බුකියේ මං

65 එඩ්වඩ් අයියා.(16+ ගෑනු ළමයි වෙනුවෙන්මයි)

දැන් කාලේ කෙල්ලොන්ට ඇත්තේ මාරම වැම්පයර් පිස්සුවක්ය.බුකිය පුරාවට මෙලෝ රහක් නැති සුදුමැලි උන්ගේ පින්තුර පුරවලාය.සමහරුන් ගේ ඇස රතු පාටය.සමහරුන්ගේ කහපාටය.එය කොච්චරද කියනවානම් දැන් සමහර කෙල්ලෝ තමන්ගේ කොල්ලාට රැවුල වවන්න දෙන්නේද නැත.එය සාදරණයයි සිතමු.එහෙත් මෙම වැම්පයර් උන්මාදයෙන් පෙලෙන ගැහැණු ළමෝ එතකින්ද නොනැවතී තමන්ගේ කොල්ලාගේ මුණ සුදුමැලි සුදු පාට කිරීම සඳහා රුපලාවන්‍ය ද්‍රව්‍යද මිලයට ගෙන දෙන බව මාහට අසන්නට ලැබුන අලුත්ම ආරංචියයි.කොටින්ම කිව්වො දැන් කාලේ කෙල්ලෝ කසාද බදින්න හොයන්නේද වැම්පයර් කෙනෙකි.වැම්පයර්ලා ගැන පුංචි ඉරිසියාවකින් යුක්තව බහුතරයක් ශ්‍රී ලාංකීය තරුණියන්ගේ මනෝ ලෝකයේ සිහින කුමාරයා වූ එඩ්වඩ් අයියා වීමේ වාසි සහ අවාසි ලැයිස්තුගත කිරීමට සිතුවෙමි.




වාසි


  1. කිසිම කට්ටක් නොකා ඉටිකිරිස්‌ කෑල්ලක් දාගත හැකිවීම (ලංකාවේ නම මෙය අන්තඃපුරයක් ලෙස දැක්විය හැක).  
  2. වයසට නොයන නිසා අනාගතයේ බොන්ට වතුර පොදක් දෙන්න කෙනෙක් නැතිවීම ගැන ප්‍රශ්නයක් නොවීම.
  3. රැකියාවක් අවශ්‍ය නොවීම.  
  4. උපතින්ම සුදුමැලි නිසා සුදු වීමට ගාන ක්‍රීම් වර්ග පාවිච්චිය උවමනා නොවීම.
  5. රැවුල වැවෙන්නේ නැති නිසා රේසර් ,ශේවින් ක්‍රීම් වැනි දෙයට යන වියදම අඩු වීම.
  6. කෑම බීම අනවශ්‍ය නිසා ආහාරපාන වියදම් අඩු වීම.
  7. ඕනෑම තැනකට ඉක්මනින් යාමට හැකිවීම නිසා ප්‍රවාහන වියදම් අඩුවීම ( ඒවා ඇත්තෙම නෑ කිව්වත් හරි ). 
  8. ඉහත 3 සිට 7 දක්වා වූ කරුණු සලකා බලා බන්දුල මාමා කියන පරිදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රුපියල් 2500 කින් මාසයක් ජීවත් විය හැකි වීම .


අවාසි 



  1. හැමදාම ලේ බැංකුවෙන් ලේ පැකට් හොරකන් කිරීමට සිදු වීම (මොකෝ මාවැනි බිලින්දා...මරුවා යයිද කැන්දා.. කියන්නය) .
  2. ලේ දකිනවිට මොලේ කොලොප්පන් වීම. 
  3. කුරුස වලන් සහ ලී උල් වලින් ප්‍රවේසම් වීමට සිදුවීම. 
  4. ලොකු බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්නට සිදුවීම (මේ කියන්නේ අර මිනිහා උඩ පැන්නම බල්ලෙක් වෙන ජාතියේ බල්ලෝ ) .
  5. වැම්පයර් කෑලි වලට ළමයි ලැබෙන්නේ නැති නිසා මනුස්ස කෑල්ලක් කසාද බදිය යුතු වන අතර ඉන් පසු ඒකිට ඇහැ දාන උන් සමග වලියට යෑමට සිදුවීම.
  6. වයසට යන්නේ නැති නිසා එක්කෝ ගෑනි මැරෙනකන්  බලා සිටීමට සිදුවීම නැතහොත් එකිවත් වැම්පයර් කරගෙන එකිත් එක්ක කල්පකාලයක් ජීවත් වීම (ඒක තමයි එපාවෙනම වැඩේ). 



ඔය වැනි එකී නොකී මෙකී දාහකුත් වූ වාසි සහ අවාසි වැම්පයර් කෙනෙක් වීමෙන් ඇතිවිය හැක.


එහෙත් මෙම එඩ්වඩ් අයියාගේ චරිතයේ යම යම නොගැලපෙන ලක්ෂණද නැතුව නොවේය.මගේ මිතුරෙක් මට පැවසුයේ "මට හිතෙන හැටියට එඩ්වඩ් සබ්ජෙක්ට් කාරයෙක්ද කොහෙද බන්  අර බෙල්ලා පට්ට සෙක්සි විදිහට නිදාගෙන ඉන්නවා, අරූ බෙඩ් ශීට් එකක් දාල ඒකි වහනවා" කියාය.අනේ මන්දාය.උ ආතල් ගත්තේ නැත.බලන උන්ගේද ආතල් කඩලාය.මේ අතර ජීව විද්‍යාත්මක ගැටළුද ඇත ඒවා නම් එතකොට අර දරුවා කාගේද ? වැනි ඒවාය.එක්කෝ එඩ්වඩ් අයියාට කෙල්ලෝ කැමති වෙන ඒක අව්ලක්ද නැත.මක්නිසාද යත් ඒ වගේ කෙල්ලොන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අහිංසක කොල්ලන්ට අවස්තාව ලැබෙන බැවිනි.හේතුව යට පින්තුරයේ ඇත.       


If Vampire Blood Doesn't Circulate,How Did Edward Get An Erection?
Comments
65 Comments

65 comments:

  1. කවුද බං මේ එඩ්වඩ් අයියා ?

    ReplyDelete
    Replies
    1. අර ටුවිලයිට් ද මොකක්ද එකේ ඉන්නේ සුදුමැලි ගෝතයා...

      Delete
    2. මට මේ කියනකම් අවුල තිබුනේ කවුද ඔය එඩ්වඩ් අයියා කියලා ...... මට හිතුනේ අර මම පෝස්ට් එක ලියපු එඩ්වඩ් කියලා .....

      Delete
    3. මේ නම්මාගේ එඩ්වඩ් නොවේය ;)

      Delete
  2. ඔය සොම්බි කේස් වලට අපි නෑ ඕංංංංං

    ReplyDelete
    Replies
    1. මේකයි වැම්පයර් ලා අයිති වෙන්නේ "undead" කියන ප්‍රධාන කොටසට.එකේ උප කොටසක් විදියට අප්‍රිකානු මන්තරකාරයන්ගෙන් බිහිවුන zombie කියන සංකල්පය(ලංකාවේ පිල්ලි කියන්නේ උන්ටම තමයි)තියෙන්නේ.වම්පයර්ලත් එහෙමයි.undead ලගේ ලේ ගමනාගමනය වෙන්නේ නෑ.ලේ ගමනාගමනය වෙනවා නම් ශරීරය උණුසුම් වෙන්න ඕන.

      Delete
  3. හිංචි මල්ලිDecember 7, 2012 at 4:53 PM

    සිරාවටම ඇත්තනේ එතකොට දරුවාගේ තාත්තා කවුද බොල? කිව්වට තරහ වෙන්න එපා ඒත් මේ ෆොටෝ එකෙත් උඹත් නිකන් සුදුමැලි එකෙක්නේ බොල

    ReplyDelete
    Replies
    1. පල පල යන්න..පැහැදිලි ඉරිසියාව.

      Delete
  4. මේකනම් සිරාවටම පැහැදිලි ඊරිසියාවටම ලියවිච්ච එකක්.. හි හි...

    ඔල්වේස් ඔන් වෙන්න ඇති බං... හෑබැයි කොහෙවත් ලේ සීතලයි කියනවා මිසක් Circulate වෙන්නේ නෑ කියලා නෑ නේද ඕකේ....?

    මං ආස නෑ බං ඔය ගොතයට... ඌ නිකම් තම්බපු ඉස්සෙක් වගේ... මට ආස අර අනිත් එකාට.. වෘකයා වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේකයි වැම්පයර් ලා අයිති වෙන්නේ "undead" කියන ප්‍රධාන කොටසට.එකේ උප කොටසක් විදියට අප්‍රිකානු මන්තරකාරයන්ගෙන් බිහිවුන zombie කියන සංකල්පය(ලංකාවේ පිල්ලි කියන්නේ උන්ටම තමයි)තියෙන්නේ.වම්පයර්ලත් එහෙමයි.undead ලගේ ලේ ගමනාගමනය වෙන්නේ නෑ.ලේ ගමනාගමනය වෙනවා නම් ශරීරය උණුසුම් වෙන්න ඕන.

      "ඌ නිකම් තම්බපු ඉස්සෙක් වගේ" අන්න අක්කේ නියම කතාව...මාත් වුර්වුල්ෆ් කියන ෆැන්ටසියට ආසයි.

      Delete
  5. යකෝ එඩ්වඩ් ජයකොඩි ප්ලාස්ටික් සැත්කමක් වත් කරලද?
    අඳුනගන්නත් බැරි උණා :O

    ReplyDelete
    Replies
    1. නෑ මේ 70 දශකේ පොටෝ එකක් ඒ දවස්වල රැවුල වැවෙන්නේ නෑ කියන්නේ.

      Delete
  6. පැහැදිලි ඊරිසියාව........................!!!!!!!!!!!!!1

    හෙලා දකිනවා.

    මමත් කැමති එඩ්වඩ්ට..... හ්ම්ම්ම්ම්....................

    කොල්ලෝ ඔහොම්මමයි. කොල්ලෙක් ප්‍රසිද්ධ උනොත් කියන්නෙ එක්කො ඌ ගේ (සමලිංගික) නැත්තන් පොන්නයෙක් කියලා. ඇයි ඔයාලා වගේම තව කෙනෙක්ගේ දියුණුවක් ඉවසන්න බැරි දරා ගන්න බැරි. කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් ඔහොමමයි. ඔය ඊරිසියාව මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් වෙනකන් අපිට කවදාවත් මිනිස්සු හැටියට දියුණු වෙන්න බෑ. ඇත්තටම මිනිස් සංහතියම මහ ඊරිසියාකාර කුහක ජාතියක්. දවසක මිනිස් සංහතිය නැතිවෙලා ගියත් පුදුම වෙන්නෙ නෑ. සත්තු තව මිනිස්සුන්ට වඩා 100000000% ගුණයකින් හොදයි.

    ReplyDelete
    Replies
    1. මට හීනෙන් වගේ පෙනුනා මෙහෙම කොමෙන්ටුවක් වැටෙයි කියල..

      Delete
    2. හම්මියෝ මෙයැය්ට තරා ගීන් තියෙන තරං. :D
      එඩ්වඩ් ට මුකුත් කියන්නෙපැයි හරිය. මේව හෙන ඉරිසියාවට කරපු වැඩ. ඔයා හරි නරකයි මානවක. :P
      කොල්ලෙක්ගෙ දියුනුවක් දිහ බලං ඉන්න බැරි හැටි ඔයැය්ට. රට දියුනු කල හැකිද මං අහන්නෙ :/ :P

      Delete
    3. නෑ මම කියන්නේ ඔය රග පාන නළුවා ගැන නෙවෙයි .පොර කරන චරිතේ ගැන.අනිත් එක ඌට පිස්සු වැටෙන්න තරම් මොකක්ද උගේ තියන විශේෂත්වය.තිර නාටකයට අනුව උ රොමැන්ටික් උනාට කවුද දන්නේ උ සැබෑ ජීවිතේ කොහොමද කියලා.මිරිගුවක් ගැන නේද කියවන්නේ.බොරු මිරිගුවක් ආරක්ෂා කරන්න නේද හදන්නේ...අයි බොලේ සිරා වැම්පයර් ලා ඉන්නේ ... අර වැම්පයර් ඩයරීස් එකේ ඩේමන් කොහොමද?..අන්න වැම්පයර් ලා...

      Delete
    4. නෙදකිං විතරක් ............. අම්මපා අර කර්ම ෆිල්ම් එකේ වැදි චරිතෙට පන පොවන එකා හොදයි මීට වඩා

      Delete
  7. එඩ්වඩ් අයියා ඇද කඩාගෙන ගේමට එන්ටර් වෙන එක පලවෙනි කොටහේ තිබ්බේ....
    ඒකෙං තමා චූටි කෙල්ල හම්බෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම උනාට පුරුක් තද වෙන්නේ නෑ කියන්නේ

      Delete
  8. හික් හික් හික්................... එඩ්වඩ් අයියා ගැන ඉන්ට්‍රෙස්ට් වුනු කාලෙ ගියා හෆ්ෆා... ෆිල්ම් සීරිස් එකේ එක්ලිප්ස් වලින් පස්සෙ මට එපාම වුනා..එඩ්වඩ් වගේද අෆ්ෆා මෙයා :D <3

    කොහොම වුනත් මේකනම් අර රුසියාවට වඩා ලොකු ඉරිසියාව නිසා පොඩ්ඩක් ඇතිවෙලා ලියපු එකක්..:කිස්සර කෙල්ලො ශිහාන් ට මැරෙනන් යද්දි කොල්ලො ඌට බැන්න හැටි මතක් වුනා.. හික් හික් හික්... මිනිසුනෙ!!!!!

    ReplyDelete
    Replies
    1. මට ශිහාන් එක්ක තියෙන්නේ වෙනම තරහක්.මම අමාරුවෙන් ගෙදරින් අවසර අරන් කොන්ඩේ රිබෝන්ඩ් කරලා සතියකට පස්සේ ඌත් එහෙම කරා.ඊට පස්සේ මම පාරේ යනකොට හැම එකාම අන්න ශිහාන් වගේ කියන කින්ඩි පාර දාපු නිසා කොන්දේ කපලා දැම්ම කොටටම...එකයි මම ඌ එක්ක තරහ නැතුව කෙල්ලෝ ඌට පිස්සු වැටුන නිසා නෙවෙයි.

      Delete
    2. මටත් ඔහොම වැඩක් උනා.. මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච දා ඉදලම සයිඩ් බන්ස් වැව්වා.. සැහෙන්න දිගට තිබුනා.. අර පරණ නලුවෝ වගේ.. අර සුරේන්ද්‍ර කාරයා කෙහේද මන්දා ඉදලා සයිඩ් බන්ස් වවන් ඇවිල්ලා.. හැම එකාම කියන්න ගත්තා මම ඌ වගේ වෙන්න යනවා කියලා.. නොදකින් ඌව වගේ වෙනවට වඩා හොදයි මැරෙනවා කියලා හිතලා මම සයිඩ් බන්ස් කැපුවා..

      Delete
  9. මේ අටමගුල තේරෙන්නේ නැ මානවකේ. මම මේකා කව්දකියන්නවත් දන්නේ නැ.

    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අයියේ ලංකාවේ සුපිරිම සිහින කුමාරයා ගැන දන්නේ නැද්ද?

      Delete
    2. නලීන් අයියගේ ලොකු දෝණීගෙන් ඇහුවනං කියයි ටක් ගාලා... හි හි

      Delete
  10. ගෑනු ලමඉ ගැන අපි ආඩම්බර වෙන්ඩ ඕනි. ඉරිසියාව කියන දේ අනේ ඒ අහිංසක හිත්වල ගෑවිලාවත් නෑ නොවැ...
    අනේ :P

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත බන්...ඒ අතින් අපේ රට හරිම වසනාවන්තයි...

      Delete
  11. හි හි හී...අර එඩ්වඩ් කාරයා දන්නවානම්.... මේ නම් ඊරිසියාව..ඇයි අප්පේ එඩ්වඩ් ගෙ ප්‍රේමාන්විත මූණට මැරෙන්න දඟලන ගෑණු ළමයි කොයි තරම්ද...

    ReplyDelete
    Replies
    1. ඌ ලංකාව ගැබ හල තියේද දන්නේ නෑ......

      Delete
  12. පැහැදිලි ඉරිසියාව මානවකගේ.ඔය සබ්ජෙක්ට් කාරයෙක් අරවා මේවා කියන උන්ට කතාව තේරිලා නැහැ මන් හිතන්නේ. කොහොම උනත් එඩ්වඩ් ට වඩා ඩේමන් පට්ට...

    ලංකාවේ කෙල්ලෝ මෙහෙම හරි ආතල් එකක් ගන්න එකට ඉරිසියා කරන්න එපා මානවක...

    ReplyDelete
    Replies
    1. එකම තමයි මමත් කියන්නේ...එඩ්වඩ් කාරයාගේ මොන මගුලට පිස්සු වැටෙනවද?..රගපාන චරිතේ උනත් ඩේමන් ගේ එක පට්ටම සංවේදියි...

      Delete
    2. අම්මට සිරි.......... කවුද බං ඩේමන් ...... ?

      Delete
    3. දිනෙල්ක-The Vampire Diaries එකේ ඉන්න ෆට්ටම චරිතෙ :D අන්න නළුවො ;)

      Delete
  13. හෙලා දකිමි..!! :P :P
    ළමයා එඩ්වඩ් ගෙම තමා මෙයා.පොතේ තියෙනවනේ එහෙම. :D :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ ලංකාවට හරියන්නේ නැත්තේ . පොතේ දැනුමෙන් ජීවත් වෙන්න බෑ හලෝ... :P

      Delete
    2. මම කිවේ twilight novel ගැන බන්..:P :P

      Delete
  14. ළමයා එඩ්වඩ්ගෙමද කියලා මළාට හොයන්න වෙන්නෙ නෑ. ඇයි එඩ්වඩ්ට ලේ පරීක්ෂණයක් කරන්න ලේ නෑනේ.. තිබ්බත් කටු ගහන්න බෑනේ..
    බෙලා නම් දන්නවා ඇති චූටි කෙල්ලගේ තාත්ත කවුද කියලා. ජේකබ්ද දන්නෙත් නෑ..අර එක පාරක් සීතලට බෙලාව තුරුල් කරගෙනත් හිටියනේ..

    ReplyDelete
    Replies
    1. එක තමයි බන් මේ වගේ දැවෙන ප්‍රශ්න වලට බුද්ධියෙන් විමසලා විසදුම් හොයන්න ඕනෑ.

      Delete
  15. හි හි...මේකනම් බුකියේ ශෙයා කල යුතුමයි....පට්ට ඈ.....

    ReplyDelete
    Replies
    1. බුකියේ ශෙයා කරන්නම ඕනෑයි කිවුවේ උස්සන්න ඕන කියන එකනම් නෙවෙයි මානවක අයියේ...මේ පොස්ට් එක මෙතැනින්ම ශෙයා කරන එක...අවුල් නම් කියන්න..කියනකල් බලන ඉන්නවා ශෙයා නොකර

      Delete
    2. ඕනෑ එකක් කර ගනින් ආයේ මගේ මොකෝ....

      Delete
  16. අනේ ලංකාවේ අපේ ගැටිස්සියෝන්ටත් සුදුමැලි හරි බෝතල් අඩි කන්නාඩි දාන එකෙක් හරි බේබි බේබි ගගා කෑ ගහන ඩයල් එකක් හරි දැක්කොත් ඉවරයි!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක නෑ බන්.අපි හරිවැරැද්ද පෙන්නුවමත් අපිට බනිනවා.

      Delete
  17. ලමය එඩ්වඩ් කාරයගෙම වෙන්ට ඇති අයියේ..
    දැක්කනේ ඇදත් කඩාගෙන ගහපු ගැහිල්ල..
    හැබැයි එහෙම නැතුවත් ඕනෙම නම් කරගන්න තිබ්බා..
    දියමන්ති බඩු ටික ස්වයං පාරකින් සේප් එකේ එලියට
    අරගෙන හරි ප්ලේස් එකට සිරිංජයකින් ලෑන්ඩ කරලා...
    හැබැයි මෙලෝ රහක් නෑ එතකොට..
    අවුලක් නෑ දැන් ඉතින් ඒ ගැන ආයෙ වද වෙන්ට ඕන නෑනේ
    (ම් අදහස පෝස්ටුවට නොගැලපෙනවා ඇති..ගනන් ගන්නෙපා ) :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුළුවන් ඔය නල දරුවෝ හදන්නේ ඕන තරම්...

      Delete
  18. අඩේ මඟෙත් දෙපැත්තෙන් උල් දත් දෙකක් තියෙනව වගේ :D ඒත් මං සුදුමැලි නෑනේ.. කළු වැම්පියරයො නැද්ද බං ?

    ReplyDelete
    Replies
    1. කලුයි කිව්වා නේ ... මේකනේ වැම්පයර් නොවුනත් සුදුමැලි වෙන්න ඕනෑ...

      Delete
  19. පොත් ලියන එඩ්වඩ් මල්ලවආරච්චි ද නැත්නම් සිංදු කියන එඩවඩ් ද...

    ReplyDelete
    Replies
    1. ඔබට අවස්ථා දෙකේදීම නිවැරදි පිළිතුර ලබා දෙන්න නොහැකි උනා.ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ .

      Delete
  20. මාත් ඕකාට කැමතිම නෑ බං. දෙවෙනි එකෙන් පස්සේ ඒ සීරියස් එක එපා වුනා. අඩුම තරමේ බෙලා ජේකබ් ට වත් කැමති වුනානම් බලන්න තිබුනා.කොහෙද ඉතින් බෙලාටත් සුද ලොකු වුණානේ.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බන්...අයියෝ බෙලා..

      Delete
  21. වැම්පයර්ලා ..... අරුන් මුන් ඉන්න කථෘ වලින් මගේ හිතට ඇල්ලුවේ සුපර්නැචුරල් සීරීස් එක විතරයි ..... අනිත් සේරම මහ ගොන් ආතල් විතරයි ( මම බලපුවායින් )

    ReplyDelete
    Replies
    1. අන්න බලපාන උබට විතරයි තේරුනේ...ඩීන් කොහොමද?උන් රගපාන හැටි කොහොමද?

      Delete
    2. උපරිමයි මචං ......... උන් එක්ක බලද්දි අරුන් නිකම්ම නිකන් කබ්බෝ විතරයි ....
      මුං හිතන්නේ අපි මේ තව කොල්ලෙක් ජනප්‍රිය වෙනවට අකමැතී .. නැත්තං ඉරිසියාව කියලා ..ඒත් ඇත්ත තමයි අපි අගය කරන්නේ හොද දේවල් විතරක් වීම .... පොත නොතියෙන්න ට්වයිලයිට් කියලා ෆිල්ම් එකක් ගැහුව කියලා මෙලෝකේ එකෙක් දන්නේ නෑ .... හෙන ගොන් බං උන් රඟපාන විදිහ ...

      Delete
    3. කියලා වැඩක නෑ බන්...මම හිතන්නේ ඔය පලවෙනි ෆිල්ම් එක ගැහුවේ ලෝ බජට්..හැබැයි ගිතුවේ නැති විදියට එක නැගල ගියා...

      Delete
  22. ඊයා ඕයි!!!!
    ඇයි බං මුන් ගැන කෙටුවේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපිට ඊයා උනාට සමහරුන්ට මුන් දැක්කම කෙල ගිලෙනවනේ බන්

      Delete
  23. මම එඩ්වඩ්ට කැමති.. එයාගේ සිංදු රොමැන්ටික්..

    ReplyDelete
    Replies
    1. අහ්හ් සින්දු කියන එඩ්වඩ්..... :p

      Delete
  24. මට ඔය වැම්පයර්ලාව පේන්න බැරිය..මොකද උං බොන්නේම ලේය. ඕවා බලන් ගෑණු ළමයිඅපෙන්ලේ ඉල්ලුවොත් යැයි දවසක් හීනෙන් දැක මම හොදටම බයවීමි. මම ඔව්වන්ට අකමැති උනත් උනට බැන්නොත් මගේ රීරිමාංෂය උරා බොනවායැයි බ්ලොග් ලියනකෙල්ලන් කිහිපදෙනෙක්ම සපත කල නිසා මගේ ඇගේ ඇති අසරණ අහිංසක ලේ පයින්ට් කිහිපය වෙනුවෙන්මම මුනිවතරකිමි...ඒත් මට වැම්පයර්ලා අරහංය....

    ReplyDelete
    Replies
    1. උඹ බයවෙන එක සාදාරනයි...හැබැයි ඔය කෙල්ලෝ නම වැම්පයර් වෙන්නම ඕනෑ නෑ ලේ බොන්න.එක කෙල්ලෝ ජාතියටම උපතින් ඇවිල්ල තියෙන්නේ

      Delete
  25. එඩ්වඩ්ට කෙල්ලෝ මෙච්චර මැරෙන්න යන්නේ මොකද කියලා මටත් හිත ගන්න බෑ බන් ඇත්තටම ...

    රොබින්

    ReplyDelete
  26. අඩොව්....Twilight Movie Serious එකට සද්ද දාන්න තියා ගන්න එපා හරී.....ඊ

    ReplyDelete

හිතුනේ මොනවද?