් ජය්යෝ.රාවණාට පැට්‍රල් ගහන්නවත් සල්ලි තිබිලා නෑ....

      Delete
  18. හුටා මදැයි රාවනාට උදේ හවා පහන් පත්තු කරගෙන හිටියා
    එතකොට ලෝකෙට කෙල්ලෝ උස්සන එක පුරුදු කරලා තියෙන්නෙත්?????????????

    ReplyDelete
    Replies
    1. නැත්තන්...අපේ උන්ට ඕන වෙන්නෙම අනුගේ එකමනේ

      Delete
  19. අපොයි..මදැයි මම සිරා කතාවක් බලන්න ආවා..

    ReplyDelete
  20. ය‍කෝ රාවනාට මෙහෙම නම් අපිට මොනා වෙයිද බං..........?
    උස්සන් ආපු දවසට ඉතින් අපට කිරි කොරහ නටන්න තමයි වෙන්නේ...

    ReplyDelete
  21. අඩේ.. මගේ සිතුවිලි ටික හුළගේ ගහගෙන ගියා මානවකයෝ...
    මං පනුච්චි හොදට හරි බැරි ගැහිලා වාදී උනේ කතාව කියවන්න..

    ReplyDelete

හිතුනේ මොනවද?